
මහ මැතිවරණය පවත්වන දිනය වැරදියි!- උසාවි ගියොත් මැතිවරණය අහෝසි වෙනවා!- සමාජ ක්‍රියාකාරී ඕෂල හේරත්
සමාජ ක්‍රියාකාරී ඕෂල හේරත් මහතා සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් පැවැති පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණය කැඳවීම සඳහා නිකුත් කර ඇති ගැසට් පත්‍රය පනතට පටහැනි බව පවසයි.
ඒ අනුව ඊට එරෙහිව කිසිවෙකු අධිකරණ ගියහොත් ගැසට් පත්‍රය අවලංගු කර නැවත පැවති පාර්ලිමේන්තුව කැඳවීමට ඉඩක් ඇතැයිද ඔහු පවසා සිටියි.
ඒ මහතා තැබු සම්පූර්ණ සටහන පහතින්...
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවන්නේ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 10 (1) වගන්තියට අනුව. ඒ අනුව සැප්ත්ම්බර් මස 24 දින මධ්‍යම රාත්‍රියේ විසුරුවන්න කටයුතු කරනවා. එම ගැසට් ප්‍රකාශයේම නොවැම්බර් මස 14 වන දිනට මැතිවරණය නියම කරනවා. 10 (2) වගන්තියට අනුව විසුරුවා දින 10ක් ඇතුලත නාමයෝජනා කැඳවීම සිදු කරනවා. ඒ අනුව ඔක්තෝබර් 4 වන දින නාම යෝජනා කැදවනවා.
පනතේ ඉලඟ කියනවා නාම යෝජනා කැදවපු දිනයේ සිට තව දින 7ක මධ්‍යහන 12 වන විට නාමයෝජනා බාර දීම අවසන් කරන්න කියලා. ඒ අනුව ඔක්තෝබර් 11 දහවල් 12ට නාමයෝජනා භාර ගැනීම අවසන් කරා. ඊට පස්සේ පනතේ කියනවා එදිනින් පසු සති 5 නොඅඩු සති 7කට නොවැඩි දිනයක මැතිවරණය පවත්වන්න ඕනේ කියලා..
ඔක්තෝබර් 11 සිට සති 5ක් වන්නේ නොවැම්බර් 15. එදින පොහොය නිසා එය 16 හෝ ඊට පසු දිනයක යොදා ගන්න තමයි පනතෙන් අවසර තියෙන්නේ.
නමුත් දැන් මැතිවරණ දිනය ප්‍රකාශ කරලා තියෙන්නේ පනතට පටහැනිව දිනයක් අඩුවෙන් .
ඒ නිසා කවුරු හරි උසාවි ගියොත් එම ගැසට් පත්‍රය අවලංගු කිරීමට සිදු වෙනවා. මේක ප්‍රයෝගික සහ නීතිමය තත්වයක්.. මෙහි සිටින නීතිඥ මහත්වරුන්ට මම වැරදි නම් නිවැරදි කරන්න පුළුවන්.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
