
නෙතන්යාහු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ යුදෙව් ජාතිකයෙකු අත්අඩංගුවට ගත්තා - ෂින් බෙට් ආරක්ෂක ඒජන්සිය
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඇතුළු ඉහළ පෙළේ ඊශ්‍රායල නිලධාරීන් ඝාතනය කිරීමේ ඉරාන කුමන්ත්‍රණයකට සම්බන්ධ වූ බව කියන යුදෙව් ජාතිකයෙකු අත්අඩංගුවට ගත් බව ඊශ්‍රායල බලධාරීන් ප්‍රකාශ කළේ යැයි ෂින් බෙට් පුවත් සේවය පවසයි.
ඊශ්‍රායල පුරවැසියෙකු වන 73 හැවිරිදි මෝටි මාමන් නැමැති සැකකරුවෙකු පසුගිය මාසයේදී අත්අඩංගුවට ගත් නමුත් පොලිසිය සහ ඊශ්‍රායල ආරක්ෂක ඒජන්සිය වන ෂින් බෙට් සිද්ධියේ තොරතුරු ප්‍රසිද්ධියට පත් කළේ ඊයේ(19 ) දිනයේදීය. විමර්ශකයන්ට අනුව, අෂ්කෙලොන් ප්‍රදේශයේ පදිංචි මාමන්, ඉරානයට දෙවරක් සංචාරය කර ඉරාන නියෝජිතයෙකු ලෙස කටයුතු කිරීමට මුදල් භාර ගෙන ඇත්තේය.
මාමන් දිගු කලක් තුර්කියේ ජීවත්ව සිට ඇති අතර තුර්කි සහ ඉරාන ජාතිකයන් සමඟ ව්‍යාපාරික හා සමාජ සම්බන්ධතා ඇති බවද බලධාරීහු පවසති. ඔහුගේ තුර්කි සබඳතා දෙකක් හරහා, ඔහු අප්‍රේල් මාසයේදී “ඉරානයේ ජීවත් වන එඩී නම් ව්‍යාපාරිකයෙකු” හමුවීමට එකඟ වූ බවද ෂින් බෙට් පැවසීය. මාමන් අවසානයට ඉරානයට අවස්ථාවේදී ඔහු ඉරාන ආරක්ෂක නිලධාරීන් හමුවූ බවද ඒජන්සිය පැවසේ.
එතැන් සිට, මාමන්ට මුදල් සහ ආයුධ නිශ්චිත ස්ථානවල තැබීම, බුද්ධි තොරතුරු රැස් කිරීම සහ වෙනත් ඊශ්‍රායල පුරවැසියන් සම්බන්ධ කර ගැනීම වැනි පැවරුම් ලබා දුන් බව ෂින් බෙට් පැවසීය.
අගෝස්තු මාසයේදී මාමන් දෙවන වරටත් ඉරානයට ගිය අතර එහිදී ඔහුට නෙතන්යාහු, ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් සහ ෂින් බෙට් ප්‍රධානී රොනෙන් බාර් වෙත “ඝාතන ප්‍රහාර දියත් කරන ලෙස” පවසා ඇති බවද ආරක්ෂක ඒජන්සිය පවසයි.
ෂින් බෙට් ඒජන්සියට අනුව,මාමන් ඔහුගේ සහභාගීත්වය සඳහා ඩොලර් මිලියනයක් අත්තිකාරම් ලෙස ඉල්ලා සිටි නමුදු ඉරාන බුද්ධි අංශ එම ඉල්ලිම ප්‍රතික්ෂේප කර ඇත. කෙසේ වෙතත්, ඔහු රැස්වීම්වලට සහභාගී වීම සඳහා යුරෝ 5,000 ($ 5,580) ලබා ගත් බව කියනු ලැබේ.
මාමන් ගේ නීතීඥයා පවසා ඇත්තේ ඔහුගේ සේවාදායකයා "ඔහුගේ ව්‍යාපාරයේ සන්දර්භය තුළ තබා විනිශ්චය කිරීමේදී දෝෂයක්" කර ඇති බවත්, ඔහු දැනටමත් ඊශ්‍රායල ආරක්ෂක සේවාවන්ට විශාල ලෙස උදව් කර ඇති බවත්ය.
ඊශ්‍රායලය සහ ඉරානය එකිනෙකාගේ භූමි ප්‍රදේශයේ ඝාතන සහ ප්‍රචන්ඩ ක්‍රියා මෙහෙයවන බවට නැවත නැවතත් එකිනෙකාට චෝදනා කර ඇත. මෑතකදී සිදු වූ සිදුවීම් අතර, හමාස් දේශපාලන ප්‍රධානී ඉස්මයිල් හනියේ ජූලි මාසයේදී ටෙහෙරානයේ සංචාරයක යෙදී සිටියදී ඝාතනය විය. ඉස්ලාමීය ජනරජය හනියාගේ මරණය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට දොස් පවරනු ලැබීය. කෙසේ වුවද ඊශ්‍රායලය සිද්ධියට ඔවුන්ගේ තිබෙන සම්බන්ධය මෙතෙක් භාර ගැනීම හෝ ප්‍රතික්ෂේප කර නැත.
Jewish man arrested over plot to kill Netanyahu – Shin Bet
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
