බීජිං ප්‍රකාශය: FOCAC සමුළුවේදී සම්මත වූ ක්‍රියාකාරී සැලැස්ම
නවීකරණය ඒකාබද්ධව ඉදිරියට ගෙන යාම සඳහා හවුල්කාරිත්ව ක්‍රියාමාර්ග 10 ක් ක්‍රියාත්මක කිරීම සඳහා අප්‍රිකාව සමඟ කටයුතු කිරීමට චීනය සූදානම් බව චීන ජනාධිපති ෂී ජින්පින් ඊයේ(05 ) ප්‍රකාශ කළේය.
අනාගත නව යුගය සඳහා චීනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති සියලුම අප්‍රිකානු රටවල් අතර ද්විපාර්ශ්වික සබඳතා උපායමාර්ගික සබඳතා මට්ටම දක්වා ඉහළ නැංවිය යුතු බවත්, චීන-අප්‍රිකා සබඳතාවල සමස්ත ලක්ෂණය බෙදාහදාගත් චීන-අප්‍රිකා ප්‍රජාවක් දක්වා ඉහළ නැංවිය යුතු බවත් ඔහු යෝජනා කළේය.
ෂී මේ බව ප්‍රකාශ කළේ බීජිං හි පැවති චීන-අප්‍රිකා සහයෝගීතාව පිළිබඳ සංසදයේ (FOCAC) 2024 සමුළුවේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමිනි.
සංසදයට සහභාගී වූවන් සහ නිරීක්ෂකයින් අනාගතය පිළිබඳ දූරදර්ශී මග පෙන්වීමක් ලෙස චීන අප්‍රිකා සබඳතා ඉහළ නැංවීම සම්බන්ධයෙන් ප්‍රශංසා කළ අතර අප්‍රිකාවට සැලකිය යුතු ප්‍රතිලාභ ලබා දීමටත්, චීනය සමඟ උරෙන් උර ගැටී නවීකරණය ඉහළ නැංවීමටත් චීන අප්‍රිකානු සහයෝගිතාවය නව ඉහළ මට්ටමකට ඉහළ නැංවිමට සැලැස්මෙන් ඉදිරිපත් කර ඇති ප්‍රතිපාදන සම්බන්ධයෙන් පැහැදී සිටියහ.
ප්‍රමාණවත් ක්‍රියාකාරකම්
නව යුගය සඳහා හවුල් අනාගතයක් සහිත සියලු තත්වයන්ට අනුගත වන චීන-අප්‍රිකා ප්‍රජාවක් ඒකාබද්ධව ගොඩනැගීම පිළිබඳ ප්‍රකාශයක් මෙන්ම ඉදිරි වසර තුන සඳහා FOCඇC හි ක්‍රියාකාරී සැලැස්මක් ඊයේ(04) පැවැති 2024 බීජිංහි FOCඇC සමුළුවේදී සම්මත කරන ලදී.
ඉදිරි වසර තුන තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන සහ පොදු ආරක්ෂාව පිළිබඳ ක්‍රියාකාරී සැලැස්මට අනුව.
ශිෂ්ටාචාර අතර අන්‍යෝන්‍ය අධ්‍යනය, වෙළඳ සමෘද්ධිය, කාර්මික දාම සහයෝගීතාව, සම්බන්ධතාව, සංවර්ධන සහයෝගීතාව, සෞඛ්‍ය සේවා, ග්‍රාමීය පුනර්ජීවනය සහ ජනතාවගේ යහපැවැත්ම, ජනතාව අතර හුවමාරු, හරිත යන ක්ෂේත්‍ර ආවරණය කරයි.
"එය අප්‍රිකාව සමඟ නවීකරණය ප්‍රවර්ධනය කිරීමේදී චීනයේ විශ්වාසය සහ අවංකභාවය පිළිබිඹු කරමින් මූලික වශයෙන් නවීකරණයේ සියලුම අංග ආවරණය කරනවා." බීජිං විදේශ අධ්‍යයන විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා සහ රාජ්‍යතාන්ත්‍රික පාසලේ මහාචාර්ය සොන්ග් වෙයි ග්ලෝබල් ටයිම්ස් වෙත පැවසීය.
හවුල් ව්‍යාපෘති 10 සාර්ථකව ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා චීනය ඉදිරි වසර තුන තුළ අප්‍රිකාවට යුවාන් බිලියන 360 (ඩොලර් බිලියන 50.69) ලබා දෙනු ඇත. ක්‍රියාකාරී සැලැස්මට අනුව, චීනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති ඌන සංවර්ධිත රටවල නිෂ්පාදනවල තීරුබදු රේඛාවලින් 100% සඳහා චීනය තීරුබදු රහිත සැලකිල්ලක් ලබා දෙනු ඇත.
චීනය ස්වේච්ඡාවෙන් සහ ඒකපාර්ශ්විකව සිය වෙළඳපල පුළුල් ලෙස විවෘත කරනු ඇත. මෙම පියවර චීනය එවැනි පියවරක් ගත් පළමු ප්‍රධාන සංවර්ධනය වෙමින් පවතින රට සහ පළමු ප්‍රධාන ආර්ථිකය බවට පත් කරන අතර චීනයේ විශාල වෙළඳපල අප්‍රිකාවේ විශාල අවස්ථාවක් බවට පත් කිරීමට උපකාරී වනු ඇතැයි ෂී සිය ප්‍රධාන දේශනයේදී සඳහන් කළේය.
චීනය අප්‍රිකාවේ යටිතල පහසුකම් ව්‍යාපෘති 30 ක් ක්‍රියාත්මක කිරීමටත්, චීනයේ මධ්‍යම හා බටහිර ප්‍රදේශ අප්‍රිකාවට සම්බන්ධ කරන බහුවිධ මුහුදු-දුම්රිය ප්‍රවාහන ජාලයක් ගොඩනඟා ගැනීමටත්, දේශීය මුදල් පියවීම් සහ මූල්‍ය තාක්‍ෂණයේදී මහාද්වීපය සමඟ සහයෝගීතාව ගැඹුරු කිරීමටත් චීනය උදව් කරනු ඇත.
ක්‍රියාකාරී සැලැස්ම යටතේ චීනය වෛද්‍ය නිලධාරීන් 2,000 ක් සහ මහජන සෞඛ්‍ය විශේෂඥයින් සහ කෘෂිකාර්මික විශේෂඥයින් 500 ක් අප්‍රිකානු රටවලට යවනු ඇත. සෞඛ්‍ය හා මැලේරියා ප්‍රතිකාර වැඩසටහන් 20 ක් සහ පිරිසිදු බලශක්ති සහ හරිත සංවර්ධන ව්‍යාපෘති 30 ක් ක්‍රියාත්මක කිරීමට අරමුණු කරගෙන තිබේ.එලෙසම අප්‍රිකාව තුළ චීන ව්‍යාපාර දිරි ගන්වමින් මිලියනයකට නොඅඩු දේශීය රැකියා රැකියා සංඛ්‍යාවක් නිර්මාණය කිරීමට දිරිගන්වනු ඇත. කාන්තා සවිබල ගැන්වීම සහ තරුණ සංවර්ධනය අරමුණුකරගත් වැඩසටහන් සඳහා ප්‍රමුඛත්වය දෙමින් පුහුණු අවස්ථා 60,000ක් ලබා දීමට නියමිතය.
මිලිටරි ප්‍රදාන ලබා දීම, හමුදා නිලධාරීන් පුහුණු කිරීම සහ අප්‍රිකානු හමුදා නිලධාරීන්ට චීනයට ගොස් අභ්‍යාස සහ මුර සංචාර පැවැත්වීම සඳහා ආරාධනා කිරීම මගින් ගෝලීය ආරක්ෂක මුලපිරීමේ හවුල්කාරිත්වයක් ස්ථාපිත කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට චීනය අප්‍රිකාව සමඟ අත්වැල් බැඳගනු ඇත.
සිම්බාබ්වේ පදනම් කරගත් දකුණු අප්‍රිකානු පර්යේෂණ සහ ප්‍රලේඛන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ Mඋනෙට්සි Mඅඩකුෆම්බ, ක්‍රියාකාරී සැලැස්මේ පාලන අත්දැකීම් බෙදාගැනීම සම්බන්ධයෙන් සිය් සතුට පළ කළේය.
හුවමාරු වැඩසටහන් සඳහා අප්‍රිකානු දේශපාලන පක්ෂවල පුද්ගලයන් 1,000 කට චීනයට ආරාධනා කිරීමෙන්, චීනය අප්‍රිකාවට විකල්ප ආදර්ශයක් ඉදිරිපත් කරන අතර මෙය එක් එක් රටේ සන්දර්භය සහ තත්වයන්ට අනුවර්තනය කරන්නේ කෙසේදැයි බැලීමට ලැබෙන මහඟු අවස්ථාවක් බවද මැඩකුෆම්බා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.
නයිජීරියාවේ ලාගෝස් විශ්ව විද්‍යාලයේ කොන්ෆියුසියස් ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඇඩෙටෝරෝ බැන්වෝ ග්ලෝබල් ටයිම්ස් වෙත පැවසුවේ මෙම සැලැස්ම සහයෝගීතාවයේ ප්‍රධාන ක්ෂේත්‍ර ඉලක්ක කරන අතර ආර්ථික සබඳතා ගැඹුරු කිරීමට සහ දෙරට සඳහා වෙළඳාම සහ ආයෝජන වැඩි කිරීමට අපේක්ෂා කරන බවයි. මෙම සැලසුම් මගින් තාක්ෂණික හා දැනුම හුවමාරු කිරීම්, හිඩැස් නැති කිරීම සහ නව්‍යකරණයන් දිරිමත් කිරීම සඳහා පහසුකම් සැලසෙනු ඇත.
අබුඩාබි මූලස්ථානයේ පිහිටි පර්යේෂණ ආයතනයේ ඨ්ර්Eණ්ඪ්S පර්යේෂණ සහ උපදේශන ආයතනයේ හමාඩ් අල්හොසානි අවධාරණය කළේ චීනයේ මැදිහත්වීම අප්‍රිකානු ජාතීන් සවිබල ගැන්වීමේ මාධ්‍යයක් වන අතර ඔවුන්ගේ සෞභාග්‍යය සහ සංවර්ධනය සඳහා වන අභිලාෂයන්ට සහාය වන බවයි.
"අවසාන වශයෙන්, මෙම සහයෝගීතාවය අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ දිගුකාලීන වර්ධනයට හේතු විය හැක," ඔහු පැවසීය.
හවුල් අනාගතයක් කරා
Development Reimagined හි ඝානාවේ අප්‍රිකා-චීන සම්බන්ධතා විශ්ලේෂකයෙකු වන සේනා වොන්කුජෝවි මාධ්‍ය වෙත වෙත පැවසුවේ "නව යුගය සඳහා හවුල් අනාගතයක් සහිත සියලු තත්වයන්ට චීන-අප්‍රිකා ප්‍රජාව" සඳහා එක් වැදගත් අංගයක් ඇතුළත් ආර්ථික ගෝලීයකරණය වනු ඇති බවයි.
"අද, අපගේ හවුල්කාරිත්වයන් බහුතරයක් නිෂ්පාදන ක්‍ෂේත්‍රයේ පවතී. මෙය අප්‍රිකාව කාර්මීකරණයට යොමු වීමට උදවු කරනවා. අප්‍රිකාවේ කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමට සහ අප්‍රිකානු මහාද්වීපයට ගෝලීය සැපයුම් දාමයන් සමඟ ඒකාබද්ධ වීමට උපකාර කරයි," Voncujovi පැවසීය.
TRENDS හි Alhosani මෙම සංකල්පය සහයෝගීතාවයේ ක්‍රියාමාර්ගයක් ලෙස වටහා ගනී. වත්මන් ජාත්‍යන්තර භූ දේශපාලන සංදර්භ්ය යටතේ, භූ දේශපාලනික ආතතීන් සහ සීරු මාරුවන සන්ධාන මගින් සලකුණු කර ඇති අතර, FOCAC සමුළුව ඵලදායි ප්‍රතිඵල සහිතව, අප්‍රිකාවේ ප්‍රධාන හවුල්කරුවෙකු ලෙස චීනය ඉස්මතු කරමින්, ගැටුම් සංදර්භයට එරෙහිව සහයෝගීතාව වර්ධනය කරන බව අවධාරණය කළේය.
සබඳතාවයේ උන්නතාංශය අප්‍රිකානු රටවල් සමඟ තම ජාතික උපාය මාර්ග තවදුරටත් පෙළගැස්වීමට සහ සංවර්ධනය කිරීමට චීනයේ අධිෂ්ඨානය සහ කැපවීම පෙන්නුම් කරන බව සොන්ග් පැවසීය.
https://www.globaltimes.cn/page/202409/1319348.shtml
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි