
IMF ගිවිසුමේ ක්‍රමවේදය වෙනස් කළේ නැහැ.. වෙනස් කළොත් ආර්ථිකය කඩා වැටෙයි... ඒනිසා තිබුන ක්‍රමවේදයටම ගියා - IMF සාකච්ඡාවේදී සිදුවූ දේ ඇමැති විජිත කියයි
IMFනියෝජිතයින් සමග පසුගියදා පැවැත්වුයේ සංකල්පමය සාකච්ඡාවක් පමණක් බවත් ව්‍යුහාත්මක වෙනස්වීමක් සම්බන්ධයෙන් සාකච්ඡා කර තීන්දු තීරණ නොගත් බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
ඊයේ (08) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ඔහු මේ බව සඳහන් කළේය.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ එවැනි ව්‍යුහාත්මක වෙනස්වීමක් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට නම් නිලධාරී මට්ටමේ සාකච්ඡාව සිදුකළ යුතු බවය.
ප්‍රශ්නය - IMF නියෝජිතයින් එක්ක පසුගිය දා සාකච්ඡා පැවැත්වුණා. මාධ්‍ය තුළින් වුණත් අපි වුණත් දැක්කේ සෙල්ෆි ගහපු එකක් මහාචාර්යතුමෙක්. හරියට ජනගත වුණේ නැහැ. ඔබතුමාලා මොකක්ද සාකච්ඡා කළේ?
"මේ IMFනියෝජිතයින් ඇවිල්ලා නව රජය කොහොමද මේ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කියන සංකල්පමය සාකච්ඡාවක් තමයි පැවැත්වුයේ. එහෙම නැතුව ව්‍යුහාත්මක වෙනස්වීමක් ගැන සාකච්ඡා කරලා තීන්දු තීරණ ගත්තේ නැහැ. ඒ පිළිබඳව තින්දු ගන්නේ නිලධාරි මට්ටමේ පැවැත්වෙන සාකච්ඡාවලදී."
ප්‍රශ්නය - ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුණා විකල්ප ණය තිරසාර විශ්ලේෂණයක්. අර DSA කියන එක. ඒක ව්‍යුහාත්මක සාකච්ඡා ඇතිකරනවා කිව්වා. විකල්ප DSA එක හදලා ඉදිරිපත් කරනවා ද ඔබතුමාලා?
"අපි තාම ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පිහිටුවලා නෑනේ. තාම ජනාධිපතිවරයා විතරයි පත් වෙලා තියෙන්නේ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පිහිටුවන්න සහාය දෙන්න. ඒකත් එක්ක අපි ජනතාවට වැඩි සහන දෙන ක්‍රමවලට යනවා. අපි රජයක් විදියට ඒ ක්‍රමවේදය වෙනස් කළේ නෑ. ණයහිමියන් සමග තිබූ ක්‍රමවේදය අපි වෙනස් කළේ නෑ. ආර්ථිකය කඩාවැටෙන්න නොදී තිබුණ ක්‍රමවේදයටම ගියා. ඒක නතර කරලා නැවත මේක හරිද වැරදි ද කියලා හොයලා බලලා යන්න ගියොත් ඒකට ලොකු කාලයක් යනවා. ආර්ථිකයේ විශාල ප්‍රශ්නවලට මුහුණදෙන්න වෙනවා."
මුලාශ්‍ර - අද දෙරණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
