රුසියාවේ යුදෙව් විරෝධී ගැටුම: මෙතෙක් දන්නා දේ
ඊශ්‍රායලය සහ පලස්තීන සටන්කාමී කණ්ඩායමක් වන හමාස් අතර යුද්ධය මධ්‍යයේ රුසියානු රජය එහි මුස්ලිම් බහුතරයක් වෙසෙන ප්‍රදේශවල යුදෙව් විරෝධී විරෝධතා දාමයකට මුහුණ දී තිබේ.
එම විරෝධතා දාමයේ නවතම ප්‍රධාන සිදුවීම ඊයේ(29) සිදුවූයේ, සියගණනක් යුදෙව් විරෝධී විරෝධතාකරුවන් රුසියාවේ Dagestan (ඩැගෙස්තාන්) ජනරජයේ අගනුවර වන Makhachkala (මකච්කාලා) ජාත්‍යන්තර ගුවන් තොටුපළට ඇතුලු වී කලකෝලහල කිරිමත් සමඟය.
සිදුවුයේ කුමක් ද?
සියගණනක් කෝපයට පත් විරෝධතාකරුවන් අතර සිටි සමහරක් පලස්තීන ධජ සහ යුදෙව් විරෝධී පුවරු රැගෙන, ඊයේ(29) සන්ධ්‍යාකාලයේ මකච්කාලා ගුවන් තොටුපළෙන් පිටත විරෝධතා දක්වන්නට වූහ. මැදපෙරදිග ගැටුමෙන් පලා යන "යුදෙව් සරණාගතයින්" රැගෙන ටෙල් අවිව් සිට පැමිණෙනවා යැයි පැවසෙන ගුවන් යානයක් පිළිබඳව අන්තර්ජාලය ඔස්සේ පැතිරවූ කටකතා හේතුවෙන් මෙලෙස අනවසර ඒකාරාශීවීම් ඇතිවිමට හේතු විය.
මැර පිරිස ගුවන් තොටුපළ පොලිසිය සමඟ ගැටෙමින්, ගුවන් තොටුපලේ පැමිණීමේ පර්යන්තයේ දොරවල් කඩා බලහත්කාරයෙන් ඇතුළු වූහ.පැමිණිමේ පර්යන්තයට ඇතුලු වූ කැරලිකරුවන් ධාවන පථයට අවතීර්ණ වී ඊශ්‍රායල මගීන් සෙවූ අතර එම අවස්ථවේදී ගොඩබසින ගුවන් ගමන් අවහිර කිරීමටද කටයුතු කළහ.
බලධාරීන්ගෙන් ප්‍රතිචාරය
ගුවන් තොටුපළේ ඇති වූ නොසන්සුන්තාවය හේතුවෙන් පොලිසිය දැවැන්ත ප්‍රතිරෝධයක් දැක්වීමට කටයුතු කළ අතර , කැරළි මර්ධන රථවාහන දුසිම් ගණනක් එම ස්ථානයේ දක්නට ලැබුණි. පොලිසිය කැරලි මර්ධන ආම්පන්න වලින් සන්නද්ධව ගුවන් තොටුපළට ඇතුළු වූ අතර, විරෝධතාකරුවන් කිහිප දෙනෙකු රඳවා තබා ගත් ආකාරය දැක්වෙන දර්ශන අන්තර්ජාලය තුළ මේවන විටත් සංසරණය වෙමින් තිබේ. ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ට අනුව, ගැටුම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර පොලීස් නිළධාරින් සහ කැරලිකරුවන්ද ඔවුන් අතර වන බවද පැවසේ.
මේ අතර රුසියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රාදේශීය අධ්‍යක්ෂ මණ්ඩලය පැවසුවේ මහජන කැරලි සංවිධානය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණයක් මේ වන විටත් ආරම්භ කර ඇති බවයි. රුසියානු නිතිය අනුව මෙවැනි වරදකට දැඩි දඬුවම් හිමිවන අතර වරදකරුවන් වසර 15ක් දක්වා සිරගත කළ හැක. ඊට අමතරව, ද්වේෂසහගත වාර්ගික හා ආගමික වශයෙන් චෝදනා කරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශයන් සිදු කරන පුද්ගලයින්ටද අපරාධ පරීක්ෂණවලට ද මුහුණ දිමට සිදුවන වන බව අධ්‍යක්ෂක මණ්ඩලය දැනටමත් අනතුරු අඟවා තිබේ.
වෙනත් යුදෙව් විරෝධී සිදුවීම්
ඊයේ(29) හටගත් සිදුවීම් වලට දිනකට පෙර, කෝපයට පත් ජනකායක් ඩැගෙස්තානි හි (Khasavyurt) ඛාසවියුර්ට් නගරයේ "යුදෙව් සරණාගතයින්" සඳහා වෙන්කර ඇතැයි සැලකෙන හෝටලයක් සෙවූහ. පිරිසට කිසිවක් සොයා ගැනීමට නොහැකි වූ අතර සිද්ධිය සාමකාමීව විසඳා ගැනීමට කටයුතු කර ඇත.
කෙසේ වුවද රුසියාවේ Kabardino-Balkaria ජනරජයේ අගනුවර වන Nalchik නගරයේ ඉදිවෙමින් පවතින යුදෙව් සංස්කෘතික මධ්‍යස්ථානයක් නාඳුනන ප්‍රහාරකයින්ගේ ඉලක්කයට ලක් විය. ප්‍රහාරකයෝ ගොඩනැගිල්ලට ගිනි තබා එය යුදෙව් විරෝධී කැටපත් පවුරක් ලෙස නම් කළහ.
නොසන්සුන්තාව පිටුපස යුක්රේන බුද්ධි අංශ සිටී දැයි සැක?
ඩැගෙස්තානයේ නොසන්සුන්තාවයට තුඩු දුන් අන්තර්ජාලයේ හුවමාරු වූ කටකතා Utro Dagestan (‘Dagestan Morning’) ටෙලිග්‍රාම් නාලිකාවෙන් ආරම්භ වූ බව මූලික වශයෙන් තහවුරු වේ. ප්‍රාදේශීය ප්‍රවෘත්ති සේවයක් Utro Dagestan (‘Dagestan Morning’) ලෙස පෙනී සිටියද, රුසියානු නිලධාරීන් සහ කිල්නෙට් හැකර් ප්‍රජාව විසින් රුසියාවේ නොසන්සුන්තාව ඇවිස්සීම සඳහා පිහිටුවන ලද යුක්රේන ඔත්තු සේවාවල ව්‍යාපෘතියක් ලෙස හෙළිදරව් කරගැනීමට කටයුතු කර ඇත.
Utro Dagestan (‘Dagestan Morning’) ටෙලිග්‍රැම් නාලිකාව වේගයෙන් වර්ධනය වීමට පටන් ගත්තේ 2022 පෙබරවාරියේ කියෙව් සහ මොස්කව් අතර ගැටුම ආරම්භ වී ටික කලකට පසුවය.දැවැන්ත අරමුදල් ප්‍රමානයක් ලබාගනිමින් රුසියානු විරෝධී මාර්ගගත ප්‍රවෘත්ති ජාලයේ ප්‍රධානියා බවට කෙටි කලක් තුල ඉහලට එසවීමට ඔවුනට හැකිවිය.
රාජ්‍ය ඩූමාවේ නියෝජ්‍ය තනතුර දරා පලා ගොස් යුක්රේනයේ පදිංචිවූ ඉල්යා පොනොමරෙව්, Utro Dagestan (‘Dagestan Morning’) ඔවුන් සතු සම්පත්වලින් එකක් බව මීට මාසයකට පෙර විවෘතව පිළිගත්තේය. ඔහු මීට පෙර තමා නාලිකාව සඳහා "ආයෝජකයෙකු" ලෙස කටයුතු කළ බවද පවසා සිටියේය. කෙසේ වෙතත්, ගුවන් තොටුපලේ ඇතිවූ නොසන්සුන්තාව මධ්‍යයේ, පොනොමරෙව්ගේ කණ්ඩායම කියා සිටියේ හිටපු මන්ත්‍රීවරයා වසරකට වැඩි කාලයක් Utro Dagestan (‘Dagestan Morning’) සමඟ සම්බන්ධ වී නොමැති බවයි. https://www.rt.com/russia/586128-dagestan-anti-jewish-riot/
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..