බස්නාහිර නව ආණ්ඩුකාරයා පසුගිය කාලයේ ඩොලර් බිලියන 56ක් නීති විරෝධී ලෙස රටින් පිටට ගෙන ගොස් ඇති බව පුබුදු ජයගොඩ හෙළිකරයි... ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමටත් පොලු තියලලු
“පසුගිය කාලේ ජනතාවගේ විරෝධයට ලක්වෙලා හිටපු නිලධාරීන් සහ ව්‍යාපාරික පැළැන්තිය නැවත වේගයෙන් බලය තහවුරු කරගනිමින් යනවා. පසුගිය කාලේ දූෂිත චෝදනා ලබපු සමහර අමාත්‍යාංශ ලේකම්වරු ඒ විදිහටම තියාගෙන යන්න දැන් ආණ්ඩුව කටයුතු කරමින් ඉන්න එක මේ තත්ත්වයට උදහරණයක්.” යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ජන අරගල සන්ධානය නුගේගොඩදී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදීය.
ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ සහ පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරුන්ගේ පත්වීම සමාජයේ දැඩි අප්‍රසාදයට පත්ව ඇති බවද හෙතෙම කිවේය.
“දැන් බස්නාහිර පළාත් ආණ්ඩුකාර විදිහට පත්කරල තියනවා අනීෆ් යූසූෆ්. මොහු තමයි එක්ස්පෝ ලංකා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා විදිහට හිටියේ. පහුගිය කාලේ සාවද්‍ය ඉන්වොයිසකරණය හරහා ඩොලර් බිලියන 56ක පමණ ප්‍රමාණයක් නීති විරෝධී විදිහට පිටරටවලට ගෙනිහින් තියනවා. ඒ ක්‍රියාවලියේ ප්‍රධාන භූමිකාවක් ඉටු කළේ මේ එක්ස්පෝ ලංකා සමාගම. 2018 – 19 මූල්‍ය වර්ශයේ මේ සමාගමේ ශුද්ධ ලාභය තිබුණෙ රුපියල් මිලියන 1909ක් විදිහට. හැබැයි 2021 – 22 මූල්‍ය වර්ෂය වෙද්දි මේ මුදල රුපියල් මිලියන 72792ක් දක්වා වේගයෙන් ඉහළ ගිහිල්ලා. එතකොට මේක 36% ගුණයක ලාභය ඉහළ යාමක්. පහුගිය කොවිඩ් අර්බුදය කාලේ මේ සමාගම කොහොමද මෙච්චර තමන්ගේ ලාභ රේට්ටුව වැඩි කරගත්තෙ? එතකොට ඒ සමාගමේ විධායක ප්‍රධානියා එකතු කරගෙන මේ ආණ්ඩුව යන්න සූදානම් වෙන ගමන මොකක් ද? එතකොට මේ සමාගම් මෙච්චර ලාභයක් හෙව්වෙ කොහොමද කියන කාරනය ගැන විමර්ශනයක් වෙලා තියනවද?"
මේ අතර, බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්කර ඇති අනීෆ් යූසූෆ්. ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමට මිලියන ගණනක් ගෙවීමට ඇති බවද නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි.
එමෙන්ම ඔහු විසින් FitsAir නමින් ගුවන් සමාගමක් ද නඩත්තු කරන බවත්, ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගම භූමියේ දී ගුවන් ගමන්වලට සපයන සේවා මෙම සමාගම විසින් අත්පත් කරගෙන ඇති බවත්, ඒ අනුව රජයට අයවිය යුතු විශාල මුදලක් අනියම් ආකාරයෙන් ඔවුන් විසින් ලබාගෙන ඇති බවත් පැවසේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා