News Category
From Date
To Date
Maximum Number of Result

ජාතික නිදහස් පෙරමුණ සන්ධානගතව හෝ ස්වාධීනව ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී තරඟ කරන්නේ නැහැ... මහජනයාගේ අපේක්ෂා වෙනුවෙන් ඉදිරියටත් කැපවෙනවා - විමල්ගෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක්

Oct 10, 2024 at 10:35 AM
|

රට මුහුණ දෙන අභියෝග සහ පාර්ලිමේන්තු මැතිවරණය අභිමුව ජාතික නිදහස් පෙරමුණට හිමිවන දේශපාලන භූමිකාව පිළිබඳ ජාතික නිදහස් පෙරමුණ විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ නිවේදනය පහළින්..

රට මුහුණ දෙන අභියෝග සහ පාර්ලිමේන්තු මැතිවරණය අභිමුව ජාතික නිදහස් පෙරමුණට හිමිවන දේශපාලන භූමිකාව

මේ වන විට රටේ ජනතාව නිදහස් සහ සාමකාමී මැතිවරණයක් මගින් ජනාධිපතිවරයා තෝරාපත් කරගෙන ඇත. නමුත් ශ‍්‍රී ලංකාවට හතුරු විදේශීය බලවේගවල අපේක්ෂාව වූයේ එවැනි තත්ත්වයක් නොවන බව ජනාධිපතිවරණයට පෙර යම් රටවල් විසින් සංචාරකයින් ලෙස ශ‍්‍රී ලංකාවට පැමිණෙන තම රටවැසියන්ට නිකුත් කළ අනතුරු  ඇඟවීම්වලින් පැහැදිලි විය.  ජනාධිපතිවරණ  ප‍්‍රතිඵල ආශ‍්‍රිතව  ඇති වන අවිනිශ්චිත තත්ත්වයන්  දඩමීමා  කර  ගනිමින්  ගැටුම්  ඇවිලවීම  සහ  අවසානයේදී  බංග්ලාදේශයේ  නිර්මාණය කළ තත්ත්වය ශ‍්‍රී ලංකාවේ ඉරණම බවට පත් කිරීම ඔවුන්ගේ අපේක්ෂාව වූ බව දැන් රහසක් නොවේ.

එහෙත් ඒ පිළිබඳව අප විසින් කරුණු සහිතව ඉදිරිපත් කළ අනතුරු ඇඟවීම් රටේ ජනතාව සහ රාජ්‍ය නිලධාරීන් මෙන්ම දේශපාලන බලවේග විසින් ගැඹුරින් තේරුම් ගෙන ඊට අනුව කටයුතු කිරීම නිසා එවැනි තත්ත්වයක් වළකා  ගත  හැකි විය.  ඒ පිළිබඳව  අප අවංකව සතුටු වන අතර එවැනි තත්ත්වයක් වළක්වා ගැනීම සඳහා සංවිධානාත්මකව කටයුතු කිරීම පිළිබඳව ගරු ජනාධිපතිතුමන්ට මෙන්ම ජනතා විමුක්ති පෙරමුණට ද අපගේ ස්තුතිය ප‍්‍රකාශ කරමු.

අපගේ දේශපාලන කියවා ගැනීම අනුව ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ ඉතිහාසය විසින් නිර්මාණය කළ අතිශය තීරණාත්මක ගෝලීය භූ දේශපාලන වාතාවරණයක් සහ දේශීයව ගැඹුරු ආර්ථික සහ සමාජ දේශපාලන අර්බුදකාරී තත්ත්වයක් තුළය. යුකේ‍්‍රනය මුල්කරගෙන බටහිර අධිරාජ්‍යවාදී රටවල් විසින් රුසියාවට එරෙහිව දියත් කළ යුද්ධය සහ චීනයට එරෙහිව දකුණු චීන මුහුදේ නිර්මාණය කෙරෙමින් පවතින යුද්ධය අද වන විට අධිරාජ්‍යවාදීන්ට යුදමය වශයෙන් පාරා වළල්ලක් බවට පත්වී ඇත. ඒ අතර මැදපෙරදිග ඊශ‍්‍රායලය යොදා ගනිමින් දියත් කෙරෙන රාජ්‍ය ත‍්‍රස්තවාදය ද අවසානයේදී එහි නිර්මාතෘවරුන්ට ආපසු හැරවිය නොහැකි අර්බුදයක් බවට පරිවර්තනය කෙරෙමින් ඇත.

ඊට සමගාමීව ගෝලීය ඛනිජ තෙල් වෙළඳපළ ආශ‍්‍රිතව පවත්වාගෙන යනු ලැබූ ඇමෙරිකානු ඩොලර් ආධිපත්‍යය නිර්මාණය කිරීම සඳහා ප‍්‍රබල උපාංගයක් ලෙස යොදාගත් ගිවිසුම වසර 50කට පසුව සෞදි අරාබියාව විසින් නැවත බලාත්මක නොකිරීම නිසා ඩොලර් ආධිපත්‍යය මගින් ලෝකය පාලනය කිරීමේ එක් උත්සාහයක් බිඳ වැටී ඇත. එසේම ලෝක ආර්ථිකයෙන් 40%ක් සහ ලෝක ජනගහනයෙන් 60%ක් නියෝජනය කරන BRICS රටවල් සමූහය විසින් සෙසු රටවල් සහභාගී කර ගනිමින් ඇමෙරිකානු ඩොලර් ආධිපත්‍යය බිඳදැමීම සඳහා නව ගෝලීය මූල්‍ය පද්ධතියක් ආරම්භ කිරීම සමග ඇමෙරිකාව ප‍්‍රමුඛ NATO යුද සන්ධානය බරපතළ උභතෝකෝටිකයකට මුහුණ දී ඇති බව ඉතා පැහැදිලිය.

 පසුගිය දිනවල ‘ෆයිනෑන්ෂල් ටයිම්ස්’ පුවත්පත වාර්තා කළ ආකාරයට ඇමෙරිකාවේ CIA ඔත්තු සේවාවේ ප‍්‍රධානී විලියම් බර්න්ස් සහ බි‍්‍රතාන්‍යයේ MI6 ඔත්තු සේවාවේ ප‍්‍රධානී රිචඞ් මුවර් ඉතිහාසයේ ප‍්‍රථම වතාවට ප‍්‍රසිද්ධියේ එකට පෙනී සිටිමින් ප‍්‍රකාශ කරන්නේ 21 වැනි සියවසේ බලගතුම අභියෝගයකට මුහුණ දීමට තමාට සිදුවී ඇති බවය. ඔවුන් අභියෝගයට මුහුණ දෙන සෑමවිටම සමස්ත ලෝක ජනතාව අර්බුදයට තල්ලු කිරීම සඳහා යුද්ධය ප‍්‍රවර්ධනය කරන බව රහසක් නොවේ.

එසේම රුසියාව සහ චීනය සතු න්‍යෂ්ටික සහ සෙසු යුද බලය මෙන්ම රුසියාව විසින් තම න්‍යෂ්ටික බලය භාවිතා කිරීමට අදාළ ප‍්‍රතිපත්තිය නැවත ස්ථානගත කරන බව ප‍්‍රකාශ කිරීම තුළ අධිරාජ්‍යවාදී බලවේග බලවත් කැළඹීමකට ලක්වී ඇති බව ඉහත ප‍්‍රකාශවලින් පැහැදිලි වේ. ඊට අමතරව රුසියාවේ සහ චීනයේ ආර්ථිකය බිඳවැට්ටවීමට සහ අභ්‍යන්තර අර්බුද නිර්මාණය කිරීමට දියත් වූ අධිරාජ්‍යවාදී මෙහෙයුම් අසාර්ථක වීම සහ ඊට ප‍්‍රතිවිරුද්ධව එම රටවල් ආර්ථික වශයෙන් බලවත් වීම තුළ ඊට මුහුණ දීම සඳහා ඉහත සඳහන් කළ ඔත්තු සේවා විසින් සැලසුම් සකස් කරන බව දැන් ලෝකයට රහසක් නොවේ.

එම සැලසුම් තුළ දකුණු චීන මුහුදේ සිට අප රට කේන්ද්‍රකර ගනිමින් අරාබි මුහුද සහ රතු මුහුද හරහා අත්ලාන්තික් සාගරය දක්වා ගමන් කරන ලෝකයේ ප‍්‍රධානතම නාවික මාර්ගයට ප‍්‍රබල භූ දේශපාලන වැදගත්කමක් හිමිවන බව ඉතා පැහැදිලිය. ඒ අනුව ඉන්දු පැසිෆික් කලාපය තුළ ගොඩනැගෙමින් පවතින භූ දේශපාලන සහ යුදමය ආතතිය තුළ ශ‍්‍රී ලංකා රාජ්‍යය සහ ජනතාව කටයුතු කරන ආකාරය මගින් ශ‍්‍රී ලංකාවේ අනාගත ඉරණම තීන්දු වනු ඇත.

එම ගෝලීය තත්ත්වය පසුගිය ජනාධිපතිවරණය තුළ ද පිළිබිඹු වූ බව අප විසින් පෙන්වා දී ඇත. විශේෂයෙන්ම විදේශීය බලවේග විසින් හසුරුවනු ලබන දේශපාලන කණ්ඩායම්වලට බලපෑම් කිරීමේ හැකියාව වැඩි දිස්ත‍්‍රික්ක 7ක සහ යම් ආසනවල ඡන්ද ප‍්‍රතිඵල අනුව ජනාධිපතිවරණ ප‍්‍රතිඵලය තුළ  ඔවුන්ගේ අපේක්ෂා ඉටුවී නොමැති බව පැහැදිලිය. නමුත් එම අපේක්ෂාව වෙනත් ආකාරයකට ඉටු කර

ගැනීම සඳහා පත් වූ ජනාධිපතිවරයාගේ අත ඇඹරීමට එම බලවේග ක‍්‍රියා කරන බව දේශපාලනයේ ‘අ’ යන්න දන්නා  ඕනෑම අයකුට වටහා ගත හැක. ඊට කැමැත්තෙන් යටත්වනවා ද නැතහොත් ප‍්‍රතිවිරෝධය දක්වනවා ද යන්න තීරණය වන්නේ පුද්ගල සාධකවලට වඩා රටේ ජනතාවගේ දැනුම්වත්භාවය සහ මැදිහත්වීම මත බව අපගේ දේශපාලන කියවීම වේ.

නමුත් නව ජනාධිපතිවරයාට ඇමෙරිකානු තානාපතිවරියගේ් සහ ඉන්දියානු තානාපතිගේ දෙපා මැදින් රිංගා එම බලපෑම්වලින් ගැලවිය හැකි යැයි යම් පිරිසක් කල්පනා කරන බව පෙනේ. එසේ වුවත් හිටපු ජනාධිපතිවරයා, අගමැතිවරයා ලෙස 2015 දී නිර්මාණය කළ සහ ඉන්පසුව සැලසුම් සහගතව පිටුපස දොරෙන් ජනාධිපති කාර්යාලයට කඩාවැදීමෙන් පසුව උත්සන්න කළ ආර්ථික අර්බුදයේ මූල හේතු එසේම පවතින තත්ත්වය තුළ සහ ඒවා වෙනස් කිරීම සඳහා ප‍්‍රමුඛතාවක් ලබා දෙන බවක් නොපෙනෙන තත්ත්වයක් තුළ ජනාධිපතිවරයාගේ ගමන පහසු නොවන බව ඉතා පැහැදිලිය.

විශේෂයෙන්ම ඉහත සඳහන් කළ ගෝලීය භූ දේශපාලන තත්ත්වයන් තුළ ශ‍්‍රී ලංකාව ඉන්දියාවේ 29 වැනි ප‍්‍රාන්තය බවට පත් කිරීම දක්වා වන උපායමාර්ගික අරමුණක් සහිත අර්ථික ඒකාබද්ධකරණ උපාංග ක‍්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියාවේ බලපෑම් එල්ල වනු ඇත. ඊට අදාළව හිටපු ජනාධිපතිවරයා විසින් 2023 ජූලි 21 වන දින ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා සමඟ ඇතිකරගත් එකඟතාව අනුව ආර්ථික ඒකාබද්ධකරණ උපාංග 5ක් ක‍්‍රියාත්මක කිරීම සහ එට්කා ගිවිසුම අත්සන් කිරීමේ ක‍්‍රියාවලිය ආරම්භ කිරීමට වත්මන් ජනාධිපතිවරයාට බැඳීමක් ඇතිවී තිබේ. (2023 ජූලි 21 ඉන්දියාවේ විදේශ අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනය බලන්න)

ඉන්දියානු භූ දේශපාලන න්‍යාය පත‍්‍රය තුළ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම මගින් ඊළාම් රාජ්‍යය හෙවත් ඉන්දියාවේ 30 වැනි ප‍්‍රාන්තය නිර්මාණය කිරීමේ ක‍්‍රියාවලිය ද අන්තර්ගත වන බව එරට විදේශ අමාත්‍යවරයා විවිධ අවස්ථාවල සිදුකළ ප‍්‍රකාශවලින් පැහැදිලි වේ. ඉන්දියානු න්‍යාය පත‍්‍රයට සමගාමීව ක‍්‍රියාත්මක වන ඇමරිකානු න්‍යාය පත‍්‍රය අනුව 2019දී හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ආරම්භ කළ SOFA ගිවිසුම පිළිබඳ සාකච්ඡා අනුව ඊට අදාළ ඇමුණුම ‘බී’ ලේඛනය පිළිබඳ අවසන් තීන්දුව ගැනීමට ද වත්මන් ජනාධිපතිවරයාට බලපෑම් එල්ල වන බවට අපට නම් කිසිදු සැකයක් නැත.

ශ‍්‍රී ලංකාවට ඉදිරිපත් කර ඇති ඇමෙරිකානු SOFA ගිවිසුම තුළ ලෝකයේ සෙසු රටවල් සමග අත්සන් කර ඇති ගිවිසුම්වලට වඩා බරපතළ වෙනස්කම් ඇත. එහි ඇමුණුම ‘බී’ ලේඛනය අනුව ශ‍්‍රී ලංකාවේ රජය එම ඇමුණුමට එකඟතාව පළ කළහොත් රට තුළට ඇතුළු වන ඇමෙරිකානු හමුදා නිලධාරීන්ට සහ ඔවුනට සේවා සපයන සමාගම්වලට රටේ  ඕනෑම තැනක සැරිසැරීමට සහ කඳවුරු බැඳීමට හැකියාව ඇත. එසේම එම නිලධාරීන්ට පූර්ව දැනුම්දීමකින් තොරව ශ‍්‍රී ලංකාවේ  ඕනෑම තොටුපළකින් රට තුළට ඇතුළුවීමේ හැකියාව ඇති අතර ඔවුන්ට නිල ඇඳුම සහිතව හෝ එසේ නොමැතිව සහ ආයුද සන්නද්ධව හෝ එසේ නොමැතිව, ගුවනින්, මුහුදින් හෝ ගොඩබිමෙන් රට තුළ ගමන් කළ හැක. ඔවුන්ගේ ගමන් මළු හෝ වාහන පරීක්ෂා කළ නොහැකි අතර ඔවුන් රටේ නීතිය උල්ලංඝනය කළ අවස්ථාවක අධිකරණමය ක‍්‍රියාමාර්ග ගත නොහැකි අතර අදාළ චෝදනා ඇමෙරිකානු තානාපති කාර්යාලය වෙත ඉදිරිපත් කළ යුතුය.

එවැනි තත්ත්වයක් තුළ ජනාධිපතිවරයා නිල වශයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ ජාතික ජන බලවේගය නැමැති නව දේශපාලන ව්‍යාපාරයට, එහි මූලික බලවේගය වන ජනතා විමුක්ති පෙරමුණට පරිබාහිරව එකතු වූ සහ එකතු කළ බලවේගවල අපේක්ෂා සහ ජනතා විමුක්ති පෙරමුණ සතු අතීත උරුමය නියෝජනය  කරන බලවේගවල අපේක්ෂා අතර ගැටුමට මුහුණ දීමට ද ජනාධිපතිවරයාට සිදුවනු ඇත. එම ගැටුම අධිරාජ්‍යවාදී බලවේග විසින්ම නිර්මාණය කළ හැකි සහ තීව‍්‍ර කළ හැකි බවට අපට නම් කිසිදු සැකයක් නැත.

ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ අතීත උරුමයට අයිතියක් ඇති සහ ඊට ගරු කරන, අධිරාජ්‍ය විරෝධය මුල් කරගත් දේශපාලන ව්‍යාපාරයක් ලෙස අප, ජනාධිපතිවරයා බලයට පත් කළ ජනවරම ආරක්‍ෂා කිරීමට සහ එම ජනවරම නිර්මාණය කළ මහජනයාගේ අපේක්ෂා වෙනුවෙන් පෙනී සිටීමට බැඳී සිටියි. එම තත්ත්වය තුළ මහ මැතිවරණය මගින් සාමාන්‍ය බහුතරය සහිත ආණ්ඩුවක් පිහිටුවීම යනු ඉහත සඳහන් කළ අර්බුදයට මුහුණ දීම සඳහා වන පූර්ව කොන්දේසියක් බවට පත්වේ. ඒ මගින් බෙදුම්වාදී සහ ආගමික අන්තවාදී කල්ලිවල ආණ්ඩුව සමඟ කේවල් කිරීමේ බලය සීමා වේ. එහිදී ආණ්ඩුව තුළ නියෝජනය නොවන බලවේග සහ විපක්ෂය ලෙස හැඳින්වෙන බලවේගවලට භූමිකාවන් දෙකකින් එකක් තෝරා ගැනීමට බල කෙරේ.

පළමුවැන්න සම්ප‍්‍රදායනුකූල විරුද්ධ විපක්ෂය ලෙස අධිරාජ්‍යවාදී න්‍යාය පත‍්‍රයට වාසිසහගත භූමිකාවක් ඉටු කිරීමය. අපගේ කියවීම අනුව දෙවැන්න වන්නේ මහජන අපේක්ෂා නියෝජනය කරමින් ආණ්ඩුව පීලිපැනීම වැළැක්වීම සඳහා මඟ පෙන්වීමේ සහ බලපෑම් කිරීමේ භූමිකාවය. ජාතික බලවේගවලට මානසික බාධක පනවනු ලබන යම් පාර්ශ්ව විසින් එම භූමිකාව ආණ්ඩුවට සහාය දීමක් ලෙස නිර්වචනය කිරීමේ හැකියාව ඇත. ඒ පිළිබඳව අපගේ විරෝධයක් නොමැති අතර එම අභියෝගයට සහ රටේ පවතින බහුතර මහජන මතයට සාපේක්ෂව ගත්විට පාර්ලිමේන්තුව තුළ ඉටු කර කරන භූමිකාවට වඩා පාර්ලිමේන්තුවෙන් පිටත භූමිකාව වඩා වැදගත් සහ බලවත් විය යුතු බව අපගේ දේශපාලන කියවා ගැනීම වේ.

එසේම පාර්ලිමේන්තු මැතිවරණ සටන තුළ සම්ප‍්‍රදායනුකූල විපක්ෂයේ භූමිකාව ඉටු කිරීම මගින් බහුතර මහජන අපේක්ෂා සහ අපගේ අපේක්ෂා අතර ගැටුමක් නිර්මාණය කිරීම අවසාන අරමුණට සාපේක්ෂව නිශේධනාත්මක ක‍්‍රියාවක් ලෙස අපි කල්පනා කරමු. එම නිසා ජාතික නිදහස් පෙරමුණ දේශපාලන පක්ෂයක් ලෙස සන්ධානගතව හෝ ස්වාධීනව ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී තරඟ නොකරන බව රටේ මහජනතාව වෙත ඉතා වගකීමෙන් යුතුව දන්වා සිටිමු.

මෙම තීන්දුව අපගේ පක්ෂයේ සියලුම මට්ටම්වල සංවිධාන යාන්ත‍්‍රණය තුළ සාකච්ඡා කිරීම මගින් සහ තීන්දු තීරණ ගනු ලබන මණ්ඩප සහ සමූහයන්ගේ එකඟතාව මත ගනු ලැබූ දේශපාලන තීන්දුවක් බව තවදුරටත් දන්වා සිටිමු. එසේම ඉදිරි දින කිහිපය තුළ ඉදිරි මැතිවරණය තුළ සහ ඉන්පසුව ඇති වන දේශපාලන ක‍්‍රියාන්විතය තුළ බෙදීම ඇතිවිය යුත්තේ කෙසේද යන්න පිළිබඳ අපගේ යෝජනා හෙවත් ප‍්‍රතිපත්තිමය බෙදීමට අදාළ ප‍්‍රකාශය එළිදක්වන බව ද දන්වා සිටිමු.

අවසාන වශයෙන් අනුර දිසානායක ජනාධිපතිවරයා ‘දෙවන -  ගෝඨාභය’ බවට පත්කිරීම සඳහා රටට සතුරු අධිරාජ්‍යවාදී න්‍යාය පත්‍රයට සේවය කරන යම් විපක්ෂ බලවේගවලට උවමනාවක් තිබෙන බවට සැකයක් නැත. එහෙත් අප පක්ෂය එම උවමනාව නියෝජනය කරමින් රට තවදුරටත් අර්බුදයට ගොදුරු කිරීමට දායක නොවන බව ද වගකීමෙන් යුතුව පොදු මහජනතාවට සහතික වෙමු.

මේ වගට,
(විමල් වීරවංශ)
නායක,
ජාතික නිදහස් පෙරමුණ
(දේශපාලන මණ්ඩලය වෙනුවෙන්)
2024-10-10

සම්බන්ධිත පුවත් | Related News

වැඩතහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ජනවාර්ගික කණ්ඩායමක නායකයින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විරෝධතා පැන නැගීමෙන් පසු බලධාරීන් විසින් කැළඹිලි සහිත ඊසානදිග ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ සමහර ප්‍රදේශවල ඇඳිරි නීතිය පනවා ඇති අතර අන්තර්ජාල සේවා අවහිර කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන බදාදා (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පෙනී සිටින බව දන්වා තිබේ.
රේගු පරීක්‍ෂාවකින් තොරව වරායෙන් නිදහස් කරන ලද බහාලුම් 323 ලැයිස්තුවක් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා විසින් අද ඉදිරිපත් කලේය.
වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ රවී කුමුදේශ් මහතාගේ වැඩ තහනම් කර තිබේ.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ වැඩ තහනම් කිරීමට තීරණය කර තිබේ.
බරපතල වැඩ සහිතව හිර සිර දඬුවම් නියම කර වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අදාල තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.
යාපනයේ තිස්ස රජමහා විහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරමින් ඕනෝර් ආයතනයේ සභාපතිවරයා සිදුකළ විසින් කළ කතාවක් පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි විරෝධයක් නිර්මාණය වී තිබේ.
රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ ස්ථාන මාරු කිරීම් හා පත්කිරීම් සම්බන්ධව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ප්‍රධාන පුවත්

යහපාලන කාලේ හන්තානේ රජයේ වටිනා ඉඩම් කුණු කොල්ලෙට ලියාගත් පිරිසක් ගැන පරීක්ෂණ.. රටම දන්න මාධ්‍යවේදීනුත් ඉන්නවලු..

හන්තාන ප්‍රදේශයේ පිහිටි රජය සතුව තිබූ වටිනා ඉඩමක් මාධ්‍යවේදීන් හා අධිකරණ ක්ෂේත්‍රයේ නිලධාරීන් අතර බෙදා දීමක් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු මේ වන විට සිදුවීම් පවතින බව වාර්තා වෙයි.

රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙලා.. අපිම තමයි හරි කියන තීරණයේ ගියොත් වැඩිකල් යන්න බෑ - කොටපිටියේ හිමියෝ අගමැතිනිගේ මුහුණටම කියති..

‘විශාල බලාපොරොත්තු තබාගෙන පත්කරගත් රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙමින් පවතින බව කෝට්ටේ ශ්‍රී කල්‍යානි සාමග‍්‍රි ධර්ම මහා සංඝ සභාවේ අනු නායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ සඳහන් කරති.

අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..

පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්චුනා මහතා පවසන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට පැමිණ ඇති බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා රේගු වාර්තා ඉදිරිපත් කරමින් පෙන්වා දෙයි.

ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්

අනුරාධපුර බන්ධනාගාරයේ සිටි රැදවියෙකු වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරිම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..

ඉන්දියාව සමග ශ්‍රී ලංකා රජය අත්සන් කළ ගිවිසුම් හත සම්බන්ධයෙන් තොරතුරු ලබා නොදීම ගැන ජාතික සංවිධාන විසින් කළ අභියාචනයකට පිළිතුරු සපයමින් ඉකුත් 4 වැනි දා අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා විසින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබුනේ එම අභියාචනය ප්‍රතික්ෂේප කරන බවයි.

දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..

එල්ටීටීඊ ත්‍රස්තවාදය නිසා ඉන්දියාවට පලා ගිය දෙමළ ජන කණ්ඩායම් නැවත ලංකාවට ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරන බව වාර්තා වන බවත්, එසේ දෙමළ ජනයා ගෙන්වා ගැනීමේ දී ආගමන විගමන කටයුතු නිසි පරිදි සිදු විය යුතු බවත් දේශප්‍රේමි ජාතික පෙරමුණ පවසයි.

ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කෙරුණු ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු පෙත්සම අද(5) දින ‍ශ්‍රේෂ්ඨාධිකරණයේ දී පළමු වරට විභාගයට ගැණිනි.

කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)

රේගු පරීක්‍ෂාවකින් තොරව වරායෙන් පිටකරන ලද කන්ටේනර් 323 සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අන්දෝලනාත්ම ප්‍රකාශයක් පාර්ලිමේන්තුව තුළ දී සිදුකර තිබේ.

යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..

යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර පළාත් වල සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම පිළිබඳව ජාතික සමගිය සහ සංහිඳියා කාර්යාලය සමග සාකච්චාවක් පැවත්විණි.

දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)

දන්ඩනිති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න මහත්මිය පවසන්නේ මෙම වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ ලෙස තම සංවිධානය තදින් විරුද්ධ වන බවය.

ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව

දරුවන් ලිංගික අපයෝජනවලින් බේරාගැනීම සඳහා දණ්ඩනීති සංග්‍රහයේ ඇති අස්වාභාවික වැරදි පිළිබඳ 365 දරණ වගන්තිය සහ පුද්ගලයන් අතර බරපතළ අශෝභන ක්‍රියා පිළිබඳව සඳහන් වන 365 A වගන්තිය ඉවත් කරමින් දණ්ඩනීති සංග්‍රහයට සංශෝධනයක් ගෙන ඒමට අධිකරණ ඇමැතිවරයාට මානව හිමිකම් කොමිසම විසින් දන්වා ඇති බවට ඊයේ මාධ්‍ය හමුවක් අමතමින් දේශහිතෛෂීජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන්කර සිටියේය.

දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)

සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීම සඳහා ගෙන ඒමට යෝජිත නීති සංශෝධනයක් සිදුකිරීම පිළිබඳව මේ වන විට නැවත උත්සාහ දරමින් සිටින බවත්, දණ්ඩනීති සංග්‍රහයේ දැනට බල පවත්වන 365 වගන්තිය සහ 365 ආ වගනිතිය අහෝසි කිරීමට මෙමගින් යෝජනා කර ඇති බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)

ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකාරීන් පිරිසක් විසින් රටේ අර්බුද මැද මහජනයාගේ මනස වෙනත් පැත්තකට යොමු වී ඇති මොහොතක දරුවන් ලිංගික අපරාධවලින් ආරක්ෂා කරගැනීමට පනවා තිබූ දණ්ඩනීති සංග්‍රහයේ 365 සහ 365 ආ වගන්ති සංශෝධනය කර ලක්ෂ 60ක පමණ වන මෙරට දරුවන්ගේ ජීවිත අනතරුරට හෙළීමට කටයුතු සූදානම් කර ඇති බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා නගයි.

ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)

කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුවන බවට පැතිරෙන තොරතුරු සම්පූර්ණ අසත්‍ය බවත්, එවන් පුවත් ඇතැම් විට තම විරුද්ධවාදින් හෝ අවධානය දිනා ගැනීම සඳහා විවිධ මාධ්‍ය විසින් පල කරන එවා විය හැකි බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.