කියුබාවට පනවා ඇති සම්බාධක වහාම ඉවත් කරනු! අමෙරිකා එක්සත් ජනපදයේත් ලතින් අමෙරිකානු රටවලත් විරෝධතා
කියුබාව ත්‍රස්ත ලැය්ස්තුවෙන් ඉවත් කරන ලෙසත් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී කියුබාවට එරෙහිව පනවා ඇති සම්බාධක ඉවත් කරන ලෙස ඉදිරිපත්වන යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී ඡන්ද විමසීමට පෙර නිව් යෝර්ක්, ලොස් ඇන්ජලීස් සහ අනෙකුත් එක්සත් ජනපද නගරවල විරෝධතා පැවැත්වූ බව විදෙස් පුවත් සේවා පවසයි.
ලොස් ඇන්ජලීස් හි "Hands Out of Cuba" නම් කමිටුව නිවේදනය කළේ විරෝධතාවලට එක්වීම සඳහා පාගමනක් සහ රැලියක් පැවැත්වූ බවයි. "මෙම සති අන්තයේදි රටවල් 65 කට වැඩි ගණනකදී සහ එක්සත් ජනපදයේ නගර 35 ක ජාත්‍යන්තර විරෝධතා පවත්වනු ලබනවා. කියුබාවට පනවා ඇති සම්බාධ්ක ඉවත් කරන ලෙසත්, වොෂින්ටනයේ ත්‍රස්තවාදීන් ලෙස නම් කර ඇති රටවල් ලැයිස්තුවෙන් කියුබාව ඉවත් කරන ලෙසත් එම විරෝධතා මගින් ඉල්ලා සිටිනවා." කමිටුව නිවේදනය කළේය.
අමෙරිකා එක්සත් ජනපද ආණ්ඩුව කියුබාව සම්බන්ධයෙන් පනවා ඇති ඒකපාර්ශ්වික සම්බාධක හේතුවෙන් “කියුබාව මුහුණ දෙන ආර්ථික අපහසුතා උග්‍ර කර ඇත්තේ වෙනත් රටවලින් ඛනිජ තෙල් ලබා ගැනීම සහ එහි විදුලිබල පද්ධතිය අලුත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය අමතර කොටස් ලබා ගැනීමට තිබෙන ඉඩ ප්‍රස්ථා පවා ප්‍රතික්ෂේප කිරීමෙනුයි.” සංවිධානය නිකුත් කළ පණිවිඩය මගින් අවධාරණය කරයි.
කියුබානු දිවයින සතු සීමිත සම්පත් මත තවත් පීඩනයක් ඇති කරමින් නැගෙනහිර කියුබාවට ඔස්කාර් සුළි කුණාටුවෙහි අවසන් දිනවල ඇති වූ බලපෑම ද නිවේදනය මගින් අවධාරණය කර තිබේ.
(බොලිවියාවේ මනගුවා නගරයේ පැවැති විරෝධතා)

“අපරාධමය අවහිරය අවසන් කළ යුතුයි. මානුෂීය ආධාර කියුබාවට ළඟා වීමට ඉඩ දිය යුතුයි.” කමිටුව නිගමනය කළේය.
කියුබාවට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති ආර්ථික, වාණිජ සහ මූල්‍ය අවහිරය අවසන් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ වන යෝජනාවේ අවශ්‍යතාවය පෙන්වා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ තිස්දෙවන සැසිවාරයට පෙර සහය ප්‍රකාශ කිරීම වෙනුවෙන් මෙම උද්ඝොෂණ පැවැත්වෙන බව කමිටුව පවසයි.
හවානා බලධාරීන්ට අනුව, 2023 මාර්තු 1 සිට 2024 පෙබරවාරි 29 දක්වා කාලය තුළ කියුබාව ඩොලර් බිලියන පහකට වඩා පාඩු ලැබීය.
මේ අතර සැල්වදෝරයේ සැන් සැල්වදෝර් නගරය, සහ බොලිවියාවේ මනගුවා ආශ්‍රිතවද අමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වූ විරෝධතා මෙන් විරෝධතා පැවැත්වූ බව විදෙස් මාධ්‍ය පවසයි.
අමෙරිකාවේ පැවැති විරෝධතා


සැල්වදෝරයේ සැන් සැල්වදෝර් නගරයේ පැවැති විරෝධතා


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..