
අදානිගේ සුළං බලාගාර ව්‍යාපෘතිය නැවත සමාලෝචනයට නව රජයෙන් ප්‍රතිඥාවක්
ශ්‍රී ලංකාවේ නව රජය, ඉන්දීය අදානි සමූහ ව්‍යාපාරය සමඟ සුලං බලශක්ති ගිවිසුම නැවත සමාලෝචනය කරන බව ප්‍රකාශ කර ඇති අතර, එය විදේශයන්හි තම ව්‍යාපාර ව්‍යාප්ත කිරීමට උත්සාහ කරන අදානි සමූහ ව්‍යාපාරයට නව බාධාවක් එල්ල කර ඇති බවත් වාර්තා වේ.
සීමාසහිත Adani Green Energy හි ව්‍යාපෘති සඳහා පසුගිය පාලනාධිකාරිය විසින් විදුලි මිල අනුමත කිරීම “ගැටළුවක්” බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා කැබිනට් අමාත්‍යවරුන්ගේ රැස්වීමෙන් පසුව වාර්තාකරුවන්ට පැවසීය.
නොවැම්බර් 14 දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමෙන් පසු නව රජය මෙම ගනුදෙනුවට නැවුම් මුහුණුවරක් ලබා දෙන බව ද ඔහු පැවසීය.
පසුගිය මාසයේ බලයට පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මැතිවරණ ප්‍රචාරක ප්‍රතිඥාවක් මත මෙම තීරණය ගෙන ඇති අතර, ඔහු ජනාධිපතිවරණයට පෙර පවසා සිටියේ මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ බලශක්ති ස්වෛරීභාවයට තර්ජනයක් ලෙස හඳුනාගෙන ඇති බැවින් එය අවලංගු කිරීමට කටයුතු කරන බවය.
විජිත හේරත් මහතා අඟහරුවාදා කියා සිටියේ පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ප්‍රධාන ව්‍යාපෘති පිළිබඳ ප්‍රතිපත්තිමය තීරණ නොගන්නා බවයි.
ආසියාවේ දෙවන ධනවත්ම පුද්ගලයා වන ගෞතම් අදානිගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම දිවයිනේ බහුවිධ යටිතල පහසුකම් ව්‍යාපෘති සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බැවින් ගනුදෙනුව සඳහා වන ඕනෑම අභියෝගයක් ගෞතම් අදානිගේ අභිලාෂයන්ට පහරක් වනු ඇති බවයි වාර්තා වන්නේ.
අදානි විසින් ශ්‍රී ලංකාවේ සුළං ව්‍යාපෘති දෙකක් යෝජනා කර ඇති අතර, ඉන් එකක් මන්නාරමේ සහ දෙවැන්න පුනරීන් ප්‍රදේශයේ, රටේ ඊසාන දෙසින් පිහිටා ඇත.
මූලාශ්‍ර - බ්ලූම්බර්ග්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
