මම ඉන්ද්‍රජාලිකයකු නොවේ... රට ගොඩනගන්න සැමගේ සහාය අවශ්‍යයි - ජනපති අනුර ජාතිය අමතමින් කියයි
රට ගොඩනැගීමේ කාර්යයේදී තමන්ට සියලු ජනතාවගේ සහාය අවශ්‍ය වන බව නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.
එය තනිව තමන්ට හෝ තම කණ්ඩායමට කළ නොහැකි ඔබවත්, තමන් ඉන්ද්‍රජාලිකයකු නොවන බවත් ඔහු සඳහන් කළේය.
ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් අවස්ථාවේ පළමු ජාති අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.
ශ්‍රී ලංකාව මේ වන විට පත්වී තිබෙන අර්බුදය සම්බන්ධයෙන් හොඳින් තේරුම් ගෙන ඇති බවද, එහෙම අර්බුදය පියමං කරගැනීම සඳහා ජාතියක් ලෙස සියලු දෙනා එකමුතුව කටයුතු කළ යුතු බව මෙන්ම ඊට ජාත්‍යන්තර සහායද ලැබිය යුතු බවද ඔහු සඳහන් කළේය.
ජනාධිපතිවරණයෙන් අනතුරුව සිදුවූ බල හුවමාරුවේදී ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඒ සඳහා කටයුතු කළ හිටපු ජනාධිපති වික්‍රමසිං මහතාටද ස්තූතිවන්ත වන බවද එහිදී තවදුරටත් ඔහු කියා සිටියේය.
‘අප රටේ ප්‍රජාතන්ත්‍රවායේ වැදගත්ම ලක්ෂණය වන්නේ ජනතාව විසින් පාලකයෙක් තෝරා ගැනීමයි. මැතිවරණයට ඡන්ද ප්‍රකාශ කිරීම සහ පාලකයා තෝරා ගැනීමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය අවසන් වන්නේ නැහැ. අප රට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා ව්‍යුහයන්ගේ ශක්තිමත් කිරීම අවශ්‍යයි. මෙරට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මගේ උපරිම කැපවීම සිදුකරන බව ප්‍රතිඥා දෙනවා.
මැතිවරණ බල හුවමාරුවකදී බල හුවමාරුව කිසිම නායකයෙක් ප්‍රතික්ෂේප කර නැහැ. ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනවරම සුහදව පිළිගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී බල හුවමාරුව වෙනුවෙන් එතුමාගේ කැපවීම, ආදර්ශය වෙනුවෙන් ස්තූතිවන්ත වෙනවා.
අපට ලැබෙන්නේ අභියෝගාත්මක රටක්. අපගේ දේශපාලනය මීට වඩා පිරිසිදු විය යුතුයි. යහපත් දේශපාලන සංස්කෘතියක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් කැප වෙන්න සූදානම්.
අප රටේ දේශපාලනය ගැන මහජනතාවට තිබෙන්නේ හොඳ මතයක් නොවේ. ඒ නිසා මහජනයා කෙරෙහි දේශපාලකයා කෙරෙහි මහජන ගෞරවය නැවත ඇති කරන්න කටයුතු කරනවා.
මේ ගැඹුරු අර්බුදය හුදු පුද්ගලයෙකුට හෝ ආණ්ඩුවකට පියමං කළ හැකි දෙයක් යැයි විශ්වාස කරන්නේ නැහැ.
මා ඉන්ද්‍රජාලිකයෙක් නොවේ. මැජික්කරුවෙක් නොවේ. මා මේ රටේ සාමාන්‍ය පුරවැසියෙක්. දන්නා දේවල් මෙන්ම නොදන්නා දේවල් තිබෙනවා. හැකියාවන් යොදා යොදාගෙන නොදන්නා දේ එක්රැස් කරගෙන වඩා හොඳ තීන්දු තීරණ ගැනීම මගේ අරමුණයි.
සාමූහික මැදිහත්වීමේ කොටස්කරුවකු බවට පත්වීම මගේ අරමුණයි.අර්බුදය නිමා කිරීමේදී පොදු පුරවැසියාටත් වගකීමක් තිබෙනවා. ඒ සැමගේ වගකීම අපේක්ෂා කරනවා.
මේ කාර්යභාරයේ ප්‍රමුඛතම වගකීම මා සතුව තිබෙන බව මා පිළිගන්නවා.භාවිතාවේදී හැම හැම විටම මා ඒ කාරණය පොදු පුරවැසියාට ඒත්තු ගන්වනවා.
අප රටට ජාත්‍යන්තර සහය අවශ්‍යයි.ඒ ඒ රාජ්‍යයන් සමඟ අපට වාසි සහගත අයුරින් කටයුතු කරන්නට කටයුතු කරනවා. අප හුදෙකලාව යුතු විය යුතු රාජ්‍යයක් නොවේ. එමෙන්ම කර්මාන්තකරුවන්ට සහ විවසායකයන්ට රට ගොඩනැගීමේදී විශාල කාර්යභාරයක් තිබෙනවා. ඔවුන් රජයේ කාර්යභාරයට උදව් කරනු ඇතැයි මා සිතනවා.
අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය විසින් මා ජනපති කර තිබෙනවා.
අයග්‍රහණයේ සංයුතිය සහ ප්‍රමාණය පිළිබඳව මට හොඳ අවබෝධයක් තිබෙනවා. අපට සහාය නොදුන් විශ්වාස නොකරන පුරවැසියන් පුරවැසියන්ගේ විශ්වාසය ගොඩනඟා ගැනීමටද අප කටයුතු කරනවා’
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා