
මහින්ද, ගෝඨාභය, රනිල්, මෛත්‍රී මෙවර මහ ඡන්දයට නෑ... හිටපු කථානායකත් නෑ
ඉදිරි මහ මැතිවරණයේදී හිටපු ජනාධිපතිවරුන් හතර දෙනකු ඇතුළු ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් රැසක් තරග නොකිරීමට තීරණය කර ඇත.
ඒ අනුව මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් මැතිවරණයට තරග නොකරන බව ප්‍රකාශ කර තිබේ.
හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ද පැවැසුවේ තමා ඉදිරි මහ මැතිවරණයට තරග නොකරන බවය. හිටපු විදේශ අමාත්‍ය අලිසබ්‍රි මහතාද දේශපාලනයෙන් ඉවත්ව යළි නීතිඥ වෘත්තිය සඳහා එක්වන බව සඳහන් කරයි.
පසුගිය ජනාධිපතිවරණයට තරග කළ හිටපු අධිකරණ, නීති ප්‍රතිසංස්කරණ හා බන්ධනාගාර පුනරුත්ථාපන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ද මහ මැතිවරණයට තරග නොකිරීමට තීරණය කර ඇත. හිටපු ජනමාධ්‍ය අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා මහ මැතිවරණය පමණක් නොව, සමස්ත දේශපාලනයෙන්ම සමුගැනීමට සූදානම් වේ.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද මෙවර මැතිවරණයට ඉදිරපිත් නොවන බව සඳහන් කරයි.
එසේම ප්‍රධාන පක්ෂවල ජාතික ලැයිස්තුවෙන් පත්වූ මන්ත්‍රීවරුන් රැසක්ට ද මෙවර මන්ත්‍රීධුර නොලැබෙන බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
