පසුගිය ආණ්ඩුව ගිවිසුම්වලට එළැඹි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ගැන සමාලෝචනය කරන්න කමිටුවක්
බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා පවසන්නේ පසුගිය කාලයේ විවිධ ගිවිසුම්වලට එළැඹී පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනයකට කමිටුවක් පත් කළ බවය.
මේ යටතේ මන්නාරම සුළං විදුලි ව්‍යාපෘතිය ඇතුළු සුළං හා සූර්ය බල ව්‍යාපෘති 40කට ආසන්න සංඛ්‍යාවක් පිළිබඳ සමාලෝචනය කිරීමට නියමිත බවත්, මෙගාවොට් 05 සිට 100 දක්වා විදුලිය උත්පානය කිරීම මෙම ව්‍යාපෘතිවලින් අපේක්ෂිත බවත් වාර්තා වේ.
ලේකම්වරයා පවසන්නේ මෙම ව්‍යාපෘතිවලට ගිවිසුම්ගත වීමේදී රටට අවාසිදායක කොන්දේසි කිහිපයක් යටතේ එකඟතාවයන්ට එළඹ ඇති බවය.
ඇතැම් ව්‍යාපෘති සඳහා ඉඩම් තෝරා ගැනීමේදී එම ඉඩම් කෘෂිකාර්මික කටයුතු සඳහා යෙදවීමෙන් ඊට වඩා ඵලදායී ලෙස ඒවා භාවිත කිරීමට හැකියාව ලැබෙන බව නිරීක්ෂණය වී තිබේ.
අදාළ කමිටුව හරහා එම ව්‍යාපෘතිවලින් විදුලිය මිලදී ගැනීමේදී එක් ඒකකයක් වෙනු වෙන් වැය කරන මුදල මෙන්ම ව්‍යාපෘතියෙන් ලැබෙන ආර්ථික ප්‍රයෝජන පිළිබඳව ද සලකා බැලීමට නියමිතයි.
මසක් තුළ එම කමිටුවේ වාර්තාව ලබා දෙන ලෙස එහි සාමාජිකයින්ට උපදෙස් දී ඇති බව ලේකම්වරයා දන්වා ඇති අතර, වාර්තාව ලැබීමෙන් පසු එම සියලු ව්‍යාපෘති රටට වඩාත් ඵලදායී හා වාසිසහගත වන ලෙස ක්‍රියාත්මක කිරීම පිළිබඳ එකඟතාවයකට පැමිණීමට නියමිත බවත් වාර්තා වේ.

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා