ජනපති අනුර මුල් දවසේ කළ පත්කිරීම් තුනෙන් දෙකක්ම විශ්වාසය බිඳෙන සුළු ඒවායි - ගම්මන්පිල කියයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පළමුවන පත්වීම විශ්වාසය බිඳින සුළු එකක් බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද (26) පිටකෝට්ටේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
පිවිතුරු හෙළ උරුමය නායකයා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.
"අනුර කුමාර දිසානායක මැතිතුමාට ජනාධිපති තනතුරේ කටයුතු සාර්ථකව ඉටු කිරීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමින් මම එතුමාට සුබ පතනවා. කිසිවෙක් මේ ආණ්ඩුවට සහය නොදුන් පමනින් මේ ආණ්ඩුව කඩා වැටිය යුතුයි කියලා හිතන්න නරකයි. ගෝඨාභය ආණ්ඩුව කඩා වැටෙද්දී කඩා වැඩුනේ ආණ්ඩුව විතරක් නෙවෙයි. රටත් කඩා වැටුනා. රට අපේ. ඒ නිසා මේ අභියෝගාත්මක මොහොතේ ජනතාව විසින් තෝරාගත් ජනපතිට එම අභියෝග ජයගත හැකිවේවායි ප්‍රාර්ථනා කිරීම රටට ආදරය කරන පුරවැසියන්ගේ යුතුකමක්. සුබ වේවා යැයි ප්‍රාර්ථනා කළ පමණින් සුබ වෙන්නේ නෑ. සුබ වෙන ආකාරයට කටයුතු කිරීමේ වගකීම තිබෙන්නේ එතුමාට. එතුමා ජාතිය අමතා කියා සිටියේ තමන් ගැන විශ්වාස නොකරන අයගේ විශ්වාසය දිනා ගත හැකි ආකාරයෙන් එතුමා කටයුතු කරනවා කියලා. නමුත් එතුමා මුල් දවසේ කළ පත්වීම් තුනෙන් දෙකක්ම ඒ විශ්වාසය බිඳෙන සුළුයි.
ජනාධිපති ලේකම් ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා. ලක්ෂ 15ක් පමණ වෙන රාජ්‍ය සේවකයින්ගේ ප්‍රධානියා. ඒ තනතුරට පත් කරන්නේ සමස්ත රාජ්‍ය සේවයේම ගෞරවය දිනා ගත හැකි නිලධාරියෙක්. එහෙම නොවුණොත් සමස්ත රාජ්‍ය සේවයම කඩා වැටිලා ආණ්ඩුව පිරිහෙනවා. ඒ නිසා පසුගිය ජනාධිපතිවරු තමන්ගේ ලේකම් හැටියට පත් කලේ කේ එච් ජේ විජේදාස, ලලිත් වීරතුංග, ඔස්ටින් ප්‍රනාන්දු වගේ කීර්තිමත් පරිපාලන නිලධාරින්. එහෙම නැතිනම් රාජ්‍ය සේවයෙන් බාහිරව සිටින කීර්තිමත් පුද්ගලයෙක්. නමුත් වත්මන් ජනාධිපතිතුමා මේ වැදගත් තනතුරට පත් කරන්නේ තමන්ගේ සරසවි සගයෙකු වුණු කණිෂ්ඨ නිලධාරියෙක්. එතකොට ජනාධිපතිතුමාට රාජ්‍ය යාන්ත්‍රණය ගැන උපදෙස් දෙන්න ලේකම්ට හැකියාවක් නෑ. විශේෂයෙන්ම ලේකම්වරු සහ දෙපාර්තමේන්තු ප්‍රධානින් වැනි ජ්‍යෙෂ්ඨ නිලධාරින් තමන්ගේ නායකයා විධියට මේ කණිෂ්ඨ නිලධාරියා පිලි ගන්නේ නැති වීමෙන් ගැටළු එනවා. මේක හරියට තමන්ගේ හිතමිත්‍ර එස්අයි කෙනෙක් පොලිසියේ පොලිස්පති විධියට පත් කළා වගේ වැඩක්.
ඒ වගේම මහජන ආරක්ෂක අමාත්‍යාංශය ලේකම් ධූරය දුන්නේ දැනට පොලිස් විමර්ශනයකින් තමන්ව අත්අඩංගුවට ගන්න යනවා කියා අධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කළ අයෙක්. ඔහුව අමාත්‍යාංශ ලේකම් තනතුරට පත් කළ යුතු නම් පොලිස් විමර්ශනය අවසන් වෙලා ඔහුට නඩු පැවරිය නොහැකි බවට නීතිපති නිගමනය කරන තුරු ඉවසිය යුතුව තිබුණා. අපි මේවා අත්දැකීමෙන් දැක්කා.
ගෝඨාභය ජනාධිපතිතුමා තමන්ගේ ලේකම් ධූරය පිරිනැමුවේ ලලිත් වීරතුංග මහත්තයාට. නමුත් වීරතුංග මහත්තයා කිව්වා මට විරුද්ධව උසාවියේ නඩුවක් විභාග වෙනවා. ජනාධිපති ලේකම් තමයි ජනාධිපති වෙනුවෙන් විනිශ්චයකාරවරුන් සමග ගනුදෙනු කරන්නේ. ඒ නිසා මට ඒ තනතුර භාර ගන්න බෑ කියලා. ඒ වගේම මාස කිහිපයකට උඩ දී බීමතින් රිය ධාවනය කරලා අනතුරක් කරගෙන රක්ෂිත බන්ධනාගාර ගත වුණු කෙනෙකුට පොලිසිය භාර දුන්නාම නීතියේ ආධිපත්‍ය පිහිටුවීමට දුන්නු මැතිවරණ පොරොන්දුවට මොකද වෙන්නේ කියලා අපට අහන්න වෙනවා.
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා