සත්‍ය සෙවීමේ ගනුදෙනුව පිටුපස සිටින ජාතියේ පවට උපන්, තමන්ගේ පැවැත්ම සඳහාම ඕනෑම පාවාදීමක් කිරීමට සූදානම් සියලු නායකයන් හෙළිදරව් කළ යුතුයි - දිලිත් ජයවීර (වීඩියෝ)
සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවීමට ඔන්න මෙන්න කියා තිබිය දී ජනාධිපති අපේක්ෂකයක් වීමට තමන්ට ලැබීම ජාතියෙන් තමන්ට හිමිවූ වගකීමක් බව සර්වජන බලය ජනාධිපති අපේක්ෂක මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ ඊනියා සත්‍ය සෙවීමේ පනත මගින් ආරක්ෂක හමුදා පාවාදීමේ දුෂ්ඨ මෙහෙයුම පරාජය කිරීම වෙනුවෙන් ඊයේ (29) පැවති සර්වජන බලය, රණවිරු සංවිධාන සහ ජාතික සංවිධාන අතර එකඟතාව අත්සන් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
සත්‍ය සෙවීමේ ගනුදෙනුව පිටුපස සිටින ජාතියේ පවට උපන් තමන්ගේ පැවැත්ම සඳහාම ඕනෑම පාවාදීමක් කිරීමට සූදානම් මෙම නායකයන් සියලුම දෙනා හෙළිදරව් කළ යුතු බවත්, තමන්ගේ මරණ මංචකයේ දී වත් රණවිරුවන්ට සැනසුමක් ලබා නොදේනම් එම දූෂිත දේශපාලකයන් ගැන සෙවීමට සත්‍ය සෙවීමේ කොමිසමක් අවශ්‍ය බවත් ඒ මහතා මෙහිදී පැවසීය.
ඉකුත් දා දම්පාටින් එළියට දැමූ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 230 වැනි පිටුවේ සඳහන්කර ඇත්තේ සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමේ ක්‍රියාකාරීත්වය තවත් පුළුල් කළ යුතු බව යැයි පවසන ඒ මහතා, රට වෙනුවෙන් තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරමින් කටයුතු කළ රණ විරුවන්ට සුද්දන් ලවා දඬුවම් කිරීම ඔවුන්ගේ අරමුණ වී ඇති බවද පෙන්වා දෙයි.
මෙවැනි දෙයක් පොතක මුද්‍රණය කර බෙදා හැරීමට තරම් පහත් තැනකට මේ රට පත්වුනා නම්, මේ බලවේගවල පිටුපස සිටින හස්ථයන් කෙතරම් බලවත් ඇත් දැයි සිතාගත හැකි බවත් දිලිත් ජයවීර මහතා පවසයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..