News Category
From Date
To Date
Maximum Number of Result

මාව අත්අඩංගුවට ගත්තත් රටේ ජනතාවගේ ඇත්ත දැනගැනීමේ අයිතිය වෙනුවෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳ කමිටු වාර්තා ප්‍රසිද්ධ කරනවා... ඊයේ රාත්‍රියේත් මාව අත්අඩංගුවට ගැනීම ගැන ආණ්ඩුවේ ඉහළ පෙළේ සාකච්ඡාවක් පවත්වලා - ගම්මන්පිල කියයි

Oct 16, 2024 at 04:40 PM
|

‘රාජ්‍ය රහස් පනත සහ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ මාව අත්අඩංගුවට ගැනීමට ඇති හැකියාව පිළිබඳ ඊයේ රාත්‍රියේ ආණ්ඩුවේ ඉහල පෙලේ සාකච්ඡාවක් පැවැති බව අපට ආරංචි වුණා’ යියි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ අදහස් දැක්වූයේ අද දින පිවිතුරු හෙළ උරුමය පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී පිවිතුරු හෙළ උරුමය නායකයා වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.

වාර්තාව ආණ්ඩුවට භාර දෙන්න නම් ඒක ප්‍රසිද්ධ කරන බවට ප්‍රතිඥාවක් ඕනෑ

"ඉදිරි දින හත තුල ජනාධිපතිතුමා විසින් දැනට ප්‍රසිද්ධ කර නොමැති පාස්කු ප්‍රහාරය පිළිබඳ කමිටු වාර්තා ප්‍රසිද්ධ නොකලොත් මම ඒවා ප්‍රසිද්ධ කරන බවට පසුගිය සඳුදා මාධ්‍ය හමුවේ දී ජනාධිපතිතුමාට මම අනතුරු ඇඟෙව්වා. මේ පිළිබඳ ප්‍රතිචාර දක්වමින් ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක විජිත් හේරත් ඇමතිතුමා ඊයේ කිව්වේ මා සතු වාර්තාව ආණ්ඩුවට භාර දෙන්න දවස් තුනක් කල් දෙනවා. ඒ වගේම මට වාර්තා ලැබුණු විධියත් සොයා ගන්න ඕනිලු.

ගරු ඇමතිතුමනි, මම හඳ පෙන්නුවාම හඳ බලනවා වෙනුවට මගේ ඇඟිල්ල දිහා බලන්න එපා. මට වාර්තා ලැබුණු විධිය නොවේ සොයන්න ඕනි. මාළිමාවේ නායකයින් විපක්ෂයේ සිටින කාලයේ ප්‍රසිද්ධ කල යුතුයි කියලා ආණ්ඩුවට බල කල මේ වාර්ථා දෙක බලය ලැබුණු පසු ප්‍රසිද්ධ කිරීමට පැකිලෙන්නේ ඇයි කියන හේතුවයි විජිත හේරත් මැතිතුමා රටට හෙළි කල යුත්තේ. මේ වාර්තා යට ගහන්න ආණ්ඩුව දක්වන උනන්දුවට හේතුවයි සොයන්න ඕනි. මහජනතාවට ඇත්ත දැන ගන්න මේ වාර්තා ප්‍රසිද්ධ කරන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලුවාම ඔබතුමා මට කියන්නේ වහාම මගේ ළඟ තිබෙන වාර්තාවත් ආණ්ඩුවට භාර දෙන්න කියලා. නමුත් මම වාර්තාව ආණ්ඩුවට භාර දුන්නාම ඒක ප්‍රසිද්ධ කරන බවට කිසිම පොරොන්දුවක් නෑ. මගේ වාර්තාවත් ආණ්ඩුවට භාර දුන්නාට පස්සේ ආණ්ඩුව ඒක ප්‍රසිද්ධ නොකර සිටියොත් අපි මොකද කරන්නේ? ආණ්ඩුව කියන්නේ මේ තොරතුරු සදහටම අබිරහසක් කරන්න ආණ්ඩුවට උදව් කරන්න කියලා. ඒ නිසා ආණ්ඩුව මේ වාර්තා ප්‍රසිද්ධ කරන බවට ප්‍රතිඥාවක් ලබා දෙන තුරු මගේ ළඟ තිබෙන වාර්තා ආණ්ඩුවට භාර දෙන්න මම සූදානම් නෑ.

මෙම වාර්තා දෙක සඟවා තබන්න ආණ්ඩුව උත්සාහ කිරීම මහජන මුදලින් සකස් කළ වාර්තාවල තිබෙන ඇත්ත දැන ගැනීමේ අයිතිය ජනතාවගෙන් උදුරා ගැනීමක්. මහජන මුදලින් සැකසු වාර්ථාවක අන්තර්ගතය දැනගැනීමට මහජනතාවට අයිතියක් තියෙනවා. ඒ වගේම මේවා සැගවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම සහතික කර ඇති ජනතාවගේ සිතීමේ නිදහසට වැටකඩුළු බැඳීමක්. ඒ නිසා මේ වාර්තාව මා ළඟ තබා ගැනීම බරපතල අපරාධයක් කියලා මාව බය කරන්න විජිත හේරත් ඇමතිතුමාට බෑ. ප්‍රසිද්ධ කිරීමට පොරොන්දු නොවෙනවා නම් මම මේවා බාරදෙන්නෙත් නැ. ආණ්ඩුව මේක ප්‍රසිද්ධ නොකලොත් දින 7කින් පසු මම මේක අනිවාර්යෙන්ම ප්‍රසිද්ධ කරනවා. අපි බරපතල අපි යකාට බය නැති නිසා තමයි සොහොනේ ගෙවල් හදාගෙන ඉන්නේ. මාව අත්අඩංගුවට ගන්න. ඕනෑම වධයක් දෙන්න. ඒත් ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය වෙනුවෙන් වෙනුවෙන් අපි අද වගේම හෙටත් පෙනී ඉන්නවා.

පාස්කු ප්‍රහාරය කියන්නේ සමස්ත ජාතියම සංවේදි මාතෘකාවක්. පසුගිය ජනාධිපතිවරු දෙන්නෙක්ම බලයට ආවේ පාස්කු වින්දිතයින්ට යුක්තිය ඉටු කරනවා කියලා. විශේෂයෙන්ම වත්මන් ජනාධිපතිතුමාට විශාල ඡන්ද ගණනක් ලැබුණා මේ කාරණය සම්බන්ධයෙන් පෙනී සිටිය නිසා. එහෙම නම් මේ වාර්තා දෙක ප්‍රසිද්ධ කරන්න දැන් පැකිලෙන්නේ ඇයි? මේ වින්දිතයින්ට ඇත්ත දැන ගන්න අයිතියක් නැද්ද? විපක්ෂයේ ඉන්න කාලයේ මේ වාර්තා ප්‍රසිද්ධ කළ යුතුයි කියා මාලිමාවේ නායකයින්ම කිව්වා දැන් අමතක ද?

ජනාධිපති ලේකම් කාර්යාලයේ මීයා කවුද?

මට වාර්තා ලැබුණු විධිය වහාම සොයා බලනවා කියා විජිත හේරත් ඇමතිතුමා කිව්වා. මට වාර්තා ලැබුණු විධිය නොවේ සොයා බැලිය යුත්තේ. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මේ වාර්තා පිට වුණු ආකාරයයි සොයා බැලිය යුත්තේ. ජාතික ආරක්ෂාව අනතුරට වැටෙන සංවේදි තොරතුරු වාර්තා දෙකේ ඇමුණුම් වල තිබෙන නිසා ඇමුණුම් ප්‍රසිද්ධ කරන්න එපා කියලා වාර්තාවල සඳහන් වෙනවා. ජාතික ආරක්ෂාව වෙනුවෙන් හැමදාමත් පෙනී සිටිය විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදසිහට මම මේ ඇමුණුම් කිසිසේත් ප්‍රසිද්ද කරන් නැ. මම ප්‍රසිද්ධ කරන්නේ වාර්තා පමනයි. අපේ අතට මේ වාර්තා ලැබුණු නිසා හොඳයි. නමුත් මට ලැබුණු ආකාරයටම මව්බිමේ සතුරන්ටත් මේ ඇමුණුම් ලැබෙන්න පුළුවන්. ඒ නිසා ජනාධිපති ලේකම් කාර්යාලයේ තොරතුරු පිට කරන මීයා කවුද කියන එක දැන්ම සොයා ගැනීම ආණ්ඩුවේ ශරීර සෞඛ්‍යයට හොඳයි.

ඉමාම් වාර්තාව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගාව මාස තුනක් තිබුණා. කාටවත්ම පිට වුණේ නෑ. නමුත් අනුර දිසානායක ජනාධිපතිතුමා බලයට ඇවිත් සති තුනක් ගත වෙන්න කලින් මේ වාර්තා දෙකම පිට වුණා. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ කාර්ය මණ්ඩලය එතුමාට පක්ෂපාතිව කටයුතු කළත් අනුර දිසානායක මැතිතුමාගේ කාර්ය මණ්ඩලය එතුමාට පක්ෂපාති නෑ කියන එක නේද? ඒ නිසා මට ලැබුණු විධිය හොයන එක පැත්තකින් තියලා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මේ වාර්තා පිට වුණේ කොහොමද කියන එක ගැන අපේ හේරත් ඇමතිතුමා දැන්ම පරීක්ෂණයක් ආරම්භ කළ යුතුයි.

රාජ්‍ය රහස් පනත යටතේ ගම්මන්පිල අත්අඩංගුවට

මේ වාර්තා මම ප්‍රසිද්ධ කරන බව කියලා තිබෙන නිසාත් මේ වාර්තාවල ඇමුණුම් විධියට ජාතික ආරක්ෂාවට අතිශයින්ම සංවේදි බුද්ධි තොරතුරු විශාල ගණනක් ඇතුලත් වෙලා තිබෙන නිසාත් ඒවා ප්‍රසිද්ධ නොකළ යුතු බවට කමිටු විසින් නිර්දේශ කර තිබෙන නිසාත් මේ වාර්තා ප්‍රසිද්ධ කිරීමට පෙර රාජ්‍ය රහස් පනත සහ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ මාව අත්අඩංගුවට ගැනීමට ඇති හැකියාව පිළිබඳ ඊයේ රාත්‍රියේ ආණ්ඩුවේ ඉහල පෙලේ සාකච්ඡාවක් පැවැති බව අපට ආරංචි වුණා. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අපට වාර්තා දෙන්න කට්ටිය ඉන්නවා වගේම තොරතුරු දෙන්නත් කට්ටිය ඉන්නවා. මට ලැබුණු වාර්තා දෙකේම සියළුම ඇමුණුම් තිබෙනවා. වත්මන් ආණ්ඩුවේ නායකයින්ටත් වඩා ජාතික ආරක්ෂාව පිළිබඳ සංවේදි පුද්ගලයෙකු හැටියට මම ඒ කිසිම ඇමුණුමක් ප්‍රසිද්ධ කරන්නේ නෑ. ඒ නිසා ඒ ගැන ආණ්ඩුව බියට පත් විය යුතු නෑ. නමුත් ජනාධිපතිවරයා මේ වාර්තා දෙක ප්‍රසිද්ධ නොකරන්නේ නම් වාර්තාදෙක නම් මම ප්‍රසිද්ධ කරන බව මම ඉතා වගකීමෙන් කියනවා.

තොරතුරු ලඟ තබා ගැනීම අපරාධයක් ද?

මේ වාර්තා හෙලි නොකර මා ළඟ මෙතරම් කලක් තබා ගැනීම බරපතල අපරාධයක් කියලා විජිත හේරත් ඇමතිතුමා කියනවා. මට මේ වාර්තාව ලැබුණේ ඔක්තෝම්බර් 10 දා. මේක සැබෑ වාර්තාව ද කියලා තහවුරු කරගෙන 14දා මම මාධ්‍ය හමුවක් තියලා මා ගාව වාර්තාව තිබෙන බවත් ජනාධිපතිතුමා දින හතක් තුල ප්‍රසිද්ධ නොකලොත් මම ප්‍රසිද්ධ කරන බවත් කිව්වා. ඒ කියන්නේ මේ වාර්තාව මා ළඟ තිබිලා තිබෙන්නේ දින හතරයි. දින හතරක් වාර්තාව ළඟ තබා ගැනීම බරපතල අපරාධයක් නම් සති තුනකට වැඩි කාලයක් ඒක ප්‍රසිද්ධ නොකර ලඟ තබා ගත් ප්‍රසිද්ධ කිරීමේ වගකීම තිබෙන ජනාධිපතිතුමා කෙතරම් බරපතල අපරාධකරුවෙක් ද? ඒ වගේම මාස තුනක් වාර්තාව ලඟ තබාගෙන හිටිය හිටපු ජනාධිපතිතුමා ඊටත් වඩා බරපතල අපරාධකරුවෙකු වෙනවා නේද? ඒ නිසා මට විරුද්ධව පියවර ගන්න කලින් වත්මන් ජනාධිපතිතුමාටයි හිටපු ජනාධිපතිතුමාටයි දෙන දඬුවම මොකක්ද කියලා මහජන ආරක්ෂක ඇමතිවරයා විධියට විජිත හේරත් ඇමතිතුමා රටට කිව්වොත් හොඳයි.

2015 සිට 2018 දක්වා දූෂණ විරෝධි කමිටුවට ලැබුණු දූෂණ පිළිබඳ තොරතුරු අඩංගු ලිපිගොනු මාලිමාවේ නායකයින් ප්‍රදර්ශනය කරමින් ලඟ තබා ගත්තා. මම දවස් හතරක් ලිපිගොනුවක් ලඟ තබා ගැනීම බරපතල අපරාධයක් නම් වසර නවයක් පුරාවට මේ ලිපිගොනු ලඟ තබා ගත් මාලිමා නායකයින් කෙතරම් බරපතල අපරාධකාරයෝ ද? මට දඬුවම් කරන්න කලින් ඒ අයට දඬුවම් කරලා හිටියොත් හොඳ ආදර්ශයක් නේද ඇමතිතුමනි.

වංචා දූෂණ පිළිබඳ තමන් සතු තොරතුරු ආණ්ඩුවට ලබා දෙන්න කියා මාලිමාවේ වසන්ත සමරසිංහ මැතිතුමා ජනතාවගෙන් ඉල්ලීමක් කලා. බයක් හැකක් නැතිව දැන් ජනතාව මේ තොරතුරු දෙන්නේ කොහොමද? මේ තොරතුරු දෙන්න ගිහින් ඒ ජනතාවටත් තොරතුරු තමන් ලඟ මෙතෙක් දවසක් තබා ගත්තා කියලා මට වගේ දඬුවමට ලක් වීමේ අවදානමක් ඇති වේද කියන සාධාරණ බය ඇති වෙනවා නේද? ඒ නිසා දින හතරක් වාර්තාව ලඟ තබා ගැනීම බරපතල අපරාධයක් කියලා විජිත හේරත් ඇමතිතුමා කළ ප්‍රකාශය වහාම ඉල්ලා අස් කර ගන්න කියලා මම ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම ආණ්ඩුවෙන් මොන තර්ජන ආවත් මාව අත්අඩංගුවට ගත්තත් මේ රටේ ජනතාවගේ ඇත්ත දැනගැනීමේ අයිතිය සහ සිතීමේ නිදහස වෙනුවෙන් ජනාධිපතිතුමා නොකලොත් ලබන සදුදා අපි මේ වාර්තා දෙක ප්‍රසිද්ධ කරනවා."

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

අද (06) මධ්‍යහන 12 වන විට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 30 ඉක්මවා ඇති බව වාර්තා වේ.
සබරගමුව විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ තාක්ෂණ පීඨයේ සිසුන් හට නවකවධය ලබාදීමේ සිදුවීම සම්බන්ධයෙන් තවත් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
අද (06) උදෑසන 10 වන විට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 20 ඉක්මවා බව වාර්තා වේ.
නිහඬ කාලය තුළ තම පක්ෂ ආධාරකරුවන්ට මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නියැලෙන ලෙස ඉල්ලා සිටිමින් අගමැතිනි හරිනි අමරසූරිය කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගය අගමැතිනියට එරෙහිව පැමිණිල්ලක් ගොනු කර ඇත.
අද (06) දිනයේදී පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීම සඳහා මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලැබී නොමැති යම් අයෙක් වේද ඔහුට ඡන්ද පොළේදී ඡන්දය ප්‍රකාශ කිරීමට කිසිදු බාධාවක් නොමැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.
2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.
ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාළව අවබෝධතා ගිවිසුම් 04ක් හා එකඟතා ගිවිසුමකට අත්සන් තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායක හා වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං මහත්වරු ඉදිරියේ සිදු විය.
වියට්නාමයේ සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වියට්නාම ජනාධිපති ලුඕං කුඕං මහතා අතර හමුවක් අද (05) සිදුව තිබේ.
කොළඹ විශ්වවිද්‍යාලය මූලික කරගෙන සමාජ මාධ්‍ය ඔස්සේ එල්ලවන ව්‍යාජ තොරතුරු සම්බන්ධව එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පොලිසිය වෙත යොමු කර ඇති පැමිණිල්ලක් මෙහි දැක්වෙයි.

ප්‍රධාන පුවත්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)

පසුගිය දා ශ්‍රී ලංකාවට පැමැණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර මහතාව වැළඳ ගනිමින් සිදුකළ ජවනිකාව නිවැරදිව වටහාගත යුතු බවත්, ඉන්දියානු සටකපට ව්‍යාපෘතිය හඳුනා ගැනීමට නොහැකි තරම් බුද්ධි හීනයන් නොවිය යුතු බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසති.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.