මම ඉන්ද්‍රජාලිකයකු නොවේ... රට ගොඩනගන්න සැමගේ සහාය අවශ්‍යයි - ජනපති අනුර ජාතිය අමතමින් කියයි
රට ගොඩනැගීමේ කාර්යයේදී තමන්ට සියලු ජනතාවගේ සහාය අවශ්‍ය වන බව නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.
එය තනිව තමන්ට හෝ තම කණ්ඩායමට කළ නොහැකි ඔබවත්, තමන් ඉන්ද්‍රජාලිකයකු නොවන බවත් ඔහු සඳහන් කළේය.
ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් අවස්ථාවේ පළමු ජාති අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.
ශ්‍රී ලංකාව මේ වන විට පත්වී තිබෙන අර්බුදය සම්බන්ධයෙන් හොඳින් තේරුම් ගෙන ඇති බවද, එහෙම අර්බුදය පියමං කරගැනීම සඳහා ජාතියක් ලෙස සියලු දෙනා එකමුතුව කටයුතු කළ යුතු බව මෙන්ම ඊට ජාත්‍යන්තර සහායද ලැබිය යුතු බවද ඔහු සඳහන් කළේය.
ජනාධිපතිවරණයෙන් අනතුරුව සිදුවූ බල හුවමාරුවේදී ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඒ සඳහා කටයුතු කළ හිටපු ජනාධිපති වික්‍රමසිං මහතාටද ස්තූතිවන්ත වන බවද එහිදී තවදුරටත් ඔහු කියා සිටියේය.
‘අප රටේ ප්‍රජාතන්ත්‍රවායේ වැදගත්ම ලක්ෂණය වන්නේ ජනතාව විසින් පාලකයෙක් තෝරා ගැනීමයි. මැතිවරණයට ඡන්ද ප්‍රකාශ කිරීම සහ පාලකයා තෝරා ගැනීමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය අවසන් වන්නේ නැහැ. අප රට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා ව්‍යුහයන්ගේ ශක්තිමත් කිරීම අවශ්‍යයි. මෙරට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මගේ උපරිම කැපවීම සිදුකරන බව ප්‍රතිඥා දෙනවා.
මැතිවරණ බල හුවමාරුවකදී බල හුවමාරුව කිසිම නායකයෙක් ප්‍රතික්ෂේප කර නැහැ. ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනවරම සුහදව පිළිගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී බල හුවමාරුව වෙනුවෙන් එතුමාගේ කැපවීම, ආදර්ශය වෙනුවෙන් ස්තූතිවන්ත වෙනවා.
අපට ලැබෙන්නේ අභියෝගාත්මක රටක්. අපගේ දේශපාලනය මීට වඩා පිරිසිදු විය යුතුයි. යහපත් දේශපාලන සංස්කෘතියක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් කැප වෙන්න සූදානම්.
අප රටේ දේශපාලනය ගැන මහජනතාවට තිබෙන්නේ හොඳ මතයක් නොවේ. ඒ නිසා මහජනයා කෙරෙහි දේශපාලකයා කෙරෙහි මහජන ගෞරවය නැවත ඇති කරන්න කටයුතු කරනවා.
මේ ගැඹුරු අර්බුදය හුදු පුද්ගලයෙකුට හෝ ආණ්ඩුවකට පියමං කළ හැකි දෙයක් යැයි විශ්වාස කරන්නේ නැහැ.
මා ඉන්ද්‍රජාලිකයෙක් නොවේ. මැජික්කරුවෙක් නොවේ. මා මේ රටේ සාමාන්‍ය පුරවැසියෙක්. දන්නා දේවල් මෙන්ම නොදන්නා දේවල් තිබෙනවා. හැකියාවන් යොදා යොදාගෙන නොදන්නා දේ එක්රැස් කරගෙන වඩා හොඳ තීන්දු තීරණ ගැනීම මගේ අරමුණයි.
සාමූහික මැදිහත්වීමේ කොටස්කරුවකු බවට පත්වීම මගේ අරමුණයි.අර්බුදය නිමා කිරීමේදී පොදු පුරවැසියාටත් වගකීමක් තිබෙනවා. ඒ සැමගේ වගකීම අපේක්ෂා කරනවා.
මේ කාර්යභාරයේ ප්‍රමුඛතම වගකීම මා සතුව තිබෙන බව මා පිළිගන්නවා.භාවිතාවේදී හැම හැම විටම මා ඒ කාරණය පොදු පුරවැසියාට ඒත්තු ගන්වනවා.
අප රටට ජාත්‍යන්තර සහය අවශ්‍යයි.ඒ ඒ රාජ්‍යයන් සමඟ අපට වාසි සහගත අයුරින් කටයුතු කරන්නට කටයුතු කරනවා. අප හුදෙකලාව යුතු විය යුතු රාජ්‍යයක් නොවේ. එමෙන්ම කර්මාන්තකරුවන්ට සහ විවසායකයන්ට රට ගොඩනැගීමේදී විශාල කාර්යභාරයක් තිබෙනවා. ඔවුන් රජයේ කාර්යභාරයට උදව් කරනු ඇතැයි මා සිතනවා.
අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය විසින් මා ජනපති කර තිබෙනවා.
අයග්‍රහණයේ සංයුතිය සහ ප්‍රමාණය පිළිබඳව මට හොඳ අවබෝධයක් තිබෙනවා. අපට සහාය නොදුන් විශ්වාස නොකරන පුරවැසියන් පුරවැසියන්ගේ විශ්වාසය ගොඩනඟා ගැනීමටද අප කටයුතු කරනවා’
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුරගේ අලුත් ආණ්ඩුවට චීනයේ සහයෝගය... චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ 75 වැනි සංවත්සරය අමතා චීන තානාපතිවරයා කළ කතාව මෙන්න...
හිටපු ජනපති රනිල්ගේ රාජ්‍ය ආයතන විකිණීමේ කැබිනට් පත්‍රිකාවට එරෙහි නඩුව ඊළඟ ආණ්ඩුව පිහිටුවීම දක්වා කල්යයි
ජවිපෙ සහ ජාතික බලවේග අතර ගැටුමක් නැහැ... ඒත් මාලිමාව සහ ජාතික බලවේග අතර ගැටුම් පැවතිය හැකියි... 13 සම්පූර්ණයෙන්ම බලාත්මක නොකිරීමට පැහැදිලි ප්‍රතිඥාවක් ලබා දෙන්න - ආචාර්ය ගුණදාස අමරසේකරගෙන් ජනපතිට ලිපියක්
මහා බ්‍රිතාන්‍යය තෙවන ලොව රටවලින් කොල්ලකාගත් ධනය ආපසු ලබා දිය යුතු මොහොත පැමිණ තිබෙනවා- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය
පැරණි වීසා ක්‍රමවේදය යළිත්
ජනපති අනුර මුල් දවසේ කළ පත්කිරීම් තුනෙන් දෙකක්ම විශ්වාසය බිඳෙන සුළු ඒවායි - ගම්මන්පිල කියයි
බීජ සඟවා බීජ මිල ඉහළ දැමිමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි... - ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන්ගෙන් අනාවරණයක්
ජනාධිපති අනුර ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට විරුද්ධ නැහැ... ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ වෙනසක් නැහැ - මූඩීස්
ආගමන හා විගමන පාලක ඉලුක්පිටිය බන්ධනාගාරයට
ජනපතිට ඇති කඩකළ නොහැකි හෙලිකොප්ටර්, පරිවාර ගිලන් රථ නීතිය
පාර්ලිමේන්තුව විසුරුවයි... මහමැතිවරණය නොවැම්බර් 14
දිවුරුම් දුන් නව අමාත්‍ය මණ්ඩලය මෙන්න...
ලෙබනනයේ ස්වෛරීභාවය සහ ආරක්ෂාව සහතික කිරීම වෙනුවෙන් චීනය සහයෝගය දක්වනවා- චීන විදේශ ඇමති
ජනපති කාදිනල්තුමන් මුණගැහෙයි... පාස්කු ප්‍රහාරයේ සත්‍යය හෙළිකිරීමට පොරොන්දු වෙයි
මම ඉන්ද්‍රජාලිකයකු නොවේ... රට ගොඩනගන්න සැමගේ සහාය අවශ්‍යයි - ජනපති අනුර ජාතිය අමතමින් කියයි
අනුර දිසානායක නව වැනි විධායක ජනපති ලෙස දිවුරයි