News Category
From Date
To Date
Maximum Number of Result

සත්‍ය සෙවීමේ නාමයෙන් දියත් වන රණවිරුවන් පාවාදීමේ මෙහෙයුම පරාජය කිරීම සඳහා දිවි හිමියෙන් කැපවන බවට ප‍්‍රතිඥාවක් ලබා දුන් දිලිත්ට ජාතියේ ප‍්‍රණාමය හිමි විය යුතුයි! -"අපි වෙනුවෙන් අපි" රණවිරු හමුවෙන් යෝජනාවක්

Sep 2, 2024 at 09:15 AM
|

සත්‍ය සෙවීමේ නාමයෙන් දියත් වන රණවිරුවන් පාවාදීමේ දුෂ්ට මෙහෙයුම පරාජය කිරීම සඳහා දිවි හිමියෙන් කැපවන බවට  ප‍්‍රතිඥාවක් ලබා දුන් ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතාට ජාතියේ ප්‍රණාමය  හිමි විය යුතු බවට අද(01) කොළඹ  සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පැවැති "අපි වෙනුවෙන් අපි" රණවිරු හමුවේදී  යෝජනා සම්මත විය. 

රණවිරුවන් යුද අධිකරණවලට ගෙනයාමට පාර කපන  "සත්‍යය  සෙවීම සහ ප්‍රතිසන්ධාන කොමිසම පනත" මගින් ආරක්ෂක හමුදා පාවාදීමේ දුෂ්ට මෙහෙයුම පරාජය කිරීම තේමා කරගත් එකඟතා ලියවිල්ලකට ඉකුත් 29 දා සර්වජන බලය සහ ජාතික සංවිධාන නියෝජිතයින් අත්සන් තැබීම සිදු වූ අතර එහිදී සත්‍ය සෙවීමේ නාමයෙන් දියත් වන රණවිරුවන් පාවාදීමේ දුෂ්ට මෙහෙයුම පරාජය කිරීම සඳහා දිවි හිමියෙන් කැපවන බවට  මෙවර ජනාධිපතිවරණයට "තරුව" ලකුණෙන් තරග වදින, "සර්වජන බලය" දේශපාලන එකමුතුවෙහි අපේක්ෂක, මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක, නීතිඥ දිලිත් ජයවීර මහතා ප‍්‍රතිඥාවක් ලබා දුන්නේ ය. 

සර්වජන ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතාට සහයෝගය පළ කරමින් පැවැති "අපි වෙනුවෙන් අපි" රණවිරු හමුවේදී   සම්මත කරගන්නා ලද දස වැදෑරුම් යෝජනා මෙසේය.

"1. රණවිරුවන් පාවාදීම සහ අපකීර්තියට පත් කිරීම මෙන්ම අවසානයේදී රට බෙදා වෙන් කිරීමේ ජාත්‍යන්තර මෙහෙයුමේ ප‍්‍රධාන දේශීය උපාංගයක් වන සත්‍ය සෙවීමේ කොමිසම පනත් කෙටුම්පත පරාජය කිරීම සඳහා අප වෙත පැවරී ඇති ඓතිහාසික වගකීම දිවිහිමියෙන් ඉටු කළ යුතුය.

2. ආරක්ෂක අමාත්‍යාංශයේ චක‍්‍රලේඛ මගින් කප්පාදු කර ඇති දිවි පිදූ රණවිරුවන්ගේ යැපෙන්නන්ට සහ ආබාධිත රණවිරුවන්ට මෙන්ම ඔවුන්ගේ යැපෙන්නන්ට හිමි විය යුතු සියලූම දීමනා සහ වරප‍්‍රසාද නැවත හිඟ මුදල් සමග ලබා දිය යුතු ය.

3. සේවයේ නියුක්ත ආරක්ෂක හමුදා සාමාජිකයන්ගේ වරප‍්‍රසාද කප්පාදු කරමින් සේවාව හැරයාම සඳහා දිරිමත් කිරීම සහ විදේශීය බලපෑම්වලට යටත් වී ආරක්ෂක හමුදා පිරිස් බලය අඩු කිරීම සඳහා ගනු ලබන ක‍්‍රියාමාර්ග මගින් සිදුකෙරෙන ආරක්ෂක හමුදා ශක්තිය දුර්වල කිරීමේ ක‍්‍රියාවලිය වහාම අත්හිටුවා ආරක්ෂක හමුදා නැවත ශක්තිමත් කළ යුතු ය.

4. ආරක්ෂක හමුදා සතු සම්පත් යොදා ගනිමින් හමුදා සාමාජිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට නවීන තාක්ෂණික සහ වෘත්තීය පුහුණු පාඨමාලා හැදෑරීමට අවස්ථාව නිර්මාණය කළ යුතු බවට මෙන්ම එම පාඨමාලා විශ්ව විද්‍යාල අධ්‍යාපනය  දක්වා දිර්ඝ කිරීම සඳහා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය යටතේ ප‍්‍රාදේශීය විවෘත විශ්ව විද්‍යාල පීඨ ජාලයක් ස්ථාපිත කළ යුතු ය.

5. ආරක්ෂක හමුදා පිරිස් බල අවශ්‍යතාවන්ට බලපෑමක් ඇති නොවන ලෙස වෘත්තීය පුහුණුව ලැබූ සාමාජිකයන්ට වැටුප් රහිත නිවාඩු මත විදේශීය රැකියා අවස්ථා ලබා

ගැනීම සඳහා අවසර ලබා දිය යුතුය.

6. ආරක්ෂක හමුදා දුර්වල කිරීම මගින් සූක්ෂ්ම ලෙස රට බෙදුම්වාදයේ ගොදුරක් බවට පත් කිරීම සඳහා දියත් වන ක‍්‍රියාවලිය තුළ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම සහ ඊට අදාළ සෙසු ක‍්‍රියාමාර්ග සඳහා දායක වන සහ එම ක‍්‍රියාවලියට නිහඬව සහය දෙන සියලුදෙනා 30,000ක් වූ දිවි පිදූ රණවිරුවන් සහ 15,000කට ආසන්න පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වූ රණවිරුවන් මෙන්ම ඔවුන් වෙනුවෙන් කැපකිරීම් සිදුකළ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට නිගරු කරන්නන් ලෙස සහ තම මව්බිම සහ රාජ්‍යය පාවාදීමේ වරද මත දේශද්‍රෝහීන් සහ රාජ්‍ය ද්‍රෝහීන් ලෙස ප‍්‍රකාශයට පත් කළ යුතු ය.

7. විශ‍්‍රාමික ආරක්ෂක හමුදා නිලධාරීන් මෙන්ම හමුදාවන් හැර ගිය නිලධාරීන් සියලුදෙනා සතු අත්දැකීම් සහ දැනුම රටේ අනාගත අභිවෘද්ධිය සඳහා යොදා ගැනීමේ අරමුණු සහිතව ජාතික ස්වේච්ඡා ආර්ථීක සංවර්ධන බලකායක් පිහිටුවිය යුතු ය.

8. 2015 ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ කොමසාරිස් වාර්තාව මගින් ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා සාමාජිකයනට එරෙහිව එල්ල කරනු ලැබූ යුද අපරාධ චෝදනාවලට ස්වාභාවික යුක්තිය මූලධර්මය යටතේ විධිමත්ව පිළිතුරු බැඳීම සඳහා අවස්ථාව ඉල්ලා සිටිය යුතු අතර ඒ සඳහා මිත‍්‍ර රටවල සහයෝගය ලබාගත යුතු ය.

9. අතුරුදහන් කිරීම් පිළිබඳ සොයා බැලීම සඳහා පත්කරන ලද මැක්ස්වෙල් පරණගම ජනාධිපති කොමිෂන් සභාවේ ක‍්‍රියාකාරීත්වය නැවත සක‍්‍රීය කළ යුතු බවට සහ ඊට සමගාමීව අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාල පනත අහෝසි කළ යුතුය.

10. සත්‍ය සෙවීමේ නාමයෙන් දියත් වන රණවිරුවන් පාවාදීමේ දුෂ්ට මෙහෙයුම පරාජය කිරීම සඳහා දිවි හිමියෙන් කැපවන බවට ජාතියට ප‍්‍රතිඥාවක් ලබා දුන් ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතාට රටේ සමස්ත ජනතාවගේ ප‍්‍රණාමය පුද කළ යුතුය."

මෙම සුවිශේෂී රණවිරු සමුළුවට පූජ්‍ය බෙංගමුවේ නාලක නාහිමි ඇතුළු මහා සංඝරත්නය, සර්වජන ජනාධිපති අපේක්ෂක, මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක, නීතිඥ දිලිත් ජයවීර, සර්වජන බලය විධායක සභිකයෝ වන ජාතික  නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, යුතුකම ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර   යන මහත්වරු ද එක්ව සිටියහ.

එසේම ජාතික සංවිධාන එකමුතුව නියෝජනය කරමින් එහි කැඳවුම්කරු සාහිත්‍යසූරී වෛද්‍ය ගුණදාස අමරසේකර, ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම, වෛද්‍ය වසන්ත බණ්ඩාර ඇතුළු විද්වත්හු පිරිසක් ද "අපි වෙනුවෙන් අපි" රණහිරු හමුවේ සාමාජිකත්වය ද එක්ව සිටියහ.

මාධ්‍ය අංශය,
සර්වජන බලය,















සම්බන්ධිත පුවත් | Related News

මව්බිමේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සැමරුමෙන් පසු අපගේ කාර්යභාරය සහ උතුරුකරයේ පදිංචි සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි මස 01 දා සවස 2 ට කොළඹ පුස්ථකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී පැවැත් වේ.
දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීම සඳහා අධිකරණ ඇමැතිවරයාට බල කිරීම මගින් දරුවන් ලක්ෂ 60ක් ලිංගික අපචාර සහ සමලිංගික ක්‍රියාවලට ගොදුරු කිරීමට ගන්නා උත්සාහයට විරෝධය පළ කරමින් කාන්තා පරපුර සංවිධානය විසින් මානව හිමිකම් කොමිසමට තම විරෝධය පළකර තිබේ.
ලංකා ලීඩ් පුවත් වෙබ් අඩවිය විසින් පලකරනු ලැබූ ඉහත කරුණ සම්බන්ධයෙන් අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව "Mothers' Movement" හි කැඳවුම්කරු ක්‍රිෂාන්ත රත්නවීර මහතා අප වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ජාතික සංවිධාන එකමුතුව විසින් කැඳවනු ලැබූ එම ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වූ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සකුන්තලා මෙන්ඩිස් මහත්මිය "Mothers' Movement "හි සාමාජිකාවක් නොවන බවයි.
නීතිවිරෝධී ආගමන නැවැත්වීම අරමුණු කරගනිමින් කළ වැටලීම් වලට එරෙහිව ඇති වූ කැරලි ගැසීම් සහ කොල්ලකෑම් හේතුවෙන් ලොස් ඇන්ජලීස් නගරයේ ඇඳිරි නීතිය පනවා ඇතැයි වාර්තා වේ.
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 2025 වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තුව සමස්තයක් ලෙස 15%කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබේ.
ජනාධිපති සමාව යටතේ වැරදි පුද්ගලයන් නිදහස් කර ඇත්තේ නම් ඒ සඳහා අධිකරණ අමාත්‍යංශය ලේකම්වරයා මෙන්ම ජනාධිපති ලේකම්වරයාද සැකකරුවන් ලෙස නම් කළ යුතු බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් උපුල් උපුල් තෝරදෙණිය වෙනුවෙන් අධිකරණයේ පිණිස සිටිමින් නීතිඥ දර්ශන කුරූප්පු මහතා ඊයේ පැවසුවේය.
අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැවසුවේ, ජනාධිපති සමාව මුවාවෙන් සිරකරුවන් නීති විරෝධී ලෙස නිදහස් කර ඇති බවට වැඩිදුර පරීක්ෂණවලින් හෙළි වී ඇති බවයි.
කීර්ති රත්නායක නමැති දූෂණ වංචා චෝදනා මත ගුවන් හමුදාවෙන් නෙරපා හරින ලද පුද්ගලයෙකු සහ විවිධ පුවත්පත් මාධ්‍යවේදීන් යොදා ගනිමින් යුද්ධයේදී නාවික හමුදා ක්‍රියාන්විතයේ මහා භූමිකාවක් ඉටු කළ වයිස් අද්මිරාල් ඩී.පී.කේ. දසනායක මහතාට එරෙහිව එල්ල කෙරෙන අභූත චෝදනාවලට එරෙහිව ඒ මහතා විසින් අභියෝගාත්මක සෘජු පිළිතුරු ලබා දී ඇත.
මෙරට සම්බුද්ධ ශාසනය පිහිටුවීම සිහිපත් කෙරෙන පො‍සොන් පුර පසළොස්වක පොහොය අදට (10) යෙදී තිබේ.

ප්‍රධාන පුවත්

උතුරේ සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි 01 දා සවස 2 ට කොළඹ පුස්තකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී..

මව්බිමේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සැමරුමෙන් පසු අපගේ කාර්යභාරය සහ උතුරුකරයේ පදිංචි සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි මස 01 දා සවස 2 ට කොළඹ පුස්ථකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී පැවැත් වේ.

60 ලක්ෂයක දරුවන් අනාරක්ෂිත කරමින්, අධිකරණ ඇමැතිවරයාට බලපෑම් කර දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීමට මානව හිමිකම් කොමිසම දරණ උත්සාහයට කාන්තා පරපුර සංවිධානයේ විරෝධය..

දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීම සඳහා අධිකරණ ඇමැතිවරයාට බල කිරීම මගින් දරුවන් ලක්ෂ 60ක් ලිංගික අපචාර සහ සමලිංගික ක්‍රියාවලට ගොදුරු කිරීමට ගන්නා උත්සාහයට විරෝධය පළ කරමින් කාන්තා පරපුර සංවිධානය විසින් මානව හිමිකම් කොමිසමට තම විරෝධය පළකර තිබේ.

දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් ළමා අපචාර සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම: ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව

ලංකා ලීඩ් පුවත් වෙබ් අඩවිය විසින් පලකරනු ලැබූ ඉහත කරුණ සම්බන්ධයෙන් අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව "Mothers' Movement" හි කැඳවුම්කරු ක්‍රිෂාන්ත රත්නවීර මහතා අප වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ජාතික සංවිධාන එකමුතුව විසින් කැඳවනු ලැබූ එම ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වූ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සකුන්තලා මෙන්ඩිස් මහත්මිය "Mothers' Movement "හි සාමාජිකාවක් නොවන බවයි.

දින කිහිපයක් තිස්සේ ගැටුම් හේතුවෙන් ලොස් ඇන්ජලීස් නගරයට ඇඳිරි නීතිය පනවයි

නීතිවිරෝධී ආගමන නැවැත්වීම අරමුණු කරගනිමින් කළ වැටලීම් වලට එරෙහිව ඇති වූ කැරලි ගැසීම් සහ කොල්ලකෑම් හේතුවෙන් ලොස් ඇන්ජලීස් නගරයේ ඇඳිරි නීතිය පනවා ඇතැයි වාර්තා වේ.

විදුලි ගාස්තුව සියයට 15කින් ඉහළට..

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 2025 වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තුව සමස්තයක් ලෙස 15%කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබේ.

ජනාධිපති සමාව යටතේ වැරදි පුද්ගලයන් නිදහස් කර ඇත්නම් ඒ සඳහා ජනාධිපති ලේකම්, අධිකරණ ලේකම් සැකකරුවන් ලෙස නම් කළ යුතුයි..

ජනාධිපති සමාව යටතේ වැරදි පුද්ගලයන් නිදහස් කර ඇත්තේ නම් ඒ සඳහා අධිකරණ අමාත්‍යංශය ලේකම්වරයා මෙන්ම ජනාධිපති ලේකම්වරයාද සැකකරුවන් ලෙස නම් කළ යුතු බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් උපුල් උපුල් තෝරදෙණිය වෙනුවෙන් අධිකරණයේ පිණිස සිටිමින් නීතිඥ දර්ශන කුරූප්පු මහතා ඊයේ පැවසුවේය.

තවත් සිරකරුවන් 68ක් නීති විරෝධී ලෙස නිදහස් කරලා.. - අධිකරණයේ දී හෙළිවෙයි..

අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැවසුවේ, ජනාධිපති සමාව මුවාවෙන් සිරකරුවන් නීති විරෝධී ලෙස නිදහස් කර ඇති බවට වැඩිදුර පරීක්ෂණවලින් හෙළි වී ඇති බවයි.

මුහුදු කොටි විනාශයට මහා භූමිකාවක් ඉටු කළ වයිස් අද්මිරාල් ඩී.පී.කේ. දසනායක මහතාට එරෙහිව එල්ල කෙරෙන අභූත චෝදනාවලට අභියෝගාත්මක පිළිතුරු

කීර්ති රත්නායක නමැති දූෂණ වංචා චෝදනා මත ගුවන් හමුදාවෙන් නෙරපා හරින ලද පුද්ගලයෙකු සහ විවිධ පුවත්පත් මාධ්‍යවේදීන් යොදා ගනිමින් යුද්ධයේදී නාවික හමුදා ක්‍රියාන්විතයේ මහා භූමිකාවක් ඉටු කළ වයිස් අද්මිරාල් ඩී.පී.කේ. දසනායක මහතාට එරෙහිව එල්ල කෙරෙන අභූත චෝදනාවලට එරෙහිව ඒ මහතා විසින් අභියෝගාත්මක සෘජු පිළිතුරු ලබා දී ඇත.

යහපාලන කාලේ හන්තානේ රජයේ වටිනා ඉඩම් කුණු කොල්ලෙට ලියාගත් පිරිසක් ගැන පරීක්ෂණ.. රටම දන්න මාධ්‍යවේදීනුත් ඉන්නවලු..

හන්තාන ප්‍රදේශයේ පිහිටි රජය සතුව තිබූ වටිනා ඉඩමක් මාධ්‍යවේදීන් හා අධිකරණ ක්ෂේත්‍රයේ නිලධාරීන් අතර බෙදා දීමක් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු මේ වන විට සිදුවීම් පවතින බව වාර්තා වෙයි.

රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙලා.. අපිම තමයි හරි කියන තීරණයේ ගියොත් වැඩිකල් යන්න බෑ - කොටපිටියේ හිමියෝ අගමැතිනිගේ මුහුණටම කියති..

‘විශාල බලාපොරොත්තු තබාගෙන පත්කරගත් රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙමින් පවතින බව කෝට්ටේ ශ්‍රී කල්‍යානි සාමග‍්‍රි ධර්ම මහා සංඝ සභාවේ අනු නායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ සඳහන් කරති.

අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..

පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්චුනා මහතා පවසන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට පැමිණ ඇති බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා රේගු වාර්තා ඉදිරිපත් කරමින් පෙන්වා දෙයි.

ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්

අනුරාධපුර බන්ධනාගාරයේ සිටි රැදවියෙකු වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරිම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..

ඉන්දියාව සමග ශ්‍රී ලංකා රජය අත්සන් කළ ගිවිසුම් හත සම්බන්ධයෙන් තොරතුරු ලබා නොදීම ගැන ජාතික සංවිධාන විසින් කළ අභියාචනයකට පිළිතුරු සපයමින් ඉකුත් 4 වැනි දා අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා විසින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබුනේ එම අභියාචනය ප්‍රතික්ෂේප කරන බවයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.