එක්සත් ජනපද අවහිර කිරීම් කියුබාවට ඩොලර් මිලියන ගණනක අලාභ පමුණුවනවා!- කියුබානු විදේශ අමාත්‍ය බෘනො රොඩ්‍රිගුස්

එක්සත් ජනපදය විසින් පනවා ඇති ආර්ථික, වාණිජ සහ මූල්‍ය අවහිර කිරීම් හේතුවෙන් කියුබාවට 2023 සිට 2024 දක්වා ඩොලර් බිලියන 5.56 ක අලාභයක් සිදුවී ඇති බව කියුබානු විදේශ අමාත්‍ය බෘනො රොඩ්‍රිගුස් 12 වනදා ප්‍රකාශ කළේය.දේශීය සහ විදේශීය වාර්තාකරුවන් පිරිසක් ඉදිරියේ අදහස් දක්වමින් 2023 මාර්තු 1 සිට 2024 පෙබරවාරි 29 දක්වා සිදු වූ ආර්ථික හානිය ඊට පෙර වූ වාර්තාවට වඩා ඩොලර් මිලියන 189.8 ක වැඩිවීමක් නියෝජනය කරන බව රොඩ්‍රිගස් අවධාරණය කළේය. එහිදි ඔහු එක්සත් ජනපදය කියුබාවට පනවා ඇති ආර්ථික සම්බාධක වල බලපෑම් පිළිබඳ නවතම වාර්තාව ඉදිරිපත් කළේය.
එම වාර්තාවට අනුව එක්සත් ජනපද සම්බාධක නිසා කියුබාවට සිදුවන පාඩුව මසකට ඩොලර් මිලියන 421කට වඩා ආසන්න හානියක් වන අතර එය දිනකට ඩොලර් මිලියන 13.8කට වඩා වැඩි අගයක් ගනී. ඒ අනුව එක්සත ජනපදය කියුබාවට පනවා ඇති ආර්ථික සම්බාධක හේතුවෙන් කියුබාවට සෑම පැයකටම ඩොලර් 575,683කට වැඩි හානියක් කියුබානු ආර්ථිකයට සිදුවේ.
දශක හයක් පුරා පවතින එක්සත් ජනපද සම්බාධක හේතුවෙන් කියුබාවට සිදුව තිබෙන හානිය ඩොලර් ට්‍රිලියන 1.49 ඉක්මවා ඇති බවද විදෙශ ඇමතිවරයා පෙන්වා දුන්නේය.
කියුබානු විදේශ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද ලේඛනය ඔක්තෝම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ ජාතික සභාව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. ආර්ථිකය මත වොෂින්ටනයේ වටලෑමේ දරුණු බලපෑම් සහ ජනගහනය මත එහි බලපෑම සහ සෞඛ්‍යය, අධ්‍යාපනය සහ ආහාර වැනි අත්‍යවශ්‍ය අංශවල සංවර්ධනය කෙරෙහි බල පැවැත්වෙන ආකාරය එහි විස්තර කරයි.
එක්සත් ජනපද ආණ්ඩුව විසින් පනවන ලද සම්බාධක මගින් දැඩි ලෙස සීමා කර ඇති කියුබාවේ විදේශ වෙළඳාම සහ ජාත්‍යන්තර මූල්‍ය සබඳතා කෙරෙහි වන අනිසි බලපෑම් ද වාර්තාව මගින් දැඩි ලෙස හෙලා දකී.
US blockade causes millions of dollars in losses for Cuba
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා