News Category
From Date
To Date
Maximum Number of Result

බීජිං ප්‍රකාශය: FOCAC සමුළුවේදී සම්මත වූ ක්‍රියාකාරී සැලැස්ම

Sep 6, 2024 at 12:39 PM
|

නවීකරණය ඒකාබද්ධව ඉදිරියට ගෙන යාම සඳහා හවුල්කාරිත්ව ක්‍රියාමාර්ග 10 ක් ක්‍රියාත්මක කිරීම සඳහා අප්‍රිකාව සමඟ කටයුතු කිරීමට චීනය සූදානම් බව චීන ජනාධිපති ෂී ජින්පින් ඊයේ(05 ) ප්‍රකාශ කළේය. 

අනාගත නව යුගය සඳහා චීනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති සියලුම අප්‍රිකානු රටවල් අතර ද්විපාර්ශ්වික සබඳතා උපායමාර්ගික සබඳතා මට්ටම දක්වා ඉහළ නැංවිය යුතු බවත්, චීන-අප්‍රිකා සබඳතාවල සමස්ත ලක්ෂණය බෙදාහදාගත් චීන-අප්‍රිකා ප්‍රජාවක් දක්වා ඉහළ නැංවිය යුතු බවත් ඔහු යෝජනා කළේය.

ෂී මේ බව ප්‍රකාශ කළේ බීජිං හි පැවති චීන-අප්‍රිකා සහයෝගීතාව පිළිබඳ සංසදයේ (FOCAC) 2024 සමුළුවේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමිනි.

සංසදයට සහභාගී වූවන් සහ නිරීක්ෂකයින් අනාගතය පිළිබඳ දූරදර්ශී මග පෙන්වීමක් ලෙස චීන අප්‍රිකා සබඳතා ඉහළ නැංවීම සම්බන්ධයෙන් ප්‍රශංසා කළ අතර අප්‍රිකාවට සැලකිය යුතු ප්‍රතිලාභ ලබා දීමටත්, චීනය සමඟ උරෙන් උර ගැටී නවීකරණය ඉහළ නැංවීමටත් චීන අප්‍රිකානු සහයෝගිතාවය නව ඉහළ මට්ටමකට ඉහළ නැංවිමට සැලැස්මෙන් ඉදිරිපත් කර ඇති ප්‍රතිපාදන සම්බන්ධයෙන් පැහැදී සිටියහ. 

ප්‍රමාණවත් ක්‍රියාකාරකම්

නව යුගය සඳහා හවුල් අනාගතයක් සහිත සියලු තත්වයන්ට අනුගත වන චීන-අප්‍රිකා ප්‍රජාවක් ඒකාබද්ධව ගොඩනැගීම පිළිබඳ ප්‍රකාශයක් මෙන්ම ඉදිරි වසර තුන සඳහා FOCඇC හි ක්‍රියාකාරී සැලැස්මක් ඊයේ(04) පැවැති 2024 බීජිංහි FOCඇC සමුළුවේදී සම්මත කරන ලදී.

ඉදිරි වසර තුන තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන සහ පොදු ආරක්ෂාව පිළිබඳ ක්‍රියාකාරී සැලැස්මට අනුව.

 ශිෂ්ටාචාර අතර අන්‍යෝන්‍ය අධ්‍යනය, වෙළඳ සමෘද්ධිය, කාර්මික දාම සහයෝගීතාව, සම්බන්ධතාව, සංවර්ධන සහයෝගීතාව, සෞඛ්‍ය සේවා, ග්‍රාමීය පුනර්ජීවනය සහ ජනතාවගේ යහපැවැත්ම, ජනතාව අතර හුවමාරු, හරිත යන ක්ෂේත්‍ර ආවරණය කරයි. 

"එය අප්‍රිකාව සමඟ නවීකරණය ප්‍රවර්ධනය කිරීමේදී චීනයේ විශ්වාසය සහ අවංකභාවය පිළිබිඹු කරමින් මූලික වශයෙන් නවීකරණයේ සියලුම අංග ආවරණය කරනවා." බීජිං විදේශ අධ්‍යයන විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා සහ රාජ්‍යතාන්ත්‍රික පාසලේ මහාචාර්ය සොන්ග් වෙයි ග්ලෝබල් ටයිම්ස් වෙත පැවසීය.

හවුල් ව්‍යාපෘති 10 සාර්ථකව ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා චීනය ඉදිරි වසර තුන තුළ අප්‍රිකාවට යුවාන් බිලියන 360 (ඩොලර් බිලියන 50.69) ලබා දෙනු ඇත. ක්‍රියාකාරී සැලැස්මට අනුව, චීනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති ඌන සංවර්ධිත රටවල නිෂ්පාදනවල තීරුබදු රේඛාවලින් 100% සඳහා චීනය තීරුබදු රහිත සැලකිල්ලක් ලබා දෙනු ඇත.

චීනය ස්වේච්ඡාවෙන් සහ ඒකපාර්ශ්විකව සිය වෙළඳපල පුළුල් ලෙස විවෘත කරනු ඇත. මෙම පියවර චීනය එවැනි පියවරක් ගත් පළමු ප්‍රධාන සංවර්ධනය වෙමින් පවතින රට සහ පළමු ප්‍රධාන ආර්ථිකය බවට පත් කරන අතර චීනයේ විශාල වෙළඳපල අප්‍රිකාවේ විශාල අවස්ථාවක් බවට පත් කිරීමට උපකාරී වනු ඇතැයි ෂී සිය ප්‍රධාන දේශනයේදී සඳහන් කළේය.

චීනය අප්‍රිකාවේ යටිතල පහසුකම් ව්‍යාපෘති 30 ක් ක්‍රියාත්මක කිරීමටත්, චීනයේ මධ්‍යම හා බටහිර ප්‍රදේශ අප්‍රිකාවට සම්බන්ධ කරන බහුවිධ මුහුදු-දුම්රිය ප්‍රවාහන ජාලයක් ගොඩනඟා ගැනීමටත්, දේශීය මුදල් පියවීම් සහ මූල්‍ය තාක්‍ෂණයේදී මහාද්වීපය සමඟ සහයෝගීතාව ගැඹුරු කිරීමටත් චීනය උදව් කරනු ඇත.

ක්‍රියාකාරී සැලැස්ම යටතේ චීනය වෛද්‍ය නිලධාරීන් 2,000 ක් සහ මහජන සෞඛ්‍ය විශේෂඥයින් සහ කෘෂිකාර්මික විශේෂඥයින් 500 ක් අප්‍රිකානු රටවලට යවනු ඇත. සෞඛ්‍ය හා මැලේරියා ප්‍රතිකාර වැඩසටහන් 20 ක් සහ පිරිසිදු බලශක්ති සහ හරිත සංවර්ධන ව්‍යාපෘති 30 ක් ක්‍රියාත්මක කිරීමට අරමුණු කරගෙන තිබේ.එලෙසම අප්‍රිකාව තුළ චීන ව්‍යාපාර දිරි ගන්වමින් මිලියනයකට නොඅඩු දේශීය රැකියා රැකියා සංඛ්‍යාවක් නිර්මාණය කිරීමට දිරිගන්වනු ඇත. කාන්තා සවිබල ගැන්වීම සහ තරුණ සංවර්ධනය අරමුණුකරගත් වැඩසටහන් සඳහා ප්‍රමුඛත්වය දෙමින් පුහුණු අවස්ථා 60,000ක් ලබා දීමට නියමිතය.

මිලිටරි ප්‍රදාන ලබා දීම, හමුදා නිලධාරීන් පුහුණු කිරීම සහ අප්‍රිකානු හමුදා නිලධාරීන්ට චීනයට ගොස් අභ්‍යාස සහ මුර සංචාර පැවැත්වීම සඳහා ආරාධනා කිරීම මගින් ගෝලීය ආරක්ෂක මුලපිරීමේ හවුල්කාරිත්වයක් ස්ථාපිත කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට චීනය අප්‍රිකාව සමඟ අත්වැල් බැඳගනු ඇත.

සිම්බාබ්වේ පදනම් කරගත් දකුණු අප්‍රිකානු පර්යේෂණ සහ ප්‍රලේඛන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ Mඋනෙට්සි Mඅඩකුෆම්බ, ක්‍රියාකාරී සැලැස්මේ පාලන අත්දැකීම් බෙදාගැනීම සම්බන්ධයෙන් සිය් සතුට පළ කළේය.

හුවමාරු වැඩසටහන් සඳහා අප්‍රිකානු දේශපාලන පක්ෂවල පුද්ගලයන් 1,000 කට චීනයට ආරාධනා කිරීමෙන්, චීනය අප්‍රිකාවට  විකල්ප ආදර්ශයක් ඉදිරිපත් කරන අතර මෙය එක් එක් රටේ සන්දර්භය සහ තත්වයන්ට අනුවර්තනය කරන්නේ කෙසේදැයි බැලීමට ලැබෙන මහඟු අවස්ථාවක් බවද මැඩකුෆම්බා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

නයිජීරියාවේ ලාගෝස් විශ්ව විද්‍යාලයේ කොන්ෆියුසියස් ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඇඩෙටෝරෝ බැන්වෝ ග්ලෝබල් ටයිම්ස් වෙත පැවසුවේ මෙම සැලැස්ම සහයෝගීතාවයේ ප්‍රධාන ක්ෂේත්‍ර ඉලක්ක කරන අතර ආර්ථික සබඳතා ගැඹුරු කිරීමට සහ දෙරට සඳහා වෙළඳාම සහ ආයෝජන වැඩි කිරීමට අපේක්ෂා කරන බවයි. මෙම සැලසුම් මගින් තාක්ෂණික හා දැනුම හුවමාරු කිරීම්, හිඩැස් නැති කිරීම සහ නව්‍යකරණයන් දිරිමත් කිරීම සඳහා පහසුකම් සැලසෙනු ඇත.

අබුඩාබි මූලස්ථානයේ පිහිටි පර්යේෂණ ආයතනයේ ඨ්ර්‍Eණ්ඪ්S පර්යේෂණ සහ උපදේශන ආයතනයේ හමාඩ් අල්හොසානි අවධාරණය කළේ චීනයේ මැදිහත්වීම අප්‍රිකානු ජාතීන් සවිබල ගැන්වීමේ මාධ්‍යයක් වන අතර ඔවුන්ගේ සෞභාග්‍යය සහ සංවර්ධනය සඳහා වන අභිලාෂයන්ට සහාය වන බවයි.

"අවසාන වශයෙන්, මෙම සහයෝගීතාවය අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ දිගුකාලීන වර්ධනයට හේතු විය හැක," ඔහු පැවසීය.

හවුල් අනාගතයක් කරා

Development Reimagined හි ඝානාවේ අප්‍රිකා-චීන සම්බන්ධතා විශ්ලේෂකයෙකු වන සේනා වොන්කුජෝවි මාධ්‍ය වෙත වෙත පැවසුවේ "නව යුගය සඳහා හවුල් අනාගතයක් සහිත සියලු තත්වයන්ට චීන-අප්‍රිකා ප්‍රජාව" සඳහා එක් වැදගත් අංගයක් ඇතුළත් ආර්ථික ගෝලීයකරණය වනු ඇති බවයි.

"අද, අපගේ හවුල්කාරිත්වයන් බහුතරයක් නිෂ්පාදන ක්‍ෂේත්‍රයේ පවතී. මෙය අප්‍රිකාව කාර්මීකරණයට යොමු වීමට උදවු කරනවා. අප්‍රිකාවේ කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමට සහ අප්‍රිකානු මහාද්වීපයට ගෝලීය සැපයුම් දාමයන් සමඟ ඒකාබද්ධ වීමට උපකාර කරයි," Voncujovi පැවසීය.

TRENDS හි Alhosani මෙම සංකල්පය සහයෝගීතාවයේ ක්‍රියාමාර්ගයක් ලෙස වටහා ගනී. වත්මන් ජාත්‍යන්තර භූ දේශපාලන සංදර්භ්ය යටතේ, භූ දේශපාලනික ආතතීන් සහ සීරු මාරුවන සන්ධාන මගින් සලකුණු කර ඇති අතර, FOCAC සමුළුව ඵලදායි ප්‍රතිඵල සහිතව, අප්‍රිකාවේ ප්‍රධාන හවුල්කරුවෙකු ලෙස චීනය ඉස්මතු කරමින්, ගැටුම් සංදර්භයට එරෙහිව සහයෝගීතාව වර්ධනය කරන බව අවධාරණය කළේය.

සබඳතාවයේ උන්නතාංශය අප්‍රිකානු රටවල් සමඟ තම ජාතික උපාය මාර්ග තවදුරටත් පෙළගැස්වීමට සහ සංවර්ධනය කිරීමට චීනයේ අධිෂ්ඨානය සහ කැපවීම පෙන්නුම් කරන බව සොන්ග් පැවසීය.

https://www.globaltimes.cn/page/202409/1319348.shtml

සම්බන්ධිත පුවත් | Related News

මව්බිමේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සැමරුමෙන් පසු අපගේ කාර්යභාරය සහ උතුරුකරයේ පදිංචි සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි මස 01 දා සවස 2 ට කොළඹ පුස්ථකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී පැවැත් වේ.
දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීම සඳහා අධිකරණ ඇමැතිවරයාට බල කිරීම මගින් දරුවන් ලක්ෂ 60ක් ලිංගික අපචාර සහ සමලිංගික ක්‍රියාවලට ගොදුරු කිරීමට ගන්නා උත්සාහයට විරෝධය පළ කරමින් කාන්තා පරපුර සංවිධානය විසින් මානව හිමිකම් කොමිසමට තම විරෝධය පළකර තිබේ.
ලංකා ලීඩ් පුවත් වෙබ් අඩවිය විසින් පලකරනු ලැබූ ඉහත කරුණ සම්බන්ධයෙන් අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව "Mothers' Movement" හි කැඳවුම්කරු ක්‍රිෂාන්ත රත්නවීර මහතා අප වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ජාතික සංවිධාන එකමුතුව විසින් කැඳවනු ලැබූ එම ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වූ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සකුන්තලා මෙන්ඩිස් මහත්මිය "Mothers' Movement "හි සාමාජිකාවක් නොවන බවයි.
නීතිවිරෝධී ආගමන නැවැත්වීම අරමුණු කරගනිමින් කළ වැටලීම් වලට එරෙහිව ඇති වූ කැරලි ගැසීම් සහ කොල්ලකෑම් හේතුවෙන් ලොස් ඇන්ජලීස් නගරයේ ඇඳිරි නීතිය පනවා ඇතැයි වාර්තා වේ.
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 2025 වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තුව සමස්තයක් ලෙස 15%කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබේ.
ජනාධිපති සමාව යටතේ වැරදි පුද්ගලයන් නිදහස් කර ඇත්තේ නම් ඒ සඳහා අධිකරණ අමාත්‍යංශය ලේකම්වරයා මෙන්ම ජනාධිපති ලේකම්වරයාද සැකකරුවන් ලෙස නම් කළ යුතු බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් උපුල් උපුල් තෝරදෙණිය වෙනුවෙන් අධිකරණයේ පිණිස සිටිමින් නීතිඥ දර්ශන කුරූප්පු මහතා ඊයේ පැවසුවේය.
අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැවසුවේ, ජනාධිපති සමාව මුවාවෙන් සිරකරුවන් නීති විරෝධී ලෙස නිදහස් කර ඇති බවට වැඩිදුර පරීක්ෂණවලින් හෙළි වී ඇති බවයි.
කීර්ති රත්නායක නමැති දූෂණ වංචා චෝදනා මත ගුවන් හමුදාවෙන් නෙරපා හරින ලද පුද්ගලයෙකු සහ විවිධ පුවත්පත් මාධ්‍යවේදීන් යොදා ගනිමින් යුද්ධයේදී නාවික හමුදා ක්‍රියාන්විතයේ මහා භූමිකාවක් ඉටු කළ වයිස් අද්මිරාල් ඩී.පී.කේ. දසනායක මහතාට එරෙහිව එල්ල කෙරෙන අභූත චෝදනාවලට එරෙහිව ඒ මහතා විසින් අභියෝගාත්මක සෘජු පිළිතුරු ලබා දී ඇත.
මෙරට සම්බුද්ධ ශාසනය පිහිටුවීම සිහිපත් කෙරෙන පො‍සොන් පුර පසළොස්වක පොහොය අදට (10) යෙදී තිබේ.

ප්‍රධාන පුවත්

උතුරේ සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි 01 දා සවස 2 ට කොළඹ පුස්තකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී..

මව්බිමේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සැමරුමෙන් පසු අපගේ කාර්යභාරය සහ උතුරුකරයේ පදිංචි සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි මස 01 දා සවස 2 ට කොළඹ පුස්ථකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී පැවැත් වේ.

60 ලක්ෂයක දරුවන් අනාරක්ෂිත කරමින්, අධිකරණ ඇමැතිවරයාට බලපෑම් කර දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීමට මානව හිමිකම් කොමිසම දරණ උත්සාහයට කාන්තා පරපුර සංවිධානයේ විරෝධය..

දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීම සඳහා අධිකරණ ඇමැතිවරයාට බල කිරීම මගින් දරුවන් ලක්ෂ 60ක් ලිංගික අපචාර සහ සමලිංගික ක්‍රියාවලට ගොදුරු කිරීමට ගන්නා උත්සාහයට විරෝධය පළ කරමින් කාන්තා පරපුර සංවිධානය විසින් මානව හිමිකම් කොමිසමට තම විරෝධය පළකර තිබේ.

දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් ළමා අපචාර සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම: ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව

ලංකා ලීඩ් පුවත් වෙබ් අඩවිය විසින් පලකරනු ලැබූ ඉහත කරුණ සම්බන්ධයෙන් අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව "Mothers' Movement" හි කැඳවුම්කරු ක්‍රිෂාන්ත රත්නවීර මහතා අප වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ජාතික සංවිධාන එකමුතුව විසින් කැඳවනු ලැබූ එම ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වූ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සකුන්තලා මෙන්ඩිස් මහත්මිය "Mothers' Movement "හි සාමාජිකාවක් නොවන බවයි.

දින කිහිපයක් තිස්සේ ගැටුම් හේතුවෙන් ලොස් ඇන්ජලීස් නගරයට ඇඳිරි නීතිය පනවයි

නීතිවිරෝධී ආගමන නැවැත්වීම අරමුණු කරගනිමින් කළ වැටලීම් වලට එරෙහිව ඇති වූ කැරලි ගැසීම් සහ කොල්ලකෑම් හේතුවෙන් ලොස් ඇන්ජලීස් නගරයේ ඇඳිරි නීතිය පනවා ඇතැයි වාර්තා වේ.

විදුලි ගාස්තුව සියයට 15කින් ඉහළට..

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 2025 වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තුව සමස්තයක් ලෙස 15%කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබේ.

ජනාධිපති සමාව යටතේ වැරදි පුද්ගලයන් නිදහස් කර ඇත්නම් ඒ සඳහා ජනාධිපති ලේකම්, අධිකරණ ලේකම් සැකකරුවන් ලෙස නම් කළ යුතුයි..

ජනාධිපති සමාව යටතේ වැරදි පුද්ගලයන් නිදහස් කර ඇත්තේ නම් ඒ සඳහා අධිකරණ අමාත්‍යංශය ලේකම්වරයා මෙන්ම ජනාධිපති ලේකම්වරයාද සැකකරුවන් ලෙස නම් කළ යුතු බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් උපුල් උපුල් තෝරදෙණිය වෙනුවෙන් අධිකරණයේ පිණිස සිටිමින් නීතිඥ දර්ශන කුරූප්පු මහතා ඊයේ පැවසුවේය.

තවත් සිරකරුවන් 68ක් නීති විරෝධී ලෙස නිදහස් කරලා.. - අධිකරණයේ දී හෙළිවෙයි..

අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැවසුවේ, ජනාධිපති සමාව මුවාවෙන් සිරකරුවන් නීති විරෝධී ලෙස නිදහස් කර ඇති බවට වැඩිදුර පරීක්ෂණවලින් හෙළි වී ඇති බවයි.

මුහුදු කොටි විනාශයට මහා භූමිකාවක් ඉටු කළ වයිස් අද්මිරාල් ඩී.පී.කේ. දසනායක මහතාට එරෙහිව එල්ල කෙරෙන අභූත චෝදනාවලට අභියෝගාත්මක පිළිතුරු

කීර්ති රත්නායක නමැති දූෂණ වංචා චෝදනා මත ගුවන් හමුදාවෙන් නෙරපා හරින ලද පුද්ගලයෙකු සහ විවිධ පුවත්පත් මාධ්‍යවේදීන් යොදා ගනිමින් යුද්ධයේදී නාවික හමුදා ක්‍රියාන්විතයේ මහා භූමිකාවක් ඉටු කළ වයිස් අද්මිරාල් ඩී.පී.කේ. දසනායක මහතාට එරෙහිව එල්ල කෙරෙන අභූත චෝදනාවලට එරෙහිව ඒ මහතා විසින් අභියෝගාත්මක සෘජු පිළිතුරු ලබා දී ඇත.

යහපාලන කාලේ හන්තානේ රජයේ වටිනා ඉඩම් කුණු කොල්ලෙට ලියාගත් පිරිසක් ගැන පරීක්ෂණ.. රටම දන්න මාධ්‍යවේදීනුත් ඉන්නවලු..

හන්තාන ප්‍රදේශයේ පිහිටි රජය සතුව තිබූ වටිනා ඉඩමක් මාධ්‍යවේදීන් හා අධිකරණ ක්ෂේත්‍රයේ නිලධාරීන් අතර බෙදා දීමක් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු මේ වන විට සිදුවීම් පවතින බව වාර්තා වෙයි.

රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙලා.. අපිම තමයි හරි කියන තීරණයේ ගියොත් වැඩිකල් යන්න බෑ - කොටපිටියේ හිමියෝ අගමැතිනිගේ මුහුණටම කියති..

‘විශාල බලාපොරොත්තු තබාගෙන පත්කරගත් රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙමින් පවතින බව කෝට්ටේ ශ්‍රී කල්‍යානි සාමග‍්‍රි ධර්ම මහා සංඝ සභාවේ අනු නායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ සඳහන් කරති.

අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..

පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්චුනා මහතා පවසන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට පැමිණ ඇති බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා රේගු වාර්තා ඉදිරිපත් කරමින් පෙන්වා දෙයි.

ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්

අනුරාධපුර බන්ධනාගාරයේ සිටි රැදවියෙකු වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරිම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..

ඉන්දියාව සමග ශ්‍රී ලංකා රජය අත්සන් කළ ගිවිසුම් හත සම්බන්ධයෙන් තොරතුරු ලබා නොදීම ගැන ජාතික සංවිධාන විසින් කළ අභියාචනයකට පිළිතුරු සපයමින් ඉකුත් 4 වැනි දා අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා විසින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබුනේ එම අභියාචනය ප්‍රතික්ෂේප කරන බවයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.