News Category
From Date
To Date
Maximum Number of Result

යුක්රේනයට අවි සැපයිමට රඳවාගත් රුසියාවේ මුදල් යොදා ගැනීමට එක්සත් රාජධානිය සැරසෙයි


(Rachel Reeves, Chancellor of the Exchequer at the 2024 Labour Party Conference, Liverpool, UK, September 23, 2024 © Getty Images / Andrew Aitchison / In pictures)

එක්සත් රාජධානියේ මහා භාණ්ඩාගාරයේ චාන්සලර් රේචල් රීව්ස් පවසන පරිදි,  G7 කණ්ඩායමේ පුළුල් ණය දීමේ වැඩසටහනක කොටසක් ලෙස, රුසියාවට එරෙහි යුක්‍රේනය කරගෙන යන යුද්ධ කටයුතු සඳහා එක්සත් රාජධානිය යුක්රේනයට පවුම් බිලියන 2.26 (ඩොලර් බිලියන 2.94) ණයක් ලබා දීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මේ සතියේ වොෂින්ටනයේ පැවැත්වෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ රැස්වීම් වලට පෙර  G7 සංවිධානයේ මුදල් ඇමතිවරුන්ගේ හමුවක් අතරතුර මෙම නිවේදනය නිකුත් කර ඇත. ඊයේ(22) බ්‍රිතාන්‍ය මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළ පරිදි ඩව්නිං වීදියG7 කණ්ඩායමේ ණය සඳහා පවුම් බිලියන 2.26 කින්  දායක වනු ඇත.

"මෙම නව අරමුදල් බ්‍රිතාන්‍යයේ ජාතික අවශ්‍යතාවයන්ට හේතු වෙනවා. මන්ද යත් අපගේ ආරක්ෂාවේ පෙරමුණ - අපගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ අප හුවමාරුකරගන්න සාරධර්ම ආරක්ෂා කිරීම රඳා පවතින්නේ යුක්‍රේන අගල්වලයි." යනුවෙන් රීව්ස් පැවසීය.

ජූනි මාසයේදී, ඝ්7 කණ්ඩායමේ රටවල් රඳවා ගත් රුසියානු අරමුදල්වලින් ලැබෙන හදිසි ලාභයෙන් යුක්රේනය වෙත ඩොලර් බිලියන 50 ක ණයක් ලබා දීමට එකඟ විය. මූලික වශයෙන් එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය ඩොලර් බිලියන 20 බැගින් දායක වනු ඇතැයි අපේක්ෂා කරන අතර, එක්සත් රාජධානිය, කැනඩාව සහ ජපානය ඉතිරි මුදල ආවරණය කරනු ඇත. මෙම මස මුලදී, යුරෝපා සංගමය G7 කණ්ඩායමේ ණය සඳහා යුරෝ බිලියන 35 (ඩොලර් බිලියන 38) දක්වා අනුමත කළ නමුත් එක්සත් ජනපදය එකඟ වූ සම්පූර්ණ ඩොලර් බිලියන 20 ලබා දෙන්නේ නම්, රොයිටර් පුවත් සේවයට අනුව අඩු දායකත්වයක් ලබා දෙනු ඇත.

ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් යුක්‍රේනයට එක්සත් ජනපද ආධාර කපා හැරිය හැකිය යන කනස්සල්ල මධ්‍යයේ, කියෙව් පරිපාලනයේ බටහිර අනුග්‍රාහකයින් වසර අවසානයට පෙර අරමුදල් ලබා ගැනීම සඳහා ණය පිළිබඳ සාකච්ඡා කඩිනම් කිරීමට උත්සාහ කරමින් සිටින බව ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත් පත පසුගිය සතියේ වාර්තා කළේය. රිපබ්ලිකන් අපේක්ෂකයා යුක්රේනය සඳහා අඛණ්ඩව අරමුදල් සැපයීම පිළිබඳව නිරන්තරයෙන් කණස්සල්ල පලකර කර ඇත.

මොස්කව් "සොරකම්" ලෙස හෙලා දැක ඇති 2022 ගැටුමේ ආරම්භයේ සිට බටහිර මූල්‍ය ආයතනවල අත්හිටවූ  ඇස්තමේන්තුගත යුරෝ බිලියන 300ක වත්කම්වලින් ලැබෙන ලාභ භාවිතා කරමින් ණය ආපසු ගෙවනු ඇත. මෙම අරමුදල්වලින් ආසන්න වශයෙන් යුරෝ බිලියන 197 (ඩොලර් බිලියන 214) බෙල්ජියම් නිෂ්කාශන ආයතනයක් වන යුරෝක්ලියර් විසින් අත්හිටුවා ඇත. ජුලි මාසයේදී යුරෝක්ලියර් ආයතනය විසින් වාර්තා කරන ලද පරිදි, රුසියානු වත්කම් වලින් 2024 පළමු භාගයේදී යූරෝ බිලියන 3.4ක පොලියක් උපයා ඇත.

එක්සත් ජනපදයේ පීඩනය නොතකා, බටහිර මූල්‍ය පද්ධතිය කෙරෙහි විශ්වාසය පළුදු කළ හැකි කනස්සල්ල හේතුවෙන්, අත් හිටවූ රුසියානු වත්කම් සම්පූර්ණයෙන් රාජසන්තක කිරීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙතෙක් විරුද්ධ වී තිබේ.

"අපි මෙම ණය මුදල ලබා දීම සඳහා රුසියානු වත්කම් රාජසන්තක කිරීම කරන්නේ නැහැ." රීව්ස් සඳුදා පැවසීය. "අපි වත්කම්වලින් ලැබෙන අසාමාන්‍ය ලාභ ප්‍රයෝජනයට ගනිමින් සිටිනවා.පවතින නීතිමය රාමුවක් තුළ අපට මෙය කළ හැකි බව අපට විශ්වාසයි."

මේ අතර බටහිර මූල්‍ය ආයතනවල පවතින ස්වෛරී වත්කම්වල මත කරන “සොරකම්” සමස්ත බටහිර මූල්‍ය පද්ධතිය කෙරෙහි ඇති ගෝලීය විශ්වාසය පළුදු කරන බව මොස්කව් නැවත නැවතත් අවධාරණය කර ඇත.

සම්බන්ධිත පුවත් | Related News

පසුගිය මහ මැතිවරණයෙන් මාක්ස්වාදීන්ට නැඹුරු ජාතික ජන බලවේගය ජයග්‍රහණය කිරීමට ජනවාර්ගික සුළුතර දෙමළ ජනතාව ‘නිවැරදි තීරණයක්’ ගෙන ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong උතුරු පළාතේ සංචාරයක නිරත වෙමින් කියා සිටියේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම හරහා ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනට ලබාදෙන තුන්වන සමාලෝචනය අවසන් කිරීමට කාර්ය මණ්ඩලය මට්ටමේ එකඟතාවයකට පැමිණ ඇත.
ශ්‍රී ලංකාවේ ඊලම් රාජ්‍යයක් පිහිටුවීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව කැනඩාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් යෝජනා කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ඉදිකර ඇති මාදිවෙල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගැනීම සඳහා නව මන්ත්‍රීවරු 35 දෙනෙක් අයදුම්පත් ඉදිරිපත් කර ඇතැයි පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.
වේයන්ගොඩ, වදුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක් ආශ්‍රිතව අධිකරණ නියෝගයක් මත නිධානයක් සොයා ආරම්භ කළ කැණීම් කටයුතු අද (23) දිනයේත් සිදු කිරීමට නියමිතව තිබේ.
ජාත්‍යන්තර වෙළෙඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට තෝරා පත්කර ගනුලැබූ සාමාජිකයන් 31 දෙනා අතරට ශ්‍රී ලංකාවද තෝරා පත්කර ගෙන ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡාව සාර්ථකව අවසන් කළ බව රජය පවසයි.
උතුර සහ නැගෙනහිර වෙනම රටක් බවත්, තමන්ට අවශ්‍ය දේ කීමට ඉඩ නොදෙන බවත් එසේ පැවසුවහොත් තමාට වෙඩිතබන බවත් යාපනය දිස්ත්‍රික්යෙන් පත්වූ ස්වාධීන මන්ත්‍රී අර්චුනා රාමනාදන් පවසයි.
නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන් අර්චුනා රාමනාදන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ප්‍රධාන පුවත්

උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)

උතුර සහ නැගෙනහිර වෙනම රටක් බවත්, තමන්ට අවශ්‍ය දේ කීමට ඉඩ නොදෙන බවත් එසේ පැවසුවහොත් තමාට වෙඩිතබන බවත් යාපනය දිස්ත්‍රික්යෙන් පත්වූ ස්වාධීන මන්ත්‍රී අර්චුනා රාමනාදන් පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි

නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන් අර්චුනා රාමනාදන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්‍රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර

සියලු ආකාරයේ ජාතිවාදයන්ට සහ ආගමික අන්තවාදයන්ට හිස එසවීමට කිසිදු ඉඩක් නොතබන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ(21) සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරමින් සිදුකළ 'අවධාරණය' බෙහෙවින් අගය කරන බවත් එසේම සියලු ආකාරයේ ජාතිවාදයන්ගේත් ආගමික අන්තවාදයන්ගේත් විසකුරු ප්‍රකාශනය වන බෙදුම්වාදයට ද කිසිදු ඉඩක් නොතබන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා සඳහන් කළේය.

IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින්ගේ අදහස් ද ලබාගෙන විදුලි ගාස්තු සංශෝධනය සඳහා වන යෝජනාව සකස් කිරීමට අමාත්‍යාංශය සහ ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) අපේක්ෂා කරන බව බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ටී.එම්. උදයන්ද හේමපාල සඳහන් කරයි.

යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).

ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඕනෑම ආක්‍රමණයකට තීරණාත්මක ප්‍රතිචාරයක් ලබා දෙන බවට ශපථ කර ඇති අතර, යුක්‍රේනය සහ රුසියාව අතර යුද ආතතිය උත්සන්න කිරීම සම්බන්ධයෙන් බටහිර රටවල මැදිහත් වීම විවේචනය කරනු ලැබීය. එලෙසම, යුක්රේන ගැටුම විසඳීම සඳහා සාම සාකච්ඡා වල නිරත වීමට මොස්කව්හි ඇති කැමැත්ත නැවත අවධාරණය කරනු ලැබ ඇත. ක්‍රෙම්ලිනය විසින් ප්‍රකාශයට පත් කරන ලද පුටින් විසින් කරන ලද ප්‍රකාශයක මේ බව දක්වා තිබේ.

අපි සම්ප්‍රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුන රාමනාදන් නව පාර්ලිමේන්තුවේ පළමු දිනයේම විපක්ෂ නායකවරයාට සාම්ප්‍රදායිකව වෙන්වූ අසුනේ අසුන් ගැනීමේ ආන්දෝලනාත්මක පුවතක් වාර්තා වී තිබේ.

නාඩු මෙට්‍රික් ටොන් ලක්‍ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්

මේ දිනවල වෙළෙඳපොළ තුළ උග්‍ර නාඩු සහල් හිඟයක් පැවතිය ද පසුගිය වර්ෂයේ වී අස්වැන්නෙන් නාඩු වී මෙටි්‍රක් ටොන් ලක්ෂ 22ක් සහල් බවට පත් නොකොට මහා පරිමාණ වී මෝල් හිමියන් කිහිපදෙනකු විසින් සඟවා තබාගෙන ඇතැයි ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි.

රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතු බවත්, සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම තිබෙන බව පමණක් අමතක නොකළ යුතු බවත් මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පවසති.

මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?

වර්තමාන රජයේ බුද්ධ ශාසන, ආගමික සහ සංකෘතික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස පත්වූ මහාචාර්ය හිනිදුම සෙනෙවි මහතා පිළිබඳව 2020 නොවැම්බර් 14 දින එක්තරා වෙබ්අඩවියක පළකර තිබූ වාර්තාවක් ලංකා ලීඩර් පාඨකයකු විසින් අප වෙත එවා ඇති අතර, එම වෙබ් අඩවියේ පළකර ඇති ලිපියේ හිනිදුම සෙනෙවි මහතාට විරුද්ධව නිර්මාණ කොල්ලයක් සම්බන්ධයෙන් නඩුවක් තිබූ බවට දක්වා තිබේ.

රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් රුසියාවේ නව ජාතික න්‍යෂ්ටික මූලධර්මයකට නිල වශයෙන් අත්සන් කර ඇති අතර එය මොස්කව් හමුදාවන්ට සිය න්‍යෂ්ටික අවි භාවිතයට අවසර දෙනු ලබන අවස්ථා ගෙනහැර දක්වයි. ක්‍රෙම්ලින රජයේ නිල වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර ඇති යාවත්කාලීන කරන ලද රුසියාවේ න්‍යෂ්ටික මූලධර්ම ලේඛනයේ ප්‍රධාන කරුණු පහත පරිදි වේ.

ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්

වර්තමාන ආණ්ඩුවට ලැබුනු ජනවරම නිවැරදිව කියවා ගැනීමේ වැදගත්කම පෙන්වා දෙමින් ජාතික නිදහස් පෙරමුණ විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතු බවත්, සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම තිබෙන බව පමණක් අමතක නොකළ යුතු බවත් මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පවසති.

බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි

සමාජ ඒකාග්‍රතාවය, සහජීවනය, සාමකාමී බහුත්වවාදී ශ්‍රී ලංකාවක් නාමයෙන් බෙදුම්වාදීන්ගේ ඉල්ලීම් න්‍යායාත්මකව සාධාරණීකරණය කිරීම සහ එම මතවාද බහුතර සිංහල බෞද්ධ ජනයා මත පැටවීම සඳහා දෙමළ ඩයස්පෝරාව විසින් මිලට ගත් බවට චෝදනා එල්ල වන භික්ෂූන් හත් නමක් යොදාගනිමින් ඉදිරිපත් කරන 'හිමාලයා ප්‍රකාශනය' නම් ලියැවිල්ල 2024-12-20 දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට භාරදෙන බව වාර්තා වේ.

ජර්මනියෙන් චීනයට තර්ජන

යුරෝපා සංගමයේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයන්, රුසියානු-යුක්‍රේන ගැටුම මධ්‍යයේ චීනය රුසියාවට මිලිටරි සහාය ලබා දෙන බවට තිබෙන මෑත කාලීන බුද්ධි තොරතුරු සාකච්ඡා කිරීමට රැස් වූ බ්‍රසල්ස් හි පැවති රැස්වීමකදී ජර්මානු විදේශ ඇමතිනි ඇනලේනා බෙයර්බොක් විසින් සම්බාධක පනවන බවට බීජින පාලනයට තර්ජනය කර ඇත.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.