ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යුක්රේනයට මුදල් අවප්‍රමාණය කිරීමට බල කරනු ඇත - බ්ලූම්බර්ග්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, විදේශ ආධාර දිගටම ලබා ගැනීමට අවශ්‍යනම් රටේ අයවැය පරතරය පියවා ගැනීම සඳහා මුදලේ අගය අවප්‍රමානය කරන ලෙස යුක්‍රේන රජයට පීඩනය වැඩි කිරීමට අපේක්ෂා කරන බව බ්ලූම්බර්ග් ඊයේ(04) වාර්තා කළේ, මේ සම්බන්ධයෙන් විශෙෂඥයන්ගේ අදහස් උපුටා දක්වමිනි.
පොලී අනුපාත කපා හැරීම, බදු ඉහල දැමීමේ ප්‍රයත්න ශක්තිමත් කිරීම සහ මුදල් අවප්‍රමාණය කිරීම ඇතුළු ඉලක්ක වෙත යුක්‍රේන ආණ්ඩුව යොමු කළ යුතුද යන්න සමාලෝචනය කිරීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කණ්ඩායමක් මෙම සතිය අගදී කියෙව් වෙත පැමිණීමට නියමිතය. යුක්‍රේනයට අනුමත කර ඇති ඩොලර් බිලියන 15.6 ක ණය වැඩසටහනෙහි ඊළඟ ඩොලර් බිලියන 1.1 ක ණය වාරිකය ලැබීමටනම්
යුක්රේනය මෙම පියවර අනුගමනය කිරීම අවශ්‍ය වේ.
යුක්රේනයේ රාජ්‍ය මූල්‍ය අර්බූදය පියවීමට එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙතින් ආධාර වශයෙන් ඩොලර් බිලියන 122 ක පමණ ආධාර ලැබී ඇත. කෙසේ වෙතත්, කියෙව් 2025 මුල්‍ය වර්ෂය සඳහා ඩොලර් බිලියන 15 ක අයවැය පරතරයකට මුහුණ දී තිබෙන බවත් එය තවමත් ණය හිමියන්ගේ මූල්‍ය කැපවීම් වලින් ආවරණය වී නොමැති බව අගමැති ඩෙනිස් ෂ්මිගල් පසුගිය මාසයේ පැවසීය.
හිඟය පියවා ගැනීමට උපකාර කිරීම සඳහා, වොෂින්ටනය පදනම් කරගත් ආයතනය, මධ්‍යස්ථ උද්ධමනය මධ්‍යයේ ඉහළ වේගයකින් යුක්‍රේන මුදල් ඒකකය අවප්‍රමාණය කිරීමටත් එහි මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කරන ලෙසත් යුක්රේනයේ ජාතික බැංකුවෙන් ඉල්ලා සිටීමට සැලසුම් කරමින් සිටින බව ආරංචි මාර්ග බ්ලුම්බර්ග් ප්‍රවෘත්ති ඒජන්සියට පැවසීය. මෙම පියවර දේශීය මුදලින් යුක්රේනයේ අයවැය ආදායම ඉහළ නැංවීමට සහ මුදල් අමාත්‍යාංශය වෙත ණය ගැනීම පහසු කිරීමට අපේක්ෂා කෙරේ.
2022 පෙබරවාරි මාසයේ යුක්රේන ගැටුම උත්සන්න වීමෙන් පසුව එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 30%කට වඩා වැඩි අගයකින් අවප්‍රමානය වූ යුක්‍රේන ජාතික මුදල් ඒකකය තවදුරටත් අවප්‍රමාණය කිරීමට යුක්‍රේන මුල්‍ය නියාමකයා වන යුක්‍රේන මහ බැංකුව විරුද්ධ වී ඇති බවද වාර්තා වේ. මුදල් ඒකකය තවදුරටත් දුර්වල වීමට ඉඩ දීම, මිල ස්ථායීතාවය පවත්වා ගැනීමට මහ බැංකුවට ඇති හැකියාව අභියෝගයට ලක් කරන බව ආරංචි මාර්ග පවසයි.
මීට අමතරව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් යුක්‍රේන ආර්ථිකය තුළ බදු වැඩි කිරීමේ උත්සාහයන් ඉතා ලිහිල් බව විවේචනය කර ඇති අතර පුළුල් පරාසයක බදු වැඩි කිරීම ගැන සලකා බලන ලෙස යුක්‍රේන මහ බැංකුව බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. දැනට පවතින 20% සිට එකතු කළ අගය මත බද්ද ඉහළ නැංවීම විභව යෝජනා අතර වන බව, මේ පිළිබඳව විශේෂඥ දැනුම ඇති පිරිස් බ්ලුම්බර්ග් වෙත පැවසීය.
යෝජිත ක්‍රියාමාර්ග කියෙව්හි නීති සම්පාදකය්න්ගේ කනස්සල්ලට බරපතල හේතුවක් වී ඇති අතර, යුද කාලීන බලමුලු ගැන්වීම්, රාජ්‍ය දූෂණ උත්සුකයන්, නිරන්තර විදුලිය ඇනහිටීම් සහ ඉහළ යන බලශක්ති මිල මධ්‍යයේ මුදල් අවප්‍රමාණය වීම සහ ඉහළ බදු දේශපාලනික වශයෙන් හානි වනු ඇත.
https://www.rt.com/business/603519-imf-ukraine-currency-devaluation-tax/
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..
ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..
ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්
ජයග්‍රාහී ජාතියක් වීමට නම් මව් භාෂාවට මුල් තැන දිය යුතුයි.. – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග