News Category
From Date
To Date
Maximum Number of Result

"ඒකීයභාවයේ කොඩිය - ජාතික සමගියේ කොඩිය" රැඳුණු එකම දේශපාලන කඳවුරෙහි අපේක්ෂකයා, දිලිත් ජයවීර දිනවීමට පෙරට එන්න! - දෑහිතකාමී, ප්‍රගතිශීලී සියලු බලවේග වෙතින් විමල් ඉල්ලයි

Sep 11, 2024 at 04:15 PM
|

බටහිර බලවතුන්ගේ සල්ලි පොම්ප කිරීම් හමුවේ "ඒකීයභාවයේ කොඩිය  සහ ජාතික සමගියේ කොඩිය" අතහැර ඇති දේශපාලන කඳවුරුවල රූකඩ අපේක්ෂකයන් වෙනුවට "ඒකීයභාවයේ කොඩිය සහ ජාතික සමගියේ කොඩිය" රැඳුණු එකම දේශපාලන කඳවුර වන සර්වජන බලය දේශපාලන කඳවුරෙහි ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර  මහතා දිනවීමට පෙරට එන්නැයි සර්වජන බලය විධායක සභික, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෙරට ජාතිකවාදී, දේශමාමක, වාමවාදී, ප්‍රගතිශීලී සියලු බලවේග වෙතින් ඉල්ලා සිටියි.

ඊයේ(10) සවස කන්තලේ බස් නැවතුම්පොළ අසල දී පැවැති "එක්ව නංවන රටක් - සතුට පිරුණු දැයක්" යන සජ්ජන අරමුණ පෙරදැරි කර ගනිමින් "තරුව" ලකුණින් මෙවර ජනාධිපතිවරණයට තරඟ වදින සර්වජන බලය ජනාධිපති අපේක්ෂක, මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක, නීතිඥ දිලිත් ජයවීර මහතාගේ ජයග්‍රහණය තහවුරු කෙරෙන ජන රැලි මාලාවේ  කන්තලේ ජන රැලිය අමතමින් ඒ මහතා මෙසේ ඉල්ලා සිටියේය. 

ඉහත ජන රැලිය අමතා, සර්වජන  ජනාධිපති අපේක්ෂක, මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක, නීතිඥ දිලිත් ජයවීර, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ජී. වී .ඩී. තිලකසිරි, මව්බිම ජනතා පක්ෂයේ නියෝජ්‍ය සභාපතිනි, නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, මව්බිම ජනතා පක්ෂයේ සේරුවිල ආසන සංවිධායක ඉන්ජිනේරු මහේෂ් චතුරංග යන මහත්ම මහත්මීහු ද අදහස් දැක්වූහ.

'පැත්ත මාරු නොකළ අපේ පැත්ත'

"ජනාධිපතිවරණ කාලයට දේශපාලනඥයන් පක්ෂ මාරු කිරීම හරියට වෙසක් කාලයට 'බකට් එල්ලනවා' වගේ. එක තොරණක හිටපු බකට් එක තවත් තොරණක ගිහින් එල්ලෙනවා. කවුරු පැත්ත මාරු කළත් අපි කිසිම විටක පැත්ත මාරු කළේ නැහැ. එදා ත්‍රස්තවාදී යුද්ධය පැවති වෙලාවේ සිංහල, දෙමළ, මුස්ලිම් සකල ජනීජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් ගත්තු පැත්ත, ජාතිකවාදයේ - දේශමාමකත්වයේ පැත්ත, මාතෘභූමියේ ඒකීයභාවය ආරක්ෂා කරන පැත්ත තමයි අපි ගනු ලැබූ පැත්ත. ඒ පැත්ත තමයි අදත් දිලිත් ජයවීරගේ, තරුව ලකුණේ මෙන්ම සර්වජන බලයේ පැත්ත වී ඇත්තේ.

අජිත් දොවාල් ආගමනයෙන් පසු...

දැන් බලන්න, 'ඩලස් බකට් එක', 'දයාසිරි බකට් එක' අද අනෙක් පැත්තේ 'බකට් එකක්' වෙලා. ඒ විදියට කියන්න බැරි තරම් පිරිසක් පැත්ත මාරු කරලා තිබෙනවා. දෙමළ ජාතික සන්ධානයත් තෙපරබාමින් ඉඳලා, 'අපිත් සජිත්ට' කියලා හීන් කෙඳිරියක් නඟමින් කිව්වා. ඔවුන් ඒ තීරණය දුන්නේ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් ඉන්දියාවේ සිට පැමිණ තමන් සමඟ සාකච්ඡා කළාට පසුවයි. නමුත් අපි ඔබට තරයේ කියනවා, 'මේ සර්වජන බලය කිසිම විදේශ බලවේගයක අතපෙවීමකට අනුව නැටවෙන රූකඩයක් නොවෙයි' කියා.

'ඒකීයභාවය රකින එකම කඳවුර'

ඔබ සැමට තර්ජිත ගම්මානවල ජීවත් වීමට සිදුව තිබූ ත්‍රස්තවාදී යුද්ධය පැවති සමයේ, ආරක්ෂක හමුදාවල චිත්ත ධෛර්යය වඩවනු ලැබූ 'අපි වෙනුවෙන් අපි' මහජන ප්‍රචාරක ව්‍යාපාරයට පණ දුන්නේ, එහි නියමුවා වූයේ වෙනත් කිසිවකු නොවෙයි, දිලිත් ජයවීර මැතිතුමායි. ඔහු එදත් ශ්‍රී ලංකා රාජ්‍යයේ ඒකීයභාවය පැත්තේ, ජාතික සමගිය පැත්තේ, ත්‍රස්තවාදයට - බෙදුම්වාදයට එරෙහි කඳවුර පැත්තේ සිටගත්තා. අද අනෙක් කිසිදු දේශපාලන කඳවුරක ජාතික සමගියේ කොඩිය, ඒකීයභාවයේ කොඩිය  ඇත්තේ නැහැ. ඒ කොඩි රැඳුණු එකම කඳවුර සර්වජන බලය දේශපාලන කඳවුර පමණයි.

පළමුවරට ජනාධිපතිවරණයට උපායමාර්ගික වැඩපිළිවෙළක්!

මේ රට ඇදවැටී ඇති බරපතල 'ආර්ථික - සමාජීය ප්‍රපාතයෙන්' ගොඩගන්න අද 'ගොඩ වෙද්දු' ගණනාවක් ඉදිරිපත්ව සිටිනවා. ඇත්තෙන්ම ජනතාවට ඇත්තේ හඳුන්නෙත්තිලා කියනවා වගේ 'යට ඇඳුමේ හිල' පිළිබඳ ප්‍රශ්නයක් ද? 'ගොවියාගේ වී අස්වැන්නට නිසි මිලක් නොමැතිවීම, වැඩ කරන ජනතාවට ලැබෙන වැටුපෙන් ජීවත්වීමට නොහැකි තරමට ජීවන වියදම අධික වීම' වැනි ප්‍රශ්නවලට විසඳුම් දීමයි අපි කළ යුත්තේ. සර්වජන බලය ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මැතිතුමා ඔබ හමුවේ තැබූ 'සර්වජන උපායමාර්ගික සැලැස්මෙන්' මේ සියලු දැවෙන ප්‍රශ්නවලට අපේ විසඳුම් ඉදිරිපත් කර තිබෙනවා. අනෙක් සියලු අපේක්ෂකයන් සාම්ප්‍රදායික පොරොන්දු සහිත මැතිවරණ ප්‍රකාශන ඉදිරිපත් කළත් දිලිත් ජයවීර මැතිතුමා මෙරට ජනාධිපතිවරණ ඉතිහාසයේ පළමුවරට ඒ වෙනුවට, උපායමාර්ගික වැඩපිළිවෙළක් ඉදිරිපත් කළා. එමගින් යම් ගැටලුවක් විසඳන ආකාරය, විසඳා අවසන් කරන කාලවකවානුව ආදී සියල්ල හරියටම පවසා තිබෙනවා. බොරු 'සරුංගල් උඩ අරින' පූච්චානම් කතා සහිත ගමනක් වෙනුවට අද සිංහල, දෙමළ, මුස්ලිම් මුළුමහත් ජාතිය ඉල්ලා සිටින්නේ ඇත්ත දේශපාලන ප්‍රතිපත්ති, උපායමාර්ග මත පිහිටා ඉදිරියට යන ගමනක්.

'ඈමරිකාව බංග්ලාදේශයට කළ අපරාධය'

දැන් බලන්න, බංග්ලාදේශයට සිදුව ඇති නස්පැත්තිය. පසුගිය දිනවල බංග්ලාදේශ අගමැතිනිය ෂීක් හසීනා මැතිනිය පන්නා දැමීමට ඒ රටේ පොලු මුගුරු අතින් ගත්තු 'කොල්ලෝ - කුරුට්ටන්ට' හැකි වුණා. එතුමිය ඉන්දියාවට පලා ගිහිල්ලා පසුව  පැවසුවා, 'බෙංගාල බොක්කේ තිබෙන වර්ග කිලෝමීටර අටක වර්ග ප්‍රමාණයෙන් යුතු  දූපත ඇමරිකාව මගෙන් ඉල්ලුවා. මම ඒක දෙන්න බැහැ කිව්වා. ඒ නිසා මාව මේ ඉරණමට ලක් කළා' කියා. එතුමිය තම පාලන කාලයේ බංග්ලාදේශය තුළ අන්තවාදී සංවිධාන තහනම් කළා. දැන් බංග්ලාදේශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින් පිහිටුවනු ලැබූ  අන්තර්වාර පාලනය තුළ ඒ අන්තවාදී සංවිධාන ද නියෝජනය වෙනවා. අද ඒ අන්තවාදී සංවිධාන නීතිය අතට ගෙන බංග්ලාදේශයේ සිටින හින්දු ජනතාව ගහලා, මරලා, පුළුස්සා දමන තැනට නීතිය වල් වැදී තිබෙනවා. මේ අන්තර්වාර පාලකයන් බංග්ලාදේශයේ ජාතික කොඩිය, ජාතික ගීතය වෙනස් කරන්න කටයුතු කරද්දි රටම අරාජික වෙලා  තෙල් පෝලිම් හැදෙමින් තිබෙනවා. ඇඟලුම් කම්හල් සියයට අසූවක් පමණ වැහෙමින් තිබෙනවා. ඒවා හිමි ආයෝජකයන් බංග්ලාදේශය හැර යනවා. දකුණු ආසියාවේ වැඩිම ආර්ථික වර්ධන වේගය තිබූ බංග්ලාදේශය අද ඇමරිකා එක්සත් ජනපදය විසින් හතරගාතෙන් ඇදවට්ටවා තිබෙන්නේ එහෙමයි.

බටහිර දේශපාලන රූකඩ පරදවමු!

මෙතැනත් එහෙමයි. බටහිර බලවතුන් ත්‍රිකුණාමල තෙල් ටැංකි ඇතුළු සියලු ආර්ථික මර්මස්ථානවලට පමණක් නොවෙයි අපේ මුළු රටටම කෙළ හලනවා. ඒ බටහිර බලවතුන් අද මේ ජනාධිපතිවරණයේදී තමන් ඒ කෙළ හලන අරමුණ ඉටුකර දීමට එකඟ අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් සල්ලි පොම්ප කරනවා. බටහිර බලවතුන්ගේ වුවමනාව ඉටු කිරීමට සූදානම් දේශපාලන බලවේග අද දම්පාටින්, කොළ පාටින්, විවිධ පාටවලින් ඔබ හමුවට එනවා. ඒ නිසා එදා කොටි ත්‍රස්තවාදය පැරදවීමේ කඳවුරෙහි සිට ගත් ඔබ සැමගෙන් අපි ඉල්ලා සිටිනවා, 'බටහිර දේශපාලන රූකඩවලට රැවටිලා මේ රට තවත් බංග්ලාදේශයක් බවට පත් කරගන්න එපා!' කියලා.

'තරුව' දිනවීමට පෙළගැසෙමු!

දේශපාලන කල්ලි - කණ්ඩායම් තුනහතරකට සල්ලි පොම්ප කළාම ඒ සල්ලි වියදම් කරලා ප්‍රතිරූප හදාගත්තු ඒ කල්ලිවල අපේක්ෂකයන් අතුරින් කවරෙකු දිනුවත් බටහිර බලවතුන් දිනුම්. අවසානයේ දිනන කවරෙකු ලවා හෝ ශ්‍රී ලංකාවට බංග්ලාදේශයේ ඉරණම අත්කර දීමට ඔවුන්ට පුළුවන්. ඒ නිසා මේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ අම්මලා, තාත්තලා, සහෝදර - සහෝදරියන් අධිෂ්ඨාන කර ගන්න ඕනේ, 'මොන පක්ෂයෙන්, මොන පාටින් ආවත් මේ මව්බිමට හතුරු කල්ලිවලට හුස්ම ගන්න අපි ඉඩ තියන්නේ නැහැ. 21 වැනිදාට තරුව ලකුණට, සර්වජන බලයට, දිලිත් ජයවිරට අපේ ඡන්දය දීලා ඒ මව්බිමට සතුරු මෙහෙයුම පරදවනවා' කියලා. 'තරුව' දිනවීමට පෙළගැසෙමු! ඒ වෙනුවෙන් කැප වෙමු!"

මාධ්‍ය අංශය,
සර්වජන බලය




සම්බන්ධිත පුවත් | Related News

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය
1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.
"සිරි දළදා වන්දනාව" සිව්වන දිනය අදයි (21) සිරි දළදා වන්දනාව අද දහවල් 12.30 සිට පස්වරු 5.30 දක්වා සිදුකිරීමට නියමිතය.
පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්
ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.
වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.
අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.

ප්‍රධාන පුවත්

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

පාස්කු ඉරුදිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.

විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.

චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි

ඔක්තෝබර් මැද භාගයේදී බලාත්මක වීමට නියමිත චීනයේ නිර්මාණය කරන ලද සහ චීනයේ ලියාපදිංචි යාත්‍රා සඳහා නව වරාය ගාස්තු පිළිබඳ එක්සත් ජනපද රජයේ නිවේදනයට ප්‍රතිචාර දක්වමින්,

ONLINE පනත ඉවතට

‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත’ නොඑසේනම් බොහෝ දෙනෙක් දන්නා පරිදි ඔන්ලයින් ( ONLINE ) පනත අවලංගු කිරීමට පියවර ගැනේ.

සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි

සිරි දළදා වන්දනාව අද (18) දින සිට ආරම්භ කෙරෙන අතර ඒ අනුව, අද පස්වරු 3:30 සිට පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව උදාවෙයි.

වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි

බෞද්ධ කටයුතු සම්බන්ධයෙන් චෝදනා ලැබ වියට්නාමයේ තහනම් කොට ඇති සංවිධානයක් ලංකාවට පැමිණ පාද චාරිකාවක නිරත වන බවත් ඔවුන් භික්ෂූ විනයට පටහැනි ලෙස ක්‍රියාකරන සංවිධානයක් බවත් ඒබැවින් ඒම පාද

’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්

මැතිවරණ නීති උල්ලංඝනය වන ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ජනාධිපතිවරයා දැනුවත් කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් දැනුම්දී ඇත.

‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි

දෙරට අතර උත්සන්න වන වෙළඳ ආරවුල සංවාදයෙන් විසඳා ගැනීමට අවශ්‍ය නම්, චීනය “අවමාන තර්ජනය කිරීම සහ කප්පම්කරුවෙකු ලෙස හැසිරීම නවත්වන ලෙස” ඇමරිකාවෙන් ඉල්ලා තිබේ.

අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමරිකානු ජනාධිපතිවරයා විසින් පනවා ඇති නව තීරු බදුවලින් ලොව දුප්පත්ම සහ කුඩාම රටවලට නිදහස් කරන ලෙස ඉල්ලා ඇතැයි වාර්තා වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.