
අග විනිසුරුවරියගේ කමිටු වාර්තාව ප්‍රතික්ෂේප කරන්නේ නම් ඇය ලබා දුන් නඩු තීන්දුත් ප්‍රතික්ෂේප කරනවාද? අගරදගුරු තුමා තමන්ට අවශ්‍ය අයගේ නම් කියවෙන පාස්කු කොමිසම් වාර්තාවක් බලාපොරොත්තු වෙනවාදැයි සැකයි!-ගමන්පිල අසයි.
පිවිතුරු හෙළ උරුමය අද කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පරශන කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන කමිටුවේ වාර්තාව තමන් පිළි නොගන්නා බවට ඇමති විජිත හේරත් මහතා පවසන්නේ එහි සභාපති විනිසුරු වරියට විශමාචාර චෝදනා එල්ල වූ බව පවසමින් නම් ඇය විනිසුරුවරියක ලෙස ලබාදුන් නඩු තීන්දු ප්‍රතික්ෂේප කරන්නේදැයි කියායි.
එහිදී වැඩිදුරටත් කරුණු දැක් වූ ඒ මහතා තමනට පක්ෂපාති පුද්ගලයන්ට චෝදනා එල්ල වලට එවන් වාර්තා ප්‍රතික්ෂේප කරන බව නොකියා එහි වරදක් ඇත්නම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමට හැකි බව නීතිමය ක්‍රමවේදය බවත් පෙන්වා දුන්නේය.
අගරදගුරුතුමන්ද මෙම වාර්තා ප්‍රතික්ෂේප කරන බව පැවසු ගම්මන්පිල මහතා එසේ ක්‍රන්නේ ඔවුන් බලාපොරොත්තු වන පුද්ගලයන් ගැන සඳහන් නොවන නිසාදැයි සැකයක් මතුවන බවද අවධාරණය කළේය.
“විජිත හේරත් ඇමැතිතුමා මේ වාර්තාව ව්‍යාජ වාර්තාවක් කිව්වේ නෑ. ඒ වගේම අල්විස් වාර්තාවේ අඩංගු කරුණු ප්‍රතික්ෂේප කළෙත් නෑ. එතුමා මේ වාර්තාව ප්‍රතික්ෂේප කරන්නේ කමිටුවේ ප්‍රධානත්වය දැරූ විනිසුරුවරිය 2004 දී විෂමාචාර චෝදනාවක් මත රැකියාවෙන් ඉවත් වෙලා 2006 සිට නැවත සේවයට පැමිණියා කියන කාරණය මත.
වසර දෙකක් සේවයේ නොසිටීම පදනම් කරගෙන මේ වාර්තාව ප්‍රතික්ෂේප කරනවා නම් 2006 සිට 2023 දක්වා වසර 17ක් එතුමිය විනිසුරුවරියක් ලෙස ලබා දුන් සියලු නඩු තීන්දුත් ප්‍රතික්ෂේප කරනවාද? එතුමිය සිර දඬුවම් ලබා දුන් සිරකරුවන් නිදහස් කරනවාද? අය කළ දඩ නැවත ඒ පුද්ගලයන්ට ගෙවනවාද? දික්කසාද කළ අය නැවත කසාද බන්දනවාද කියන කාරණයත් විජිත හේරත් මැතිතුමා රටට පැහැදිලි කළ යුතුයි.
කමිටුව ගැන විවිධ චෝදනා නගන ඇමැතිතුමා කමිටුවේ හරය ගැන වචනයක් කතා කරන්නේ නෑ. පාස්කු ප්‍රහාරය පිළිබඳ ලැබුණු ලිපියට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා දවස් 12ක් සිටීමෙන් පාස්කු ප්‍රහාරය නොසැලකිල්ලෙන් සිදුවීමට ඉඩහැරීමේ වරදට රවී සෙනෙවිරත්න මහතා වැරදිකරු ද නිවැරදිකරුද? මට හෝ විනිසුරුතුමියන්ට පහර දීමෙන් රවී සෙනෙවිරත්නගේ නොසැලකිල්ල නිසා මේ මහා අපරාධය වුණා කියන චෝදනාව වෙනස් වෙන්නේ නෑ.”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යහපාලන කාලේ හන්තානේ රජයේ වටිනා ඉඩම් කුණු කොල්ලෙට ලියාගත් පිරිසක් ගැන පරීක්ෂණ.. රටම දන්න මාධ්‍යවේදීනුත් ඉන්නවලු..
රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙලා.. අපිම තමයි හරි කියන තීරණයේ ගියොත් වැඩිකල් යන්න බෑ - කොටපිටියේ හිමියෝ අගමැතිනිගේ මුහුණටම කියති..
අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට..
අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..
මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
