
මැතිවරණ අල්ලසක් කියා පොහොර සහනාධාරය නැවැත්වීමෙන් ගොවිතැනට මාරක ප්‍රහාරයක් එල්ල වෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන්
මැතිවරණ අල්ලසක් ලෙස සලකා පොහොර සහනාධාරය අත්හිටුවීමෙන් 2024/25 මහ කන්නයේ වී සහ අතිරේක ආහාර භෝග වගාවලට මාරක ප්‍රහාරයක් එල්ලවී ඇති බව ජාතික ගොවිජන එකමුතුව පවසයි.
එහි සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසන්නේ මැතිවරණය කල්දැමීමේ හැකියාව ඇතත් මාස් කන්නය කල් දැමීමට හැකියාවක් නොමැති බවත්, මහ මැතිවරණ ප්‍රකාශකර තිබිය දී පොහොර සහනාධාරය මැතිවරණ අල්ලසක් ලෙස සලකා අත්හිටුවීමට මැතිවරණ කොමිසම පියවර ගැනීමෙන් ලක්ෂ 18ක් වන වී සහ අතිරේක භෝග වගාකරන ගොවීන් බරපතළ පීඩාවට ලක්වී ඇති බවත්ය.
2024/25 මාස් කන්නයේ මහා වාරි යටතේ හෙක්ටයාර් 825,000ක් සහ සුළු වාරි මාර්ග සහ අහස් දියෙන් හෙක්ටයාර් 25,000ක් වී සහ අතිරේක ආහාර භෝග වගාකෙරෙන බවද, පොහොර සහනාධාරය අත්හිටුවීම මගින් ලබන වසරේ හාල්, බඩඉරිඟු ඇතුළු අත්‍යවශ්‍ය අහාර අවශ්‍යතාවට දැඩි බලපෑමක් එල්ල වන බවද සභාපතිවරයා පෙන්වා දෙයි.
මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන මෙම වාරණය වහාම අහෝසි කරන ලෙස බල කරමින් හෙට(03) දිනයේ මැතිවරණ කාර්යාලය ඉදිරිපිට ගොවි විරෝධතාවක් පැවැත්වීමට පියවර ගෙන ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදයි..
යහපාලන කාලේ හන්තානේ රජයේ වටිනා ඉඩම් කුණු කොල්ලෙට ලියාගත් පිරිසක් ගැන පරීක්ෂණ.. රටම දන්න මාධ්‍යවේදීනුත් ඉන්නවලු..
රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙලා.. අපිම තමයි හරි කියන තීරණයේ ගියොත් වැඩිකල් යන්න බෑ - කොටපිටියේ හිමියෝ අගමැතිනිගේ මුහුණටම කියති..
අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට..
අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..
මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
