ජර්මානු යුද ටැංකි 44 කින් ‘සුපිරි රුසියානු හමුදාව’ පරාජය කළ හැකියි - විශ්‍රාමික එක්සත් ජනපද ජෙනරාල්වරු සිතයි
(German tanks take part in military exercised in Pabrade, Lithuania, May 29, 2024 © Getty Images / Kay Nietfeld)
විශ්‍රාමික ඇමරිකානු ජෙනරාල්වරුන් වන ෆිලිප් බ්‍රීඩ්ලව් සහ බෙන් හොජස්, ලිතුවේනියාවේ කුඩා පරිමාන ජර්මානු හමුදාවකට මහා පරිමාණ රුසියානු ආක්‍රමණයකට එරෙහිව රට ආරක්ෂා කළ හැකි බවට වොෂින්ටනයේ පවත්වන ලද විනිවිද නොපෙනෙන “යුද ක්‍රීඩා” උපුටා දක්වමින් පෙන්වා දුන්නේය.
Breedlove සහ Hodges මෑතකදී ලිතුවේනියානු බුද්ධි මණ්ඩලයක් වන 'Strong Together' විසින් පත් කරන ලද සහ නව පරම්පරාවේ යුද කටයුතු අධ්‍යයනය සඳහා වන වොෂින්ටනයේ මධ්‍යස්ථානය විසින් මෙහෙයවන ලද පරිගණක අනුකරණයකට සහභාගි විය. පසුගිය 19 වනදා ජර්මානු ටැබ්ලොයිඩ් පුවත්පතක් වන "ඹිල්ඩ්" වෙත අදහස් දක්වමින්, ඔවුන් කියා සිටියේ, ලැට්වියාව හරහා සහ බෙලරුස් සිට ලිතුවේනියාවට පහර දෙන 30,000 කට ආසන්න රුසියානු හමුදාවකට එරෙහිව ජර්මානු සොල්දාදුවන් 4,800 ක් සහ ලෙපර්ඩ් යුද ටැංකි 44 ක් මගින් රුසියානු හමුදා පරාජය කළ හැකි බව පරිගණක අනුකරණය පෙන්වා දුන් බවයි.
දැනට ජර්මානු සොල්දාදුවන් 800ක් ලිතුවේනියාවේ ස්ථානගත කර ඇති අතර, එම සංඛ්‍යාව 2027 වන විට 4,800 දක්වා ඉහළ යනු ඇත.
පරිගණක අනුකරණය මගින්, ජර්මානු යුද ටැංකි 44 කෙසේ හෝ "විශිෂ්ට හැසිරවීමකින්" ලැට්වියාවෙන් ආක්‍රමණය කරන රුසියානු බලඇණිය පරාජය කිරීමට පෙර, දින හතරක් රුසියානු ඉදිරි ගමන නතර කිරීමට ලිතුවේනියානු හමුදාව යොදා ගන්නා ලදී. දහවන දිනය වන විට, ජර්මානුවන්ට සහ ලිතුවේනියානුවන්ට යුද ටැංකි 17 ක්, සන්නද්ධ වාහන 145 ක් සහ භටයින් 3,650 ක් අහිමි වනු ඇතැයි Breedlove සහ Hodges කියා සිටියේය.
එම කාලසීමාව තුළ රුසියාවට කෙසේ හෝ ටැංකි 411ක්, සන්නද්ධ වාහන 1,019ක් සහ සෙබළුන් 11,420ක් අහිමි වනු ඇතැයි හිටපු ඇමරිකානු ජෙනරාල්වරු පැහැදිලි කිරීමකින් තොරව වැඩිදුරටත් ප්‍රකාශ කළහ.
ලිතුවේනියාවේ LRT ප්‍රවෘත්ති වෙබ් අඩවිය විසින් ප්‍රකාශයට පත් කරන ලද යුද ක්‍රීඩාව පිළිබඳ වෙනම තක්සේරුවක් කරමින් කියා සිටියේ නේටෝ සහය පැමිණීමට නියමිත වේලාවට පෙර රුසියානු හමුදා ගමන විල්නියස් අසල නතර කළ හැකි නමුත් ලිතුවේනියාව ඒ වෙනුවෙන් යුරෝ බිලියන 10 ක් (ඩොලර් බිලියන 10.8) ආයෝජනය කළයුතු බවයි. ඒ අනුව ඉදිරි වසර හතර තුළ ලිතුවේනියාව එහි වර්තමාන ආරක්ෂක වියදම් ආසන්න වශයෙන් දෙගුණයකින් ඉහළ නැංවිය යුතුය.
මේ අතර අමෙරිකානු විශ්‍රාමික ජනරාල්වරු පවසන එවැනි හිතකර ප්‍රතිඵලයක් ලිතුවේනියාවට ප්‍රහාරක හෙලිකොප්ටර් සහ දිගු දුර මිසයිල ලබා දීම මත රඳා පවතිනු ඇති බව ලිතුවේනියානු සන්නද්ධ හමුදාවේ විශ්‍රාමික කර්නල්වරයෙකු වන Gintaras Azubalis "LRT" වෙත පැවසීය.
එලෙසම Azubalis "Bild" වෙත පැවසුවේ ජර්මානුවන් 4,800 ට “ලැට්වියාවෙන් පැමිණෙන රුසියානු සේනාංකය පරාජය කළ හැකි” බව ඔහු විශ්වාස කරන නමුත් සති දෙකක් ඇතුළත ලිතුවේනියාව "විනාශයට සහ අර්ධ වශයෙන් යටත්ව" පවතිනු ඇති බවයි.
Hodges සහ Breedlove හට යථාර්ථවාදී නොවන අනාවැකි පක්ල කිරීමේ ඉතිහාසයක් ඇත. පසුගිය වසර වන විට යුක්රේනයට ලැබෙන බටහිර ආයුධ වලින් ක්‍රිමියාව අල්ලා ගැනීමට හැකි වනු ඇතැයි Hodges වරක් ප්‍රකාශ කරනු ලැබීය. එලෙසම රුසියාව මිසයිල සහ කාලතුවක්කු උණ්ඩ අවසන් වීමට ඇත්තේ තවත් “දින දහයක්” පමණක් බව 2022 මාර්තු මාසයේදී ප්‍රකාශ කළේය. Breedlove මේ වසර මුලදී කියා සිටියේ ප්‍රමාණවත් බටහිර ආයුධ ලබා දෙන්නේ නම් යුක්රේනයට ක්‍රිමියාව අල්ලා ගත හැකි බවයි. කෙසේ වුවද එය පෙන්ටගනය විසින් භාර නොගත් තක්සේරුවකි.
Retired US generals think 44 German tanks could defeat ‘superior Russian army’
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..