
බස්නාහිර නව ආණ්ඩුකාරයා පසුගිය කාලයේ ඩොලර් බිලියන 56ක් නීති විරෝධී ලෙස රටින් පිටට ගෙන ගොස් ඇති බව පුබුදු ජයගොඩ හෙළිකරයි... ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමටත් පොලු තියලලු
“පසුගිය කාලේ ජනතාවගේ විරෝධයට ලක්වෙලා හිටපු නිලධාරීන් සහ ව්‍යාපාරික පැළැන්තිය නැවත වේගයෙන් බලය තහවුරු කරගනිමින් යනවා. පසුගිය කාලේ දූෂිත චෝදනා ලබපු සමහර අමාත්‍යාංශ ලේකම්වරු ඒ විදිහටම තියාගෙන යන්න දැන් ආණ්ඩුව කටයුතු කරමින් ඉන්න එක මේ තත්ත්වයට උදහරණයක්.” යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ජන අරගල සන්ධානය නුගේගොඩදී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදීය.
ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ සහ පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරුන්ගේ පත්වීම සමාජයේ දැඩි අප්‍රසාදයට පත්ව ඇති බවද හෙතෙම කිවේය.
“දැන් බස්නාහිර පළාත් ආණ්ඩුකාර විදිහට පත්කරල තියනවා අනීෆ් යූසූෆ්. මොහු තමයි එක්ස්පෝ ලංකා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා විදිහට හිටියේ. පහුගිය කාලේ සාවද්‍ය ඉන්වොයිසකරණය හරහා ඩොලර් බිලියන 56ක පමණ ප්‍රමාණයක් නීති විරෝධී විදිහට පිටරටවලට ගෙනිහින් තියනවා. ඒ ක්‍රියාවලියේ ප්‍රධාන භූමිකාවක් ඉටු කළේ මේ එක්ස්පෝ ලංකා සමාගම. 2018 – 19 මූල්‍ය වර්ශයේ මේ සමාගමේ ශුද්ධ ලාභය තිබුණෙ රුපියල් මිලියන 1909ක් විදිහට. හැබැයි 2021 – 22 මූල්‍ය වර්ෂය වෙද්දි මේ මුදල රුපියල් මිලියන 72792ක් දක්වා වේගයෙන් ඉහළ ගිහිල්ලා. එතකොට මේක 36% ගුණයක ලාභය ඉහළ යාමක්. පහුගිය කොවිඩ් අර්බුදය කාලේ මේ සමාගම කොහොමද මෙච්චර තමන්ගේ ලාභ රේට්ටුව වැඩි කරගත්තෙ? එතකොට ඒ සමාගමේ විධායක ප්‍රධානියා එකතු කරගෙන මේ ආණ්ඩුව යන්න සූදානම් වෙන ගමන මොකක් ද? එතකොට මේ සමාගම් මෙච්චර ලාභයක් හෙව්වෙ කොහොමද කියන කාරනය ගැන විමර්ශනයක් වෙලා තියනවද?"
මේ අතර, බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්කර ඇති අනීෆ් යූසූෆ්. ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමට මිලියන ගණනක් ගෙවීමට ඇති බවද නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි.
එමෙන්ම ඔහු විසින් FitsAir නමින් ගුවන් සමාගමක් ද නඩත්තු කරන බවත්, ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගම භූමියේ දී ගුවන් ගමන්වලට සපයන සේවා මෙම සමාගම විසින් අත්පත් කරගෙන ඇති බවත්, ඒ අනුව රජයට අයවිය යුතු විශාල මුදලක් අනියම් ආකාරයෙන් ඔවුන් විසින් ලබාගෙන ඇති බවත් පැවසේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යහපාලන කාලේ හන්තානේ රජයේ වටිනා ඉඩම් කුණු කොල්ලෙට ලියාගත් පිරිසක් ගැන පරීක්ෂණ.. රටම දන්න මාධ්‍යවේදීනුත් ඉන්නවලු..
රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙලා.. අපිම තමයි හරි කියන තීරණයේ ගියොත් වැඩිකල් යන්න බෑ - කොටපිටියේ හිමියෝ අගමැතිනිගේ මුහුණටම කියති..
අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට..
අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..
මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
