
පණිවුඩකරුට වෙඩි තැබීම හෙළාදකිමු!... එදා පාස්කු ප්‍රහාරය ගැන වාර්තා එළිදක්වන ලෙස බලකළ සිරිල් ගාමිණී පියතුමා මෙදා වෙන නැටුමක් නටන්නේ කාගේ උවමනාවකට ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා තමා වෙත ලැබුනු පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන වාර්තා එළිදැක්වීමත් සමග ඔහුව අත්අඩංගුවට ගන්නා බවට ආණ්ඩුවේ ඇමැතිවරු විසින් තර්ජනය කිරීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්,
"ගම්මන්පිල මන්ත්‍රීතුමා මෙම ප්‍රශ්නයේ දී මහජන වගවීම ඉතා ඉහළින් ඉටු කළා. ඔහු පළමුවෙන්ම ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරණයට පෙර වේදිකාවල කතාකළ ආකාරයට හිටපු ජනාධිපතිලා ඉටු නොකළ වගකීම ඉටුකරන ලෙසයි. එසේ නැතිනම් තමා එය ඉටුකරන බවය. එනිසා පණිවුඩකරුවාට වෙඩි තැබීමට මාන බැලීම ජාතික සංවිධාන ලෙස අප තරයේ හෙළාදකිනවා.
එසේම සිරිල් ගාමාණී ප්‍රනාන්දු පියතුමා ඉටුකරන්නේ කාගේ උවමනාවක් දැයි ප්‍රශ්න කිරීමට සිදුවෙනවා. එතුමා මීට පෙර ජනාධිපතිවරුන් වාර්තා එළිනොදැක්වීම ගැන දොස් පැවරූ අයෙක්. දැන් කොහොමද කියන්නේ ඒවා කුමන හෝ බලපෑමක් මත එළිදක්වන විට එය වැරදියි කියලා. එතුමා පාස්කු ප්‍රහාරයේ වගකීම ඉස්ලාම් අන්තවාදීන් හැර සෙසු සියලුම පාර්ශ්ව මත පටවන්න උත්සාහ කළ අයෙක්. එතුමාට අනුව සහරාන්ලා සහ ඊබ්‍රහීම්ගේ පුත්තු ජීවිත පුදන්නේ ගෝඨාභය බලයට ගෙන ඒමට. ඉස්ලාම් අන්තවාදය මැඩපැවැත්වීම සඳහා ගෝඨාභය ඉදිරිපත් කළ යෝජනා 57 ගැන එතුමා එක වචනයක් හෝ ප්‍රකාශකර නැහැ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යහපාලන කාලේ හන්තානේ රජයේ වටිනා ඉඩම් කුණු කොල්ලෙට ලියාගත් පිරිසක් ගැන පරීක්ෂණ.. රටම දන්න මාධ්‍යවේදීනුත් ඉන්නවලු..
රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙලා.. අපිම තමයි හරි කියන තීරණයේ ගියොත් වැඩිකල් යන්න බෑ - කොටපිටියේ හිමියෝ අගමැතිනිගේ මුහුණටම කියති..
අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට..
අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..
මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
