
රේගුවට ඇති හිඟ බදු මුදලක් ගැන අනුර කියූ බොරුවක් රේගුවෙන් හෙළිකරයි
ශ්‍රී ලංකා රේගුවට රුපියල් ට්‍රිලියන 1.1ක හිඟ බදු මුදලක් ඇති බව ජාතික ජන බලවේගය පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පෞද්ගලික රූපවාහිනී ආයතනයක පැවති වැඩසටහනකට සහභාගි වෙමින් සඳහන් කර තිබේ.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව සඳහන් කරන්නේ ජාතික ජන බලවේගය පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරන ආකාරයට ශ්‍රී ලංකා රේගුවට රුපියල් ට්‍රිලියන 1.1ක බඳු හිඟයක් නැති බවත් එකතු කිරීමට ඇති හිඟ බදු ප්‍රමාණය රුපියල් බිලියන 58ක් පමණක් බවත් ය.
එම රුපියල් බිලියන 58කට ආසන්න හිඟ බදුවලින් එක් පුද්ගලික සමාගමකින් හැරුණුකොට සෙසු හිඟ බදු ප්‍රමාණයක් එකතු කර ගැනීමට ඇත්තේ රාජ්‍ය ආයතන 37කින් බව රේගුව සඳහන් කරයි.
ශ්‍රී ලංකා රේගුවේ 2024 වසරේ අපේක්ෂිත ආදායම් ඉලක්කය වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තහවුරු කර ඇත්තේ රුපියල් බිලියන 1534කි.
නමුත් 2024 වසරේ මුල් මාස 08 අවසන් වන විට රුපියල් බිලියන 1000ක ආදායම් ඉලක්කයක් ළඟා කර ගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත් වූ බවත් එය ඉතිහාසයේ ඉහළම ආදායම බවත් ඉදිරි මාස 04 තුළ වසරේ අපේක්ෂිත ඉලක්කය වෙත ළඟා විය හැකි බවත් රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස්මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකා රේගුව මෙයට පෙර ඉතිහාසයේ ඉහළම ආදායම් වාර්තාවක් හිමිකරගෙන ඇත්තේ 2023 වසරේදීය. එම වසරේ සමස්ත රේගු ආදායම රුපියල් බිලියන 975ක් බව ද සරත් නෝගිස් මහතා පෙන්වා දෙයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
පාකිස්තානයකට එරෙහි ප්‍රහාරයකට මෝදි අවසර දෙයි..
රටේ ජාතික ආරක්ෂාව අනතුරේ දමමින් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදනයට කොළඹ වරාය භාවිතා කිරීම පිටුපස ඇති කතාව පුබුදු හෙළිකරයි.. ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් ගැනත් හෙළිදරව්වක්.. (වීඩියෝ)
විදුලි මිල ගැන තීරණයක් ගන්නැයි IMF කියයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..
ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..
බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
