බොලිවියාවේ හිටපු ජනපති ඉවෝ මොරාලෙස් ‘ඝාතන තැතකින්’ දිවි ගලවා ගනියි
(Former Bolivian president Evo Morales. © Popow\Getty Images)
බොලිවියාවේ හිටපු ජනාධිපති ඉවෝ මොරාලෙස් ඝාතන තැතකින් දිවි ගලවා ගත් බව අද(27) ඔහුගේ "ෆේස්බුක්" පිටුවේ පළ කර ඇති වීඩියෝවක් මගින් ස්ථිර කර සිටියි. ප්‍රහාරයෙන් ඉවෝ මොරාලෙස්ට කිසිදු හානියක් සිදුවී නොමැති අතර, ඔහුගේ රියදුරු පමණක් තුවාල ලබා ඇති බව පැවසේ.
මොරාලෙස්ගේ වාහනයේ ඇතුළත සිට ඡායාරූපගත කරන ලද විනාඩි හතරක වීඩියෝවක් ආරම්භ වන්නේ ඔහු තම රියදුරු අසල මෝටර් රථයේ ඉදිරිපස අසුනේ වාඩි වී දුරකථන ඇමතුමක් ගන්නා දර්ශනයකිනි. පසුව, වීඩියෝවෙන් රථයේ ඉදිරිපස වා මුවාවේ(වින්ඩ්ස්ක්‍රීන්) පෙනෙන වෙඩි උන්ඩ වලින් වූ සිදුරු පෙන්වයි. රියදුරුගේ හිසෙන් රුධිරය වහනය වන බවක් පෙනෙන්නට තිබුණත් ඔහු රථනය පැදවීම අත්හැර නැත. පසුපස වාමුවාව වෙඩි උණ්ඩවලින් කැඩී ගොස් ඇති ආකාරය දැකගත හැකිය.
https://www.facebook.com/watch/?v=1179310053166855
මොරාලෙස් පවසන පරිදි මෝටර් රථයට වෙඩි 14 ක් පමණ එල්ල වී තිබේ.
මධ්‍යම බොලිවියාවේ ෂිනහෝටා නගරයේ දී අලුයම හිටපු ජනාධිපතිවරයා සිය සුපුරුදු ඉරිදා දින චර්යාවට යාමට සූදානම්ව සිටියදී ඔහුගේ වාහනය මෝටර් රථ දෙකකට මැදි වී ඇති බව ඔහු විසින් තබා ඇති සටහනෙන් කියවේ. කළු ඇඳුමින් සැරසී සිටි පුද්ගලයින් සිව් දෙනෙකු මෝටර් රථයෙන් පිටතට පැමිණ හිටපු ජනාධිපතිවරයාගේ වාහනයට වෙඩි තැබූ බව එහි සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් මොරාලෙස්ගේ "ෆේස් බුක්" ගිණුමේ පළ වූ වීඩියෝ සටහනෙන් ටික වේලාවකට පසු තවත් වීඩියෝවක් පළ විය. ඔහු වාඩි වී මයික්‍රෆෝනයක් භාවිතා කරමින් දේශනයක් පවත්වන අයුරු එහි දැක්වේ.වීඩියෝ දර්ශනවලින් පෙනෙන්නට ඇති පරිදි මොරාල්ස්ට හානියක් සිදු වී නොමැති සෙයක් දිස් වේ.
කෙසේ වුවද සිද්ධිය සම්බන්ධයෙන් බොලිවියානු බලධාරීන් මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නොමැත.
https://fb.watch/vu80l9GzTh/
මොරාලෙස් 2006 සිට 2019 අතර කාලය තුළ අඛණ්ඩව වාර තුනක් බොලිවියාවේ ජනාධිපති ලෙස කටයුතු කළේය. 2019 දී, සෙනෙට් සභික ජෙනීන් ඇනෙස්ගේ රජය බලයට ගෙන ආ කුමන්ත්‍රණයකින් ඔහු නෙරපා හරින ලදී. ඇය මේ වන විට ඇගේ පාලන තන්ත්‍රය බලය මාරුවෙන් පසු ඇතිවූ මහජන විරෝධතා මැඩලීමේදී සිදු කළ අපරාධ සම්බන්ධයෙන් සිර දඬුවම් විඳිමින් සිටී.
2020 සිට බොලිවියාවේ නායකත්වය දරන්නේ මොරාලෙස්ගේ හිටපු සගයෙකු වූ ජනාධිපති ලුයිස් ආර්ස් විසිනි. ඔවුන් දෙදෙනාගේ දේශපාලන බලවේගය වන සමාජවාදය සඳහා වූ ව්‍යාපාරයේ අනාගතය සම්බන්ධයෙන් මෑතකදී මතභේද ඇති විය. කෙසේ වෙතත්, හිටපු ජනාධිපතිවරයා පසුගිය ජුනි මාසයේදී ඇතිවූ ආර්ස්ට එරෙහිව මතුවූ කුමන්ත්‍රණය හෙළා දුටුවේය.
මොරාලෙස් 2009 දී ඔහුගේ පළමු ජනාධිපති ධූර කාලය තුළ තවත් ඝාතන උත්සාහයකට මුහුණ දුන්නේය. බොලිවියානු මාධ්‍ය විසින් එවකට සිටි නායකයා සහ ඔහුගේ උප ජනාධිපතිවරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරමින් සිටි “ත්‍රස්තවාදී කණ්ඩායමක්” ලෙස හැඳින්වූ අතර ආරක්ෂක අංශ උදාසීන කිරීම සම්බන්ධයෙන් පුවත් වාර්තා ඉදිරිපත් කළේය. මොරාලෙස් සහ ඔහුගේ උප ජනාධිපතිවරයා ඝාතනයට උත්සහා කළ කණ්ඩායමේ තිදෙනෙක් මිය ගිය අතර තවත් දෙදෙනෙක් අත්අඩංගුවට ගත්හ. එම පිරිස රුමේනියානු, හංගේරියානු, අයර්ලන්ත, බොලිවියානු සහ කොලොම්බියානු ජාතිකයන් ලෙස හඳුනාගනු ලැබීය.
Former Bolivian president survives ‘assassination attempt’
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..