ක්‍රිස්තියානි ධර්මය තුරන් කිරීම ඉලක්ක කරගත් යුක්‍රේන නීති සම්පාදන ප්‍රතිපත්තිය ගැන කොළඹ රුසියානු තානාපති කාර්යාලයෙන් නිවේදනයක්
ක්‍රිස්තියානි ධර්මය තුරන් කිරීම ඉලක්ක කරගත් යුක්‍රේන නීති සම්පාදන ප්‍රතිපත්තිය ගැන කොළඹ රුසියානු තානාපති කාර්යාලයෙන් නිවේදනයක් නිකුත්කර තිබේ.
වර්කොව්නා රාඩා හෙවත් යුක්රේන පාර්ලිමේන්තුව විසින් දිගුකාලයක් තිස්සේ යුක්‍රේන සමාජයේ ගැඹුරින් සාකච්ඡා කරන ලද අපකීර්තිමත් නීතියක් වන "ආගමික සංවිධානවල ක්‍රියාකාරකම් ක්ෂේත්‍රය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය නියෝගය ආරක්ෂා කිරීම පිළිබඳ" නීතිය සම්මත කර ඇති බව ද එම නිවේදනයේ දක්වා තිබේ.
අදාළ නිවේදනය සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් පහළින්...
ක්‍රිස්තියානි ධර්මය තුරන් කිරීම ඉලක්ක කරගත් යුක්‍රේන නීති සම්පාදන ප්‍රතිපත්තිය සම්බන්ධවයි
යුක්‍රේන නීති සම්පාදන අංශය විසින් තවත් සෘණාත්මක නීති සම්පාදනයක් සිදු කර ඇති අතර එය කියෙව් පාලනය විසින් ලෝකය පුරා පැතිරුණු ආගමක් වන ක්‍රිස්තියානි ධර්මය හිතාමතා විනාශ කිරීම අරමුණු කරගනිමින් කළ ක්‍රියාවක් ලෙස සාක්ෂි දරයි.
අගෝස්තු 20 වන දින, වර්කොව්නා රාඩා හෙවත් යුක්රේන පාර්ලිමේන්තුව විසින් දිගුකාලයක් තිස්සේ යුක්‍රේන සමාජයේ ගැඹුරින් සාකච්ඡා කරන ලද අපකීර්තිමත් නීතියක් වන " ආගමික සංවිධානවල ක්‍රියාකාරකම් ක්ෂේත්‍රය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය නියෝගය ආරක්ෂා කිරීම පිළිබඳ" නීතිය සම්මත කරන ලද්දේය.
එම නීතිය මගින් රුසියාවේ ඕනෑම ආගමික සංවිධානයක් සමඟ "අනුබද්ධ" යුක්‍රේනයේ ඕනෑම ආගමික ප්‍රජාවක ක්‍රියාකාරකම් අධිකරණ තහනමට ලක් කිරීමට ඉඩ දෙනු ලබයි.
මේ අනුව, කියෙව් පාලනය යුක්‍රේනයේ කැනොනිකල් යුක්රේන ඕතඩොක්ස් පල්ලිය (UOC )තහනම් කිරීම සහ එම නිකාය මුලිනුපුටා දැමීම සඳහා කියෙව් පාලනයේ දිගුකාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබා දේ.
යුක්‍රේනයේ නීති සම්පාදකයින් මිලියන ගණනක් වන ඇදහිලිවන්තයන්ගේ මතය, කැනොනිකල් යුක්රේන ඕතඩොක්ස් පල්ලියේ මතය, නීති ප්‍රජාවේ සහ කියෙව් හිතවාදී විදේශිකයන්ගේ නිර්දය විවේචන පවා නොසලකා හැර තිබේ.
එහි ප්‍රතිඵලයක් ලෙස, ආගමික ස්ථාන සිය ගණනක්, දහස් ගණනක් වු යුක්‍රේන ජන සමාජයට අයත් ජනතාව, සහ මිලියන ගණනක් වන යුක්රේනයේ ඕතඩොක්ස් ඇදහිලිවන්තයන් නීතියේ හව්හරණක් නොමැති තත්වයට පත් වනු ඇත.
ඔවුන්ගේ දේපළ හා යාඥා මධ්‍යස්ථාන ඔවුන්ට අහිමි වනු ඇත. රුසියානු ඕතඩොක්ස් පල්ලියේ අග්‍රරාජගුරු ප්‍රසාදි ස්වාමින් වහන්සේ විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට, යුරෝපයේ ආරක්ෂාව සහ සහයෝගීතාව සඳහා වූ සංවිධානයට, යුරෝපීය කවුන්සිලයේ සංවිධාන වෙත සහ ලෝකයේ ආගමික ප්‍රජාවන්ගේ නායකයින් වෙත නැවත නැවතත් පැමිණිලි කර තිබුනද යුක්‍රේන වැසියාගේ හෘදය සාක්ෂියේ නිදහස සහ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන මෙම පනත සම්මත කිරීමට කිසිදු බාධාවක් යුක්‍රේන බලධාරින්ට නොවුනි.
මෙම නීතිය අනුමත කිරීම ඕතඩොක්ස් ක්‍රිස්තියානි නිකායට බලවත් පහරක් බව ඕතඩොක්ස් කැනොනිකල් එකමුතුව අවධාරණය කරයි. පළමු වතාවට යුරෝපීය රාජ්‍යයක භූමිය තුළ ආගමික නිකාය තහනම් කිරීමේ සම්පූර්ණ සිදුවීමක් අපි අත් දුටුවෙමු. එමගින් මිලියන ගනනක් ඇදහිලිවන්තයන්ගේ අයිතිවාසිකම් විවෘතව පාගා දමනු ලබන අතර ආගමික නිදහස පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් ප්‍රකට නීතිමය ලියකියවිලි නිර්ලජ්ජිත ලෙස උල්ලංඝනය කර ඇත.
යුක්රේනයේ ඇදහිලිවන්තයන්ට එල්ල කර ඇති දරුණු හිංසා පීඩාවලට ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන අරමුණු සහගතව ප්‍රතිචාර දක්වනු ඇතැයි රුසියාව අපේක්ෂා කරයි.
- කොළඹ රුසියානු තානාපති කාර්යාලය

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..