කියුබාවට පනවා ඇති සම්බාධක වහාම ඉවත් කරනු! අමෙරිකා එක්සත් ජනපදයේත් ලතින් අමෙරිකානු රටවලත් විරෝධතා
කියුබාව ත්‍රස්ත ලැය්ස්තුවෙන් ඉවත් කරන ලෙසත් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී කියුබාවට එරෙහිව පනවා ඇති සම්බාධක ඉවත් කරන ලෙස ඉදිරිපත්වන යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී ඡන්ද විමසීමට පෙර නිව් යෝර්ක්, ලොස් ඇන්ජලීස් සහ අනෙකුත් එක්සත් ජනපද නගරවල විරෝධතා පැවැත්වූ බව විදෙස් පුවත් සේවා පවසයි.
ලොස් ඇන්ජලීස් හි "Hands Out of Cuba" නම් කමිටුව නිවේදනය කළේ විරෝධතාවලට එක්වීම සඳහා පාගමනක් සහ රැලියක් පැවැත්වූ බවයි. "මෙම සති අන්තයේදි රටවල් 65 කට වැඩි ගණනකදී සහ එක්සත් ජනපදයේ නගර 35 ක ජාත්‍යන්තර විරෝධතා පවත්වනු ලබනවා. කියුබාවට පනවා ඇති සම්බාධ්ක ඉවත් කරන ලෙසත්, වොෂින්ටනයේ ත්‍රස්තවාදීන් ලෙස නම් කර ඇති රටවල් ලැයිස්තුවෙන් කියුබාව ඉවත් කරන ලෙසත් එම විරෝධතා මගින් ඉල්ලා සිටිනවා." කමිටුව නිවේදනය කළේය.
අමෙරිකා එක්සත් ජනපද ආණ්ඩුව කියුබාව සම්බන්ධයෙන් පනවා ඇති ඒකපාර්ශ්වික සම්බාධක හේතුවෙන් “කියුබාව මුහුණ දෙන ආර්ථික අපහසුතා උග්‍ර කර ඇත්තේ වෙනත් රටවලින් ඛනිජ තෙල් ලබා ගැනීම සහ එහි විදුලිබල පද්ධතිය අලුත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය අමතර කොටස් ලබා ගැනීමට තිබෙන ඉඩ ප්‍රස්ථා පවා ප්‍රතික්ෂේප කිරීමෙනුයි.” සංවිධානය නිකුත් කළ පණිවිඩය මගින් අවධාරණය කරයි.
කියුබානු දිවයින සතු සීමිත සම්පත් මත තවත් පීඩනයක් ඇති කරමින් නැගෙනහිර කියුබාවට ඔස්කාර් සුළි කුණාටුවෙහි අවසන් දිනවල ඇති වූ බලපෑම ද නිවේදනය මගින් අවධාරණය කර තිබේ.
(බොලිවියාවේ මනගුවා නගරයේ පැවැති විරෝධතා)

“අපරාධමය අවහිරය අවසන් කළ යුතුයි. මානුෂීය ආධාර කියුබාවට ළඟා වීමට ඉඩ දිය යුතුයි.” කමිටුව නිගමනය කළේය.
කියුබාවට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති ආර්ථික, වාණිජ සහ මූල්‍ය අවහිරය අවසන් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ වන යෝජනාවේ අවශ්‍යතාවය පෙන්වා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ තිස්දෙවන සැසිවාරයට පෙර සහය ප්‍රකාශ කිරීම වෙනුවෙන් මෙම උද්ඝොෂණ පැවැත්වෙන බව කමිටුව පවසයි.
හවානා බලධාරීන්ට අනුව, 2023 මාර්තු 1 සිට 2024 පෙබරවාරි 29 දක්වා කාලය තුළ කියුබාව ඩොලර් බිලියන පහකට වඩා පාඩු ලැබීය.
මේ අතර සැල්වදෝරයේ සැන් සැල්වදෝර් නගරය, සහ බොලිවියාවේ මනගුවා ආශ්‍රිතවද අමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වූ විරෝධතා මෙන් විරෝධතා පැවැත්වූ බව විදෙස් මාධ්‍ය පවසයි.
අමෙරිකාවේ පැවැති විරෝධතා


සැල්වදෝරයේ සැන් සැල්වදෝර් නගරයේ පැවැති විරෝධතා


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්