
අපි හැම රටක් සමගම කටයුතු කරන්නේ සමබරව... ඉන්දියාව එක්ක ගනුදෙනු කරනවා වගේම චීනය එක්කත් අපි ගනුදෙනු කරනවා - රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්තිය ගැන කැබිනට් ප්‍රකාශක විජිත හේරත් පැහැදිලි කරයි
රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවලදී රජය හැම රටක් සමගම සමබරව කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
කැබිනට් තීරණ දැනුම්දීම මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා පැවසුවේ, "ඉන්දියාව එක්ක ගනුදෙනු කරනවා වගේම චීනය එක්කත් අපි ගනුදෙනු කරනවා," යනුවෙනි.
ඔහු තවදුරටත් පැවසුවේ චීන යුද පුහුණු නැවක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට රජය විසින් අවසර ලබාදුන් බවයි.
එම නෞකාව මෙම මාසයේදී මෙරටට් පැමිණීමට නියමිත බව අමාත්‍යවරයා පැවසීය.
"අපි ඇත්තටම කිසිදු රටක් පිළිබඳව විශේෂත්වයක් සලකන්නේ නෑ. රට ලොකු වුණත් රට පොඩි වුණත් ශ්‍රී ලංකාව ඒ සියලුම රටවල් එක්ක රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පවත්වනවා. අපිට භේදයක් නෑ චීනයත් එක්කත් ඉන්දියාව එක්කත් අමෙරිකාව එක්කත් රුසියාව, කියුබාව සහ වියට්නාමය එක්කත් අපි රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පවත්වනවා. ඉන්දියාව එක්ක ගනුදෙනු කරනවා වගේම චීනය එක්කත් අපි ගනුදෙනු කරනවා. චීනය මගින් විහාරස්ථාන සඳහා සෝලා පැනල් ලබාදීමේ ව්‍යාපෘතියක් තියෙනවා. අපි ඒකට මැදිහත් වෙනවා. මේ මාසේ තව නොබෝ දිනකින් චීන යුද පුහුණු නැවක් ලංකාවට එනවා. ඒ සඳහා අපි අවසරය දීලා තියෙනවා. ඒක කිසිම ලංකාවේ ආරක්ෂාවට හානියක් වෙන එකක් නොවෙයි. මීට කලිනුත් අමෙරිකානු, ඉන්දියානු, ජර්මන් යුද අභ්‍යාස නැව් ඇවිල්ලා තියෙනවා. එවැනි රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා වලදී අපි සමබරව අපි හැම රටක් එක්කම කටයුතු කරනවා..."
(මූලාශ්‍ර - අද දෙරණ)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
