මැතිවරණ අල්ලසක් කියා පොහොර සහනාධාරය නැවැත්වීමෙන් ගොවිතැනට මාරක ප්‍රහාරයක් එල්ල වෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන්
මැතිවරණ අල්ලසක් ලෙස සලකා පොහොර සහනාධාරය අත්හිටුවීමෙන් 2024/25 මහ කන්නයේ වී සහ අතිරේක ආහාර භෝග වගාවලට මාරක ප්‍රහාරයක් එල්ලවී ඇති බව ජාතික ගොවිජන එකමුතුව පවසයි.
එහි සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසන්නේ මැතිවරණය කල්දැමීමේ හැකියාව ඇතත් මාස් කන්නය කල් දැමීමට හැකියාවක් නොමැති බවත්, මහ මැතිවරණ ප්‍රකාශකර තිබිය දී පොහොර සහනාධාරය මැතිවරණ අල්ලසක් ලෙස සලකා අත්හිටුවීමට මැතිවරණ කොමිසම පියවර ගැනීමෙන් ලක්ෂ 18ක් වන වී සහ අතිරේක භෝග වගාකරන ගොවීන් බරපතළ පීඩාවට ලක්වී ඇති බවත්ය.
2024/25 මාස් කන්නයේ මහා වාරි යටතේ හෙක්ටයාර් 825,000ක් සහ සුළු වාරි මාර්ග සහ අහස් දියෙන් හෙක්ටයාර් 25,000ක් වී සහ අතිරේක ආහාර භෝග වගාකෙරෙන බවද, පොහොර සහනාධාරය අත්හිටුවීම මගින් ලබන වසරේ හාල්, බඩඉරිඟු ඇතුළු අත්‍යවශ්‍ය අහාර අවශ්‍යතාවට දැඩි බලපෑමක් එල්ල වන බවද සභාපතිවරයා පෙන්වා දෙයි.
මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන මෙම වාරණය වහාම අහෝසි කරන ලෙස බල කරමින් හෙට(03) දිනයේ මැතිවරණ කාර්යාලය ඉදිරිපිට ගොවි විරෝධතාවක් පැවැත්වීමට පියවර ගෙන ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා