News Category
From Date
To Date
Maximum Number of Result

"රනිල් - සජිත් - අනුර තුන් කට්ටුවේ" ප්‍රතිපත්ති ප්‍රකාශන ඇතුළට බටහිරට වුවමනා ප්‍රතිපත්ති ටික රිංගවලා අවසන්... කාට කතිරේ ගැහුවත් ප්‍රතිඵලය එකයි! - විමල් වීරවංශ

Sep 9, 2024 at 04:41 PM
|

"රනිල් - සජිත් - අනුර තුන් කට්ටුවේ" ප්‍රතිපත්ති ප්‍රකාශන තුළට බටහිර බලවතුන්ට උවමනා ප්‍රතිපත්තීන් රිංගවා ඇති බැවින් මෙවර ජනාධිපතිවරණයේදී ඒ කාට කතිරේ ගැසුවත් එකම ප්‍රතිඵලය අත්වනු ඇතැයි පෙන්වා දෙන සර්වජන බලය විධායක සභික, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා, ඒ නිසා මේ තිදෙනා තමන්ගේ ප්‍රතිපත්ති පිළිබඳව ප්‍රශ්න කරන විට දීමට උත්තර නොමැතිව, විවාද මඟහරින පිරිසක් බවට පත්ව ඇති බව ද වැඩිදුරටත් පෙන්වා දෙයි.

"ව්‍යවසායකත්ව රාජ්‍යයක් - සතුටු දැයක්" නිර්මාණය කිරීමේ සජ්ජන අරමුණ පෙරදැරි කර ගනිමින් මෙවර ජනාධිපතිවරණයට "තරුව" ලකුණෙන් තරග වදින, "සර්වජන බලය" දේශපාලන එකමුතුවෙහි අපේක්ෂක, මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක, නීතිඥ දිලිත් ජයවීර මහතාට සහයෝගය පළ කිරීම පිණිස ඊයේ(08) සවස කුරුණෑගල  කදුරුගස්හන්දිය(සිරිසර උයන ඉදිරිපිට) අසලදී  පැවති මහජන රැලිය අමතමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

මෙම මහජන රැලිය අමතා , ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජී. වීරසිංහ, යුතුකම ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ජී. වී .ඩී. තිලකසිරි, මව්බිම ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක හේමකුමාර නානායක්කාර, මව්බිම ජනතා පක්ෂයේ නියෝජ්‍ය සභාපතිනි, නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, පිවිතුරු හෙළ උරුමයේ  නීති ලේකම් භූපති කහතුඩුව යන මහත්ම මහත්මීහු ද අදහස් දැක්වූහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

'අපේක්ෂකයන්ගේ අවංකකම පිරික්සමු!'

"මැතිවරණ කොමිසම ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගෙන් මාසික ආදායම පිළිබඳව විමසා තිබුණා. නමුත් ඒ අපේක්ෂකයන් 34දෙනාගෙන් ඇත්ත මාසික ආදායම ඉදිරිපත් කරලා තිබුණේ 'තරුව' ලකුණේ අපේක්ෂක දිලිත් ජයවීර පමණයි. තම මාසික ආදායම මිලියන 16ක් බව ඔහු දැනුම් දුන්නා. මාසික ආදායම මිලියන 16ක් වූ දිලිත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ මේ ආදායම තව වැඩිකර ගන්න නොවන බව ඔබ සැමට ඉතා පැහැදිලියි. රනිල් වික්‍රමසිංහගේ මාසික ආදායම ලක්ෂ දෙකක් පමණයි කියලයි දැනුම් දී තිබුණේ. පව් දුප්පතා! කීයක් හරි මාසිකව දෙන්න වටිනවා. මේ විදිහට සියලුදෙනා තමන්ගේ ඇත්ත මාසික ආදායම සඟවන විට ඇත්ත ආදායම පවසලා ජනාධිපතිවරණ අපේක්ෂකයෙකුට තිබෙන්න ඕනෑ මූලික සුදුසුකම වන 'අවංකකම' ඔප්පු කරලා පෙන්නුවේ දිලිත් ජයවීර පමණයි. මාසික ආදායම් සඟවපු ඇතැම් අපේක්ෂකයන් අද තමන්ගේ ආදායමට සරිලන විදියට ද ප්‍රචාරක කටයුතු කරන්නේ? එක රැස්වීමට බස් හැටහැත්තෑවකින් සෙනඟ අදින්න ඔවුන්ට මුදල් තිබෙනවා.

'බංග්ලාදේශයේ ඉරණම අපටත් උරුම වේවි ද?'

1977 සිට අනුගමනය කරපු 'ණයට අරන් සැපට කෑමේ" ආර්ථික ප්‍රතිපත්තිය නිසා අද වන විට අපේ රට බංකොලොත් රටක්. ඒ විපතින් රට ගොඩගන්න පුළුවන් නායකයෙක් තමයි අද මේ රට හොයන්නේ. එහෙම නැතුව වැටුණු වලෙන් තවත් ප්‍රපාතයකට ඇද දමන  නායකත්වයකට අද ඉඩක් නැහැ. දැන් බලන්න, දකුණු ආසියාවේ ඉහළම ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගෙන තිබුණු බංග්ලාදේශයට උරුම කර දී ඇති ඉරණම. බංග්ලාදේශ ශිෂ්‍ය ව්‍යාපාරය ඉදිරියට දැම්මා; ප්‍රචණ්ඩත්වය වැපිරුවා; පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් 22ක් මරා දැම්මා; පාර්ලිමේන්තුවට ගිනි තිබ්බා; ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් අගවිනිසුරුගෙන් ඉල්ලා අස්වීමේ ලියුම අරගත්තා.අද බංග්ලාදේශයේ තිබෙන්නේ ඔවුන්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැති පාලනයක්; අන්තර් වාර පාලනයක්. ඒ අන්තර් වාර පාලනය  මගින් පිහිටුවූ අමාත්‍ය මණ්ඩලය තුළ මේ ප්‍රචණ්ඩත්වයට මුල් වූ ශිෂ්‍ය ව්‍යාපාරයේ නියෝජිතයන් දෙදෙනෙකු ද ඇමති තනතුරු දරනවා. මේ රටටත් බංග්ලාදේශයේ ඉරණම අත්කර දෙනවාද, නැද්ද, කියන එක තීරණය වන්නේ ඔබ සැප්තැම්බර් 21 වැනිදා ගන්නා තීරණය අනුව බව තරයේ මතක තබා ගන්න.

'එකම ප්‍රතිපත්ති තිබෙන තුන් කට්ටුව'

'රනිල් - සජිත් - අනුර' කියන 'අපේක්ෂක  තුන්  කට්ටුවේ' කාට කතිරේ ගැහුවත් එකම ප්‍රතිපත්තියට කතිරේ ගැහුවා වෙනවා. රනිල්ට ඕනේ නැහැ ජනාධිපතිවරණය දිනන්න. එයාට ඕනේ අනුරව දිනවන්න. එහෙම නැත්නම් තැපැල් ඡන්දයට කලින් දවසේ ITN එකට අනුර ගෙන්වයිද? අනුර ITN එකට එන්නේ තනියම දෙසලා තැපැල් ඡන්ද ටිකක් වැඩි කරගන්න. එයා විවාද මඟහැරියාට තනියම දෙසන්න නම් එනවා.

'දිලිත්ගේ කෙලින් කතාව'

මේ සෙනසුරාදා රූපවාහිනී නාලිකා සියල්ලේම විකාශනය කළ 'මාර්තු 12 ව්‍යාපාරය' විසින් සංවිධානය කළ '2024 ජනාධිපතිවරණ අපේක්ෂක විවාදය' සඳහා සහභාගී වූයේ 'තරුව අපේක්ෂක' දිලිත් ජයවීර පමණයි. තමන්ගේ ප්‍රතිපත්ති හංගන්නේ නැතුව කෙලින්  කතා කරන්න පුළුවන් සර්වජන බලය අපේක්ෂකයාට පමණයි. තමන්ගේ ප්‍රතිපත්තිය පිළිබඳව ප්‍රශ්න කරන විට දෙන්න උත්තර නැති පිරිස, විවාද මඟහරින ගමන්, තනියම ඇවිත් හොඳට 'දෙසන්න' නම් දන්නවා

'විවාද මඟහරින්නේ ඇයි?'

2015 -2019 වකවානුවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම වෙනුවෙන් දියත් කළ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ඉදිරියට ගෙන ගිහින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරනවා, කියලා ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 230 වැනි පිටුවේ තිබෙනවා. එදා එම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට මුල් වූ ජයම්පති වික්‍රමරත්නලා  ලෑස්ති වුණේ ඒකීය ශ්‍රී ලංකාව වෙනුවට ඔරුමිත්තනාඩුවක්; සහසන්ධිය රටක් නිර්මාණය කරන්න. ඒ කියන්නේ අද අනුර දිසානායක ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඇත්තේ ඒ ව්‍යවස්ථා  සම්පාදන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන බව කියමින්. ඒවා හංගලයි තිබෙන්නේ. ඔවුන් අද තමන්ගේ ප්‍රතිපත්ති හංගාගෙන, කෙලින් කතා නොකර 'චූන් පාන්' දේශපාලනයක් වේදිකාවල කතා කරන එකයි කරන්නේ. බටහිර බලවතුන්, ඉහත කියපු බංග්ලාදේශයේ ඉරණම අපටත් උරුමකර දෙන්නයි සූදානම් වෙන්නේ. ඒ සඳහා තමයි 'සල්ලි පොම්ප කරලා' 'රනිල් - සජිත් - අනුර තුන් කට්ටුවේ' ප්‍රතිපත්ති ප්‍රකාශන ඇතුළට බටහිරට ඕනෑ ප්‍රතිපත්ති ටික රිංගවන්නේ. බටහිර ඇතුළු බාහිර බලවතුන් අතේ අද තිබෙන්නේ 'මේ තුන් කට්ටුවේ කවුරු ජනාධිපති වුණත් අපි අපට ඕනෑ දේ කරගන්නවා' කියන න්‍යාය පත්‍රයයි.

ජාතික ප්‍රශ්නය 'යට ඇඳුමේ හිල' ද?

මේ විදිහට බරපතල මෙහෙයුමක් දියත් වෙද්දී අද ජාජබ හඳුන්නෙත්තිලාට ජාතික ප්‍රශ්නය වෙලා තිබෙන්නේ 'යට ඇඳුමේ හිලක්'. යට ඇඳුම් එළියේ වනන්න බැරිලු. ඒවායේ හිල්ලු. ඒ නිසා ඒවා වනන්න වෙන්නේ ගේ ඇතුළෙලු. මේවා තමයි එයාලාට ජාතික ප්‍රශ්න. මේ රටේ ආර්ථිකය, වැටිලා තිබෙන ප්‍රපාතයෙන් ගොඩඅරගෙන ධනය උපයන මාර්ගයට ගෙන එන්නේ කොහොමද, කියන එක මෙයාලා තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනවලින් කතා කරන්නේ නැහැ. නමුත් සර්වජන බලය මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරනු ලැබූ උපාය මාර්ගික සැලැස්මෙන් වැටුණු රට එතැනින් ගොඩඅරගෙන ඉදිරියට ගන්නේ කොහොමද, කියන එක ඉතා පැහැදිලිව පෙන්වා දී තිබෙනවා.

දිලිත්ට පුළුවන්!

දිලිත් ජයවීර කියන්නේ දේශපාලනය කරන්න බලාපොරොත්තු වුණු කෙනෙක් නොවෙයි. ඔහු මේ රට වැටුණාට පසුව 'දේශපාලනය කරනවා' කියා තීන්දු කළ කෙනෙක්; වැටුණු රට ගොඩගන්නවා කියා තීන්දු කළ කෙනෙක්. ඔහු ගාල්ලෙන් කොළඹ විශ්වවිද්‍යාලයට පැමිණිලා, නීතිය හදාරලා නීතිඥ වෘත්තියට පිවිසි කෙනෙක්. ව්‍යාපාර අරඹලා, සාර්ථකව ඒවා ඉදිරියට ගෙනවිත් අද මිලියන 16ක මාසික ආදායමක් ලබන කෙනෙක්. එවැනි අයෙකුට මේ රට මේ වැටුණු වලෙන් ගොඩගන්න බැරි නම් මේ අපේක්ෂකයන් අතුරින් එය කළ හැක්කේ කාටද?

 දිනවීමට ඇත්තේ 'තරුව' පමණයි 

අද අපි ඉතාමත් තීරණාත්මක තැනක ඉන්නේ. සත්‍ය සෙවීම හා ප්‍රතිසන්ධාන කොමිසමට පණ දෙන්න ඕනෑ නම්, ඒ කියන්නේ රණවිරුවන් දං ගෙඩියට දක්කන්න ඕනෑ නම්, මේ රටේ නීතිය, විධානය බිඳවට්ටලා පොලු, මුගුරු ගත්තු කොල්ලො කුරුට්ටන්ගේ පාලනයකට මේ රට ඇද දමන්න ඕනෑ නම් 'රනිල් - සජිත් - අනුර' කියන 'තුන් කට්ටුවේ' ඕනෑම අයෙකුට කතිරේ ගහන්න. රණවිරුවන් දිවි පුදා රැකදුන් මේ රට, ඇද වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩඅරන් දකුණු ආසියාවේ බලවත් රටක් බවට පත්කිරීමට ඕනෑ නම් ඔබට වෙන ලකුණු නැහැ. ඇත්තේ තරුව ලකුණ පමණයි. තරුව ලකුණින් තරඟ කරන දිලිත් ජයවීර ජයග්‍රහණය කරවන්න.

මේ රට හදන්න පුළුවන් විවාද මඟහරින අයට ද? උතුරට ගිහින් 'දහතුන සම්පූර්ණයෙන්ම බලාත්මක කරනවා' කියන අයට ද? උතුරට ඉඩම් බලතල, පොලිස් බලතල දුන්නාම මේ රටේ ආර්ථිකයට යළි පණ එනවා ද? ඒ නිසා සැප්තැම්බර් 21 වැනිදා ඔබට මග කියන ලකුණ, 'තරුව ලකුණ' ඉදිරියෙන් කතිරේ ගහන්න. එමගින් දිලිත් ජයවීර දිනවා 'ව්‍යවසායකත්ව රාජ්‍යයක් - සතුටු දැයක්' නිර්මාණය කරමු! ඒ සඳහා කුරුණෑගල ගමක්-ගමක්, ගෙයක්-ගෙයක් වෙත පියනගමු!  ඒ ජයග්‍රහණය වෙනුවෙන් කැප වෙමු!"

මාධ්‍ය අංශය,
සර්වජන බලය






සම්බන්ධිත පුවත් | Related News

අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැවසුවේ, ජනාධිපති සමාව මුවාවෙන් සිරකරුවන් නීති විරෝධී ලෙස නිදහස් කර ඇති බවට වැඩිදුර පරීක්ෂණවලින් හෙළි වී ඇති බවයි.
කීර්ති රත්නායක නමැති දූෂණ වංචා චෝදනා මත ගුවන් හමුදාවෙන් නෙරපා හරින ලද පුද්ගලයෙකු සහ විවිධ පුවත්පත් මාධ්‍යවේදීන් යොදා ගනිමින් යුද්ධයේදී නාවික හමුදා ක්‍රියාන්විතයේ මහා භූමිකාවක් ඉටු කළ වයිස් අද්මිරාල් ඩී.පී.කේ. දසනායක මහතාට එරෙහිව එල්ල කෙරෙන අභූත චෝදනාවලට එරෙහිව ඒ මහතා විසින් අභියෝගාත්මක සෘජු පිළිතුරු ලබා දී ඇත.
මෙරට සම්බුද්ධ ශාසනය පිහිටුවීම සිහිපත් කෙරෙන පො‍සොන් පුර පසළොස්වක පොහොය අදට (10) යෙදී තිබේ.
හන්තාන ප්‍රදේශයේ පිහිටි රජය සතුව තිබූ වටිනා ඉඩමක් මාධ්‍යවේදීන් හා අධිකරණ ක්ෂේත්‍රයේ නිලධාරීන් අතර බෙදා දීමක් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු මේ වන විට සිදුවීම් පවතින බව වාර්තා වෙයි.
‘විශාල බලාපොරොත්තු තබාගෙන පත්කරගත් රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙමින් පවතින බව කෝට්ටේ ශ්‍රී කල්‍යානි සාමග‍්‍රි ධර්ම මහා සංඝ සභාවේ අනු නායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ සඳහන් කරති.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනයට අදාළව අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අද (08) දින අත්අඩංගුවට ගෙන ඇත
පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්චුනා මහතා පවසන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට පැමිණ ඇති බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා රේගු වාර්තා ඉදිරිපත් කරමින් පෙන්වා දෙයි.
2025 මැයි මාසය අවසානයේ දී මහ බැංකුව සතු නිල සංචිත එක්සත් ජනපද ඩොලර් මිලියන 6,284 ක් ලෙස වාර්තා වී ඇත.
අනුරාධපුර බන්ධනාගාරයේ සිටි රැදවියෙකු වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරිම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

ප්‍රධාන පුවත්

තවත් සිරකරුවන් 68ක් නීති විරෝධී ලෙස නිදහස් කරලා.. - අධිකරණයේ දී හෙළිවෙයි..

අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැවසුවේ, ජනාධිපති සමාව මුවාවෙන් සිරකරුවන් නීති විරෝධී ලෙස නිදහස් කර ඇති බවට වැඩිදුර පරීක්ෂණවලින් හෙළි වී ඇති බවයි.

මුහුදු කොටි විනාශයට මහා භූමිකාවක් ඉටු කළ වයිස් අද්මිරාල් ඩී.පී.කේ. දසනායක මහතාට එරෙහිව එල්ල කෙරෙන අභූත චෝදනාවලට අභියෝගාත්මක පිළිතුරු

කීර්ති රත්නායක නමැති දූෂණ වංචා චෝදනා මත ගුවන් හමුදාවෙන් නෙරපා හරින ලද පුද්ගලයෙකු සහ විවිධ පුවත්පත් මාධ්‍යවේදීන් යොදා ගනිමින් යුද්ධයේදී නාවික හමුදා ක්‍රියාන්විතයේ මහා භූමිකාවක් ඉටු කළ වයිස් අද්මිරාල් ඩී.පී.කේ. දසනායක මහතාට එරෙහිව එල්ල කෙරෙන අභූත චෝදනාවලට එරෙහිව ඒ මහතා විසින් අභියෝගාත්මක සෘජු පිළිතුරු ලබා දී ඇත.

යහපාලන කාලේ හන්තානේ රජයේ වටිනා ඉඩම් කුණු කොල්ලෙට ලියාගත් පිරිසක් ගැන පරීක්ෂණ.. රටම දන්න මාධ්‍යවේදීනුත් ඉන්නවලු..

හන්තාන ප්‍රදේශයේ පිහිටි රජය සතුව තිබූ වටිනා ඉඩමක් මාධ්‍යවේදීන් හා අධිකරණ ක්ෂේත්‍රයේ නිලධාරීන් අතර බෙදා දීමක් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු මේ වන විට සිදුවීම් පවතින බව වාර්තා වෙයි.

රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙලා.. අපිම තමයි හරි කියන තීරණයේ ගියොත් වැඩිකල් යන්න බෑ - කොටපිටියේ හිමියෝ අගමැතිනිගේ මුහුණටම කියති..

‘විශාල බලාපොරොත්තු තබාගෙන පත්කරගත් රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙමින් පවතින බව කෝට්ටේ ශ්‍රී කල්‍යානි සාමග‍්‍රි ධර්ම මහා සංඝ සභාවේ අනු නායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ සඳහන් කරති.

අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..

පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්චුනා මහතා පවසන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට පැමිණ ඇති බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා රේගු වාර්තා ඉදිරිපත් කරමින් පෙන්වා දෙයි.

ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්

අනුරාධපුර බන්ධනාගාරයේ සිටි රැදවියෙකු වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරිම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..

ඉන්දියාව සමග ශ්‍රී ලංකා රජය අත්සන් කළ ගිවිසුම් හත සම්බන්ධයෙන් තොරතුරු ලබා නොදීම ගැන ජාතික සංවිධාන විසින් කළ අභියාචනයකට පිළිතුරු සපයමින් ඉකුත් 4 වැනි දා අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා විසින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබුනේ එම අභියාචනය ප්‍රතික්ෂේප කරන බවයි.

දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..

එල්ටීටීඊ ත්‍රස්තවාදය නිසා ඉන්දියාවට පලා ගිය දෙමළ ජන කණ්ඩායම් නැවත ලංකාවට ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරන බව වාර්තා වන බවත්, එසේ දෙමළ ජනයා ගෙන්වා ගැනීමේ දී ආගමන විගමන කටයුතු නිසි පරිදි සිදු විය යුතු බවත් දේශප්‍රේමි ජාතික පෙරමුණ පවසයි.

ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කෙරුණු ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු පෙත්සම අද(5) දින ‍ශ්‍රේෂ්ඨාධිකරණයේ දී පළමු වරට විභාගයට ගැණිනි.

කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)

රේගු පරීක්‍ෂාවකින් තොරව වරායෙන් පිටකරන ලද කන්ටේනර් 323 සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අන්දෝලනාත්ම ප්‍රකාශයක් පාර්ලිමේන්තුව තුළ දී සිදුකර තිබේ.

යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..

යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර පළාත් වල සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම පිළිබඳව ජාතික සමගිය සහ සංහිඳියා කාර්යාලය සමග සාකච්චාවක් පැවත්විණි.

දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)

දන්ඩනිති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න මහත්මිය පවසන්නේ මෙම වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ ලෙස තම සංවිධානය තදින් විරුද්ධ වන බවය.

ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව

දරුවන් ලිංගික අපයෝජනවලින් බේරාගැනීම සඳහා දණ්ඩනීති සංග්‍රහයේ ඇති අස්වාභාවික වැරදි පිළිබඳ 365 දරණ වගන්තිය සහ පුද්ගලයන් අතර බරපතළ අශෝභන ක්‍රියා පිළිබඳව සඳහන් වන 365 A වගන්තිය ඉවත් කරමින් දණ්ඩනීති සංග්‍රහයට සංශෝධනයක් ගෙන ඒමට අධිකරණ ඇමැතිවරයාට මානව හිමිකම් කොමිසම විසින් දන්වා ඇති බවට ඊයේ මාධ්‍ය හමුවක් අමතමින් දේශහිතෛෂීජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන්කර සිටියේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.