News Category
From Date
To Date
Maximum Number of Result

අමෙරිකාව වෙනිසියුලානු ජනාධිපති මදුරෝගේ ගුවන් යානය අත්අඩංගුවට ගත්තා - සී එන් එන් පුවත් සේවය

Sep 3, 2024 at 11:10 AM
|

වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ විසින් භාවිතා කරන ලදැයි පැවසෙන ගුවන් යානයක් අමෙරිකා එක්සත් ජනපද රජය විසින් රාජසන්තක කර ඇතැයි වාර්තා වේ. ගුවන් යානය  අත්අඩංගුවට ගැනීමට හේතුව ලෙස දක්වා ඇත්තේ  කැරකස් පරිපාලනයට එරෙහිව වොෂින්ටන් පරිපාලනය පනවා ඇති සම්බාධක කඩ කිරීම බව සීඑනෙන් පුවත් සේවය ඊයේ (02) වාර්තා කළේය.

වොෂින්ටන් පරිපාලනය වෙනිසියුලානු ජනාධිපති මදුරෝට මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ල කර ඇති අතර පසුගිය වෙනිසියුලානු ජනාධිපතිවරණ දෙකේදී ඔහු ලැබූ ජයග්‍රහණ පිළිගැනීම පවා ප්‍රතික්ෂේප කළේය.

“විදේශීය රාජ්‍ය නායකයාගේ ගුවන් යානය අල්ලා ගැනීම අපරාධ කාරණා සඳහා පාදක වන්නක් නොවේ. අපි මෙහිදී පැහැදිලි පණිවිඩයක් යවන්නේ කිසිවකු නීතියට ඉහළින් නොසිටින බවත්, කිසිවෙක් එක්සත් ජනපද සම්බාධකවලට වඩා ඉහළින් නොසිටින බවත් යන්නයි.” නම සඳහන්  නොකළ වොෂින්ටන් නිලධාරියෙක් ඊයේ(23) මෙම සිද්ධිය මුලින්ම වාර්තා කළ   සීඑන්එන් වෙත අදහස් දක්වමින් පවසා තිබේ.

සීඑන්එන් පුවත් සේවයට අනුව, යානය ඩොලර් මිලියන 13 ක් පමණ වටිනා වන අතර එය ඩොමිනිකන් රජයේ බලධාරීන්ගේ සහයෝගයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

සීඑන්එන් පුවත් සේවය ගුවන් යානයේ වර්ගය හඳුනාගෙන නොමැති අතර එය ඩොමිනිකන් ජනරජයේ ගුවන් තොටුපලකදී  අත්අඩංගුවට ගෙන ෆ්ලොරිඩාවේ මියාමි ගුවන් තොටුපල  වෙත පියාසර කළ බව පමණක් වාර්තා කළේය. අමෙරිකාවේ ස්වදේශ ආරක්ෂක, වාණිජ සහ යුක්තිය පසඳිලීමේ දෙපාර්තමේන්තුව ගුවන් යානය අත්පත් කර ගැනීමට සම්බන්ධ වී ඇති බවද සීඑන් එන් පුවත් සේවය වාර්තා කළේය.

Miami Herald පුවත් පත මෙම ජෙට් යානය Dassault Falcon 900EX ලෙස හඳුනාගෙන ඇති අතර එය ප්‍රංශයේ නිෂ්පාදිත විශේෂිත ජෙට් යානයක් වේ. එම යානය මීට පෙර කියුබාව, බ්‍රසීලය සහ ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනඩින්ස් වෙත පියාසර කර ඇති අතර, බොහෝ අවස්ථාවල වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ යානයේ ගමන් කර ඇත. එය සැන් මරිනෝ රාජ්‍යයේ ලියාපදිංචි වී ඇති බවද වාර්තා වේ.

මියාමි හෙරල්ඩ් පුවත් සේවය විසින් එක්සත් ජනපද ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනයේ (FAA) වාර්තා උපුටා දක්වමින් ෆ්ලොරිඩාව පදනම් කරගත් සමාගමක් විසින් මෙම ගුවන් යානය ශාන්ත වින්සන්ට් හි සමාගමකට විකුණා දමා ඇතැයි පවසයි. පසුව එය සැන් මරිනෝ රාජ්‍යයේ සමාගමක් වෙත නැවත විකුණා ඇත. කෙසේ වුවද ගුවන් යානය මිළදී ගත් සමාගම වෙනිසියුලාවට අයත් දුරකතන සේවා සපයන සමාගමක් බවත්, එම ගනු දෙනුවෙන් වෙනිසියුලාවට පනවා ඇති සම්බාධක කඩ කළ බවත් ඇමෙරිකානු රජය චෝදනා කරයි.

ඇමරිකානු නිලධාරීන් වෙනිසියුලාවට අයත් මෙම ජෙට් යානය එක්සත් ජනපදයේ “එයාර් ෆෝස් වන්” ගුවන් යානයට සමාන බව විස්තර කරමින් පවසා සිටියේ වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ එම යානයෙන් ස්ථාන ගණනාවකට පියාසර කර ඇති බවයි. පසුගිය ජූලි 28 වනදා පැවැත්වූ ජනාධිපතිවරණයෙන් පසු වෙනිසියුලාව ඩොමිනිකන් දිවයින සමඟ වාණිජ ගුවන් ගමන් අත්හිටුවීම නිසා එය ඩොමිනිකන් ජනරජයට සේන්දු වූයේ කෙසේද යන්න අපැහැදිලි බව විදෙස් විත්ති විචාරකයෝ පවසති.

සීඑන්එන් පුවත් සේවයට අනුව, වත්කම් රාජසන්තක කිරීමේ ක්‍රියාවලිය හරහා යානය රාජසන්තක කිරීමට එක්සත් ජනපදය අදහස් කරයි. මෙයින් අදහස් කරන්නේ වෙනිසියුලාවට එය න්‍යායාත්මකව උසාවියේදී අභියෝග කළ හැකි බවයි. කෙසේ වුවද එසේ කිරීමට සම්බාධක පැනවීම සම්බන්ධයෙන් අධිකරණයේදී කරුණු දැක්විය යුතු මාර්ගයක් සොයාගත යුතුය.

කෙසේ වුවද මේ වසරේ එක්සත් ජනපදය විසින් අත්අඩංගුවට ගත් දෙවන වෙනිසියුලානු ජෙට් යානය මෙයයි. මේ වසරේ පෙබරවාරි මාසයේදී ආර්ජන්ටිනාව විසින් 2022 දී රාජසන්තක කරන ලද බෝයිං 747-300M භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් එක්සත් ජනපදයට යවන ලද අතර එම යානය කැරකස් පරිපාලනය විසින් අනුමත ඉරාන සමාගමකින් මිලදී ගත් බව කියනු ලැබේ. මදුරෝ මෙම රාජසන්තක කිරීම හැඳින්වූයේ ආර්ජන්ටිනාවේ ජනාධිපති ජේවියර් මිලෙයිගේ ආන්ඩුව අමු අමුවේ කළ  සොරකමක් ලෙසිනුයි.

මේ අතර පසුගිය වසරවලදී වොෂින්ටනය ඩොලර් බිලියන 2 ක් වටිනා වෙනිසියුලානු බැංකු ගිණුම් සහ වත්කම් අත්පත් කර ගෙන ඇති බව නම් සඳහන් නොකළ අමෙරිකානු  නිලධාරියෙක් සීඑනෙන් වෙත පැවසීය.

සම්බන්ධිත පුවත් | Related News

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.
"සිරි දළදා වන්දනාව" සිව්වන දිනය අදයි (21) සිරි දළදා වන්දනාව අද දහවල් 12.30 සිට පස්වරු 5.30 දක්වා සිදුකිරීමට නියමිතය.
පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්
ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.
වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.
අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.
ඔක්තෝබර් මැද භාගයේදී බලාත්මක වීමට නියමිත චීනයේ නිර්මාණය කරන ලද සහ චීනයේ ලියාපදිංචි යාත්‍රා සඳහා නව වරාය ගාස්තු පිළිබඳ එක්සත් ජනපද රජයේ නිවේදනයට ප්‍රතිචාර දක්වමින්,

ප්‍රධාන පුවත්

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

පාස්කු ඉරුදිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.

විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.

චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි

ඔක්තෝබර් මැද භාගයේදී බලාත්මක වීමට නියමිත චීනයේ නිර්මාණය කරන ලද සහ චීනයේ ලියාපදිංචි යාත්‍රා සඳහා නව වරාය ගාස්තු පිළිබඳ එක්සත් ජනපද රජයේ නිවේදනයට ප්‍රතිචාර දක්වමින්,

ONLINE පනත ඉවතට

‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත’ නොඑසේනම් බොහෝ දෙනෙක් දන්නා පරිදි ඔන්ලයින් ( ONLINE ) පනත අවලංගු කිරීමට පියවර ගැනේ.

සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි

සිරි දළදා වන්දනාව අද (18) දින සිට ආරම්භ කෙරෙන අතර ඒ අනුව, අද පස්වරු 3:30 සිට පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව උදාවෙයි.

වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි

බෞද්ධ කටයුතු සම්බන්ධයෙන් චෝදනා ලැබ වියට්නාමයේ තහනම් කොට ඇති සංවිධානයක් ලංකාවට පැමිණ පාද චාරිකාවක නිරත වන බවත් ඔවුන් භික්ෂූ විනයට පටහැනි ලෙස ක්‍රියාකරන සංවිධානයක් බවත් ඒබැවින් ඒම පාද

’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්

මැතිවරණ නීති උල්ලංඝනය වන ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ජනාධිපතිවරයා දැනුවත් කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් දැනුම්දී ඇත.

‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි

දෙරට අතර උත්සන්න වන වෙළඳ ආරවුල සංවාදයෙන් විසඳා ගැනීමට අවශ්‍ය නම්, චීනය “අවමාන තර්ජනය කිරීම සහ කප්පම්කරුවෙකු ලෙස හැසිරීම නවත්වන ලෙස” ඇමරිකාවෙන් ඉල්ලා තිබේ.

අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමරිකානු ජනාධිපතිවරයා විසින් පනවා ඇති නව තීරු බදුවලින් ලොව දුප්පත්ම සහ කුඩාම රටවලට නිදහස් කරන ලෙස ඉල්ලා ඇතැයි වාර්තා වේ.

245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන

අප්‍රේල් 15 වනදා නිකුත් කරන ලද ධවල මන්දිර තොරතුරු පත්‍රිකාවකට අනුව, එක්සත් ජනපදයට චීන ආනයන සඳහා 245% දක්වා ඉහළ තීරු බදු පැනවීමට හැකියාව ලැබෙන බව ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.