
මහාචාර්ය අනිල් ජයන්ත මැතිතුමනි; ජනතාව අන්දන විදිහට ජනපතිව අන්දන්න එපා - ජාතික සංවිධානවලින් ඉල්ලීමක්
ජනාධිපති ආර්ථික සහ මූල්‍ය උපදේශක මහාචාර්ය අනිල් ජයන්ත මහතා ආණ්ඩුව දේශීය බැංකුවලින් ණය ගන්න කතාව බොරුවක් බව සහ ආණ්ඩුව කරන්නේ අරමුදල් රැස්කිරීමක් පමණක් බව සඳහන් කිරීම පිළිබඳව ගැන අපගේ පාඨකයන් විවිධ අදහස් පළ කරති.
අප ඒ පිළිබඳව ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්,
"ආණ්ඩුවට අරමුදල් රැස්කරන්න ක්‍රම කිහිපයක් තිබෙනවා. පළමුවැන්න භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර මගින් දේශීයව ණය ගැනීම, විශේෂයෙන්ම රජයේ බැංකුවලින්. දෙවැන්න විදේශීය බහු පාර්ශ්වික සහ ද්වී පාර්ශ්වික ණය ලබා ගැනීම. ලෝක බැංකුවෙන් ලැබුණු ණය එවැන්නක්. තුන්වැන්න විදේශීය ප්‍රධානයන්. හතරවැන්න විදේශීය වාණිජ ණය ගැනීම හෙවත් ස්වෛරී බැඳුම්කර නිකුත් කිරීමයි. ඒක දැන් කරන්න බැහැ.. පස්වැන්න විවිධ පනත් වලදී පිහිටවූ යම් අරමුදල් භාණ්ඩාගාරයට බැර කිරීමයි. එහෙත් අර්ථසාධක අරමුදල් එහෙම කරන්න බැහැ. ඒවා ගන්න පුලුවන් ණය හැටියට බැඳුම්කර මගින්. හයවැන්න මහ බැංකුවෙන් ණය ලබා ගැනීමයි. දැන් ඒක කරන්න බැහැ, නව බැංකු පනත් නිසා. ඒ නිසා මහාචාර්යතුමා මහ ජනයාට මොන බොරු කිව්වත් ජනාධිපතිට ලණු නොදී ඉන්නවා නම් හොඳයි, අඩුතරමින් නව ආණ්ඩුව පිහිටවූ ගමන්. 2017 විදේශ විනිමය පනත සහ 2023 මහ බැංකු පනත සංශෝධනය නොකර ඉස්සරහට යන්න බැහැ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
