News Category
From Date
To Date
Maximum Number of Result

බීජ සඟවා බීජ මිල ඉහළ දැමිමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි... - ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන්ගෙන් අනාවරණයක්

Sep 26, 2024 at 04:08 PM
|

පහුගිය කෘෂිකර්ම ඇමතිවරුන්ට හා ඇතැම් ඉහළ නිලධාරින්ට  සම්බන්ධ  බීජ කොම්පැනි විසින් හිඟයක් මවාපාමින් හිතුමතේ බීජ මිල ඉහළ දැමීමේ කුමන්ත්‍රණයක් පවතින බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි. 

මේ වන විට මාස්කන්නය ආරම්භ කර ඇති බවත්, එහෙත් තවමත් කන්න රැස්වීම් පවත්වා නැති බව හා ඇමතිවරුන්, ජනාධිපතිවරුන් පත්වන තෙක් බලාසිටිය යුතු නැති බවත් කෘෂිකර්මයට සම්බන්ධ  වගකිව යුතු ආයතන හා බලධාරීන්මේ සම්බන්ධව කටයුතු කළ යුතු බවත් ඒ මහතා සඳහන් කරයි.

එමෙන්ම මේ මාස් කන්නයේ පවතින ලොකුම අර්බුදය බීජ හිඟය බවද, මෙය බරපතල කුමන්ත්‍රණයක්  බව ද  අනුරාධ තෙන්නකෝන් මහතා පිටකෝට්ටේ ගොවිගෙදර මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ජාවේදි අදහස් පල කරමින් කියා සිටියේය. 

එහිදී තවදුරටත්  අදහස් දැක්වූ ඒ මහතා,

"පළමුව අපි අභිනවයෙන් පත්වෙච්ච ජනාධිපතිවරයාට ජනතාව වෙනුවෙන් සුභ පතන අතර  කෘෂිකර්ම ඇමතිවරයකු රටේ ජනාධිපතිවරයා වීම පිළිබඳව ගොවි ජනතාව විදිහට අපි සතුටු වෙනවා. 

ගොවි ජනතාවට සංවේදී වී මේ රට කෘෂිකර්මාන්තයේ නියැලෙන ගොවි ජනතාවත් වී වගාව ඇතුළු කෘෂිකර්මාන්තයත් යහපත් දිසාවකට ගොඩනංවාලීම මේ ආණ්ඩුවේ වගකීමයි. ඒ වගේම අපි හැමදාමත් අලුතෙන් කෘෂිකර්ම ඇමතිවරු පත්වෙනකොට අලුත් නිලධාරීන් පත් වෙනකොට ඔවුන් සමග අපි සාකච්ඡා කළා මේ ප්‍රශ්න පිළිබඳව දිගින් දිගටම හැබැයි කියන්න කණගාටුයි පත්වෙච්ච කිසිදු ඇමතිවරයෙක් හෝ බලධාරියෙක් මේ රටේ කෘෂිකර්මාන්තය ගොඩ නංවලා ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය උසස්  මට්ටමට ගෙනල්ලා පාරිභෝගිකයාත් ආරක්ෂා කරගෙන කෘෂි ව්‍යවසායකත්ව වෙළඳුනුත් ආරක්ෂා කරගෙන මේ රටේ ආහාර සුරක්ෂිතතාවය ගොඩනඟන්න ප්‍රමුඛ දායකත්වයක් දුන්නේ නෑ

 ඒ වගේම ඔවුන් කරේ කෘෂිකර්මය යෙදවුම් සහ මෙවලම් ගෙන්නන බීජ ගෙන්වන මහා පරිමාණ සමාගම්වලින් අත යට කොමිස් අරගෙන ඔවුන්ගේ මඩිය තරගත්ත එකයි . 

එනිසා පහුගිය කාලේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ වෙච්ච අයතා සම්බන්ධයෙන් දූෂණ හා වංචා  සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කර අදාළ වගකිවයුත්තන්ට දඬුවම් දී රටට අහිමි වෙච්ච මුදල් යළි පවරා ගත යුතුයි.

විශේෂයෙන්ම අපි පහුගිය කාලේ හිටපු කෘෂිකර්ම ඇමතිවරයාට එරෙහිව  රහස් පොලිසියේ පැමිණිල්ලක් කරා රුපියල් බිලියන 16.9 ක ය කාබනික පොහොර වංචා මගඩියක් සම්බන්ධයෙන් . මේ පිළිබඳව පැමිණිල්ල බාරගත්තෙවත් නෑ. 

ඒ වගේම පහුගිය කාලේ මහා ආන්දෝලනාත්මක සිද්ධියක් වෙච්ච චීන පොහොර ගනුදෙනුව පිළිබඳව මම පැය හතරක් අල්ලස් දූෂණ කොමිෂන් සභාවේ සාක්ෂි දුන්නා හිටපු කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු එවකට හිටපු කෘෂිකර්ම රාජ්‍ය ඇමතිලා හා ඉහල නිලධාරින්  වගකිව යුතුයි. මේ චීන පොර ගනුදෙනු නිසා රටට අහිමි වෙච්ච පාඩුව ඩොලර් මිලියන 6.9 ක් . ඒ සම්බන්ධව අදටත් වෙච්ච දෙයක් නෑ අවසානයේ පොහොරත් නෑ රටට සල්ලිත් නෑ මේ පිළිබඳව වගකිවයුතු සියලු දෙනාගේ තරාතිරම නොබලා විධිමත් පරීක්ෂණයක් කර රටට අහිමි වෙච්ච  ධනස්කන්ධය යළි ඔවුන්ගෙන් පවරා ගත යුතුයි. 

.දැන් මේ මාස් කන්නය ආරම්භ වෙලා තියෙන්නේ. මේ රටේ වී වගාව කරන ගොවි ජනතා ප්‍රමාණය සමස්ත ජනගහනයෙන් සීයට විස්සක්. ඒ වගේම අනෙකුත් කෘෂිකර්ම කටයුතුවල සෘජුව හා වක්‍රව නියැලෙන ප්‍රමාණය සමස්ත ජනගහනයෙන් 67 % ක්.හැබැයි අද ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය මුළුමනින්ම කඩා වැටිලා. අස්වනු කාලෙට ගොවියාට අස්වනු ටික නිසි මිලට විකුණා ගන්න විදිහක් නෑ. කන්නෙ පටන් ගන්නකොට කලට වෙලාවට පොහොර ටික නෑ. අපේ රටේ බීජ ටික දැන් ඇත්තටම නැතිවෙලා අදාල බලධාරීන් මේ සියලු දේවල් සපයන්නේ කොම්පැනිවල අත යටින් ලැබෙන වරප්‍රසාද වරදාන  ප්‍රමාණයන්  අනුව.

ඒ නිසා අලුත් කෘෂිකර්ම ඇමැතිවරයා වෙච්ච ඒ වගේම අලුත් ජනාධිපතිවරයාගේ වගකීම පහුගිය කාලය පුරා කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ඇතිවෙච්ච ඇති කරපු මහා පරිමාණ දූෂණ වංචාවන් සම්බන්ධයෙන් අදාල බලධාරීන්ට දඬුවම් කිරීම.

මේ මස් කන්නේ ගොවියාට අවශ්‍ය බීජ හිඟයක් මවා පාමින් බීජ මිල සීඝ්‍රව ඉහළ යනවා. සමහර කෘෂිකර්ම ඇතිවරුන්ට නියමින් හෝ අනියමින් සම්බන්ධ   සමාගම් මේ කුමන්ත්‍රණය දියත් කරලා තියෙන්නේ දැන්.අද වන විට රුපියල් 13000ට 14000 ට  තිබ්බ බඩ ඉරිගු බීජ කිලෝ එකක් රු 17500/= යි .වට්ටක්කා බීජ ඇත්තෙම නැහැ.අපේ රටේ වට්ටක්කා බීජ වල ඉඳන් වැටකුළු කැකිරි ඇතුළු හැම බීජ වර්ගයක්ම ගෙන්වන්නේ පිටරටින්. 

මේක බීජ මාෆියාවක් පවත්වාගෙන යනවා මේකට ඇතැම් හිටපු කෘෂිකර් නමැතිවරු සම්බන්ධයි ඒ වගේම ඉහල කෘෂිකර්ම අමාත්‍යාංශයේ  හිටපු සමහරක් ඉහළ නිලධාරීන් සම්බන්ධයි මේ පිළිබඳව වහාම පරීක්ෂණ කළ යුතුයි.

ගොවියාට අවශ්‍ය බීජ ටික ගුණාත්මක හා නිසි සාධාරණ මිලට ලබාදිය යුතුයි. හිටපු කෘෂිකර්ම ඇමති කෙනෙක්ගේ සහොදරයෙක් බීජ ගෙන්වන සමාගමක් තියෙනවා පහුගිය කාලේ මොණරාගල පැත්තේ පැණි කොමඩු බීජ පැළ උන්නේ නෑ.  ඒ ආයතනය තමයි  බීජ ගෙන්නලා විකුණුවේ.

ඒ වගේම මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිවරණ රැස්වීම තිබූ අනුරාධපුරයේදී බඩ ඉරිඟු වගා කරන ගොවීන් රැස්වීමට ගෙන්න ගත්තේ බඩ ඉරිඟු බීජ දෙන්නේ රැස්වීමට එන අයට විතරයි කියලා  අනුරාධපැත්තේ හිටපු කෘෂිකර්ම ඇමතිවරයෙක්  කිව්වා. 

ඔය හිටපු කෘෂිකර්ම ඇමතිවරු එකතුවෙලා තමන්ගේ පාක්ෂිකයන්ට බඩු බෙදුවා බීජි දුන්නේ තමන්ගේ පාක්ෂිකයන්ට. එනිසා බරපතල ප්‍රශ්නයක් තියෙනවා මේ රටේ කෘෂිකර්මාන්තය කඩාවට්ටන්න දායක වුණේ ඒ වගේම මේ රටේ ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය කඩාවැටන්න දායක වුණේ මේ හිටපු කෘෂිකර්ම ඇමැතිවරු හා ඇතැම් ඉහළ නිලධාරීන් හා බලධාරීන්.

නව ජනාධිපතිවරයා බලය ඉල්ලුවේ 76 වසරක කඩා වැටිච්ච රට 76 වසරක සාපය නිමා කරලා රට හදන නිවැරදි දිසානතියකට අරන් යන්න.ඒ වගේම තමයි ඔහු දිනවන්න ඡන්දය පාවිච්චි කරපු මේ රටේ සමස්ත බහුතරය  ගොවිජනතාව. ඒ නිසා මේ එළඹෙන මස් කන්නේ ගොවි ජනතාවට තියෙන ප්‍රශ්න ටික නිවැරදිව හඳුනාගෙන ඒවාට ඉක්මන් විසඳුම් වුණේ කලට වෙලාවට පොහොර ටික අවශ්‍ය බීජ ටික ඒ වගේම කෘෂි යෙදවුම් හා  උපකරණ වල බද්ධ ඉවත් කරලා කෘෂි නිෂ්පාදනය සඳහා යන නිෂ්පාදන පිරිවැය අවම කරන්න අවශ්‍ය කටයුතු කළ යුතුයි.

මේ රටේ කෘෂි නිෂ්පාදන ආර්ථිකය ගොඩනගන්න කෘෂි නිෂ්පාදන ක්ෂේත්‍රයේ ගැටලු හඳුනාගත යුතුයි.

අපි දන්න විදිහට කෘෂි ආර්ථික සංගණනයක් අවුරුදු තිස්පහකින් විතර කරල නෑ .එදිනෙදා අවශ්‍ය  පරිභෝජන භාණ්ඩ පිළිබඳව  විශේෂයෙන්ම එළවළු අවශ්‍යතාවයන් පිළිබඳව සංඛ්‍යාත්මක දත්ත නෑ. මේ රටේ කෘෂි නිෂ්පාදනයෙන් සියයට තිහකට ප්‍රමාණයක් වන සත්ව හානිය නිසා විනාශ වෙනවා  ඒ වගේ අස්වනු විකුණාගත නොහැකිව හා ආර්ථික මධ්‍යස්ථානවලින් විනාශ වෙන එළවළු හා පළතුරු ප්‍රමාණය දෛනිකව ටොන් 30කට ආසන්නයි.එය සමස්ත නිෂ්පාදනයෙන් සියයට දහයකට ආසන්න ප්‍රමාණයක්.

ඒ වගේම අපේ රටේ පවතින කාලගුණික හා දේශගුණය විපර්යාසයන් හේතුවෙන් මියගිය වේවා වර්ෂාව නිසා වේවා සිදුවනු හානිය අටකට ආසන්නයි. මෙය සමස්තයක් විදිහට මේ රටේ කෘෂි නිෂ්පාදනයෙන් සියයට පනහකට ආසන්න ප්‍රමාණයක් නාස්ති වෙනවා. බරපතල ප්‍රශ්නයක් මේ සම්බන්ධව පහුගිය කාලයේ හිටපු කිසිදු ඇමතිවරයකුට හෝ ආණ්ඩුවකට හෝ රාජ්‍ය බලධාරියෙකුට ඇත්ත වුවමනාවක් තිබ්බෙත් නෑ එහෙම වැඩපිලිවෙලක් තිබ්බෙත් නෑ.. 

හැබැයි බීලූණු අස්වනු නෙලන කාලෙට බීලු පිටරටින් ගෙන්වන්න  අල අස්වනු නෙලන කාලෙට අල පිටරටින් ගෙන්වන්න මේ අයට වැඩපිළිවෙළක්  තිබුණා.

බිත්තර ප්‍රශ්නය හොඳටම සාක්ෂියක්. අද මේ රටේ කුඩා හා මධ්‍යම පරිමාණ බිත්තර නිෂ්පාදකයා නන්නත්තාර වෙලා. අපිට දැනගන්න තියෙන තොරතුරු අනුව එක ආනයනික බිත්තරයකින් තියෙන අත යට ගනුදෙනු රුපියල් 7.50  ආසන්න ප්‍රමාණයක්. ඒ වගේ පිටරටින් ගෙන්වන හැම ආහාර ද්‍රව්‍යකින්ම අත යට ගනුදෙනු තියෙනවා . මේ රටේ කෘෂිකර්මාන්තය කඩා වැටීමට මේ රටේ ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය කඩාවැටීමට එදා මෙදා තුර බලයට ආපු ආණ්ඩු ඒ වගේ මේ ආණ්ඩුවට හිටපු කෘෂිකර්ම ඇමතිවරු කෘෂිකර්ම ක්ෂේත්‍රයට සම්බන්ධ ඇතැම් ඉහළ නිලධාරීන් වගකිවයුතුමයි. 

.ඒ පිළිබඳව සොයා බලා විධිමත් පරීක්ෂණ කරන්න ඕන. ඒ වගේම පහුගිය කාලේ මේ රටේ කෘෂිකර්මාන්තය නගා සිටීම සඳහා ලැබිච්ච විදෙස් ආධාර ප්‍රමාණය ඩොලර් මිලියන 750 කට ආසන්නයි. ඒ සම්බන්ධ විධිමත් ක්‍රමවේදයකට සොයා බැලිය යුතුයි. 

අදාල ව්‍යාපෘති සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා කටයුතු කළ යුතුයි. මේ අලුතෙන් පත්වෙච්ච ජනාධිපතිවරයාට වගේම කෘෂිකර් ඇමැතිවරයාට තියෙන බරපතල අභියෝගයක්.

මේ රටේ ඡන්දය දුන්න හැම කෙනෙක්ම බලාපොරොත්තු උනේ ඉක්මන් විසඳුම් ටිකක්. කළ හැකි ටිකක් විශේෂයෙන්ම ගොවි ජනතාවගේ . එළඹෙන මාස්කන්නේ ඒ කියන්නේ මේ මාස් කන්නේ විසඳුම් දෙන්න ඕනේ පුළු පුළුවන් විදිහට. ඒ පිළිබඳව ගොවිජනතා වගේම අපි බලන් ඉන්නවා."

මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්න සහ ඒවාට ලබාදුන් පිළිතුරු පහළින්, 

පහුගිය කෘෂිකර්ම ඇමැතිවරුන් හා බලධාරීන්  මේ අයථා  ගනුදෙනු හා බීජ මාෆියාවට  සම්බන්ධ  වන්නේ කොහොමද? ඒ ඇයි ..? 

අනිවාර්යයෙන්ම සෘජුව හා වක්‍රව සම්බන්ධයි . ඊට එරෙහිව අපි ඒවා හෙළිදරව් කරනකොට අපිට මිලියන 1000 - 500 වැනි විශාල වන්දි ඉල්ලලා එන්තරවාසි එව්වා . පරීක්ෂණ යටපත් කරා විතරක් නෙවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු ට පැමිණිලි දාපුවාම ඒ පිලිබදව හැරෙන තැපෑලෙන් උත්තර එනවා ඒවා පරීක්ෂණ කරන්න අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු වට බලයක් නෑලු කියලා. ඔන්න ඔහොමයි පහුගිය කාලේ ආණ්ඩු හා කෘෂිකර්ම ඇමතිවරු කටයුතු කලේ. 

ඇතැම් හිටපු ඉහල නිලධාරින් බීජ කොම්පැනි වල පොහොර සමාගම් වල නිල නොලත් මාකටින් මැනේජර්ස්ලා.. මේවා තමා මාෆියාව. තමන්ගේ මැතිවරණ ව්‍යාපාර වලට වියදම් කරේ මහා පරිමාණ ආනයනික පොහොර සමාගම් දුන්නු අතයට පරිත්‍යාග . ඇතැම් නිලධාරින් ට පිටරට සාප්පු සවාරි එක්ක විදෙස් සංචාර .මේවා තමා මේ ජාවාරම් මාෆියාවේ සම්බන්ධකම්.

සම්බන්ධිත පුවත් | Related News

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ චීනයේ ජජියාන් පළාතේ ආණ්ඩුකාර ලියු ජියේ අතර හමුවක් ඊයේ (09) එම පළාත් ප්‍රධාන මහජන රුස්වීම් ශාලාවේදි පැවැත්විණි.
ජනාධිපති පොදු සමාව අව භාවිතා කරමින් නිදහස් වූ බවට චෝදනා එල්ල වන අනුරාධපුරයේ තිලකරත්න නම් සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ මෙහෙයවමින් සිටින බව වාර්තා වේ.
ඩෙංගු මදුරුවන් බෝවන අවදානම සහිත ස්ථාන පාසල් පරිශ‍්‍රයකින් වාර්තා වුවහොත් ඒවායේ විදුහල්පතිවරුන්ට එහි වගකීම පවරමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයට විදුහල්පති ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමය විරෝධය පළකර තිබේ.
කොළඹ මහ නගර සභාවේ නගරාධිපති සටනට සමඟි ජන බලවේගයෙන් ඊසා සරුක් ඉදිරිපත් කරවීමට පෙර සමගි ජන බලවේග නායකත්වය අනෙකුත් පක්ෂ සමඟ යම් දුරකට සාකච්ඡා කරන්නට තිබුණේ යැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් මහතා පැවැසීය.
මෙරට සම්බුද්ධ ශාසනය පිහිටුවීම සිහිපත් කෙරෙන පො‍සොන් පුර පසළොස්වක පොහොය අදට (10) යෙදී තිබේ.
වැඩතහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ජනවාර්ගික කණ්ඩායමක නායකයින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විරෝධතා පැන නැගීමෙන් පසු බලධාරීන් විසින් කැළඹිලි සහිත ඊසානදිග ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ සමහර ප්‍රදේශවල ඇඳිරි නීතිය පනවා ඇති අතර අන්තර්ජාල සේවා අවහිර කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන බදාදා (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පෙනී සිටින බව දන්වා තිබේ.
රේගු පරීක්‍ෂාවකින් තොරව වරායෙන් නිදහස් කරන ලද බහාලුම් 323 ලැයිස්තුවක් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා විසින් අද ඉදිරිපත් කලේය.

ප්‍රධාන පුවත්

යහපාලන කාලේ හන්තානේ රජයේ වටිනා ඉඩම් කුණු කොල්ලෙට ලියාගත් පිරිසක් ගැන පරීක්ෂණ.. රටම දන්න මාධ්‍යවේදීනුත් ඉන්නවලු..

හන්තාන ප්‍රදේශයේ පිහිටි රජය සතුව තිබූ වටිනා ඉඩමක් මාධ්‍යවේදීන් හා අධිකරණ ක්ෂේත්‍රයේ නිලධාරීන් අතර බෙදා දීමක් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු මේ වන විට සිදුවීම් පවතින බව වාර්තා වෙයි.

රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙලා.. අපිම තමයි හරි කියන තීරණයේ ගියොත් වැඩිකල් යන්න බෑ - කොටපිටියේ හිමියෝ අගමැතිනිගේ මුහුණටම කියති..

‘විශාල බලාපොරොත්තු තබාගෙන පත්කරගත් රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙමින් පවතින බව කෝට්ටේ ශ්‍රී කල්‍යානි සාමග‍්‍රි ධර්ම මහා සංඝ සභාවේ අනු නායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ සඳහන් කරති.

අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..

පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්චුනා මහතා පවසන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට පැමිණ ඇති බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා රේගු වාර්තා ඉදිරිපත් කරමින් පෙන්වා දෙයි.

ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්

අනුරාධපුර බන්ධනාගාරයේ සිටි රැදවියෙකු වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරිම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..

ඉන්දියාව සමග ශ්‍රී ලංකා රජය අත්සන් කළ ගිවිසුම් හත සම්බන්ධයෙන් තොරතුරු ලබා නොදීම ගැන ජාතික සංවිධාන විසින් කළ අභියාචනයකට පිළිතුරු සපයමින් ඉකුත් 4 වැනි දා අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා විසින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබුනේ එම අභියාචනය ප්‍රතික්ෂේප කරන බවයි.

දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..

එල්ටීටීඊ ත්‍රස්තවාදය නිසා ඉන්දියාවට පලා ගිය දෙමළ ජන කණ්ඩායම් නැවත ලංකාවට ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරන බව වාර්තා වන බවත්, එසේ දෙමළ ජනයා ගෙන්වා ගැනීමේ දී ආගමන විගමන කටයුතු නිසි පරිදි සිදු විය යුතු බවත් දේශප්‍රේමි ජාතික පෙරමුණ පවසයි.

ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කෙරුණු ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු පෙත්සම අද(5) දින ‍ශ්‍රේෂ්ඨාධිකරණයේ දී පළමු වරට විභාගයට ගැණිනි.

කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)

රේගු පරීක්‍ෂාවකින් තොරව වරායෙන් පිටකරන ලද කන්ටේනර් 323 සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අන්දෝලනාත්ම ප්‍රකාශයක් පාර්ලිමේන්තුව තුළ දී සිදුකර තිබේ.

යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..

යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර පළාත් වල සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම පිළිබඳව ජාතික සමගිය සහ සංහිඳියා කාර්යාලය සමග සාකච්චාවක් පැවත්විණි.

දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)

දන්ඩනිති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න මහත්මිය පවසන්නේ මෙම වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ ලෙස තම සංවිධානය තදින් විරුද්ධ වන බවය.

ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව

දරුවන් ලිංගික අපයෝජනවලින් බේරාගැනීම සඳහා දණ්ඩනීති සංග්‍රහයේ ඇති අස්වාභාවික වැරදි පිළිබඳ 365 දරණ වගන්තිය සහ පුද්ගලයන් අතර බරපතළ අශෝභන ක්‍රියා පිළිබඳව සඳහන් වන 365 A වගන්තිය ඉවත් කරමින් දණ්ඩනීති සංග්‍රහයට සංශෝධනයක් ගෙන ඒමට අධිකරණ ඇමැතිවරයාට මානව හිමිකම් කොමිසම විසින් දන්වා ඇති බවට ඊයේ මාධ්‍ය හමුවක් අමතමින් දේශහිතෛෂීජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන්කර සිටියේය.

දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)

සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීම සඳහා ගෙන ඒමට යෝජිත නීති සංශෝධනයක් සිදුකිරීම පිළිබඳව මේ වන විට නැවත උත්සාහ දරමින් සිටින බවත්, දණ්ඩනීති සංග්‍රහයේ දැනට බල පවත්වන 365 වගන්තිය සහ 365 ආ වගනිතිය අහෝසි කිරීමට මෙමගින් යෝජනා කර ඇති බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)

ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකාරීන් පිරිසක් විසින් රටේ අර්බුද මැද මහජනයාගේ මනස වෙනත් පැත්තකට යොමු වී ඇති මොහොතක දරුවන් ලිංගික අපරාධවලින් ආරක්ෂා කරගැනීමට පනවා තිබූ දණ්ඩනීති සංග්‍රහයේ 365 සහ 365 ආ වගන්ති සංශෝධනය කර ලක්ෂ 60ක පමණ වන මෙරට දරුවන්ගේ ජීවිත අනතරුරට හෙළීමට කටයුතු සූදානම් කර ඇති බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා නගයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.