
අලුතින් ණය අරගෙන නෑ... අරමුදල් රැස්කරනවා විතරයි - ජනපති උපදේශක කියයි
ඒ ඒ අමාත්‍යාංශවල වියදම් පියවා ගැනීම සහ කල්පිරුණු භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර ආපසු ගෙවීම සඳහා දේශීය මූල්‍ය වෙළෙඳපොළෙන් අරමුදල් රැස්කර ගන්නවා විනා අමුතු දෙයක් මේ දිනවල සිදුනොකරන බව ජනාධිපති ආර්ථික හා මූල්‍ය කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රකාශ කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක පත්වීමෙන් පසු දේශීය, විදේශීය ණය ගැනීම් වැඩි වී ඇතැයි ඇතැමකු නඟන චෝදනා සම්බන්ධයෙන් ‘දිනමිණ’ කර ඇති විමසිමකට පිළිතුරු දෙමින් මහාචාර්යවරයා ඒ බව පවසා ඇත.
“ආණ්ඩුවකට එදිනෙදා අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීමට, එම සේවා ඉදිරියට පවත්වාගෙන යෑමට අරමුදල් අවශ්‍යයි. සෑම සතියකම භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර අලෙවි කිරීම මඟින් මහබැංකුව අරමුදල් රැස් කර ගන්නවා. ඒ වගේම නියමිත දිනට කල්පිරෙන ඒවාට ආපසු ගෙවීම් සිදුකරනවා. මේ සාමාන්‍ය ක්‍රියාවලියක්. එම ක්‍රියාවලිය මේ දිනවලත් සිදුවනවා. නව ජනාධිපතිවරයා පත්වූවා යැයි කියා විශේෂයක් නැහැ.
අලුතින් ණය ගැනීම් සිදුකිරීමක් සිදුකර නැහැ. සාමාන්‍ය පරිදි අරමුදල් රැස්කිරීමක් පමණයි සිදුකරන්නේ. ඒ හැරෙන්නට දේශීය මූල්‍ය වෙළෙඳපොළෙන් විශේෂ, අමුතු වැඩකට හෝ අසාමාන්‍ය ආකාරයකට හෝ අරමුදල් රැස්කිරීමක් සිදුකර නැහැ. මාධ්‍ය මඟින් පෙන්වාදෙන ආකාරයට දේශීය හෝ විදේශීය මූල්‍ය වෙළෙඳපොළෙන් අප ණය ලබාගෙන ඇත්දැයි සොයාබැලීමක් කළ යුතුයි.
මූල්‍ය වෙළෙඳපොළ ස්ථායීකරණය කිරීම ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීම. ඒ සඳහා ඔවුන් පසුගියදා එක්සත් ජනපද ඩොලර් මිල දී ගැනීමක් සිදුකර තිබෙනවා. එය නව ජනාධිපතිවරයා පත්වීමට පෙර කළ දෙයක්. අපි ඒ සම්බන්ධයෙනුත් සොයාබැලීමක් කළ යුතුයි. දේශීය වෙළෙඳපොළෙන් අරමුදල් රැස්කර ගැනීම සම්බන්ධයෙන් කොපමණ මුදලක් රැස් කර තිබේ ද? යන්න පිළිබඳ සොයා බැලීමට කටයුතු කරනවා”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
