
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යුක්රේනයට මුදල් අවප්‍රමාණය කිරීමට බල කරනු ඇත - බ්ලූම්බර්ග්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, විදේශ ආධාර දිගටම ලබා ගැනීමට අවශ්‍යනම් රටේ අයවැය පරතරය පියවා ගැනීම සඳහා මුදලේ අගය අවප්‍රමානය කරන ලෙස යුක්‍රේන රජයට පීඩනය වැඩි කිරීමට අපේක්ෂා කරන බව බ්ලූම්බර්ග් ඊයේ(04) වාර්තා කළේ, මේ සම්බන්ධයෙන් විශෙෂඥයන්ගේ අදහස් උපුටා දක්වමිනි.
පොලී අනුපාත කපා හැරීම, බදු ඉහල දැමීමේ ප්‍රයත්න ශක්තිමත් කිරීම සහ මුදල් අවප්‍රමාණය කිරීම ඇතුළු ඉලක්ක වෙත යුක්‍රේන ආණ්ඩුව යොමු කළ යුතුද යන්න සමාලෝචනය කිරීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කණ්ඩායමක් මෙම සතිය අගදී කියෙව් වෙත පැමිණීමට නියමිතය. යුක්‍රේනයට අනුමත කර ඇති ඩොලර් බිලියන 15.6 ක ණය වැඩසටහනෙහි ඊළඟ ඩොලර් බිලියන 1.1 ක ණය වාරිකය ලැබීමටනම්
යුක්රේනය මෙම පියවර අනුගමනය කිරීම අවශ්‍ය වේ.
යුක්රේනයේ රාජ්‍ය මූල්‍ය අර්බූදය පියවීමට එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙතින් ආධාර වශයෙන් ඩොලර් බිලියන 122 ක පමණ ආධාර ලැබී ඇත. කෙසේ වෙතත්, කියෙව් 2025 මුල්‍ය වර්ෂය සඳහා ඩොලර් බිලියන 15 ක අයවැය පරතරයකට මුහුණ දී තිබෙන බවත් එය තවමත් ණය හිමියන්ගේ මූල්‍ය කැපවීම් වලින් ආවරණය වී නොමැති බව අගමැති ඩෙනිස් ෂ්මිගල් පසුගිය මාසයේ පැවසීය.
හිඟය පියවා ගැනීමට උපකාර කිරීම සඳහා, වොෂින්ටනය පදනම් කරගත් ආයතනය, මධ්‍යස්ථ උද්ධමනය මධ්‍යයේ ඉහළ වේගයකින් යුක්‍රේන මුදල් ඒකකය අවප්‍රමාණය කිරීමටත් එහි මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කරන ලෙසත් යුක්රේනයේ ජාතික බැංකුවෙන් ඉල්ලා සිටීමට සැලසුම් කරමින් සිටින බව ආරංචි මාර්ග බ්ලුම්බර්ග් ප්‍රවෘත්ති ඒජන්සියට පැවසීය. මෙම පියවර දේශීය මුදලින් යුක්රේනයේ අයවැය ආදායම ඉහළ නැංවීමට සහ මුදල් අමාත්‍යාංශය වෙත ණය ගැනීම පහසු කිරීමට අපේක්ෂා කෙරේ.
2022 පෙබරවාරි මාසයේ යුක්රේන ගැටුම උත්සන්න වීමෙන් පසුව එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 30%කට වඩා වැඩි අගයකින් අවප්‍රමානය වූ යුක්‍රේන ජාතික මුදල් ඒකකය තවදුරටත් අවප්‍රමාණය කිරීමට යුක්‍රේන මුල්‍ය නියාමකයා වන යුක්‍රේන මහ බැංකුව විරුද්ධ වී ඇති බවද වාර්තා වේ. මුදල් ඒකකය තවදුරටත් දුර්වල වීමට ඉඩ දීම, මිල ස්ථායීතාවය පවත්වා ගැනීමට මහ බැංකුවට ඇති හැකියාව අභියෝගයට ලක් කරන බව ආරංචි මාර්ග පවසයි.
මීට අමතරව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් යුක්‍රේන ආර්ථිකය තුළ බදු වැඩි කිරීමේ උත්සාහයන් ඉතා ලිහිල් බව විවේචනය කර ඇති අතර පුළුල් පරාසයක බදු වැඩි කිරීම ගැන සලකා බලන ලෙස යුක්‍රේන මහ බැංකුව බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. දැනට පවතින 20% සිට එකතු කළ අගය මත බද්ද ඉහළ නැංවීම විභව යෝජනා අතර වන බව, මේ පිළිබඳව විශේෂඥ දැනුම ඇති පිරිස් බ්ලුම්බර්ග් වෙත පැවසීය.
යෝජිත ක්‍රියාමාර්ග කියෙව්හි නීති සම්පාදකය්න්ගේ කනස්සල්ලට බරපතල හේතුවක් වී ඇති අතර, යුද කාලීන බලමුලු ගැන්වීම්, රාජ්‍ය දූෂණ උත්සුකයන්, නිරන්තර විදුලිය ඇනහිටීම් සහ ඉහළ යන බලශක්ති මිල මධ්‍යයේ මුදල් අවප්‍රමාණය වීම සහ ඉහළ බදු දේශපාලනික වශයෙන් හානි වනු ඇත.
https://www.rt.com/business/603519-imf-ukraine-currency-devaluation-tax/
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරේ සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි 01 දා සවස 2 ට කොළඹ පුස්තකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී..
60 ලක්ෂයක දරුවන් අනාරක්ෂිත කරමින්, අධිකරණ ඇමැතිවරයාට බලපෑම් කර දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීමට මානව හිමිකම් කොමිසම දරණ උත්සාහයට කාන්තා පරපුර සංවිධානයේ විරෝධය..
දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් ළමා අපචාර සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම: ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව
දින කිහිපයක් තිස්සේ ගැටුම් හේතුවෙන් ලොස් ඇන්ජලීස් නගරයට ඇඳිරි නීතිය පනවයි
විදුලි ගාස්තුව සියයට 15කින් ඉහළට..
ජනාධිපති සමාව යටතේ වැරදි පුද්ගලයන් නිදහස් කර ඇත්නම් ඒ සඳහා ජනාධිපති ලේකම්, අධිකරණ ලේකම් සැකකරුවන් ලෙස නම් කළ යුතුයි..
තවත් සිරකරුවන් 68ක් නීති විරෝධී ලෙස නිදහස් කරලා.. - අධිකරණයේ දී හෙළිවෙයි..
මුහුදු කොටි විනාශයට මහා භූමිකාවක් ඉටු කළ වයිස් අද්මිරාල් ඩී.පී.කේ. දසනායක මහතාට එරෙහිව එල්ල කෙරෙන අභූත චෝදනාවලට අභියෝගාත්මක පිළිතුරු
පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදයි..
යහපාලන කාලේ හන්තානේ රජයේ වටිනා ඉඩම් කුණු කොල්ලෙට ලියාගත් පිරිසක් ගැන පරීක්ෂණ.. රටම දන්න මාධ්‍යවේදීනුත් ඉන්නවලු..
රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙලා.. අපිම තමයි හරි කියන තීරණයේ ගියොත් වැඩිකල් යන්න බෑ - කොටපිටියේ හිමියෝ අගමැතිනිගේ මුහුණටම කියති..
අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට..
අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..
මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
