News Category
From Date
To Date
Maximum Number of Result

අද රට පුරා "තරුව" දිදුලන කොට මාලිමා නායකයන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය මතක් වෙලා - විමල් වීරවංශ

Aug 27, 2024 at 09:35 AM
|

බෞද්ධ ශිෂ්ටාචාරගත උරුමය මත  පදනම්ව, සිංහල, දෙමළ, මුස්ලිම් ජාතික සමගිය වෙනුවෙන් කැප වූ මෙරට දෑහිතකාමී, දේශමාමක බලවේගයන්ගේ දේශපාලන කඳවුර  වන සර්වජන බලයෙහි "තරු ලකුණ"  අද රටම දිදුලමින් යන ගමන හමුවේ මෙතෙක් නිරාගමික ස්ථාවරයක සිට බුදු දහමට අපහාස කළ ජාතික ජන බලවේගයේ නායකයන්ට "ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය..." යනුවෙන් සඳහන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 9 වැනි වගන්තිය රකින හැටි කතා කිරීමට සිදුව ඇතැයි සර්වජන බලය විධායක සභික, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

මෙවර ජනාධිපතිවරණයට "තරුව" ලකුණෙන් තරග වදින, "සර්වජන බලය" දේශපාලන එකමුතුවෙහි අපේක්ෂක, මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක, නීතිඥ දිලිත් ජයවීර මහතාට සහයෝගය පළ කිරීම පිණිස ඊයේ(25) සවස අනුරාධපුර කඩ පනහ පරිශ්‍රයේදී පැවති මහජන රැලිය අමතමින් විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය. 

මෙම මහජන රැලිය අමතා, සර්වජන ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර  ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජී. වීරසිංහ, යුතුකම ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ජී. වී. ඩී. තිලකසිරි, ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ, මව්බිම ජනතා පක්ෂයේ නියෝජ්‍ය සභාපතිනි, නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, පිවිතුරු හෙළ උරුමයේ නීති ලේකම් නීතිඥ භූපති කහතුඩුව, මව්බිම ජනතා පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක අරුන් සිද්ධාර්ත් යන මහත්ම මහත්මීහු ද අදහස් දැක්වූහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

"සර්වජන බලයේ 'තරුව'  අනුරාධපුරයට පායන කොට අනිකුත් දේශපාලන පක්ෂවල  පිංගුත්තරයන්ට තරු පෙනෙන්න පටන් අරන් තිබෙනවා. මේ 'තරුව' අනුරාධපුරයට පෑව්වේ දිදුලන තරුවක් වීමට මිසක් මිලාන වන තරුවක් වීමට නොවේ.

අගුපිල්වල ලැගලා හරි යයිද?

ඔබ දන්නවා, අපි මේ රටේ 'එක ප්‍රතිපත්තියක -;එක අරමුණක' සිට දේශපාලනය කරපු මිනිස්සු බව. අපි කිසිවිටෙකත් එහෙට මෙහෙට පැන්නේ නැහැ. අපි, රාජපක්ෂලා රනිල් වික්‍රමසිංහලාගේ දංකුඩ ලෙවකන කොට ඒ දංකුඩ කන සමාගම අතඇරලා ආපු මිනිස්සු; ඇමතිකමින් දොට්ට දානකොට බය නැතුව විරුද්ධ පක්ෂයේ වාඩි වුණු මිනිස්සු. අපි කිසිවිටකත් 'ඩල්ල ඩලා' වගේ, 'දයාබර සිරි' වගේ, තව එවැනි බොහෝ අය වගේ එක එකාගේ අගුපිල්වල ලගින්න ගියේ නැහැ. මේ රටේ ආර්ථික - දේශපාලන අර්බුදයට උත්තර හොයන ඔබ, අපෙන් ඉල්ලන 'යුතුකම - වගකීම' එවැන්නක් ද? මේ රටේ අනුරාධපුර මහා විහාර සම්ප්‍රදාය ගොඩනඟපු 'ඓතිහාසික සභ්‍යත්වයට' දණ නමා වන්දනාමාන කරන ඔබ අපෙන් ඉල්ලන 'යුතුකම - වගකීම' එය නොවන බව අප දන්නවා. දේශපාලන පක්ෂ සහ ජාතික සංවිධාන 07ක් එකමුතු වෙලා සර්වජන බලය ගොඩනැඟුවේ ඔබ අපෙන් ඉල්ලා සිටින 'යුතුකම හා වගකීම'  ඉටුකරලන්නයි.

9 වන වගන්තිය මතක් වුණු මාලිමා නායකයෝ

දැන් 'ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය...' යනුවෙන් සඳහන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය ගැන මෙච්චර කාලයක් කතා නොකරපු ජාජබ උන්දැලාත් ඒ ගැන කතා කරන්න පටන් අරන් තිබෙනවා. මීට මාස හය - හතකට කලින් ජාජබ බිමල් රත්නායක උන්නැහේ 'ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක්!' කියල බීබීසී එකට කියනවා මම අහගෙනයි. ඒ වගේම ගාල්ලේ ජාජබ නලින් හේවගේ උන්නැහේ කියමින් ගියා, 'බුදු හාමුදුරුවෝ බෝ ගහකට පිටදුන්නු එක හොඳයි. කොස් ගහකට පිටදුන්නා නම් අපට කොස් ගෙඩියක්වත් කන්න වෙන්නේ නැහැ' කියා. එහෙම කියපු ජාජබ උන්දැලා දැන් එක පාරටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය රකින හැටි කතා කරන්නේ ඇයි? ඒ තමයි සර්වජන බලයේ බලපෑම.

පාවෙන 35%-40%ට...

දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා නම් 'අලි එලවන මන්තරයක්' ජප කරමින් ඉන්න බවයි පෙනෙන්නේ. අනෙක් අතට වික්‍රමසිංහ මහත්තයාගේ ආයු කාලය අවසන් වෙලයි තියෙන්නේ. උන්දැට 'පන්දම' අල්ලන්න ගිය පොහොට්ටුවො, 'අපේ අනාගතයට කුමක් වේවි ද? කියලා අන්දමන්ද වෙලා ඉන්නවා. මේ දවස්වල මේ රටේ ජනාධිපතිවරණය පිළිබඳව කෙරෙන කවර ජනමත විමසුමකදී වුවත් ලැබෙන ප්‍රතිඵලය තමයි, '35‰-40% අතර ඡන්දදායකයන් ප්‍රමාණයක් තම ඡන්දය ප්‍රකාශ කරන්නේ කාටදැයි මෙතෙක් තීරණය කර නැත' කියන එක. ජවිපෙ මොන 'බට්ටා' ගහගෙන ආවත් සජිත් ප්‍රේමදාස මොන ලකුණෙන් ආවත් රනිල් වික්‍රමසිංහ 'ගෑස් සිලින්ඩරය' කරේ තියාගෙන ආවත් 'තීන්දු කරන්න බැරිය' කියලයි ඒ අය කියන්නේ. සියයට තිස්පහක්- හතළිහක් තීන්දුවක් ගන්න 'වෙලාව' එනකන් තමයි බලා ඉන්නේ.

ඉතිහාසයේ මුල් වරට සර්වජන බලයෙන්...

විශේෂයෙන් ඒ පිරිසට සහ මේ රටේ සියලු ඡන්දදායකයින්ට අපි කියන්න කැමතියි. මෙතෙක් මේ රටේ දේශපාලන ඉතිහාසයෙහි නොවුණු දෙයක් සර්වජන බලය හැටියට මෙවර ජනාධිපතිවරණයේදී අපි සිදුකර තිබෙනවා. ඒ තමයි 'මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් වෙනුවට ජනතාවගේ, ආගමික නායකයන්ගේ, ව්‍යවසායකයන්ගේ, විද්වතුන්ගේ අදහස් ඇතුළත් උපායමාර්ගික සැලැස්මක් ඔබ හමුවේ තැබීම. ඒ උපායමාර්ගික සැලැස්මේ පළමු කෙටුම්පත අපි සර්වජන බලය විධායක සභාව ලෙස ඔබ හමුවේ තැබුවා. දෙවන කෙටුම්පත සකස් කළේ පළමු කෙටුම්පත සඳහා රට පුරා මහජනයාගෙන් ලැබුණු අදහස් යෝජනා ද ඇතුළත් කරලයි. දෙවන කෙටුම්පත අපි මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්ට, විද්වත් වෘත්තිකයන්ට, ව්‍යවසායකයන්ට ඉදිරිපත් කර තිබෙනවා. මෙවර ජනාධිපතිවරණය සඳහා මැතිවරණ ප්‍රකාශනයක් වෙනුවට සර්වජන අපේක්ෂක දිලිත් ජයවීර සහෝදරයා ඉදිරිපත් කරන රට ගොඩනඟන උපායමාර්ගික සැලැස්ම සකස් වන්නේ මේ දෙවන කෙටුම්පත සඳහා ලැබෙන අදහස් යෝජනා ඇතුළත් කරලයි. 

අපි මෙවර ජනාධිපතිවරණයේදී ඒ විදියට මහජනයාගේ අදහස් යෝජනා අරගෙන හදපු, 'මේ වැටුණු රට ගොඩනඟන්නේ කොහොමද?' කියන අපේ උපායමාර්ගික සැලැස්ම රට හමුවේ තබනවා. එය මේ රටේ දේශපාලන සංස්කෘතියට නවමු අත්දැකීමක්. ඔබ දන්නවා දැන් සමහරු ඉදිරිපත් කර ඇති මැතිවරණ ප්‍රකාශනවල තිබෙනවා, ' වැට් බදු අඩු කරනු ලැබේ!' කියලා. තවත් එකක තිබෙනවා, 'වැටුප් වැඩි කරනු ලැබේ!' කියලා. නමුත් බදු අඩු කළාම අහිමි වන ආදායම උපයාගන්නා ආකාරය, වැටුප් වැඩි කිරීමට ආදායම උපයාගන්නා ආකාරය මේවායේ නැහැ. නමුත් සර්වජන බලය උපායමාර්ගික සැලැස්මෙන් වැටුප් වැඩි කරන ආකාරයත් කියනවා; ඒ සඳහා ආදායම් හොයන ආකාරයත් කියනවා.

මේ ඓතිහාසික අනුරාධපුර නගරයේ සිට අපි සපථ කරනවා, 'මේ ජනාධිපතිවරණ සටන තරුව ලකුණෙන් දිලිත් ජයවීර ජයග්‍රහණය කළාම අනුරාධපුර ඔබගේ පමණක් නොවෙයි සකල ශ්‍රී ලාංකිකයන්ගේම සකල දුක් වේදනාවන්ට අපි විසඳුම් දෙනවා' කියා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගෙනාවෙත් අපි එහෙම බලාපොරොත්තු තියාගෙන. නමුත් ඔහු ලැබුණු ජනවරමට පිටුපස හරවලා පලා ගියා. නමුත් අපි කෙසේ හෝ තමුන්නාන්සේලාගේ දුක් වේදනාවන්ට විසඳුම් දෙනවා කියන අධිෂ්ඨානයෙන් තමා විපක්ෂයේ වාඩි වුණේ. සර්වජන බලයේ ඉන්නේ අතන මෙතන ලැගලා තමන්ගේ ප්‍රතිපත්තිය පාවලා දීපු මිනිස්සු නොවෙයි. නමුත් අනුර දිසානායකලා දිහා හොඳට බලන්නකෝ! එදා 2004 දී කෘෂිකර්ම, වාරිමාර්ග, පශුසම්පත් ඇමති විදිහට චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය ගාව ලැග්ගා. 2010 දී ජනාධිපතිවරණයට  සරත් ෆොන්සේකා පොදු අපේක්ෂකයා කරලා කර තියාගෙන ආවා. 2015 දී  සිරිසේන ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ගාව නොනිල විදියට ලැග්ගා. ඔවුන්ගේ දින 100 ආණ්ඩුවේ හිටියා. 'හොරු අල්ලන කමිටුවේ' ප්‍රධානියා වෙලා හිටියා.  එයාලා නොලැග්ග තැනක් නැහැ. නමුත් සර්වජන බලයේ ඉන්නේ තමන්ගේ ජාතිකවාදී ප්‍රතිපත්තිය අංක එකට රැකපු මිනිස්සු. ඒ විදිහට ප්‍රතිපත්ති රැකපු අපි තමුන්නාන්සේලාට කියනවා, 'ලක් මාතාව ඇද වැටී තිබෙන අගාධයෙන් ගොඩගන්න ඕනෑ නම් මෙතැන තමයි තැන' කියලා.

මෙහේ ඉන්න  බයිඩන්ලා වැනෙනවා!

අපි දුටුවා, ඇමරිකා එක්සත් ජනපදයේ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජෝ බයිඩන් යන ජනාධිපති අපේක්ෂකයන් තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පිළිබඳව විවාද කළ ආකාරය. විවාදයෙන් පැරදුනු බයිඩන්ට තමන්ගේ පක්ෂයේ අපේක්ෂකත්වයත් අහිමි වුණා. සර්වජන අපේක්ෂක අපේ දිලිත් ජයවීර සහෝදරයාත් මෙරට ප්‍රධාන අපේක්ෂකයන් සියලුදෙනාට තම ප්‍රතිපත්ති ප්‍රකාශනත් රැගෙන විවාදයට එන්න කියලා ඇරයුම් කළාට එයාලා දිගින් දිගටම ඒ විවාදය මඟ හරිනවා. අපට පෙනෙන්නෙ විවාදයට ආවොත් තමන්ගේ අපේක්ෂකත්වය අහිමි වෙයි කියලා බයේ මෙහේ ඉන්න බයිඩන්ලා වැනෙමින් සිටින බවයි.

ඒ නිසා අපි වෛරයෙන් නොවෙයි ඔළුවෙන් හිතලා නිවැරදි තීරණය ගත යුතුයි. නිවැරදි තීන්දුවක් ගෙන රට ගොඩනගන සැබෑ ගමනට එක්වෙමු! සර්වජන බලය තරු ලකුණ ඉහළින් ඔසවා තැබීමට ඔබ සැමට ධෛර්යය සහ ශක්තිය ලැබේවා! කියා පතනවා."

මාධ්‍ය අංශය,
සර්වජන බලය




සම්බන්ධිත පුවත් | Related News

පසුගිය 11 වැනිදා මානව හිමිකම් කොමිසමට විරෝධතා පෙත්සමක් ඉදිරිපත් කරමින් එම කොමිසම විසින් දණ්ඩනීති සංග්‍රහයේ 365 සහ 365 (අ) වගන්ති සංශෝධනය කිරීම සඳහා ගනු ලබන උත්සාහයට විරෝධය පළ කිරීම සඳහා කාන්තා පරපුර සංවිධානය කටයුතු කරනු ලැබීය.
ඉරානයට එරෙහිව ඊශ්‍රායල රාජ්‍යය විසින් සිදු කරන ලද පූර්ව අනතුරු අඟවන ප්‍රහාරයෙන් පසුව, ඊශ්‍රායල රාජ්‍යයට සහ එහි සිවිල් ජනතාවට එරෙහිව මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ දී අපේක්ෂා කෙරන බව ඊශ්‍රායල ආරකෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පැවසීය.
දණ්ඩනීති සංග්‍රහයේ 356 සහ 365 (අ) වගන්ති සංශෝධනය කරීම මගින් මෙරට දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළීමට මානව හිමිකම් කොමිසම විසින් අධිකරණ ඇමැතිවරයාට නිර්දේශ කිරීම ඉතා සූක්ෂම අයුරින් සිදු කළ ක්‍රියාවක් බවත්, මෙම වගන්ති සංශෝධනය කිරීම හරහා මෙරට දරුන්ගේ අයිතිවාසිකම් සහ ආරක්ෂාව පිළිබඳව දැඩි තර්ජනයක් මතුවන බවත් ලක්මව දියණියෝ සංවිධානය පවසයි.
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ළඟ සිටි උපදේශකයෝ කිහිපදෙනෙක් මෙම ආණ්ඩුව තුළ ද සිටින බවත්, 2015 දී යහපාලන ආණ්ඩුව විසින් කැපූ සියදිවි හානිකර ගැනීමේ පාරදිගේ මේ ආණ්ඩුව ද රට ගෙන යමින් ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
මව්බිමේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සැමරුමෙන් පසු අපගේ කාර්යභාරය සහ උතුරුකරයේ පදිංචි සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි මස 01 දා සවස 2 ට කොළඹ පුස්ථකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී පැවැත් වේ.
දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීම සඳහා අධිකරණ ඇමැතිවරයාට බල කිරීම මගින් දරුවන් ලක්ෂ 60ක් ලිංගික අපචාර සහ සමලිංගික ක්‍රියාවලට ගොදුරු කිරීමට ගන්නා උත්සාහයට විරෝධය පළ කරමින් කාන්තා පරපුර සංවිධානය විසින් මානව හිමිකම් කොමිසමට තම විරෝධය පළකර තිබේ.
ලංකා ලීඩ් පුවත් වෙබ් අඩවිය විසින් පලකරනු ලැබූ ඉහත කරුණ සම්බන්ධයෙන් අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව "Mothers' Movement" හි කැඳවුම්කරු ක්‍රිෂාන්ත රත්නවීර මහතා අප වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ජාතික සංවිධාන එකමුතුව විසින් කැඳවනු ලැබූ එම ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වූ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සකුන්තලා මෙන්ඩිස් මහත්මිය "Mothers' Movement "හි සාමාජිකාවක් නොවන බවයි.
නීතිවිරෝධී ආගමන නැවැත්වීම අරමුණු කරගනිමින් කළ වැටලීම් වලට එරෙහිව ඇති වූ කැරලි ගැසීම් සහ කොල්ලකෑම් හේතුවෙන් ලොස් ඇන්ජලීස් නගරයේ ඇඳිරි නීතිය පනවා ඇතැයි වාර්තා වේ.
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 2025 වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තුව සමස්තයක් ලෙස 15%කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබේ.

ප්‍රධාන පුවත්

දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..

පසුගිය 11 වැනිදා මානව හිමිකම් කොමිසමට විරෝධතා පෙත්සමක් ඉදිරිපත් කරමින් එම කොමිසම විසින් දණ්ඩනීති සංග්‍රහයේ 365 සහ 365 (අ) වගන්ති සංශෝධනය කිරීම සඳහා ගනු ලබන උත්සාහයට විරෝධය පළ කිරීම සඳහා කාන්තා පරපුර සංවිධානය කටයුතු කරනු ලැබීය.

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයට "පූර්ව අනතුරු අඟවන" ප්‍රහාරයක් එල්ල කළා- ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්

ඉරානයට එරෙහිව ඊශ්‍රායල රාජ්‍යය විසින් සිදු කරන ලද පූර්ව අනතුරු අඟවන ප්‍රහාරයෙන් පසුව, ඊශ්‍රායල රාජ්‍යයට සහ එහි සිවිල් ජනතාවට එරෙහිව මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ දී අපේක්ෂා කෙරන බව ඊශ්‍රායල ආරකෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පැවසීය.

දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළා, සමරිසි අයිතීන් සුරකින නීති සංශෝධන එපා.. - ලක්මව දියණියෝ කියති..

දණ්ඩනීති සංග්‍රහයේ 356 සහ 365 (අ) වගන්ති සංශෝධනය කරීම මගින් මෙරට දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළීමට මානව හිමිකම් කොමිසම විසින් අධිකරණ ඇමැතිවරයාට නිර්දේශ කිරීම ඉතා සූක්ෂම අයුරින් සිදු කළ ක්‍රියාවක් බවත්, මෙම වගන්ති සංශෝධනය කිරීම හරහා මෙරට දරුන්ගේ අයිතිවාසිකම් සහ ආරක්ෂාව පිළිබඳව දැඩි තර්ජනයක් මතුවන බවත් ලක්මව දියණියෝ සංවිධානය පවසයි.

ගෝඨාභයගෙන් බදුසහන ගත්තු අයම තමයි, ඔහු එලවන්න ගාලුමුවදොර බුරියානි බෙදුවේ.. - මහාපරිමාණ ජාවාරම්කාරයන් සහ ඩයස්පෝරාවේ සූක්ෂම මෙහෙයුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ළඟ සිටි උපදේශකයෝ කිහිපදෙනෙක් මෙම ආණ්ඩුව තුළ ද සිටින බවත්, 2015 දී යහපාලන ආණ්ඩුව විසින් කැපූ සියදිවි හානිකර ගැනීමේ පාරදිගේ මේ ආණ්ඩුව ද රට ගෙන යමින් ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරේ සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි 01 දා සවස 2 ට කොළඹ පුස්තකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී..

මව්බිමේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සැමරුමෙන් පසු අපගේ කාර්යභාරය සහ උතුරුකරයේ පදිංචි සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි මස 01 දා සවස 2 ට කොළඹ පුස්ථකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී පැවැත් වේ.

60 ලක්ෂයක දරුවන් අනාරක්ෂිත කරමින්, අධිකරණ ඇමැතිවරයාට බලපෑම් කර දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීමට මානව හිමිකම් කොමිසම දරණ උත්සාහයට කාන්තා පරපුර සංවිධානයේ විරෝධය..

දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීම සඳහා අධිකරණ ඇමැතිවරයාට බල කිරීම මගින් දරුවන් ලක්ෂ 60ක් ලිංගික අපචාර සහ සමලිංගික ක්‍රියාවලට ගොදුරු කිරීමට ගන්නා උත්සාහයට විරෝධය පළ කරමින් කාන්තා පරපුර සංවිධානය විසින් මානව හිමිකම් කොමිසමට තම විරෝධය පළකර තිබේ.

දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් ළමා අපචාර සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම: ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව

ලංකා ලීඩ් පුවත් වෙබ් අඩවිය විසින් පලකරනු ලැබූ ඉහත කරුණ සම්බන්ධයෙන් අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව "Mothers' Movement" හි කැඳවුම්කරු ක්‍රිෂාන්ත රත්නවීර මහතා අප වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ජාතික සංවිධාන එකමුතුව විසින් කැඳවනු ලැබූ එම ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වූ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සකුන්තලා මෙන්ඩිස් මහත්මිය "Mothers' Movement "හි සාමාජිකාවක් නොවන බවයි.

දින කිහිපයක් තිස්සේ ගැටුම් හේතුවෙන් ලොස් ඇන්ජලීස් නගරයට ඇඳිරි නීතිය පනවයි

නීතිවිරෝධී ආගමන නැවැත්වීම අරමුණු කරගනිමින් කළ වැටලීම් වලට එරෙහිව ඇති වූ කැරලි ගැසීම් සහ කොල්ලකෑම් හේතුවෙන් ලොස් ඇන්ජලීස් නගරයේ ඇඳිරි නීතිය පනවා ඇතැයි වාර්තා වේ.

විදුලි ගාස්තුව සියයට 15කින් ඉහළට..

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 2025 වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තුව සමස්තයක් ලෙස 15%කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබේ.

ජනාධිපති සමාව යටතේ වැරදි පුද්ගලයන් නිදහස් කර ඇත්නම් ඒ සඳහා ජනාධිපති ලේකම්, අධිකරණ ලේකම් සැකකරුවන් ලෙස නම් කළ යුතුයි..

ජනාධිපති සමාව යටතේ වැරදි පුද්ගලයන් නිදහස් කර ඇත්තේ නම් ඒ සඳහා අධිකරණ අමාත්‍යංශය ලේකම්වරයා මෙන්ම ජනාධිපති ලේකම්වරයාද සැකකරුවන් ලෙස නම් කළ යුතු බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් උපුල් උපුල් තෝරදෙණිය වෙනුවෙන් අධිකරණයේ පිණිස සිටිමින් නීතිඥ දර්ශන කුරූප්පු මහතා ඊයේ පැවසුවේය.

තවත් සිරකරුවන් 68ක් නීති විරෝධී ලෙස නිදහස් කරලා.. - අධිකරණයේ දී හෙළිවෙයි..

අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැවසුවේ, ජනාධිපති සමාව මුවාවෙන් සිරකරුවන් නීති විරෝධී ලෙස නිදහස් කර ඇති බවට වැඩිදුර පරීක්ෂණවලින් හෙළි වී ඇති බවයි.

මුහුදු කොටි විනාශයට මහා භූමිකාවක් ඉටු කළ වයිස් අද්මිරාල් ඩී.පී.කේ. දසනායක මහතාට එරෙහිව එල්ල කෙරෙන අභූත චෝදනාවලට අභියෝගාත්මක පිළිතුරු

කීර්ති රත්නායක නමැති දූෂණ වංචා චෝදනා මත ගුවන් හමුදාවෙන් නෙරපා හරින ලද පුද්ගලයෙකු සහ විවිධ පුවත්පත් මාධ්‍යවේදීන් යොදා ගනිමින් යුද්ධයේදී නාවික හමුදා ක්‍රියාන්විතයේ මහා භූමිකාවක් ඉටු කළ වයිස් අද්මිරාල් ඩී.පී.කේ. දසනායක මහතාට එරෙහිව එල්ල කෙරෙන අභූත චෝදනාවලට එරෙහිව ඒ මහතා විසින් අභියෝගාත්මක සෘජු පිළිතුරු ලබා දී ඇත.

යහපාලන කාලේ හන්තානේ රජයේ වටිනා ඉඩම් කුණු කොල්ලෙට ලියාගත් පිරිසක් ගැන පරීක්ෂණ.. රටම දන්න මාධ්‍යවේදීනුත් ඉන්නවලු..

හන්තාන ප්‍රදේශයේ පිහිටි රජය සතුව තිබූ වටිනා ඉඩමක් මාධ්‍යවේදීන් හා අධිකරණ ක්ෂේත්‍රයේ නිලධාරීන් අතර බෙදා දීමක් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු මේ වන විට සිදුවීම් පවතින බව වාර්තා වෙයි.

රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙලා.. අපිම තමයි හරි කියන තීරණයේ ගියොත් වැඩිකල් යන්න බෑ - කොටපිටියේ හිමියෝ අගමැතිනිගේ මුහුණටම කියති..

‘විශාල බලාපොරොත්තු තබාගෙන පත්කරගත් රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙමින් පවතින බව කෝට්ටේ ශ්‍රී කල්‍යානි සාමග‍්‍රි ධර්ම මහා සංඝ සභාවේ අනු නායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ සඳහන් කරති.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.