
රාජ්‍යය දුර්වල වූ සෑම අවස්ථාවක දීම රණවිරුවන් දංගෙඩියට ගෙන යන සත්‍ය සෙවීමේ කොමිසම පනත වැනි දුෂ්ට අණපනත් ඉදිරියට ආවා... යුද සමයේ රණවිරුන් පාවාදීමට කටයුතු කළ අය ගැන අද සිටින රණවිරුවන් දැනගත යුතුයි - දිලිත් ජයවීර (වීඩියෝ)
සත්‍ය සෙවීමේ කොමිසම නමින් එන රණවිරුවන් පවාදීමේ ක්‍රියාදාමය පරාජය කළ යුතු බවත්, මාතෘභූමිය බේරාදීමට ක්‍රියාකරන ලද්දේ රණවිරුවන් බවත් සර්වජන බලයේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ ඉකුත් 01 දා කොළඹ 5, සම්බුද්ධත්ව මන්දිරයේ දී පැවැති " අපි වෙනුවෙන් අපි" රණවිරු හමුවට සහභාගී වෙමිනි.
මෙවැනි දුෂ්ඨ පනත් හා දුෂ්ඨ උත්සාහයන් රාජ්‍යය දුර්වල වූ සෑම අවස්ථාවක දීම ඉදිරියට පැමිණි බවත් දිලිත් ජයවීර මහතා පවසයි.
රණවිරුවන් විසින් දිවිහිමියෙන් රට වෙනුවෙන් කළ කාර්ය කිසිදා මිනිසුන් විසින් අමතක නොකරනු ඇතැයි සිතීම නිසා රණවිරුවන්ට මෙවැනි පනත් පිළිබඳව දැනුවත් කළ ද ඔවුන් ඒ පිළිබඳව විශ්වාස නොකරන බවත්, එසේ සිතා සිටින අහිංසක රණවිරුවන් දංගෙඩියට ගෙනයාම සඳහා වර්තමානයේ පාලකයන් දැඩි උත්සාහයක නිරතවී සිටින බවත් ඒ මහතා මෙහිදී පැවසීය.
අද සේවයේ යෙදී සිටින බොහෝ රණවිරුවන් තරුණයන් බවද, ඔවුන් යුද සමයේ ත්‍රිවිධ හමුදාවේ හෝ පොලිසියේ නොසිටි පිරිසක් බැවින් ඔවුන් වීරෝධාර රණවිරු යුගය පිළිබඳව හරිහැටි නොදන්නා බවත් පවසන දිලිත් ජයවීර මහතා, රණවිරුවාගේ වීරත්වය ජාතියක කෂේරුකාව බව ඔවුන් නොදන්නා නිසා ඔවුන්ට ඒ පිළිබඳව හැඟීමක් ඇති කළ යුතු බවත් සඳහන් කරයි.
එයට හේතුව ඔවුන්ව අද තවත් රාජ්‍ය සේවකයෙක් බවට පත්කර තිබීම නිසා බවද ඒ මහතා පවසයි.
ආදරණීය මාතෘභූමිය අහිමිවීමේ අවදානමක් තිබූ යුගයක් තිබූ බවත්, මාතෘභූමිය රැකගැනීමට ගිය වීරෝධාර රණවිරුවන්ගේ තාරුණ්‍ය පාවාදුන් යුගයක් තිබූ බවත් වර්තමානයේ සේවයේ යෙදී සිටින තරුණ රණවිරුවන්ට අවබෝධකර දිය යුතු බවත් දිලිත් ජයවීර මහතා මෙහිදී පැවසීය.
අද ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් ලෙස සැලකෙන තිදෙනෙක් සිටින බවත්, ඔවුන් එදා යුද සමයේ දී පාර්ලිමේන්තුවේ සිටි බවත්, ඔවුන් එදා සිටියේ යුද විරෝධී කණ්ඩායමේ බව හා යුද්ධය පවා වාදීමට කටයුතු කළ රාජ්‍ය නොවන සංවිධානවලින් යැපෙන කණ්ඩායමේ බවත් ඒ මහතා පවසයි.
යුද්ධයේ තීරණාත්මක අවස්ථාවේ ඔවුන් කටයුතු කළ ආකාරය හේතුවෙන් අද ඇඳුමක් ඇඳගෙන රණවිරු ඉදිරියට යාමටවත් ඔවුන්ට සදාචාරාත්මක අයිතියක් නොමැති බවද, එම තීරණාත්මක මොහොතේ එවකට ආණ්ඩුව පෙරලන්නට උත්සාහ දැරූ උතුර දකුණ මාරුවූ අයට උතුර දකුණ සොයාගන්නේ මොන මාලිමාවෙන් දැයි ප්‍රශ්නකළ යුතු බවත් ඒ මහතා මෙහිදී පැවසීය.
ඔවුන්ගේ උත්සාහය එදා සාර්ථක වූවා නම් අදත් අප ජීවත්වන්නේ යුද්ධයක් ඇති බෙදී ගිය රටක බවත්, ඔවුන් අද තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශවලද දක්වා ඇත්තේ රණවිරුවන් දංගෙඩියට ගෙන යන බවත් යැයි පවසන ඒ මහතා මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 230 වැනි පිටුවේ මේ පිළිබඳව පැහැදිලිවම සටහන්කර ඇති බවත් සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
