News Category
From Date
To Date
Maximum Number of Result

ඔන්ලයින් හොරු අල්ලන්න ලංකාවට සහාය දෙන බව චීනය කියයි

Oct 15, 2024 at 07:35 AM
|

අන්තර්ජාල මූල්‍ය වංචාවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා චීනය ශ්‍රී ලංකාවට සිය උපරිම සහාය ලබාදෙන බව චීන තානාපති කාර්යාලය පවසයි. 

තානාපති කාර්යාලය මේ බව ප්‍රකාශ කළේ පසුගිය දා අන්තර්ජාල වංචා සම්බන්ධයෙන් චීන ජාතිකයන් ඇතුළු විදේශීය සැකකරුවන් රැසක් ශ්‍රී ලංකා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම පිළිබ‍ඳ විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි. ආර්ථික වශයෙන් සිදුවන බලපෑමට අමතරව මෙවැනි කනගාටුදායක සිදුවීම් ශ්‍රී ලංකාව හා චීනය අතර ඇති කල් පවත්නා මිතුදමට මෙන්ම චීනයේ ප්‍රතිරූපයටද බරපතළ හානි ගෙන දෙන්නක් බව පෙන්වා දෙන එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ ස‍ඳහන්ව තිබේ. 

විදුලි සන්දේශ සහ මාර්ගගත වංචා 1990 ගණන්වල චීනය තුළද පැන නැගුණු අතර, පසුව එය ඉතා විශාල වශයෙන් ව්‍යාප්ත වන ආකාරය දක්නට ලැබිණි. චීන රජය මහජන කේන්ද්‍රීය ප්‍රවේශයක් ඔස්සේ මෙම අපරාධ මැඩලීමේ ක්‍රමවේද අඛණ්ඩව ගවේෂණය කරමින් මේ වන විට එහි සාර්ථක ප්‍රතිඵල අත්කරගැනීමටද සමත් වී තිබේ.  

2021 වසරේදී චීනය තුළ මීට අදාළව විසඳන ලද නඩු සංඛ්‍යාව මීට වසර පහකට පෙර පැවති ප්‍රමාණය මෙන් පස් ගුණයකි. 2021 ජූනි මාසයේ සිට අඛණ්ඩව මාස 17ක් පුරාවට චීනයේ එවැනි සිද්ධීන් වසරින් වසර අඩු වී ඇති අතර, නිරන්තර එවැනි සිදුවීම් වාර්තාවීම ඵලදායී ලෙස පහත බැස තිබේ. 

අද ලෝකයේ විදුලි සන්දේශ අපරාධ සහ අන්තර්ජාල වංචා විවිධ රටවල ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින අතර එය ලොව පුරා පොදු අනතුරක් බවට පත්ව ඇත. චීනය මෑත වසරවලදී එවැනි වංචාවන්ට එරෙහි ක්‍රියාමාර්ග ගැනීම සඳහා මියන්මාරය, කාම්බෝජය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු බොහෝ රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කොට තිබේ. ඒ යටතේ මහා පරිමාණ අපරාධ කල්ලි මැඩ පවත්වා සැලකිය යුතු ප්‍රතිඵල අත්කර ගත් නමුත් එහි ප්‍රතිඵලයක් ලෙසම එවැනි සමහර අපරාධ කණ්ඩායම් අග්නිදිග ආසියාවේ පර්යන්ත රටවලට සංක්‍රමණය වී තිබේ.

විදුලි සංදේශ කටයුතුවලට අදාළව ශ්‍රී ලංකාවේ පවතින පහසුකම්, ලංකාවේ භූගෝලීය පිහිටීම සහ ලංකාව සහ චීනය අතර ඇති මිත්‍රත්වය මෙන්ම අන්තර්ජාල වංචා පිළිබඳ මහජනතාවගේ අඩු අවබෝධය හේතුවෙන් ඇතැම් සයිබර් අපරාධ කල්ලි ශ්‍රී ලංකාවට පැමිණ දේශීය හා විදේශීය චීන පුරවැසියන් ඉලක්ක කර ගනිමින් දිගින් දිගටම වංචා සහගත ක්‍රියාකාරකම්වල නිරත වෙමින් සිටිති. ශ්‍රී ලංකාවේ මෑතකාලීනව වාර්තා වන අන්තර්ජාල වංචා පිළිබඳ ප්‍රවණතාවයට මෙයද වැදගත් හේතුවකි.

චීන රජය මේ ප්‍රශ්නය සම්බන්ධව ගැඹුරින් අවධානය යොමුකර ඇති අතර, අන්තර්ජාල වංචා මැඩලීම සඳහා දෙරට අතර සහයෝගීතාව ක්‍රියාකාරීව ප්‍රවර්ධනය කරයි. අන්තර්ජාල වංචා මැඩපැවැත්වීම සඳහා චීනයේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා පොලිසිය සමඟ ඒකාබද්ධව විශේෂ මෙහෙයුමක් සිදු කිරීම සඳහා ක්‍රියාකාරී කණ්ඩායමක්ද පත්කොට ඇත. මේ යටතේ සැකකරුවන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් නැවත මෙරටට ගෙන්වා ගැනීම ඇතුළු අනෙකුත් කටයුතු ක්‍රමයෙන් සිදුවෙමින් තිබේ.

ගෝලීයකරණ යුගයේ කිසිදු රටකට හුදකලාව පැවතිය හැකි නොවේ. චීනය සහ ශ්‍රී ලංකාව සාම්ප්‍රදායික මිතුරන් වන අතර,  විවිධ ක්ෂේත්‍රවල දෙරට අතර සහයෝගිතාව ඉතා සමීපය. එකිනෙකාට අන්‍යෝන්‍ය ප්‍රතිලාභ අත්කරගැනීම සඳහා මේ රටවල් දෙක සෑම විටම සහයෝගයෙන් කටයුතු කොට ඇත. ශ්‍රී ලංකාව සමඟ නීතිය ක්‍රියාත්මක කිරීමේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමටත්, මෙම ගැටලුව ඒකාබද්ධව විසඳීම සඳහා කඩිනම් හා ඵලදායී ක්‍රියාමාර්ග ගැනීමටත් චීනය සූදානමින් සිටින අතර, මේ සඳහා ශ්‍රී ලංකා රජය, ජනතාව, ජනමාධ්‍ය සහ විශේෂයෙන් ආරක්ෂක අංශවල සහයෝගය චීන රජය නිරතුරුව අපේක්ෂා කරයි.  

නිවේදනය පහළින්...

China looks forward to deepen Anti-fraud law enforcement cooperation with Sri Lanka

China is closely following the recent reports that Sri Lankan police arrested a number of foreign suspects of online fraud, including Chinese nationals. These cases not only pose a threat to the property of our two peoples, but also seriously damage China’s image and affect the traditional friendship between our two countries. The Chinese Embassy provides full support to Sri Lankan law enforcement agencies in resolutely cracking down on suspects while protecting their legitimate rights and interests in accordance with the law.

Telecom and online fraud began to appear in China in the 1990s and has thereafter spread wildly and affected a large number of citizens. The Chinese government adheres to a people-centered approach, continuously explores the path of cracking down on crimes of telecom and online fraud and advances various tasks in depth with unprecedented efforts, which has led to unprecedented historical achievements. The number of cases solved in China in 2021 was five times that of five years ago. The incidence of such cases in China has declined year on year for 17 consecutive months since June 2021, showing effective curbing of the trend of frequent occurrences.

In the world today, crimes of telecom and online fraud are rapidly developing and spreading in various countries and have become a worldwide common danger and a global problem to solve. China has carried out fruitful cooperation with many countries, including Myanmar, Cambodia, and the United Arab Emirates, to combat such fraud in recent years. A great deal criminal gangs were smashed and significant results were achieved, but some criminal groups moved to peripheral countries in Southeast Asia as a result. 

Due to Sri Lanka’s advantages in telecommunications infrastructure, geographical location, and friendly relations with China, as well as the public lack of awareness to online fraud, some electronic fraud criminal gangs have moved to Sri Lanka and continue to engage in fraud activities targeting Chinese citizens at home and abroad. This is also an important reason for the recent trend of multiple telecom fraud cases in Sri Lanka.

The Chinese government attaches great importance to this trend, and actively promotes China-Sri Lanka anti-online fraud law enforcement cooperation. In order to effectively crack down on telecom fraud and create a strong deterrent, the Ministry of Public Security of China sent a working group in September, to jointly carry out a special operation with the Sri Lankan police. A large number of criminal suspects were arrested. The repatriation and other work are being steadily advanced. This cooperation has just begun and is far from over.

In the era of globalization, no country can remain insulated. China and Sri Lanka enjoy a traditional friendship. Cooperation in various fields is very close. Our two countries have always supported each other to bring benefits to our two peoples. China stands ready to further strengthening law enforcement cooperation with Sri Lanka and taking swift and effective actions to jointly address this problem. China also hopes to gain understanding and support from the Sri Lankan government and people, especially the police and media.

http://lk.china-embassy.gov.cn/eng/zytz/202410/t20241014_11507299.htm

සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම විසින් "X" (ට්විටර්) සමාජ මාධ්‍ය තුළ රුසියානු සමූහාණ්ඩුවට එරෙහි කරන ලද නොමඟ යවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
යාපනය විශ්ව විද්‍යාලයේ වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් නිර්මාණය කළ වෙසක් කූඩුවක් විනාශ කිරීම සම්බන්ධයෙන් තමන් මුලින්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීම වාර්තා කළ බවත්, මෙම සිදුවීම පාදක කරගනිමින් තමන් ජාතිවාදය අවුස්සන බවට කිහිපදෙනෙකු විසින් ප්‍රකාශ කර ඇති බවත්, එම ප්‍රකාශ හෙළාදකින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.
බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.
වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.
රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.
සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) ද පෙන්වා දෙන ආකාරයට මාර්ගගත වංචා මධ්‍යස්ථාන අග්නිදිග ආසියාවේ සිට අනෙකුත් කලාප වෙත ව්‍යාප්ත වෙමින් පවතින බවයි. එලෙසම අපරාධ ජාල මිනිස් ජාවාරම් සමඟ වඩාත් සංකීර්ණ ලෙස සම්බන්ධ වෙමින් ඇති බවද එම නිවේදනය පවසයි.එලෙසම චීන ජාතිකයන් මෙම අපරාධවල ප්‍රධාන ගොදුරු කණ්ඩායම් අතර සිටින බවද තහවුරු වී තිබෙන බවද එම නිවේදනය මගින් පවසයි.

ප්‍රධාන පුවත්

වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්

ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම විසින් "X" (ට්විටර්) සමාජ මාධ්‍ය තුළ රුසියානු සමූහාණ්ඩුවට එරෙහි කරන ලද නොමඟ යවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

යාපනයේ ජාතිව‍ාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්

යාපනය විශ්ව විද්‍යාලයේ වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් නිර්මාණය කළ වෙසක් කූඩුවක් විනාශ කිරීම සම්බන්ධයෙන් තමන් මුලින්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීම වාර්තා කළ බවත්, මෙම සිදුවීම පාදක කරගනිමින් තමන් ජාතිවාදය අවුස්සන බවට කිහිපදෙනෙකු විසින් ප්‍රකාශ කර ඇති බවත්, එම ප්‍රකාශ හෙළාදකින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.

ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!

දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.

මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..

වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය

රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.

මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට

සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?

ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) ද පෙන්වා දෙන ආකාරයට මාර්ගගත වංචා මධ්‍යස්ථාන අග්නිදිග ආසියාවේ සිට අනෙකුත් කලාප වෙත ව්‍යාප්ත වෙමින් පවතින බවයි. එලෙසම අපරාධ ජාල මිනිස් ජාවාරම් සමඟ වඩාත් සංකීර්ණ ලෙස සම්බන්ධ වෙමින් ඇති බවද එම නිවේදනය පවසයි.එලෙසම චීන ජාතිකයන් මෙම අපරාධවල ප්‍රධාන ගොදුරු කණ්ඩායම් අතර සිටින බවද තහවුරු වී තිබෙන බවද එම නිවේදනය මගින් පවසයි.

සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..

දකුණේ සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගනිමින් වර්ග සංහාරයක් සිදුකර ඇති බවත්, එය ආරම්භ වූයේ උතුරට එරෙහිව නොව දකුණට එරෙහිව බවත් ජීවනිත පීරිස් පියතුමා පවසයි.

භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්

මහා භාණ්ඩාගාරයේ සිදුවූ අපකීර්තිමත්ම මංකොල්ලය ඩො.මි. 2.5 ක මුදල තුන්වන පාර්ශවයක් අතට පත්වීම පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ 2025 වාර්ෂික වාර්තාවේ කිසිදු සදහනක් නොවේ යයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා

රට තුළ අවශ්‍ය තරම් සහල් සහ වී සංචිත පවතිද්දී නැවත සහල් ආනයනය කිරීමට කටයුතු කළහොත්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ පාරිභෝගික කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහට ගමට එන්න ඉඩ නොතබන බවට ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් අනතුරු අඟවයි.

ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්

'ජනපති අනුර කුමාර දිසානායක මැතිතුමා හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ. 2026 ජනවාරි 1 දාට භාණ්ඩාගාරයේ මුදල් ශේෂය රු.මිලියන 915 යි. 2024 දෙසැ. 31 වෙනිදා වන විට රු.බිලියන 805 ක් භාණ්ඩාගාරයේ මුදල් ශේෂය තිබුණා. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ගෙදර යවන කොට බිලියන 800 ක් තිබුණා. මේ ආණ්ඩුවේ පළමු අවුරුද්ද තුල භාණ්ඩාගාරයේ මුදල් ශේෂය වැඩිවුනේ රුපියල් බිලියන 110 කින් විතරයි' යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්

අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක හටගත් ගින්නෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.

ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්

පාස්කු ප්‍රහාරය විමර්ශන වලදී ISIS ත්‍රස්තයන් පිටුපස නොයා ගෝඨාභය සහ සුරේෂ් සලේ පිටුපස යාමෙන් පෙනෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව මෙම පාස්කු ප්‍රහාරය ගෝඨාභයගේ පිට දැමීමට දරණ නින්දිත උත්සාහයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.