IMF ගිවිසුමේ ක්‍රමවේදය වෙනස් කළේ නැහැ.. වෙනස් කළොත් ආර්ථිකය කඩා වැටෙයි... ඒනිසා තිබුන ක්‍රමවේදයටම ගියා - IMF සාකච්ඡාවේදී සිදුවූ දේ ඇමැති විජිත කියයි
IMFනියෝජිතයින් සමග පසුගියදා පැවැත්වුයේ සංකල්පමය සාකච්ඡාවක් පමණක් බවත් ව්‍යුහාත්මක වෙනස්වීමක් සම්බන්ධයෙන් සාකච්ඡා කර තීන්දු තීරණ නොගත් බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
ඊයේ (08) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ඔහු මේ බව සඳහන් කළේය.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ එවැනි ව්‍යුහාත්මක වෙනස්වීමක් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට නම් නිලධාරී මට්ටමේ සාකච්ඡාව සිදුකළ යුතු බවය.
ප්‍රශ්නය - IMF නියෝජිතයින් එක්ක පසුගිය දා සාකච්ඡා පැවැත්වුණා. මාධ්‍ය තුළින් වුණත් අපි වුණත් දැක්කේ සෙල්ෆි ගහපු එකක් මහාචාර්යතුමෙක්. හරියට ජනගත වුණේ නැහැ. ඔබතුමාලා මොකක්ද සාකච්ඡා කළේ?
"මේ IMFනියෝජිතයින් ඇවිල්ලා නව රජය කොහොමද මේ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කියන සංකල්පමය සාකච්ඡාවක් තමයි පැවැත්වුයේ. එහෙම නැතුව ව්‍යුහාත්මක වෙනස්වීමක් ගැන සාකච්ඡා කරලා තීන්දු තීරණ ගත්තේ නැහැ. ඒ පිළිබඳව තින්දු ගන්නේ නිලධාරි මට්ටමේ පැවැත්වෙන සාකච්ඡාවලදී."
ප්‍රශ්නය - ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුණා විකල්ප ණය තිරසාර විශ්ලේෂණයක්. අර DSA කියන එක. ඒක ව්‍යුහාත්මක සාකච්ඡා ඇතිකරනවා කිව්වා. විකල්ප DSA එක හදලා ඉදිරිපත් කරනවා ද ඔබතුමාලා?
"අපි තාම ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පිහිටුවලා නෑනේ. තාම ජනාධිපතිවරයා විතරයි පත් වෙලා තියෙන්නේ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පිහිටුවන්න සහාය දෙන්න. ඒකත් එක්ක අපි ජනතාවට වැඩි සහන දෙන ක්‍රමවලට යනවා. අපි රජයක් විදියට ඒ ක්‍රමවේදය වෙනස් කළේ නෑ. ණයහිමියන් සමග තිබූ ක්‍රමවේදය අපි වෙනස් කළේ නෑ. ආර්ථිකය කඩාවැටෙන්න නොදී තිබුණ ක්‍රමවේදයටම ගියා. ඒක නතර කරලා නැවත මේක හරිද වැරදි ද කියලා හොයලා බලලා යන්න ගියොත් ඒකට ලොකු කාලයක් යනවා. ආර්ථිකයේ විශාල ප්‍රශ්නවලට මුහුණදෙන්න වෙනවා."
මුලාශ්‍ර - අද දෙරණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා