
මහ මැතිවරණයෙන් මාලිමා ආණ්ඩුව පිහිටුවීමෙන් පසු ඔරුමිත්තනාඩු ව්‍යවස්ථාව ගේන්න යයි!
මහ මැතිවරණයෙන් පසු ජාතික ජන බලවේග ආණ්ඩුව පිහිටුවීමෙන් අනතුරුව බලය විමධ්‍යගත කිරීම පිළිබඳ කටයුුතු ආරම්භ කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් මහතා මේ බව ප්‍රකාශ කළේ, පසුගියදා (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී කැඳවා තිබු මාධ්‍ය හමුවේදීය.
“පළවෙනි කාරණාව තමයි, පහුගිය දිනවල පැවැත්වුණේ ජනාධිපතිවරණය. ඒ ජනාධිපතිවරණයේ ජනාධිපතිවරයෙක් පත් කරනු ලැබුවා. ආණ්ඩුව පත් කිරීම සඳහා දැනට පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවලා තියනවා.
ඒ පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වුණාම තමයි, ආණ්ඩුව පිහිටුවිම සිද්ධ වෙන්නේ. ඉතින් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉතා පැහැදිලිවම ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කොට මේ රටේ ජනතාවට ඉදිරිපත් කරලා මේ රටේ ජනතාවගේ ජනමතයෙන් අනුමත කිරීම සඳහා වෙච්ච ප්‍රතිපත්තියක් වැඩ පිළිවෙළක් තියනවා.”
ජාතික ජන බලවේග ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි සිය ආණ්ඩුවක් යටතේ 2015 ආණ්ඩුව යටතේ යෝජනා කළ ව්‍යවස්ථාව කඩිනමින් සම්මත කරගන්නා බව සඳහන් වෙයි.
ඒ ලාල් විජේනායක කමිටුව මගින් යෝජනා කළ ප්‍රාන්ත රාජ්‍ය ක්‍රමයක් යෝජනා කරන ව්‍යවස්ථා කෙටුම්පතයි. කෙසේ වුව ද ජනාධිපතිවරණයට පෙර බෞද්ධ සම්මේලනයේ පැවැති සාකච්ඡාවකට එකතු වෙමින් විජිත හේරත් මහතා අවධාරණය කළේ පළාත් සභාවලට පොලිස් සහ ඉඩම් බලතල ලබා නොදෙන බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදයි..
යහපාලන කාලේ හන්තානේ රජයේ වටිනා ඉඩම් කුණු කොල්ලෙට ලියාගත් පිරිසක් ගැන පරීක්ෂණ.. රටම දන්න මාධ්‍යවේදීනුත් ඉන්නවලු..
රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙලා.. අපිම තමයි හරි කියන තීරණයේ ගියොත් වැඩිකල් යන්න බෑ - කොටපිටියේ හිමියෝ අගමැතිනිගේ මුහුණටම කියති..
අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට..
අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..
මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
