News Category
From Date
To Date
Maximum Number of Result

ජාතික නිදහස් පෙරමුණ සන්ධානගතව හෝ ස්වාධීනව ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී තරඟ කරන්නේ නැහැ... මහජනයාගේ අපේක්ෂා වෙනුවෙන් ඉදිරියටත් කැපවෙනවා - විමල්ගෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක්

Oct 10, 2024 at 10:35 AM
|

රට මුහුණ දෙන අභියෝග සහ පාර්ලිමේන්තු මැතිවරණය අභිමුව ජාතික නිදහස් පෙරමුණට හිමිවන දේශපාලන භූමිකාව පිළිබඳ ජාතික නිදහස් පෙරමුණ විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ නිවේදනය පහළින්..

රට මුහුණ දෙන අභියෝග සහ පාර්ලිමේන්තු මැතිවරණය අභිමුව ජාතික නිදහස් පෙරමුණට හිමිවන දේශපාලන භූමිකාව

මේ වන විට රටේ ජනතාව නිදහස් සහ සාමකාමී මැතිවරණයක් මගින් ජනාධිපතිවරයා තෝරාපත් කරගෙන ඇත. නමුත් ශ‍්‍රී ලංකාවට හතුරු විදේශීය බලවේගවල අපේක්ෂාව වූයේ එවැනි තත්ත්වයක් නොවන බව ජනාධිපතිවරණයට පෙර යම් රටවල් විසින් සංචාරකයින් ලෙස ශ‍්‍රී ලංකාවට පැමිණෙන තම රටවැසියන්ට නිකුත් කළ අනතුරු  ඇඟවීම්වලින් පැහැදිලි විය.  ජනාධිපතිවරණ  ප‍්‍රතිඵල ආශ‍්‍රිතව  ඇති වන අවිනිශ්චිත තත්ත්වයන්  දඩමීමා  කර  ගනිමින්  ගැටුම්  ඇවිලවීම  සහ  අවසානයේදී  බංග්ලාදේශයේ  නිර්මාණය කළ තත්ත්වය ශ‍්‍රී ලංකාවේ ඉරණම බවට පත් කිරීම ඔවුන්ගේ අපේක්ෂාව වූ බව දැන් රහසක් නොවේ.

එහෙත් ඒ පිළිබඳව අප විසින් කරුණු සහිතව ඉදිරිපත් කළ අනතුරු ඇඟවීම් රටේ ජනතාව සහ රාජ්‍ය නිලධාරීන් මෙන්ම දේශපාලන බලවේග විසින් ගැඹුරින් තේරුම් ගෙන ඊට අනුව කටයුතු කිරීම නිසා එවැනි තත්ත්වයක් වළකා  ගත  හැකි විය.  ඒ පිළිබඳව  අප අවංකව සතුටු වන අතර එවැනි තත්ත්වයක් වළක්වා ගැනීම සඳහා සංවිධානාත්මකව කටයුතු කිරීම පිළිබඳව ගරු ජනාධිපතිතුමන්ට මෙන්ම ජනතා විමුක්ති පෙරමුණට ද අපගේ ස්තුතිය ප‍්‍රකාශ කරමු.

අපගේ දේශපාලන කියවා ගැනීම අනුව ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ ඉතිහාසය විසින් නිර්මාණය කළ අතිශය තීරණාත්මක ගෝලීය භූ දේශපාලන වාතාවරණයක් සහ දේශීයව ගැඹුරු ආර්ථික සහ සමාජ දේශපාලන අර්බුදකාරී තත්ත්වයක් තුළය. යුකේ‍්‍රනය මුල්කරගෙන බටහිර අධිරාජ්‍යවාදී රටවල් විසින් රුසියාවට එරෙහිව දියත් කළ යුද්ධය සහ චීනයට එරෙහිව දකුණු චීන මුහුදේ නිර්මාණය කෙරෙමින් පවතින යුද්ධය අද වන විට අධිරාජ්‍යවාදීන්ට යුදමය වශයෙන් පාරා වළල්ලක් බවට පත්වී ඇත. ඒ අතර මැදපෙරදිග ඊශ‍්‍රායලය යොදා ගනිමින් දියත් කෙරෙන රාජ්‍ය ත‍්‍රස්තවාදය ද අවසානයේදී එහි නිර්මාතෘවරුන්ට ආපසු හැරවිය නොහැකි අර්බුදයක් බවට පරිවර්තනය කෙරෙමින් ඇත.

ඊට සමගාමීව ගෝලීය ඛනිජ තෙල් වෙළඳපළ ආශ‍්‍රිතව පවත්වාගෙන යනු ලැබූ ඇමෙරිකානු ඩොලර් ආධිපත්‍යය නිර්මාණය කිරීම සඳහා ප‍්‍රබල උපාංගයක් ලෙස යොදාගත් ගිවිසුම වසර 50කට පසුව සෞදි අරාබියාව විසින් නැවත බලාත්මක නොකිරීම නිසා ඩොලර් ආධිපත්‍යය මගින් ලෝකය පාලනය කිරීමේ එක් උත්සාහයක් බිඳ වැටී ඇත. එසේම ලෝක ආර්ථිකයෙන් 40%ක් සහ ලෝක ජනගහනයෙන් 60%ක් නියෝජනය කරන BRICS රටවල් සමූහය විසින් සෙසු රටවල් සහභාගී කර ගනිමින් ඇමෙරිකානු ඩොලර් ආධිපත්‍යය බිඳදැමීම සඳහා නව ගෝලීය මූල්‍ය පද්ධතියක් ආරම්භ කිරීම සමග ඇමෙරිකාව ප‍්‍රමුඛ NATO යුද සන්ධානය බරපතළ උභතෝකෝටිකයකට මුහුණ දී ඇති බව ඉතා පැහැදිලිය.

 පසුගිය දිනවල ‘ෆයිනෑන්ෂල් ටයිම්ස්’ පුවත්පත වාර්තා කළ ආකාරයට ඇමෙරිකාවේ CIA ඔත්තු සේවාවේ ප‍්‍රධානී විලියම් බර්න්ස් සහ බි‍්‍රතාන්‍යයේ MI6 ඔත්තු සේවාවේ ප‍්‍රධානී රිචඞ් මුවර් ඉතිහාසයේ ප‍්‍රථම වතාවට ප‍්‍රසිද්ධියේ එකට පෙනී සිටිමින් ප‍්‍රකාශ කරන්නේ 21 වැනි සියවසේ බලගතුම අභියෝගයකට මුහුණ දීමට තමාට සිදුවී ඇති බවය. ඔවුන් අභියෝගයට මුහුණ දෙන සෑමවිටම සමස්ත ලෝක ජනතාව අර්බුදයට තල්ලු කිරීම සඳහා යුද්ධය ප‍්‍රවර්ධනය කරන බව රහසක් නොවේ.

එසේම රුසියාව සහ චීනය සතු න්‍යෂ්ටික සහ සෙසු යුද බලය මෙන්ම රුසියාව විසින් තම න්‍යෂ්ටික බලය භාවිතා කිරීමට අදාළ ප‍්‍රතිපත්තිය නැවත ස්ථානගත කරන බව ප‍්‍රකාශ කිරීම තුළ අධිරාජ්‍යවාදී බලවේග බලවත් කැළඹීමකට ලක්වී ඇති බව ඉහත ප‍්‍රකාශවලින් පැහැදිලි වේ. ඊට අමතරව රුසියාවේ සහ චීනයේ ආර්ථිකය බිඳවැට්ටවීමට සහ අභ්‍යන්තර අර්බුද නිර්මාණය කිරීමට දියත් වූ අධිරාජ්‍යවාදී මෙහෙයුම් අසාර්ථක වීම සහ ඊට ප‍්‍රතිවිරුද්ධව එම රටවල් ආර්ථික වශයෙන් බලවත් වීම තුළ ඊට මුහුණ දීම සඳහා ඉහත සඳහන් කළ ඔත්තු සේවා විසින් සැලසුම් සකස් කරන බව දැන් ලෝකයට රහසක් නොවේ.

එම සැලසුම් තුළ දකුණු චීන මුහුදේ සිට අප රට කේන්ද්‍රකර ගනිමින් අරාබි මුහුද සහ රතු මුහුද හරහා අත්ලාන්තික් සාගරය දක්වා ගමන් කරන ලෝකයේ ප‍්‍රධානතම නාවික මාර්ගයට ප‍්‍රබල භූ දේශපාලන වැදගත්කමක් හිමිවන බව ඉතා පැහැදිලිය. ඒ අනුව ඉන්දු පැසිෆික් කලාපය තුළ ගොඩනැගෙමින් පවතින භූ දේශපාලන සහ යුදමය ආතතිය තුළ ශ‍්‍රී ලංකා රාජ්‍යය සහ ජනතාව කටයුතු කරන ආකාරය මගින් ශ‍්‍රී ලංකාවේ අනාගත ඉරණම තීන්දු වනු ඇත.

එම ගෝලීය තත්ත්වය පසුගිය ජනාධිපතිවරණය තුළ ද පිළිබිඹු වූ බව අප විසින් පෙන්වා දී ඇත. විශේෂයෙන්ම විදේශීය බලවේග විසින් හසුරුවනු ලබන දේශපාලන කණ්ඩායම්වලට බලපෑම් කිරීමේ හැකියාව වැඩි දිස්ත‍්‍රික්ක 7ක සහ යම් ආසනවල ඡන්ද ප‍්‍රතිඵල අනුව ජනාධිපතිවරණ ප‍්‍රතිඵලය තුළ  ඔවුන්ගේ අපේක්ෂා ඉටුවී නොමැති බව පැහැදිලිය. නමුත් එම අපේක්ෂාව වෙනත් ආකාරයකට ඉටු කර

ගැනීම සඳහා පත් වූ ජනාධිපතිවරයාගේ අත ඇඹරීමට එම බලවේග ක‍්‍රියා කරන බව දේශපාලනයේ ‘අ’ යන්න දන්නා  ඕනෑම අයකුට වටහා ගත හැක. ඊට කැමැත්තෙන් යටත්වනවා ද නැතහොත් ප‍්‍රතිවිරෝධය දක්වනවා ද යන්න තීරණය වන්නේ පුද්ගල සාධකවලට වඩා රටේ ජනතාවගේ දැනුම්වත්භාවය සහ මැදිහත්වීම මත බව අපගේ දේශපාලන කියවීම වේ.

නමුත් නව ජනාධිපතිවරයාට ඇමෙරිකානු තානාපතිවරියගේ් සහ ඉන්දියානු තානාපතිගේ දෙපා මැදින් රිංගා එම බලපෑම්වලින් ගැලවිය හැකි යැයි යම් පිරිසක් කල්පනා කරන බව පෙනේ. එසේ වුවත් හිටපු ජනාධිපතිවරයා, අගමැතිවරයා ලෙස 2015 දී නිර්මාණය කළ සහ ඉන්පසුව සැලසුම් සහගතව පිටුපස දොරෙන් ජනාධිපති කාර්යාලයට කඩාවැදීමෙන් පසුව උත්සන්න කළ ආර්ථික අර්බුදයේ මූල හේතු එසේම පවතින තත්ත්වය තුළ සහ ඒවා වෙනස් කිරීම සඳහා ප‍්‍රමුඛතාවක් ලබා දෙන බවක් නොපෙනෙන තත්ත්වයක් තුළ ජනාධිපතිවරයාගේ ගමන පහසු නොවන බව ඉතා පැහැදිලිය.

විශේෂයෙන්ම ඉහත සඳහන් කළ ගෝලීය භූ දේශපාලන තත්ත්වයන් තුළ ශ‍්‍රී ලංකාව ඉන්දියාවේ 29 වැනි ප‍්‍රාන්තය බවට පත් කිරීම දක්වා වන උපායමාර්ගික අරමුණක් සහිත අර්ථික ඒකාබද්ධකරණ උපාංග ක‍්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියාවේ බලපෑම් එල්ල වනු ඇත. ඊට අදාළව හිටපු ජනාධිපතිවරයා විසින් 2023 ජූලි 21 වන දින ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා සමඟ ඇතිකරගත් එකඟතාව අනුව ආර්ථික ඒකාබද්ධකරණ උපාංග 5ක් ක‍්‍රියාත්මක කිරීම සහ එට්කා ගිවිසුම අත්සන් කිරීමේ ක‍්‍රියාවලිය ආරම්භ කිරීමට වත්මන් ජනාධිපතිවරයාට බැඳීමක් ඇතිවී තිබේ. (2023 ජූලි 21 ඉන්දියාවේ විදේශ අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනය බලන්න)

ඉන්දියානු භූ දේශපාලන න්‍යාය පත‍්‍රය තුළ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම මගින් ඊළාම් රාජ්‍යය හෙවත් ඉන්දියාවේ 30 වැනි ප‍්‍රාන්තය නිර්මාණය කිරීමේ ක‍්‍රියාවලිය ද අන්තර්ගත වන බව එරට විදේශ අමාත්‍යවරයා විවිධ අවස්ථාවල සිදුකළ ප‍්‍රකාශවලින් පැහැදිලි වේ. ඉන්දියානු න්‍යාය පත‍්‍රයට සමගාමීව ක‍්‍රියාත්මක වන ඇමරිකානු න්‍යාය පත‍්‍රය අනුව 2019දී හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ආරම්භ කළ SOFA ගිවිසුම පිළිබඳ සාකච්ඡා අනුව ඊට අදාළ ඇමුණුම ‘බී’ ලේඛනය පිළිබඳ අවසන් තීන්දුව ගැනීමට ද වත්මන් ජනාධිපතිවරයාට බලපෑම් එල්ල වන බවට අපට නම් කිසිදු සැකයක් නැත.

ශ‍්‍රී ලංකාවට ඉදිරිපත් කර ඇති ඇමෙරිකානු SOFA ගිවිසුම තුළ ලෝකයේ සෙසු රටවල් සමග අත්සන් කර ඇති ගිවිසුම්වලට වඩා බරපතළ වෙනස්කම් ඇත. එහි ඇමුණුම ‘බී’ ලේඛනය අනුව ශ‍්‍රී ලංකාවේ රජය එම ඇමුණුමට එකඟතාව පළ කළහොත් රට තුළට ඇතුළු වන ඇමෙරිකානු හමුදා නිලධාරීන්ට සහ ඔවුනට සේවා සපයන සමාගම්වලට රටේ  ඕනෑම තැනක සැරිසැරීමට සහ කඳවුරු බැඳීමට හැකියාව ඇත. එසේම එම නිලධාරීන්ට පූර්ව දැනුම්දීමකින් තොරව ශ‍්‍රී ලංකාවේ  ඕනෑම තොටුපළකින් රට තුළට ඇතුළුවීමේ හැකියාව ඇති අතර ඔවුන්ට නිල ඇඳුම සහිතව හෝ එසේ නොමැතිව සහ ආයුද සන්නද්ධව හෝ එසේ නොමැතිව, ගුවනින්, මුහුදින් හෝ ගොඩබිමෙන් රට තුළ ගමන් කළ හැක. ඔවුන්ගේ ගමන් මළු හෝ වාහන පරීක්ෂා කළ නොහැකි අතර ඔවුන් රටේ නීතිය උල්ලංඝනය කළ අවස්ථාවක අධිකරණමය ක‍්‍රියාමාර්ග ගත නොහැකි අතර අදාළ චෝදනා ඇමෙරිකානු තානාපති කාර්යාලය වෙත ඉදිරිපත් කළ යුතුය.

එවැනි තත්ත්වයක් තුළ ජනාධිපතිවරයා නිල වශයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ ජාතික ජන බලවේගය නැමැති නව දේශපාලන ව්‍යාපාරයට, එහි මූලික බලවේගය වන ජනතා විමුක්ති පෙරමුණට පරිබාහිරව එකතු වූ සහ එකතු කළ බලවේගවල අපේක්ෂා සහ ජනතා විමුක්ති පෙරමුණ සතු අතීත උරුමය නියෝජනය  කරන බලවේගවල අපේක්ෂා අතර ගැටුමට මුහුණ දීමට ද ජනාධිපතිවරයාට සිදුවනු ඇත. එම ගැටුම අධිරාජ්‍යවාදී බලවේග විසින්ම නිර්මාණය කළ හැකි සහ තීව‍්‍ර කළ හැකි බවට අපට නම් කිසිදු සැකයක් නැත.

ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ අතීත උරුමයට අයිතියක් ඇති සහ ඊට ගරු කරන, අධිරාජ්‍ය විරෝධය මුල් කරගත් දේශපාලන ව්‍යාපාරයක් ලෙස අප, ජනාධිපතිවරයා බලයට පත් කළ ජනවරම ආරක්‍ෂා කිරීමට සහ එම ජනවරම නිර්මාණය කළ මහජනයාගේ අපේක්ෂා වෙනුවෙන් පෙනී සිටීමට බැඳී සිටියි. එම තත්ත්වය තුළ මහ මැතිවරණය මගින් සාමාන්‍ය බහුතරය සහිත ආණ්ඩුවක් පිහිටුවීම යනු ඉහත සඳහන් කළ අර්බුදයට මුහුණ දීම සඳහා වන පූර්ව කොන්දේසියක් බවට පත්වේ. ඒ මගින් බෙදුම්වාදී සහ ආගමික අන්තවාදී කල්ලිවල ආණ්ඩුව සමඟ කේවල් කිරීමේ බලය සීමා වේ. එහිදී ආණ්ඩුව තුළ නියෝජනය නොවන බලවේග සහ විපක්ෂය ලෙස හැඳින්වෙන බලවේගවලට භූමිකාවන් දෙකකින් එකක් තෝරා ගැනීමට බල කෙරේ.

පළමුවැන්න සම්ප‍්‍රදායනුකූල විරුද්ධ විපක්ෂය ලෙස අධිරාජ්‍යවාදී න්‍යාය පත‍්‍රයට වාසිසහගත භූමිකාවක් ඉටු කිරීමය. අපගේ කියවීම අනුව දෙවැන්න වන්නේ මහජන අපේක්ෂා නියෝජනය කරමින් ආණ්ඩුව පීලිපැනීම වැළැක්වීම සඳහා මඟ පෙන්වීමේ සහ බලපෑම් කිරීමේ භූමිකාවය. ජාතික බලවේගවලට මානසික බාධක පනවනු ලබන යම් පාර්ශ්ව විසින් එම භූමිකාව ආණ්ඩුවට සහාය දීමක් ලෙස නිර්වචනය කිරීමේ හැකියාව ඇත. ඒ පිළිබඳව අපගේ විරෝධයක් නොමැති අතර එම අභියෝගයට සහ රටේ පවතින බහුතර මහජන මතයට සාපේක්ෂව ගත්විට පාර්ලිමේන්තුව තුළ ඉටු කර කරන භූමිකාවට වඩා පාර්ලිමේන්තුවෙන් පිටත භූමිකාව වඩා වැදගත් සහ බලවත් විය යුතු බව අපගේ දේශපාලන කියවා ගැනීම වේ.

එසේම පාර්ලිමේන්තු මැතිවරණ සටන තුළ සම්ප‍්‍රදායනුකූල විපක්ෂයේ භූමිකාව ඉටු කිරීම මගින් බහුතර මහජන අපේක්ෂා සහ අපගේ අපේක්ෂා අතර ගැටුමක් නිර්මාණය කිරීම අවසාන අරමුණට සාපේක්ෂව නිශේධනාත්මක ක‍්‍රියාවක් ලෙස අපි කල්පනා කරමු. එම නිසා ජාතික නිදහස් පෙරමුණ දේශපාලන පක්ෂයක් ලෙස සන්ධානගතව හෝ ස්වාධීනව ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී තරඟ නොකරන බව රටේ මහජනතාව වෙත ඉතා වගකීමෙන් යුතුව දන්වා සිටිමු.

මෙම තීන්දුව අපගේ පක්ෂයේ සියලුම මට්ටම්වල සංවිධාන යාන්ත‍්‍රණය තුළ සාකච්ඡා කිරීම මගින් සහ තීන්දු තීරණ ගනු ලබන මණ්ඩප සහ සමූහයන්ගේ එකඟතාව මත ගනු ලැබූ දේශපාලන තීන්දුවක් බව තවදුරටත් දන්වා සිටිමු. එසේම ඉදිරි දින කිහිපය තුළ ඉදිරි මැතිවරණය තුළ සහ ඉන්පසුව ඇති වන දේශපාලන ක‍්‍රියාන්විතය තුළ බෙදීම ඇතිවිය යුත්තේ කෙසේද යන්න පිළිබඳ අපගේ යෝජනා හෙවත් ප‍්‍රතිපත්තිමය බෙදීමට අදාළ ප‍්‍රකාශය එළිදක්වන බව ද දන්වා සිටිමු.

අවසාන වශයෙන් අනුර දිසානායක ජනාධිපතිවරයා ‘දෙවන -  ගෝඨාභය’ බවට පත්කිරීම සඳහා රටට සතුරු අධිරාජ්‍යවාදී න්‍යාය පත්‍රයට සේවය කරන යම් විපක්ෂ බලවේගවලට උවමනාවක් තිබෙන බවට සැකයක් නැත. එහෙත් අප පක්ෂය එම උවමනාව නියෝජනය කරමින් රට තවදුරටත් අර්බුදයට ගොදුරු කිරීමට දායක නොවන බව ද වගකීමෙන් යුතුව පොදු මහජනතාවට සහතික වෙමු.

මේ වගට,
(විමල් වීරවංශ)
නායක,
ජාතික නිදහස් පෙරමුණ
(දේශපාලන මණ්ඩලය වෙනුවෙන්)
2024-10-10

සම්බන්ධිත පුවත් | Related News

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.
ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදම් පිල්ලේ 2026 වසරේ නොබෙල් සාම ත්‍යාගයෙන් අද (9) පිදුම් ලැබීය.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ප්‍රධාන පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.