
පිරිබාහරන් හැදුවේ රට දෙකකට කඩන්න... අනුර කුමරුගේ උත්සාහය රට නවයකට කඩන්න - අනුර ඔරුමිත්තනාඩුවට පණ දෙන හැටි ගම්මන්පිල හෙළිකරයි (වීඩියෝ)
2015 දී ගෙන ආ නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාදාමය ඉදිරියට ගෙන යන බව අනුර කුමාර දිසානායක මහතා සිය මැතිවරණ ප්‍රකාශනයේ 230 පිටුවේ සදහන් කර ඇති අතර මෙරට ඔරුමිත්තනාඩුවක් ලෙස හදුන්වන, බුදු දහමට ලබා දෙන ප්‍රමුඛස්ථානය ඉවත් කර ශ්‍රී ලංකාව නිරාගමික රාජ්‍යයක් කිරීමේ වැඩ පිළිවෙල අන්තර්ගත වන්නේ 2015 මෙම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාදාමය තුල බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ මහතා මේ බව සදහන් කර සිටියේ බණ්ඩාරගම නගරයේ පැවති සර්වජන බලය ජනපති අපේක්ෂක දිලිත් ජයවීර මහතාගේ මැතිවරණ රැළියකට එක්වෙමිනි.
පිවිතුරු හෙළ උරුමයේ නායකයා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.
දේශපාලන තාච්චි පැනිල්ල
පුංචි කාලයේ අපි තාච්චි පනිනවා කියලා ක්‍රීඩාවක් කළා. ඒකේ තමන්ගේ පැත්ත කියලා නෑ. ඒ පැත්තෙන් මේ පැත්තටත් පනිනවා. මේ පැත්තෙන් ඒ පැත්තටත් පනිනවා. දැන් ඔන්න දේශපාලනේ තාච්චි පැනීමක් පටන් අරන්. තලතා සජිත්ගේ පැත්තෙන් රනිල්ගේ පැත්තට පනිනවා. ගීතා රනිල්ගේ පැත්තෙන් රනිල්ගේ පැත්තට පනිනවා. රනිල් ෂෝක් කිව්ව ගීතා දැන් ඒ කටින්ම සජිත් ෂෝක් කියනවා. සජිත් ෂෝක් කිව්ව තලතා ඒ කටින්ම දැන් රනිල් ෂෝක් කියනවා. බුරුතු පිටින් දෙපැත්තට පනින්නේ ඇයි? ලැජ්ජාවක් හිරිකිතයක් නැත්තේ ඇයි? ලැජ්ජාවක් ඇති වෙන්න නම් දෙපැත්ත අතර වෙනසක් තිබෙන්න ඕනි. දෙන්නාගේම ප්‍රතිපත්ති එකයි. යූඑන්පී ප්‍රතිපත්තිම තමයි සජබ ප්‍රතිපත්තිය. සජබේ උදවිය රනිල් අත් හැරියේ රනිල්ගේ ප්‍රතිපත්ති නරකයි කියලා නොවේ. රනිල්ට දිනන්න බෑ කියලා. සජිත්ගේ දේශපාලන පියාණෝ ජනපති ප්‍රේමදාස නොවේ. රනිල් වික්‍රමසිංහ. රනිල් සජිත් දෙන්නාගේම ප්‍රතිපත්ති එකයි.
තුනම එකයි
සජිත් රනිල් විතරද? අනුරත් එකයි. එක වල්ලේ පොල්. මොනවා වුණත් රනිල් මැතිතුමා දුරකතනයෙන් කතා කරන විධියටම වේදිකාවේත් මගේ ආදරණීය මිත්‍රයා අනුර කියලා අමතනවා. අයියෝ එතකොට අනුර ලැජ්ජාවෙන් ඇඹරෙනවා. සාගලවත් එහෙම ඇබරෙන් නැ. එහෙම ඇඹරෙන්න දෙයක් නෑ. මිත්‍රයෝ තමයි. එක ප්‍රතිපත්තිය දෙකට බෙදා ගෙන ජීවත් වෙන එක තමයි දෙන්නාම කරන්නේ. ප්‍රතිපත්ති ප්‍රකාශ තුන බැලුවොත් තුනම එකයි. එකක් දම් පාටයි. එකක් කොල සහ කහ පාටයි. අනිත් එක දේදුනු වර්ණ. ඔච්චරයි වෙනස. ඔය තුනම දේශීය නිෂ්පාදන නොවේ. ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නිෂ්පාදනය කරලා ඉන්දියානු තානාපති කාර්යාලයේ නිෂ්පාදනය කරලා සිංහලට පරිවර්තනය කරපු බඩු. ඔය ප්‍රතිපත්ති ප්‍රකාශන ඉංග්‍රීසියෙන් හදලා සිංහලට පරිවර්තනය කරද්දී හරි සිංහල වචන හොයාගන්න බැරිවුනාම ඉංග්‍රීසියෙන්ම දමලා ඇරලා තියෙනවා. පාට වෙනස් වුණාට වචන වෙනස් වුණාට ප්‍රතිපත්තිය එකයි.
ආර්ථික ප්‍රතිපත්තිය මූල්‍ය අරමුදලේ වැල් පාලමේ එල්ලිලා ඉන්න එක මිස දේශීය නිෂ්පාදන ආර්ථිකයක් හදන එක නොවේ. රට බංකොලොත් වුණු ඒ ක්‍රමයම ඉදිරියටත් කරනවා කියන එකයි තුන් දෙනාම කියන්නේ.
රජ පුටුවේ මළත් සැපයි
බලය බෙදීම ගැන තුනම කියන්නේ එකයි. 13 සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරනවාලු. ඉන්දියාව බලහත්කාරයෙන් පටවලා අපේ ව්‍යවස්ථාවට දැම්මත් පොලිස් බලතල දෙන්න ජනාධිපතිවරු අටදෙනෙක්ම කටයුතු කලේ නෑ. මමයි ගෙනාවේ මමම දෙනවා කියලා ජේආර්ට දෙන්න තිබ්බේ නැද්ද? අවුරුද්දකට වැඩි කාලයක් සාම කතා කරපු ප්‍රේමදාසට ඕක දෙන්න තිබ්බේ නැද්ද? උතුරෙන් වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ගත්තු චන්ද්‍රිකාට ඕක දෙන්න තිබ්බෙ නැද්ද? ඔය කවුරුවත් පොලිස් බලතල පලාත් සභා වලට දුන්නේ නැත්තේ ඒක කලොත් රටම ලේ විලක් වෙන බව දන්න නිසායි. රට දෙපළු වෙලා දෙමළ ඊළම හැදෙන බව දන්න නිසා. නමුත් උතුරේ ඡන්ද කුට්ටියට කෙළ හලමින් රටට කෙළ වුණත් රජ පුටුවේ මළත් සැපයි කියලා හිතන නිසා තමයි රනිල් සජිත් අනුර තුන්දෙනා එක හඬින් අපි පොලිස් බලතල උතුරට දෙනවා කියලා කියන්නේ.
ඔරුමිත්තනාඩු ව්‍යවස්ථාවට අනුර පණ දෙයි
ප්‍රතිපත්ති ප්‍රකාශ හදන කොට රට පෙඩරල් කරනවා කියලා රනිල් සජිත් දෙන්නාම කොලේ වහලා ගහලා තියෙන්නේ. එයාලා සෘජුව කියන් නැ ඒගැන. ඒ දෙන්නාම අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කියලා විතරයි කියලා තිබෙන්නේ. නමුත් අනුර කුමාරගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මොකද කියන්නේ? 230 පිටුව බලන්න. 2015 දී ගෙන ආ නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාදාමය ඉදිරියට ගෙන යනු ලැබේ කියලා ලියලා තිබෙනවා. රනිල් – සජිත් ජෝඩුව එකට ඉන්න කාලයේ ගෙනාපු මේ රටේ දේශප්‍රේමි බලවේග පරාජය කරපු ව්‍යවස්ථාව. රනිල් – සජිත් දෙන්නවත් කියන් නැ අපේ පරන ප්‍රතිපත්තිය ගේනවා කියලා. පැත්තෙන් හිටපු අනුර තමයි කියන්නේ. ඕක තමයි රට පෙඩරල් කරන රටේ නමත් ඔරුමිත්තනාඩු කරන ව්‍යවස්ථාව. ඕකේ තමයි බුදු දහමට ලබා දෙන ප්‍රමුඛස්ථානය ඉවත් කරනවා කියලා තිබෙන්නේ. ඕකේ තමයි ලංකාව නිරාගමික රාජ්‍යයක් කරනවා කියලා තිබෙන්නේ. පිරිබාහරන් හැදුවේ රට දෙකකට කඩන්න. අනුර කුමරුගේ උත්සාහය රට නවයකට කඩන්න. දැන් බැලින්නම් අනුර කුමරු පිරිබාහරන්ටත් වඩා හපන් බෙදුම්වාදියෙක්නෙ. අපිව සිංහල දෙමළ කියලා බෙදුවා මදිවාට අපි බස්නාහිර උඹ දකුණේ අරූ ඌවේ කියලා අපි පලාත් වලටත් බෙදන්නයි අනුරගේ කල්පනාව.
මතක තියා ගන්න. ඔය ප්‍රතිපත්ති ප්‍රකාශ කියවන්නේ නැතිව රැල්ලට ගිහිල්ලා කතිරේ ගැහුව්වාට පස්සේ බලයට පත් වෙන අය කියන්නේ අපට ජනවරමක් තිබෙනවා. අපි කරන දේ ට විරුද්ධ වෙන්න කාටවත්ම බෑ කියලා. ඒනිසා මෙවර මැතිවරණයේදී අපේ මිනී වල අපිම කපා ගැනීමක් කරගන්න එපා කියන එක අපි සිහිපත් කරන්න ඕනේ.
ඡන්ද කුට්ටි ගන්න දොල පිදේනි නොදෙන වැඩපිලිවෙලක්
දිලිත් ඡන්ද කුට්ටි ගන්න දොල පිදේනි දෙනවා වෙනුවට රට ගොඩ ගන්න වැඩපිලිවෙලක් ඉදිරිපත් කරලා තිබෙනවා. දිලිත්ගේ අධ්‍යාපන ප්‍රතිපත්තිය බලන්න.
දිලිත්ගේ අධ්‍යාපන ප්‍රතිපත්තිය බලන්න. නිර්මාණශීලි තාරුණ්‍යයෙන් ලෝකයම වැඩ ගන්න කොට අපේ රටේ තරුණයෝ පාසලට විශ්ව විද්‍යාලයට නාකි වෙනවා. අවුරුදු පහ පිරිලා පාසලට ඇවිත් අවුරුදු 13ක් පාසල් යනවා. ඊට පස්සේ විශ්ව විද්‍යාලයේත් අවුුරුදු පහක් හිටියාම රස්සාවක් හොයා ගන්න කොටම කෙස් පැහෙන්නත් පටන් අරන්. ජීවිතයට පටන් ගන්නත් කලින් ජීවිතය ඉවර වෙලා. පාසල් අධ්‍යාපනය වසර 11කට අඩු කරන්න පොරොන්දු වෙලා තිබෙන්නේ දිලිත් විතරයි.
මේ මැතිවරණයට රට ගොඩ ගන්නේ කොහොමද කවදාද කියලා වැඩපිලිවෙලක් ඉදිරිපත් කරලා තිබෙන්නේ දිලිත් ජයවීර මැතිතුමා විතරයි. අනිත් අය උපායමාර්ගික වැඩපිලිවෙලක් කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නෑ. ඒ අය දන්නේ කට රවුම් කරලා බොරු කියන්න විතරයි. බොරු කියලා ඡන්ද දිනන්න පුළුවන්. ඒත් රට හදන්න බෑ.
දිලිත් ඒහි පස්සිකෝ කියලා එව බලව කියලා පෙන්නන්න දෙයක් කරලා තිබෙනවා. මොකද දිලිත් කියන්නේ කයිකාරයෙක් නොවේ වැඩකාරයෙක්. වැඩක් කරලා පෙන්නපු කෙනෙක්. රක්ෂණ නියෝජිතයෙක් විධියට පටන් අරන් පුංචි තැනින් පටන් අරන් සමාගම් 53ක් හදපු ව්‍යවසාය ලෝකයේ දැවැන්තයෙක්. කඩා වැටුණු සමාගම් මිල දී අරන් ගොඩ දාපු කෙනෙක්. ට්‍රයි ඇඩ් සමාගම පටන් අරන් වසර දහයෙන් අංක 1. ටීවී දෙරණ එෆ්එම් දෙරණ අංක 1 ට ගෙනාවා.
ඒ අත්දැකීම නිසා තමයි මට මේ රට ගොඩ දාන්න පුළුවන් කියලා විශ්වාසයෙන් කියන්නේ.
දිලිත් කියන්නේ වැඩක් කරපු මනුස්සයෙක්. වැඩක් කරන මනුස්සයෙක්. අලුතින් හිතන මනුස්සයෙක්. රට වෙනස් කරන්න පුළුවන් වෙනස් මනුස්සයෙක්. ඒ නිසා සතුටු දැයක් හදන්න දිලිත්ට රට බාර දෙන්න කියන ඉල්ලීම මම කරනවා.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
තවත් සිරකරුවන් 68ක් නීති විරෝධී ලෙස නිදහස් කරලා.. - අධිකරණයේ දී හෙළිවෙයි..
මුහුදු කොටි විනාශයට මහා භූමිකාවක් ඉටු කළ වයිස් අද්මිරාල් ඩී.පී.කේ. දසනායක මහතාට එරෙහිව එල්ල කෙරෙන අභූත චෝදනාවලට අභියෝගාත්මක පිළිතුරු
පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදයි..
යහපාලන කාලේ හන්තානේ රජයේ වටිනා ඉඩම් කුණු කොල්ලෙට ලියාගත් පිරිසක් ගැන පරීක්ෂණ.. රටම දන්න මාධ්‍යවේදීනුත් ඉන්නවලු..
රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙලා.. අපිම තමයි හරි කියන තීරණයේ ගියොත් වැඩිකල් යන්න බෑ - කොටපිටියේ හිමියෝ අගමැතිනිගේ මුහුණටම කියති..
අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට..
අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..
මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
