ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නන් සඳහා වන උපදේශනය
පසුගිය 12 වනදා අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාවේ සංචාරය කරන අමෙරිකානු සංචාරකයන් වෙනුවෙන් විශේෂ අවවාදාත්මක උපදේශයක් පනවා තිබේ. එම ලිපියේ දක්වන පරිදි ශ්‍රී ලංකාව 2024 සැප්තැම්බර් 21 වැනි දින ජනාධිපතිවරණය පැවැත්වීමට සූදානම් වෙමින් සිටී.එලෙසම එම අවවාදාත්මක ලිපියට අනුව මැතිවරණයට පෙර, මැතිවරණය අතරතුර හෝ මැතිවරණයට පසුව විරෝධතා පෙළපාලි ඇතිවිය හැක. මැතිවරණය ආසන්නයේ ඇතැම් අවස්ථාවල පැවැති විරෝධතා වලට සහභාගි වූ විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙන බවද එම ලිපිය මගින් පෙන්වා දෙයි. ඒ අනුව එවැනි රැස්වීම් සුළු හෝ අනතුරු ඇඟවීමකින් තොරව ප්‍රචණ්ඩකාරී විය හැකි බැවින්,අමෙරිකානු පුරවැසියන් සාමකාමී රැස්වීම්වලට පවා සහභාගි වීමෙන් වැළකී සිටිය යුතුය. එම ලිපියේ සිංහල පරිවර්තනය පහතින්..
ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නන් සඳහා වන උපදේශනය 2024 සැප්තැම්බර් 12 වනදා || ශ්‍රී ලංකාව -දෙවන පියවර : ඉහළ දැමූ පරෙස්ම් වීම වෙනුවෙන් කරනු ලබන පුහුණුව
එළඹෙන ජනාධිපතිවරණයේදි ඇතිවිය හැකි තත්වය පිළිබිඹු කිරීමට යාවත්කාලීන කර ඇත.
සිවිල් ජනයාගේ නොසන්සුන්තාවයන් සහ ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරිමේදී ප්‍රවේශම් සහගතව ක්‍රියා කරන්න.
රට සම්බන්ධයෙන් වන සාරාංශය: ශ්‍රී ලංකාව 2024 සැප්තැම්බර් 21 වැනි දින ජනාධිපතිවරණය පැවැත්වීමට සූදානම් වෙමින් සිටී. මැතිවරණයට පෙර, මැතිවරණය අතරතුර හෝ මැතිවරණයට පසුව විරෝධතා පෙළපාලි ඇතිවිය හැක. මැතිවරණය ආසන්නයේ ඇතැම් අවස්ථාවල පැවැති විරෝධතා වලට සහභාගි වූ විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ. ඒ අනුව එවැනි රැස්වීම් සුළු හෝ අනතුරු ඇඟවීමකින් තොරව ප්‍රචණ්ඩකාරී විය හැකි බැවින්, සාමකාමී රැස්වීම්වලට පවා සහභාගි වීමෙන් වැළකී සිටින ලෙස එක්සත් ජනපද පුරවැසියන්ට සිහිපත් කරනු ලබන්නේය.
සංචාරක ස්ථාන, ප්‍රවාහන සේවා සපයන මධ්‍යස්ථාන, වෙලඳපොලවල්, සාප්පු සංකීර්ණ, රජයේ පොදු පහසුකම් සලසන ස්ථාන, හෝටල්, සමාජ ශාලා, ආපනශාලා, ආගමික ස්ථාන, උද්‍යාන, ප්‍රධාන ක්‍රීඩා සහ සංස්කෘතික උත්සව, අධ්‍යාපන ආයතන, ගුවන් තොටුපල, රෝහල් සහ අනෙකුත් පොදු ස්ථාන ඉලක්ක කරගනිමින් සුළු හෝ අනතුරු ඇඟවීමකින් තොරව ත්‍රස්තවාදී ප්‍රහාර ශ්‍රී ලංකාව තුළ සිදු කර ඇත.
අගනුවරින් බැහැර දුරස්ථ ප්‍රදේශවල සිටින එක්සත් ජනපද පුරවැසියන්ට හදිසි සේවා සැපයීමට එක්සත් ජනපද රජයට ඇත්තේ සීමිත හැකියාවකි.
වැඩි විස්තර සඳහා රටේ තොරතුරු පිටුව කියවන්න.
ඔබ ශ්‍රී ලංකාවට යාමට තීරණය කරන්නේ නම්:
සංචාරක ස්ථාන සහ ජනාකීර්ණ පොදු ස්ථාන වෙත ගමන් කරන විට ඔබේ වටපිටාව ගැන අවධානයෙන් සිටින්න.
පළාත් පාලන ආයතනවල උපදෙස් අනුගමනය කරන්න.
ප්‍රචන්ඩ සිදුවීම් වලට ගොදුරු නොවීම සඳහා දේශීය මාධ්‍ය නිරීක්ෂණය කරන්න. එලෙසම නව තොරතුරු මත පදනම්ව ඔබේ සැලසුම් සකස් කරන්න.
පෙළපාලි සහ සෙනඟ එකරැස්වන ස්ථාන වල රැඳි සිටීමෙන් වළකින්න.
හදිසි තොරතුරු ලබා ගැනීමට සහ හදිසි අවස්ථාවකදී ඔබව සොයා ගැනීම පහසු කිරීමට ස්මාර්ට් සංචාරක ලියාපදිංචි කිරීමේ වැඩසටහනට (STEP) ලියාපදිංචි වන්න.
ෆේස්බුක් සහ X/Twitter හි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට අයත් ගිනුම් අනුගමනය කරන්න.
ශ්‍රී ලංකාව පිළිබඳව නිකුත් කර ඇති අපරාධ සහ ආරක්ෂාව සම්බන්ධ වාර්තාව සමාලෝචනය කරන්න.
විදේශ ගතවන සෑම එක්සත් ජනපද පුරවැසියෙකුටම සෑම විටම හදිසි අවස්ථා සඳහා මුහුණ දීමට හදිසි සැලැස්මක් තිබිය යුතුය. සංචාරකයින්ගේ පිරික්සුම් ලැයිස්තුව සමාලෝචනය කරන්න.
ඔබගේ සංචාරයට අදාළ නවතම සංචාරක සෞඛ්‍ය තොරතුරු ලබා ගැනීමට CDC පිටුවට පිවිසෙන්න
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්‍රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්‍රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි
නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ගෙන්වයි
ජර්මනියෙන් චීනයට තර්ජන
පාස්කු වන්දි ලෙස රු.මිලියන 311ක් ලැබිලා... වින්දිතයන්ට බෙදපු හැටි ගැන උසාවිය වාර්තාවක් ඉල්ලයි