
ආරක්ෂාවට පොලීසියේ හැට දහසක්... ඡන්දපළවලට, ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට එස්.ටී.එෆ්. කැඳවයි... බුද්ධි අංශත් ඡන්ද වැඩට කැඳවයි
ජනාධිපතිවරණයේ ආරක්ෂාව සහ අනෙකුත් රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් හැට දහසක් (60,000) යොදා ගැනීමට බලාපොරොත්තු වන බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා පවසයි.
මැතිවරණය පැවැත්වෙන දිනයේ ඇති විය හැකි අවශ්‍යතාවන් මත මෙම නිලධාරීන් සංඛ්‍යාව ඉහළ යා හැකි බවද ඒ මහතා පවසයි.
එමෙන්ම මැතිවරණය පැවැත්වෙන දින සහ ඊට පසුව රටේ ආර්ථික මර්මස්ථානවලට ආරක්ෂාව ලබාදීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සහය ලබා ගැනීමට නියමිත බවද වියානි ගුණතිලක මහතා කියා සිටියි.
සෑම ඡන්ද මධ්‍යස්ථානයකටම පොලිස් නිලධාරින් දෙදෙනා බැගින් යොදවන අතර කලබලකාරී සිද්ධීන් ඇති විය හැකි බවට සැකකරන මධ්‍යස්ථානවලට වැඩි ආරක්ෂාවක් ලබාදීමට පොලිස් මූලස්ථානය සැලසුම් කර ඇත.
ඊට අමතරව ඡන්ද ගණන් කරන මධ්‍යස්ථානවලට මෙන්ම මුර සංචාර, හදිසි සෝදිසි කිරීම් සඳහා ද විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇති අතර එම ආරක්ෂක කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ සහාය ලබා ගැනීමට සැලසුම් කර තිබේ.
මේ අතර, ජනාධිපතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය බුද්ධි අංශ සහ පොලිස් – හමුදා බුද්ධි අංශ නිලධාරීන් කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක සේවයට යොදවා ඇතැයි පොලිස් ආරංචිමාර්ග කියයි.
එම ප්‍රදේශවල පොලිස් ස්ථාන සහ හමුදාව මඟින් මෙම බුද්ධි අංශ ක්‍රියාත්මක කෙරෙන බවද මැතිවරණ සමයේ සැක සහිත වාහන සෝදිසි කිරීම් රට පුරාම සිදු කරන බවද පොලිසිය කියයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
තවත් සිරකරුවන් 68ක් නීති විරෝධී ලෙස නිදහස් කරලා.. - අධිකරණයේ දී හෙළිවෙයි..
මුහුදු කොටි විනාශයට මහා භූමිකාවක් ඉටු කළ වයිස් අද්මිරාල් ඩී.පී.කේ. දසනායක මහතාට එරෙහිව එල්ල කෙරෙන අභූත චෝදනාවලට අභියෝගාත්මක පිළිතුරු
පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදයි..
යහපාලන කාලේ හන්තානේ රජයේ වටිනා ඉඩම් කුණු කොල්ලෙට ලියාගත් පිරිසක් ගැන පරීක්ෂණ.. රටම දන්න මාධ්‍යවේදීනුත් ඉන්නවලු..
රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙලා.. අපිම තමයි හරි කියන තීරණයේ ගියොත් වැඩිකල් යන්න බෑ - කොටපිටියේ හිමියෝ අගමැතිනිගේ මුහුණටම කියති..
අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට..
අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..
මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
