
රනිල්, සජිත් සහ අනුර කවුරු ජනාධිපතිවරණයේ දී ඡන්ද අතර පෙරමුණට ආවත් රටේ ඉරණම තීරණය කරනු ලබන්නේ දැනටමත් ඔවුන්ව මෙහෙයවන ප්‍රතිගාමී බලවේග - විමල් වීරවංශ (වීඩියෝ)
චීනය විසින් 'බෙල්ට් ඇනඩ් රෝඩ්' ව්‍යාපෘතියෙන් ආයෝජනය කළ රටවල් සෑම එකකම පාහේ රෙජිම් චේන්ජ් ව්‍යාපෘතිය ඉතා බලසම්පන්න ලෙස සිදුවෙමින් ඇති බවත්, ශ්‍රී ලංකාව මෙන්ම බංග්ලාදේශය, මියන්මාරය, පාකිස්ථානය ඇතුළ රටවල මෑතකාලීනව සිදුවූ සිදුවීම් ඒ සඳහා උදාහරණ සපයන බවත් ජානිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
හිරු 'සලකුණ' වැඩසටහනට එක් වෙමින් ඒ මහතා පවසන්නේ මෙම ක්‍රියාදාමය පිටුපස අමෙරිකා එක්සත් ජනපදය සිටින බවයි.
මෙරට අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මියට අමෙරිකාව විසින් පැවරූ තවමත් අවසන් කිරීමට නොහැකි වූ කාර්යක් පවතින බවද, එනිසා ධුරයෙන් ඉවත්වුනද තවදුරටත් ඇය මෙරට රැඳී සිටින බවද ඒ මහතා මෙහිදී හෙළිකර සිටියේය.
ලංකාවේ ජුලි 9 දා සිදුවූයේ ප්ලෑන් A එක නොව ප්ලෑන් B එක බවත්, ප්ලෑන් A එක බංග්ලාදේශයේ සිදුවෙමින් පවතින බවත් ජුලියා චන්ග් මැතිණියට මෙරටින් යාමට කළින් ප්ලෑන් A එක මෙරට තුළ සිදුකිරීමට අවශ්‍යතාවය වී ඇති බවත් පවසන විමල් වීරවංශ මහතා, මෙවර ජනාධිපතිවරණයෙන් පසු බංග්ලාදේශයේ ඇතිවූ වතාවරණය හා සමාන විනාශකාරී වාතාවරණයක් මෙරට තුළ නිර්මාණය වීමේ වැඩි ඉඩක් පවතින බවත් පෙන්වා දෙන ලදී.
ජනාධිපතිවරණයේ දී ජයගන්නා පුද්ගලයා තෝරාගැනීමට දෙවැනි මනාපය ගණන්කරන කාල සීමාවේදී රට ගිනි තැබීම සඳහා තෝරාගත හැකි බවද විමල් වීරවංශ මහතා මෙහිදී කරුණු අනාවරණය කළේය.
වත්මන් ජනාධිපතිවරයා, විරුද්ධ පක්ෂ නායකයා හෝ අනුර කුමාර දිසානායක යන කවරෙකු ජනාධිපතිවරණයේ ඡන්ද අතර පෙරමුණට පැමිණියත් රටේ ඉරණම තීරණය කරනු ලබනු ඇත්තේ දැනටමත් ඔවුන්ව මෙහෙයවන මේ ප්‍රතිගාමී බලවේගයන් විසින් බව විමල් වීරවංශ මෙහිදී අනාවරණය කළේය.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරේ සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි 01 දා සවස 2 ට කොළඹ පුස්තකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී..
60 ලක්ෂයක දරුවන් අනාරක්ෂිත කරමින්, අධිකරණ ඇමැතිවරයාට බලපෑම් කර දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීමට මානව හිමිකම් කොමිසම දරණ උත්සාහයට කාන්තා පරපුර සංවිධානයේ විරෝධය..
දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් ළමා අපචාර සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම: ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව
දින කිහිපයක් තිස්සේ ගැටුම් හේතුවෙන් ලොස් ඇන්ජලීස් නගරයට ඇඳිරි නීතිය පනවයි
විදුලි ගාස්තුව සියයට 15කින් ඉහළට..
ජනාධිපති සමාව යටතේ වැරදි පුද්ගලයන් නිදහස් කර ඇත්නම් ඒ සඳහා ජනාධිපති ලේකම්, අධිකරණ ලේකම් සැකකරුවන් ලෙස නම් කළ යුතුයි..
තවත් සිරකරුවන් 68ක් නීති විරෝධී ලෙස නිදහස් කරලා.. - අධිකරණයේ දී හෙළිවෙයි..
මුහුදු කොටි විනාශයට මහා භූමිකාවක් ඉටු කළ වයිස් අද්මිරාල් ඩී.පී.කේ. දසනායක මහතාට එරෙහිව එල්ල කෙරෙන අභූත චෝදනාවලට අභියෝගාත්මක පිළිතුරු
පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදයි..
යහපාලන කාලේ හන්තානේ රජයේ වටිනා ඉඩම් කුණු කොල්ලෙට ලියාගත් පිරිසක් ගැන පරීක්ෂණ.. රටම දන්න මාධ්‍යවේදීනුත් ඉන්නවලු..
රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙලා.. අපිම තමයි හරි කියන තීරණයේ ගියොත් වැඩිකල් යන්න බෑ - කොටපිටියේ හිමියෝ අගමැතිනිගේ මුහුණටම කියති..
අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට..
අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..
මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
