
ඉන්දියාව - ලංකාව යා කෙරෙන පාලම ගහන්න ඉන්දියාවෙන් යෝජනාවක්
නව ජනාධිපතිවරයා වශයෙන් අනුර කුමාර දිසානායක මහතා පත්වීමෙන් පසුව ඉන්දීය රජය මුල්ම ද්විපාර්ශ්වීය සංවර්ධන යෝජනා ක්‍රමයක් වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 5ක වියදමකින් රටවල් දෙක යා කරමින් ගොඩබිම් පාලමක් ඉදිකිරීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.
සමස්ත ඉන්දීය ගුවන් විදුලිය වාර්තා කළේ මේ ව්‍යාපෘතිය නව ව්‍යාපෘතියක් නොව 2002 වසරේදී ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට කළ යෝජනවක් බවයි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම හා ඉන්දියාවේ තමිල්නාඩුවේ රාමේෂ්වරම් අතර ඉදිකිරීමට යෝජිත ගොඩබිම් පාලම රථවාහන ගමනාගමනයට මෙන්ම දුම්රිය ධාවනයට ද උචිත වන පරිදි නිර්මාණය කොට ඇති බව ද සමස්ත ඉන්දීය ගුවන් විදුලිය වාර්තා කළේය.
මේ මගින් දෙරට අතර වාණිජමය කටයුතු සාර්ථක වන බවත් ඉතා අඩු වියදමකින් දෙරට අතර ගමනාගමන පහසුකම් සලසා ගත හැකි බවත් ඉන්දීය රජය කියා තිබේ. මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට කීපයක්ම මේ වන විට ආරම්භ වී ඇති අතර මෙම නව ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පරිසර අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා දැනුවත් කොට ඇති බව ද ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය.
- දිනසේන රතුගමගේ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
