News Category
From Date
To Date
Maximum Number of Result

2024 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් නෝර්වේ එන්ජීඕවේ නිවැරදි ස්වාධීන සමීක්ෂණ වාර්තාවක් එළියට:සජිත්ට 38.5%යි අනුරට 27.45%යි නාමල්ට 15.12%යි රනිල්ට 14.9%යි

Sep 18, 2024 at 12:37 AM
|


අප රටේ මැතිවරණ වලට ඉදිරිපත්වන පක්ෂ සහ අපේක්ෂකයන් තම ජයග්‍රහණය තහවුරු කර ගැනීම පිණිස විවිධ කුට උපක්‍රම භාවිත කරති. ඒ අතරින් මෙතෙක් පැවැති මැතිවරණ වලදී ජ්‍යෝතිෂ්‍යකරුවන්ගේ අනාවැකි ප්‍රබල බලපෑමක් සමාජය කෙරෙහි එල්ල කළහ. එම ජ්‍යෝතිෂ්‍යකරුවන් කුමන හෝ පක්ෂයක එසේ නැතිනම් කුමන හෝ පුද්ගලයෙකුගේ අතකොලුවක් බව පසුව ඔප්පු වුණි. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මෙම විෂයේ කෙළ පැමිණියෙකි. එසේ වුවද එක්තරා ඇස් නොපෙනෙන ජ්‍යෝතිෂ්‍යකරුවෙකු කාගේ අතකොලුවක්දැයි පොදු මහජනයාට වටහා ගැනීමට නොහැකිතරම් සුක්ෂම ලෙස තම සේවය තම හාම්පුතා වෙනුවෙන් ඉටු කරණු ලැබුවේය. එහෙත් ඔහු හෝ අනෙකුත් ජ්‍යෝතිෂ්‍යකරුවෝ 2024 ජනාධිපතිවරණයේදී කිසිවෙකු වෙනුවෙන් අනාවැකි කීමට ඉදිරිපත් වන බවක් දක්නට නොලැබුණි.

එසේ වුවද අවසාන මැතිවරණ ප්‍රතිඵලය සම්බන්ධයෙන් කරණු ලැබූ විද්‍යාත්මක අනාවැකි ලෙස හුවාදක්වන සමාජ මාධ්‍ය ජාලා ආශ්‍රිතව  කළ සමීක්ෂණ ප්‍රතිඵල නම් රාශියක් ඉදිරිපත් විය. එම සියළු සමාජ ජාලා ආශ්‍රිත සමීක්ෂණ වලින් එක්තරා අපේක්ෂකයෙකු 50% සීමාව ඉක්මවා ඡන්දය ලබාගෙන ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා බවට පත්වන බවට අනාවැකි පල කළේය. ඒ අනුව එම අපේක්ෂකයා 8 වන ජනාධිපතිවරයා වීම කෙසේ වුවත් "ෆේස් බුක් " ජනාධිපති යනුවෙන් රටම දන්නා අන්වර්ථනාමයක් පවා පට බැඳ ගත්තේය. 

කෙසේ වුවත් ජනාධිපතිවරණ ප්‍රතිඵලයට තීරණාත්මක දායකත්වයක් සපයන නාගරික මධ්‍යම පන්තියේ මනස ඒකාග්‍රව තබා ගැනීමට පූර්ව ජනාධිපතිවරණ සමීක්ෂණ වාර්තා අතිශය දැවැන්ත මෙහෙයක් ඉටු කරනු ලබන්නේය. ඒ අනුව ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු නතර කිරීමට දින තුනක් තිබීයදී එනම් සබරගමුව විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථියෙකු වන  ප්‍රදීප් චානක සහ නොර්වේ රාජ්‍යයට සම්බන්ධ රාජ්‍ය නොවන ආයතනයක් වන  Oslo Institute of Political Research and Advocacy (OIPRA ) නම් ආයතනය විසින් ඉදිරිපත් කළ  2024 ජනාධිපතිවරණ ප්‍රතිඵල සමීක්ෂණ වාර්තා දෙකක් මූලිකව අප වෙත ලැබුණි. එම සමීක්ෂණ වාර්තා දෙකෙන් ප්‍රදීප් චානකගේ වාර්තාව කෙරෙහි අප පළමු කොටම අවධානය යොමු කළෙමු. පිටු 88 ක් පුරා පැතිරී තිබුණු ඔහුගේ වාර්තාවෙහි පිටු හතක්ම වෙන්වී තිබුණේ ඔහුගේ අතීත දස්කම් සම්බන්ධයෙන් පළවූ පුවත් වාර්තා කෙරෙහි පරිශීලකයාගේ අවධානය යොමු කරලීමටය. එලෙසම මෙම සමීක්ෂණය කිරීමට පාදක කරගත් ක්‍රමවේදය , ඒ සඳහා යොදාගත් ඡන්දදායකයන්ගේ ස්වභාවය, සමාජ සංදර්භය පිළිබඳ විශ්ලේෂණය ආදී අතිශය සංවේදී තොරතුරු එහි දක්නට නැත. ලියුම්කරු ලිපියෙහි මුලදී සඳහන් කළ පරිදි ප්‍රදීප් චානක ද කිසියම් දේශපාලන දහරාවක අභිලාශයන් තෘප්ත කිරීම පිණිස කිසියම් පාර්ශවයකට නැඹුරුව අනාවැකි පවසන ජ්‍යෝතිෂ්‍යකරුවාගේ භූමිකාවට පණ පොවන්නේද යන සැකය ලියුම්කරු හට පැන නැගුණි. ඒ අනුව විද්‍යාත්මක සමීක්ෂණයක් නොවන්නේය යන නිගමනයට පැමිණ ඔහුගේ වාර්තාව බැහැර කරන්නට ලියුම්කරු කටයුතු කළ බව පාඨකයා වෙත දන්වා සිටිමි.

OIPRA ආයතනය සිදුකළ සමීක්ෂණයේදී ප්‍රදීප් චානකගේ වාර්තාවේ තිබූ අඬු ලුහුඬුකම් කිසිවක් නොමැතිවා මෙන්ම ඔවුන් තෝරාගන්නා ලද නියැදියද අතිශය විශාල එකක් වී තිබේ. එලෙසම ඔවුන්ගේ වාර්තාවේ සමාජ මාධ්‍ය පරිශීලනය කරන පිරිස සමස්ථ ජනගහනයෙන් 32.9%ක් බව නිවැරැදිව දක්වා තිබේ. ඊළඟට ලියුම්කරුට පැන නැගුනු ගැටලුවක් වූයේ නෝර්වේ රාජ්‍ය මූලිකව කටයුතු කරන ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධාන වශයෙන්ම රටවල් තුළ අභ්‍යන්තර ගැටුම් අවුලුවාලීමට කටයුතු කරන සංවිධාන බවට පොදු ජනයා තුළ වන සැකය ලියුම්කරු තුලද පැන නැගීමයි.

එහෙත් ලතින් අමෙරිකානු ප්‍රභල රටක් වන වෙනිසියුලානු ජනාධිපතිවරණයේදී බටහිර සුරතලා උත්හර්ෂයට නැංවීමට  ඔහු ඉහළින්ම දිනන බවට ව්‍යාජ සමීක්ෂණ මගින් තහවුරු කළේය.OIPRA වාර්තාවද එවැන්නක් දැයි යන සැකය මුසුව වාර්තාව පරිශීලනය කළෙමි. එම වාර්තාව කිසිවෙකුට නැඹුරු නොවී මත දක්වන ශ්‍රී ලාංකික බුද්ධිමතුන් දක්වන මතය වන කිසිදු අපේක්ෂකයෙකුට 50% සීමාවට ළඟා විය නොහැකිය යන මතය තහවුරු කර තිබේ. එනම් වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නේ යැයි පුරෝකථනය කරන සජිත් ප්‍රේමදස මහතාට හිමි වන්නේ 38.5%ක ප්‍රතිශතයක් බව වාර්තාව පුරෝකථනය කරයි. එලෙසම නොර්වේ රාජ්‍යයේ උපදෙස් අනුව අතීතයේදී කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා ලබා ගනු ඇතැයි පුරෝකථනය කරන ඡන්ද ප්‍රතිශතය 14.90% ක් හෙවත් නාමල් රාජපක්ෂ මහතා ලබා ගනු ඇතැයි පුරෝකථනය කරන 15.12%ට වඩා 0.22% කින් අඩු බවද පෙන්වා දී තිබේ. මේ වන විට අමෙරිකා එක්සත් ජනපදය සිය පුරවැසියන්ට ශ්‍රී ලංකාවට පැමිණීමේදී අනුගමණය කළ යුතු ක්‍රියා මාර්ග ඇතුලත් උපදේශනයේ දක්වා ඇති පශ්චාත් මැතිවරණ ගැටුම් පැන නැගීමට නම් වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නා අපේක්ෂකයා සහ දෙවැනි වැඩිම ඡන්ද ලබාගන්නා අපේක්ෂකයා අතර පරතරය ඉතාම අවම විය යුතුය. එනම් පරතරය 4%ට වඩා අඩු මට්ටමක පරතරයක් විය යුතුය. එහෙත් OIPRA  ඉදිරිපත් කරන වාර්තාවේ දෙවැනි වැඩිම ඡන්ද ලබා ගන්නා අපේක්ෂකයා වන අනුර කුමාර දිසානයක මහතා ලබා ගන්නේ යැයි පුරෝකතනය කරන්නේ සමස්තස්ත ප්‍රකාශිත ඡන්ද වලින් 27.45% ක් පමණි. එනම් ස්ජිත් ප්‍රේමදාස මහතාට වඩා ඡන්ද 11.5% ක් අඩුවෙනි. මෙම පුරෝකථනය යම් හෙයකින් එලෙසම සිදු වුවහොත් ශ්‍රී ලංකාවේ අට වෙනි ජනාධිපතිවරයා තෝරා පත් කරගන්නා ජනාධිපතිවරණයේ පශ්චාත් මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා සිදුවීමට හේතුවක් නැත. මක්නිසාද යත් එක් අපේක්ෂක්යෙකු පැහැදිළි ජයග්‍රහනයක් ලබා තිබෙන බැවින් අනෙකුත් අපේක්ෂකයන්ගේ උදව්කරුවන්ට ප්‍රචන්ඩත්වයට යොමු වීමට හේතුවක් නිර්මාණය නොවීමය. එනම් නාමල් රාජපක්ෂගේ දෙවෙනි මනාපය හෝ රනිල් වික්‍රමසිංහගේ දෙවෙනි මනාපය අනුර කුමාර දිසානායකගේ මනාප ගොන්නට එකතු වීමට හේතුවක් නොමැති වීම නිසාවෙනි. අනෙක් අතට රනිල් වික්‍රමසිංහ මහතාගේ දෙවෙනි මනාපය ලබා ගැනීමේ තාර්කික වාසනාව හිමි සජිත් ප්‍රේමදාස මහතාටද 50% සීමාව පසු කර යා නොහැකිය.

OIPRA පුරෝකථනයට අනුව සමස්ත ඡන්දදායකයන්ගෙන් 3,148,489 ක් හෙවත් අනුර කුමාර දිසානායක මහතා ලබාගන්නේ යැයි පුරෝකථනය කරන ඡන්ද ප්‍රමානයට වඩා 661,527 අඩු ප්‍රමානයක් හෙවත් සමස්ථ ලියාපදිංචි ඡන්ද ප්‍රමානයෙන් 22.68% ඡන්ද පොළට යාමෙන් වැලකී තිබේ. එය මෙරට ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින සියළු අපේක්ෂකයන් කෙරෙහි මහජනයා තුළ ඇති කළ කිරීම පිළිබිඹු කරන බව ලියුම්කරුගේ හැඟීමයි. 

සමීක්ෂණ වාර්තාව දෙස අවධානය යොමු කිරීමේදී පශ්චාත් මැතිවරණ ගැටුම් ඇති නොවීම සඳහා හොඳ පුරෝකථනයක් තිබුණද රනිල්, සජිත්, අනුර තුන්කට්ටුවෙන් කවුරු දිනුවද රටේ ඒකීය භාවය සහ අපගේ අතීත උරුමයක් වූ ආගමික සහ සංස්කෘතික උරුමයන්ට යහපතක් සිදු නොවන බව සක් සුදක් සේ පැහැදිළිය. එබැවින් සිංහල බෞද්ධ සංස්කෘතිය ඉතිහාසයේ මුහුණ දෙන දැවැන්තම විනාශවීමේ අනතුරට මුහුණ දී සිටින මේ මොහොතේදී කිසිදු අපේක්ෂකයෙකුට 50% සීමාව පසුකර යාමට ඉඩ නොදීමේ වාසිය අත් පත් කර ගැනීමට ඡන්දදායකයා වග බලාගැනීම මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් සිය වටිනා දිවි කුසුම පූජා කළ අතීත විරුවන්ට මේ මොහොතේ කළ හැකි උත්තම උපහාරය බව ලියුම්කරුගේ හැඟීමයි.

විශේෂ ලියුම්කරුවෙකු විසිනි


ආශ්‍රිත පුවත්

එළඹෙන ජනපතිවරණය ජයගන්නා අපේක්ෂකයා ගැන නොර්වේ රාජ්‍ය නොවන ආයතනයකින් විශේෂ හෙළිදරව්වක්

සම්බන්ධිත පුවත් | Related News

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,
නාමයෝජනා පත්‍රයක් පුරවා ගන්න බැරි අයෙක් ගමක් පාලනය කරන්නේ කෙසේද? යනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව විවිධ පාර්ශ්වවලින් විරෝධය එල්ල වනු දැකිය හැකි බැවින් ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනවලින්
පාකිස්තානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් ඉන්දීය ආරක්ෂක හමුදාවන්ට විශේෂ අවසරයක් ලබාදී තිබේ.
කොළඹ වරායේ ඉන්දියානු යුද නෞකා සහ සබ්මැරීන නිෂ්පාදනය කිරීම සඳහා ඉන්දියානු සමාගමකට ලබාදීමට සූදානම් වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.
මූල්‍ය අවදානම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා පවසයි.
ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,
කොළඹ රුසියානු මන්දිරය සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන "80 වන ජයග්‍රාහී දින සංවත්සරය සැමරීම සඳහා ස්මාරකය පිහිටුවීම" 2025 අප්‍රේල් 29 වන දින කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්විණි.
එළැඹෙන මැයි මාසයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තෙදින සංචාරයකට එක්වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
චීන බාල පොහොර ගනුදෙනුව සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකෙරුණු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල සම්බන්ධයෙන් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා අදහස් දක්වමින් පවසන්නේ මහේෂ් ගම්මන්පිල, මෙම ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනු වලට සම්පූර්ණයෙන් වගකිව යුතු බවයි.

ප්‍රධාන පුවත්

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි

නාමයෝජනා පත්‍රයක් පුරවා ගන්න බැරි අයෙක් ගමක් පාලනය කරන්නේ කෙසේද? යනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව විවිධ පාර්ශ්වවලින් විරෝධය එල්ල වනු දැකිය හැකි බැවින් ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනවලින්

රටේ ජාතික ආරක්ෂාව අනතුරේ දමමින් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදනයට කොළඹ වරාය භාවිතා කිරීම පිටුපස ඇති කතාව පුබුදු හෙළිකරයි.. ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් ගැනත් හෙළිදරව්වක්.. (වීඩියෝ)

කොළඹ වරායේ ඉන්දියානු යුද නෞකා සහ සබ්මැරීන නිෂ්පාදනය කිරීම සඳහා ඉන්දියානු සමාගමකට ලබාදීමට සූදානම් වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

විදුලි මිල ගැන තීරණයක් ගන්නැයි IMF කියයි..

මූල්‍ය අවදානම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..

කොළඹ රුසියානු මන්දිරය සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන "80 වන ජයග්‍රාහී දින සංවත්සරය සැමරීම සඳහා ස්මාරකය පිහිටුවීම" 2025 අප්‍රේල් 29 වන දින කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්විණි.

ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..

එළැඹෙන මැයි මාසයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තෙදින සංචාරයකට එක්වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)

චීන බාල පොහොර ගනුදෙනුව සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකෙරුණු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල සම්බන්ධයෙන් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා අදහස් දක්වමින් පවසන්නේ මහේෂ් ගම්මන්පිල, මෙම ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනු වලට සම්පූර්ණයෙන් වගකිව යුතු බවයි.

අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ පැය තුනක පමණ කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබා දුන්නේය.

ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි

ඉන්දු ලංකා ගිවිසුම් යටතේ ඉන්දියානුවන්ට වගේම ඉන්දියානු ආණ්ඩුවට ව්‍යාපෘතියට සහය දෙන දේශීය අයටත් ව්‍යාපෘතිය සම්බන්ධ කරුණු වලට නඩු පවරන්න නොහැකි මුක්තියක් ලබා දී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ටුප්ගේ “අන්නෝන්‍ය බදු ක්‍රමය” යටතේ මෙරටට සියයට 44 ක ඉහළ තීරු බද්දක් පැනවීම හේතුවෙන් දෙරට අතර පැන නැගී ඇති වෙළෙඳ ගැටලුව විසඳා ගැනීම සඳහා වොෂිංටන් නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා දූත පිරිස ඇමෙරිකාවෙන් යෝජනා ඉල්ලා ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..

කොළඹ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා පසුගිය සතියේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

රනිල් අද අල්ලස් කොමිසම හමුවට..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)

ඉන්දියාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදිට දුරකථන ඇමතුමක් ලබාදී 'අප සිටින්නේ ඉන්දියානු ජනතාව සමග' යැයි පැවසීම හරහා ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවී තිබෙන යුද උණුසුම තුළ පාකිස්ථානය අමතක කර ඉන්දියාවේ පාර්ශ්වය පමණක් ගැනීම යහපත් දෙයක් නොවන බවත්, ඉන්දියාවට වඩා අප රටට වැඩි වශයෙන් උදව්කර ඇත්තේ පාකිස්ථානය බවත් ප්‍රවීණ දේශපාලන විචාරක, මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා පවසයි.

ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් තබන ලද ගිවිසුම් දෙකක් අද දිනයේ ප‍්‍රසිද්ද කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කටයුතු කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.