News Category
From Date
To Date
Maximum Number of Result

පාස්කු කමිටු වාර්තාව රවි සෙනෙවිරත්නගෙන්, ශානි අබේසේකරගෙන් පළිගන්න සකස් කළ වාර්තාවක් නොවේ... කාදිනල්තුමන් මා සම්බන්ධව සිදුකළ ප්‍රකාශ පදනම් විරහිතය - හිටපු ජනපති රනිල්ගෙන් ප්‍රකාශයක්

Oct 25, 2024 at 07:02 AM
|

පාස්කු වාර්තා රවි සෙනෙවිරත්න සහ ශානි අබේසේකරට විරුද්ධව අර්ථ දැක්වීම පදනම් විරහිත බව රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ නිකුත් කළ ප්‍රකාශයක සඳහන් වේ.

එම ප්‍රකාශයේ මෙසේද දැක්වේ.

ශ්‍රී ලංකාවේ අටවැනි විධායක ජනාධිපති ධුරයට මම පත් වූ පසුව කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති හැරල්ඩ් ඇන්තනි ප්‍රනාන්දු රදගුරුතුමන්ගේ ඉල්ලීම පරිදි පාස්කු කොමිෂන් සභා වාර්තා එතුමන්ට භාරදීමට කටයුතු කළෙමි.

ඉන්පසුව කතෝලික රදගුරු සම්මේලනය ඒ පිළිබඳව පැහැදිලි කිරීම් ගණනාවක් ඉදිරිපත් කර තිබූ අතර මා වෙත යොමු කෙරුණු සියලු පැහැදිලි කිරීම් නීතිපතිවරයාට යොමු කර ඊට අදාළ සියලු කරුණු රදගුරු සම්මේලනය සමග හුවමාරු කර ගන්නා ලෙස නීතිපතිවරයාට උපදෙස් දෙන ලදී.

චැනල් – 4 නාලිකාව ඔස්සේ විකාශනය වූ හෙළිදරව්ව පිළිබඳව කරුණු සෙවිය යුතු බවට ද මා වෙත ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණි. ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මා විසින් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි. ඉමාම්, හිටපු ගුවන් හමුදාපති චීෆ් එයාර් මාර්ෂල් ජයලත් වීරක්කොඩි සහ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු හර්ෂ ෂෝසා යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුව පත් කිරීමට කටයුතු කරන ලදි.

මීට අමතරව, ඒ.එම්.ජේ. ද අල්විස්, ඩබ්ලිව්.එම්.ඒ.එන්. නිශාන් සහ කේ.එන්.කේ. සෝමරත්න යන අයගෙන් සමන්විත තවත් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළේය. මේ කමිටුවට පත්කළ කිසිවකුත් මා පෞද්ගලිකව දන්නා හඳුනන අය නොවේ. මේ කමිටු සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ සහාය ලබා දීමට ද කටයුතු කරන ලදි.

ඉන්දීය බුද්ධි සේවයෙන් කිසියම් වූ ආකාරයක ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලද විට ගතයුතු පියවර පිළිබඳව සොයාබැලීම ඉහත කමිටුව පත් කිරීමේ එක් අරමුණක් විය. එසේම ඊට අදාළව ගනු ලැබූ පියවර ප්‍රමාණවත්දැයි විමසා බැලීම ද මේ කමිටුවට පැවැරුණු තවත් වගකීමක් වේ. රාජ්‍ය බුද්ධි අංශය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වවුනතිව් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනය එල්.ටී.ටී.ඊ. සංවිධානය කළ බවට මාස හතරක් මුළුල්ලේ ප්‍රකාශ කළේ මන්ද? ඒ කාලය තුළදී ඊට අදාළව ගත් පියවර කුමක්ද යන්න පිළිබඳව විමසා බැලීම ද මේ කමිටුව මගින් සිදුකරන ලදි.

අල්විස් කමිටු වාර්තාව එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ වත්මන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර යන මහත්වරුන්ගෙන් පළිගන්න හෝ ඔවුන් ගැන විභාග කිරීමට හෝ සකස් කළ වාර්තාවක් නොවේ.

පාස්කු සිද්ධිය ගැන හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අබ්දුල් ලතීෆ්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න ඇතුළු නිලධාරීන් සියලු දෙනාටම නීත්‍යනුකූලව පියවර ගන්නා ලෙසත් ඒ වාර්තාව මගින් වැඩිදුරටත් නිර්දේශ කර තිබේ. මීට අමතරව එවකට හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ වත්මන් පොලිස්පති දේශබන්දු තේන්නකෝන් මහතාටත් විනය පියවර ගන්නා ලෙස එම වාර්තාව මගින් නිර්දේශ කර ඇත. එබැවින් මෙය රවි සෙනෙවිරත්නට සහ ශානි අබේසේකරට විරුද්ධව සැකසු වාර්තාවක් බවට අර්ථ දැක්වීම පදනම් විරහිත බව ඉතා පැහැදිලිය.

වාර්තාවේ සඳහන්ව ඇති වවුනතිව් ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නිරීක්ෂණ ද ඉතා වැදගත් වේ. එම සිද්ධියට අදාළව එදා පළමුව දැනුම් දෙනු ලැබූයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ඒ ඝාතන සිදුකළ බවටය. එහි ප්‍රතිඵලයක් ලෙස තම්බිරාස කුමාර් සහ රාසනායගම් සර්වානන්දන් යන දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබූහ. වාර්තාවේ ඇමුණුම් පරීක්ෂා කළවිට පරස්පර විරෝධි කරුණු රැසක් අනාවරණය වේ. ඒ සම්බන්ධයෙන් වන එක් බුද්ධි අංශ වාර්තාවක සඳහන් වනුයේ එවකට සිරගතව සිටි සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්ත් හෙවත් පිල්ලෙයාන් මේ සිද්ධිය පිටුපස සිටින බවය. වවුනතිව්වලදී මියගිය ගනේෂ් නමැති පොලිස් නිලධාරියා සමග අනියම් සම්බන්ධතාවක් පැවැත් වූයේ යයි කියන කාන්තාවකගේ සැමියා විසින් ඝාතනය කළ බවට ද ඊට අදාළ තවත් බුද්ධි අංශ වාර්තාවක සඳහන් විණ.

ජාතික තවුහිද් ජමාත් (NTJ) සංවිධානයේ ක්‍රියාකාරකම් සොයා ගැනීමට බුද්ධි අංශවලට මාස හතරක් ගතවීමට හේතුව ජාතික බුද්ධි අංශවලට තොරතුරු ලබා ගැනීමේ විධිමත් ජාලයක් නොතිබීම යයි හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ (DMI) සඳහන් කර ඇත.

“Regarding the gap of four months until discovery of the NTJ, the DMI’s explanation was that it was attributable to the lack of network they had at the time to elicit the intelligence.”

REPORT OF THE COMMITTEE OF INQUIRY INTO INTELLIGENCE COORDINATION AND INVESTIGATIVE PROCESSES RELATED TO THE EASTER SUNDAY BOMBINGS OF 21ST APRIL 2019 (Page No 12)

විදේශ බුද්ධි සේවයක් වූ ඉන්දියන් බුද්ධි අංශයට මේ ප්‍රදේශයේ ශක්තිමත් තොරතුරු ජාලයක් පැවැතිය ද, එම ප්‍රදේශයේම ලංකාවේ බුද්ධි අංශ ක්‍රියාත්මක වීමේදී දරුණු කඩා වැටීමක් දැකිය හැකිය. අප සතුව ශක්තිමත් බුද්ධි තොරතුරු ජාලයක් නොතිබීම භායනක තත්ත්වයකි. මන්ද රටේ ආරක්ෂාවට එය විශාල තර්ජනයක් වන බැවිනි. මගේ අවධානය යොමු වූයේ මේ කාරණය සම්බන්ධයෙනි.

මගේ අරමුණ වූයේ රදගුරු සම්මේලනයේ ප්‍රතිචාරය ලබාගෙන නීතිපති වාර්තාව ද සමග බුද්ධි සේවා කඩා වැටීම සහ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමය. මන්ද මේ ආකාරයට ජාතික බුද්ධි සේවයේ කඩා වැටීම රටේ ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් ද වන නිසාය. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කර පසුව එහි වාර්තාව ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් හා ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල කමිටුවක් හරහා බුද්ධි අංශ සම්පූර්ණයෙන්ම ප්‍රතිසංවිධානය කිරීම සඳහා යෝජනා ගැනීමට ද මම අදහස් කරගෙන සිටියෙමි. ජාතික බුද්ධි සේවයේ දරුණු කඩා වැටීම සම්බන්ධයෙන් පාස්කු කොමිෂන් වාර්තාවේ කිසිවක් සඳහන් නොවූ බව ද සිහිපත් කිරීමට කැමැත්තෙමි.

මේ වනවිට ඉමහත් ආන්දෝලනයකට තුඩු දී තිබෙන මේ වාර්තාව පසුගිය ජනාධිපතිවරණ සමයේ මා අතට ලැබුණු නමුත් පාස්කු ප්‍රහාරය දේශපාලනයට ඈඳා ගැනීමට ඇති අකැමැත්ත නිසා ඒ වාර්තා ප්‍රසිද්ධියට පත්කිරීමට මම කටයුතු නොකළෙමි. මේ සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට අවශ්‍යව තිබූ බැවින් ඉහත පිළිවෙත මම අනුගමනය කළ බව ද සඳහන් කරමි. කාදිනල් හිමිපාණන් මා සම්බන්ධව සිදුකළ සියලු ප්‍රකාශ පදනම් විරහිතය. පාස්කු වාර්තා සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් කළ යුත්තේ රදගුරු සම්මේලනය යි. ඉහත සියලු කරුණු සැලකිල්ලට ගෙන පාස්කු වාර්තා ගෙනහැර දක්වමින් දේශපාලනය නොකරන ලෙස සෑම පාර්ශ්වයකින්ම මම ඉල්ලා සිටිමි.

සම්බන්ධිත පුවත් | Related News

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.
බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.
භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ප්‍රධාන පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.