News Category
From Date
To Date
Maximum Number of Result

ආරුගම්බේ ප්‍රහාර සැලසුම ත්‍රස්ත ප්‍රහාරයක් බව නිරීක්ෂණය වී නැහැ - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Oct 25, 2024 at 01:25 PM
|

ආරුගම්බේ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට සැලසුමක් ඇති බවට වාර්තා වූ තොරතුරු, හුදෙක් ඊශ්‍රායල ජාතිකයක් ඉලක්ක කර සැලසුම්කළ ප්‍රහාරයක් බව දැනට සිදුකෙරෙමින් පවතින විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

දෙරණ රූපවාහිනියේ වැඩසටහනට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසීය.

කෙසේ නමුත් මෙම ප්‍රහාර සැලසුමේ ඉලක්කය ඊශ්‍රායල නොවන විදෙස් ජාතිකයන්, ශ්‍රී ලාංකිකයන් හෝ වෙනත් කඩාකප්පල්කාරී ක්‍රියාවක් නොවන බවට තොරතුරු හෙළිවී ඇති බව හෙතෙම මෙහිදී පෙන්වා දුන්නේය.

මේ වනවිට එම ප්‍රහාර සැලසුම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට පොලීසිය රැඳවුම් නියෝග ලබාගෙන තිබේ.

"විටින් විට ඔවුන්ව අත්අඩංගුවට ගත්තේ. ඒ අත්අඩංගුවට පත්වීම හරහා තමයි අපට මේ පිළිබදව තවදුරටත් ආරක්ෂාවක් යොදවන්න ඕන කියන එක අනාවරණය වුණේ. පෙරේදා දිනයේදී අමෙරිකානු තානාපති කාර්යාලයෙන් නිවේදනය නිකුත් කරන්න කලින් දවසේ රාත්‍රියේ සිට පොතුවිල් පොලිස් බලප්‍රදේශය තුළ අපි ආරක්ෂාව යොදවලා තිබුණේ. පොලිස් විශේෂ කාර්ය බළකාය, පොලීසිය, බුද්ධි අංශ, හමුදාව මෙන්ම නාවික හමුදාව පවා මුහුදේ සංචාරවලට යොදවලා තිබුණේ". 

"අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරලා තියෙන්නේ ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කරන්න එපා කියලා. ඒ හැරෙන්න ශ්‍රී ලංකාවේ සංචාරය කරන්න එපා කියලා අනතුරු ඇඟවීමක් කරලා නැහැ".

 "ශ්‍රී ලංකාවට එල්ලවිය හැකි ප්‍රහාරයේ ස්වභාවය අනුව එය ත්‍රස්තවාදී ක්‍රියාවක් කියලා මෙතෙක් අපට නිරීක්ෂණය වෙලා නෑ. මැදපෙරදිග කලාපයේ තිබෙන යුදමය තත්ත්වය නිසා ඊශ්‍රායල ජාතිකයන්ට ලංකාවේ විතරක් නෙමෙයි, ලෝකේ කොතැනක වුවත් අනතුරුදායක ස්වභාවයක් ඇතිවෙන්න පුළුවන්.  ඒ නිසා ඔවුන් ඉලක්ක කරගත් ප්‍රහාරයක් කියල තමයි ආවේ. ඒ හැරෙන්න වෙනත් රටක විදෙස් ජාතිකයෙක් ඉලක්ක කරගෙන හෝ ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කරගෙ හෝ වෙතක් කඩාකප්පල්කාරී සිද්ධියක් නෙමෙයි". 

"කෙසේ නමුත් මෙම ප්‍රහාරය කුමන ආකාරයයෙන් වෙනවද කියන එක ගැන තහවුරුවීමක් නැහැ. ප්‍රහාරය ගැන මුල සිට පරීක්ෂණ සිදුකරලා යම්කිසි තහවුරු කිරීමක් කරගත්තා. ඒ නිසා අවසන් දිනවන විට පිරිමි පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පුළුවන් වුණා. මේ සියලුදෙනා ශ්‍රී ලාංකිකයෝ. රඳවාගෙන ප්‍රශ්න කරලා නිවැරදි තොරතුරු අනාවරණය වූ පසු ඒ පිළිබඳ අවස්ථාවක මාධ්‍යයට ලබාදීමේ හැකියාව තියෙනවා. නමුත් සමහර මාධ්‍යවල ව්‍යාජ තොරතුරු සඳහන් වුණා. ඔවුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත්තේ".

- අද දෙරණ

සම්බන්ධිත පුවත් | Related News

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්
ඇමරිකාව විසින් පනවා ඇති නව තිරුබදු අනුපාතයන් සම්බන්ධයෙන් වහා සාකච්ඡා කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කළ යුතු බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.
"සිරි දළදා වන්දනාව" සිදු කෙරෙන මෙම දිනවල 'ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ' බව ප්‍රකාශ කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතින ඡායාරූපය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ.
ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.
ගෞතම බුදුරජාණන්වහන්සේගේ වාම දන්ත ධාතූන් වහන්සේ සියැසින් දැකබලාගැනීමේ දුර්ලභ අවසථාව උදාකර දෙන “සිරි දළදා වන්දනාවේ තුන්වන දිනය අදයි .
ආණ්ඩුවට සහල් අර්බුදයට විසදුම් නොමැති බවත් ඊට ඇති එකම විසදුම සහල් පිටරටින් ආනයනය කිරීම පමණක් බවත් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි. ඊයේ වශේෂ මාධ්‍ය හමුවක් පවතිවමින් ඒ් මහතා මේ අදහස් පළ කළේය.
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.

ප්‍රධාන පුවත්

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

පාස්කු ඉරුදිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.

විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.

චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි

ඔක්තෝබර් මැද භාගයේදී බලාත්මක වීමට නියමිත චීනයේ නිර්මාණය කරන ලද සහ චීනයේ ලියාපදිංචි යාත්‍රා සඳහා නව වරාය ගාස්තු පිළිබඳ එක්සත් ජනපද රජයේ නිවේදනයට ප්‍රතිචාර දක්වමින්,

ONLINE පනත ඉවතට

‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත’ නොඑසේනම් බොහෝ දෙනෙක් දන්නා පරිදි ඔන්ලයින් ( ONLINE ) පනත අවලංගු කිරීමට පියවර ගැනේ.

සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි

සිරි දළදා වන්දනාව අද (18) දින සිට ආරම්භ කෙරෙන අතර ඒ අනුව, අද පස්වරු 3:30 සිට පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව උදාවෙයි.

වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි

බෞද්ධ කටයුතු සම්බන්ධයෙන් චෝදනා ලැබ වියට්නාමයේ තහනම් කොට ඇති සංවිධානයක් ලංකාවට පැමිණ පාද චාරිකාවක නිරත වන බවත් ඔවුන් භික්ෂූ විනයට පටහැනි ලෙස ක්‍රියාකරන සංවිධානයක් බවත් ඒබැවින් ඒම පාද

’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්

මැතිවරණ නීති උල්ලංඝනය වන ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ජනාධිපතිවරයා දැනුවත් කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් දැනුම්දී ඇත.

‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි

දෙරට අතර උත්සන්න වන වෙළඳ ආරවුල සංවාදයෙන් විසඳා ගැනීමට අවශ්‍ය නම්, චීනය “අවමාන තර්ජනය කිරීම සහ කප්පම්කරුවෙකු ලෙස හැසිරීම නවත්වන ලෙස” ඇමරිකාවෙන් ඉල්ලා තිබේ.

අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමරිකානු ජනාධිපතිවරයා විසින් පනවා ඇති නව තීරු බදුවලින් ලොව දුප්පත්ම සහ කුඩාම රටවලට නිදහස් කරන ලෙස ඉල්ලා ඇතැයි වාර්තා වේ.

245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන

අප්‍රේල් 15 වනදා නිකුත් කරන ලද ධවල මන්දිර තොරතුරු පත්‍රිකාවකට අනුව, එක්සත් ජනපදයට චීන ආනයන සඳහා 245% දක්වා ඉහළ තීරු බදු පැනවීමට හැකියාව ලැබෙන බව ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති.

රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල

කොටින්ගෙන් වෙන් වෙලා ඇවිත් කොටි පරදන්න ජීවිතය පරදුවට තියලා සටන් කළ තමන්ට සළකන්නේ මෙහෙමදැයි පිල්ලෙයාන් හඬා වැටෙමින් කඳුළු සළමින් පැවසූ බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා අද (16) පැවසීය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.