
සහරාන් අත්අඩංගුවට ගැනීම වළක්වා බෝම්බ පිපිරවීමට ඉඩ සැලැස් වූ අය මහ මොළකරුවන් නොවේ ද? - ජාතික සංවිධාන කාදිනල්තුමා ගෙන් අසයි
උදය ගම්මන්පිල හිටපු මන්ත්‍රීවරයා විසින් එළිදැක් වූ වාර්තා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවට කාදිනල්තුමා විසින් සිදුකර ඇති ප්‍රකාශය පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.
මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,
"පළමුවෙන්ම, ඒ වාර්තාව ගම්මන්පිල මහතාගේ වාර්තාවක් නොවෙයි. එය හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ජනාධිපති කොමිෂන් සභාවක වාර්තාවක්. එහි සාමාජිකයන්ගේ විශ්වාසය පිළිබඳව විවේචනයක් තිබුනා නම් කොමිසම පත්කළ අවස්ථාවේ දී විරෝධය ප්‍රකාශ කළ යුතුව තිබුනා. ආණ්ඩුව උන්වහන්සේ කියන දේට සවන් දුන්නේ නැතිනම් අභියාචනාධිකරණයට යන්න තිබුනා.
ඊට අමතරව එම වාර්තාව වහාම පිටකරන ලෙස මීට පෙර සිරිල් ගාමිණී පියතුමා ආණ්ඩුවට බලකළා. එහෙම නම් වාර්තාව පිටවුනාම ඒක පිළිගන්න බැහැ කියලා ගෙඩිය පිටින් ප්‍රතික්ෂේප කිරීම අපට නම් පිළිගන්න බැහැ.
ආණ්ඩුව පත්කළ යම් පත්කිරීම් එම වාර්තාව මගින් අභියෝගයට ලක්වන නිසා සහ එමගින් ආණ්ඩුව අර්බුදයට ලක්වන නිසා ජනාධිපතිවරයා විසින් එම වාර්තා එළිදැක්වීමට මැලිවීම ගැන අප පුදුම වන්නේ නැහැ. ගම්මන්පිල මහතා කළේ අනුර දිසානායක ජනාධිපතිවරයා පැහැර හරින ලද මහජන වගකීම ඉටුකිරීම පමණයි. ඔහුට දොස් පවරා වාර්තාවේ අන්තර්ගතය සමස්තයක් ලෙස පිළිනොගන්නා බව ප්‍රකාශ කිරීමේ යටි අරමුණ පැහැදිලි නැහැ.
කාදිනල්තුමා මහ මොළකරුවකු ගැන දිගින් දිගටම සඳහන් කළද වහාබ් පූජකතුමාගේ සිට අයි.එස්.අයි.එස්, අල්කයිඩා, තලේබාන් ආදී සංවිධානවල න්‍යායාචාර්යවරුන් පමණක් නොවේ අසාද් සාලි වැනි මධ්‍යස්ථ යැයි කියන අන්දවාදී දේශපාලකයන් සියලු දෙනාම සහරාන්ලාගේ ගුරුවරුන් හෙවත් මහ මොළකරුවන් තමයි. අප ප්‍රශ්න කරන්නේ වනාතවිල්ලුව බෝම්බ සිද්ධිය පරීක්ෂා කළ පොලිස් පරීක්ෂක මාරු කළ පුද්ගලයා, කෑගල්ල බුදු පිළිම කැඩීමේ සැකකරුවන් බේරාගත් පුද්ගලයන්, සහරාන් බෝම්බ පිපිරවීමට කළින් අත්අඩංගුවට ගැනීම වැළැක්වූ අය ආදී සියලු දෙනාම මහ මොළකරුවන් ගොන්නට වැටෙනවා නේද? යන්නයි.
ඒ අනුව අපට චෝදනා කරන්න වෙනවා සහරාන්ට අවසාන අණදුන් පුද්ගලයා හෝ මහ මොළකරුවකු ගැන සඳහන් කරමින් ඉස්ලාම් අන්තවාදය පෝෂණය කරන බලවේග සහ ඊට බියවීම සහ වක්‍රව හෝ සෘජුව අනුග්‍රහය දැක්වීම මගින් සහරාන්ලාට බෝම්බ තැබීමට පහසුකම් සැලසූ සහ බෝම්බ තැබීමට පෙර ඔවුන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වූ සියලු දෙනා කාදිනල්තුමා විසින් ආරක්ෂා කරන බව. ඒ මගින් කොහොම ද ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටුවන්නේ?.
ඒ වගේම අනාගතයේ දී තවත් එවැනිම වින්දිතයන් බිහිවීම වැළැක්වීම සඳහා සහ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාව අන්තවාදීන්ගේ ගොදුරක් වීම වැළැක්වීම සඳහා දීර්ඝ කාලීනව කළ යුතු දේ ගැන කාදිනල්තුමා වචනයක්වත් කියන්නේ නැහැ. මහ මොළකරුවකු ගැන කියමින් ඒ මූලික කරුණ ගැන අවධානය අඩු කරනවා.
ඊට අමතරව කුමන අඩුපාඩු යටතේ හෝ ඉස්ලාම් අන්තවාදයේ වර්ධනය වැළැක්වීම සඳහා පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභා නිර්දේශ අනුව ක්‍රියාමාර්ග 57ක් අඩංගු අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සම්මත කළා. ඒත් බැසිල් රාජපක්ෂ මධ්‍යස්ථ යැයි කියන අන්තවාදයට යටින් උදව් කරන මුස්ලිම් දේශපාලකයන් කිහිප දෙනෙකුගේ බලපෑමට යටත්වී එම යෝජනා ක්‍රියත්මක කරන්න ඉඩ දුන්නේ නැහැ. කාදිනල්තුමා ඒ ගැන වචනයක් හෝ කතා කළේ නැත්තේ අනාගතයේ දී සහරාන්ලාගේ අනුගාමිකයින් නැවත වටයකින් පාස්කු ප්‍රහාරයට සමාන ප්‍රහාරයක් සිදු කිරීම වැළැක්වීම උන්වහන්සේගේ වගකීමක් ලෙස නොසලකන නිසා ද?. එහෙම නැතිනම් නොදැනුවත්කම නිසා ද?. එසේත් නැතහොත් පක්ෂග්‍රාහීව ප්‍රශ්නය දෙස බැලීම නිසා ද?."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යහපාලන කාලේ හන්තානේ රජයේ වටිනා ඉඩම් කුණු කොල්ලෙට ලියාගත් පිරිසක් ගැන පරීක්ෂණ.. රටම දන්න මාධ්‍යවේදීනුත් ඉන්නවලු..
රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙලා.. අපිම තමයි හරි කියන තීරණයේ ගියොත් වැඩිකල් යන්න බෑ - කොටපිටියේ හිමියෝ අගමැතිනිගේ මුහුණටම කියති..
අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට..
අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..
මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
