බටහිරයන්ගේ බලපෑමෙන් ලංකාවට යවන්න ගෙනා රුසියානු පොටැෂ් පොහොර ටොන් 55,000ක් සහිත නෞකාව ලැට්වියාවේ රීගා වරායේ සිරවී වසරකට වැඩියි - ලංකාවේ රුසියානු තානාපති කරුණු පැහැදිලි කරයි
රුසියානු පොටෑෂ් පොහොර තොගය පිළිබඳ කාරණය සම්බන්ධයෙන් රුසියානු තානාපති ලෙවන් ධගාරියන් මහතා විසින් මෑතකදී හෙළිදරව් කරන ලද කාරණය සම්බන්ධයෙන් රුසියානු තානාපති කාර්යාලය පහත සඳහන් කරුණු වැඩිමනත් එකතු කරනු ලබයි.
රුසියානු පොටැෂ් පොහොර ටොන් 55,000ක් සමඟ “Asian Majesty” නෞකාව යුරෝපා සංගමයට අයත් ලැට්වියාවේ රීගා වරායේ සිරවී වසරකට වැඩි කාලයක් ගතවී ඇත.
පොහොර තොගයේ මුළු වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 34 ක් වන අතර වරාය නැවතුම් ගාස්තු ලෙස දැනටමත් දළ වශයෙන් ඩොලර් මිලියන 31කට ආසන්න මුදලක් ගෙවා ඇත. එලෙසම බෙදා හැරීමේ සේවා සඳහාද තවත් ඩොලර් මිලියන 37 ක් ගෙවා ඇත. එම ගෙවීම් එක්සත් ජාතීන්ගේ වියදම් වාර්තාව තුළට ඉතා අකමැත්තෙන් ඇතුල් කර ඇත. පොහොර තොගය නිදහස් කිරීමට අවශ්‍ය අරමුදල් සියල්ලම පාහේ ගෙවීමට කටයුතු කර ඇති නමුත් ගැටළුව තවමත් විසඳී නැත. තවද, ලැට්වියානු බලධාරීන් ශ්‍රී ලංකාව වෙත යැවීමට තිබෙන පොටෑෂ් පොහොර තොගය රාජසන්තක කිරීමට සලකා බලමින් සිටියි.
ප්‍රබල ගෝලීය දකුණ යන සංකල්පයට සමස්ත ලෝක ජනයා සහාය දෙන බව දකින්නට ලැබෙන වත්මන් ලෝකයේ බටහිරයන්ගේ එවැනි නරුම ආකල්පයක් විය හැක්කේ කෙසේද?
කොළඹ රුසියානු තානාපති කාර්යාලය මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහළින්...

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..