News Category
From Date
To Date
Maximum Number of Result

අද රට පුරා "තරුව" දිදුලන කොට මාලිමා නායකයන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය මතක් වෙලා - විමල් වීරවංශ

Aug 27, 2024 at 09:35 AM
|

බෞද්ධ ශිෂ්ටාචාරගත උරුමය මත  පදනම්ව, සිංහල, දෙමළ, මුස්ලිම් ජාතික සමගිය වෙනුවෙන් කැප වූ මෙරට දෑහිතකාමී, දේශමාමක බලවේගයන්ගේ දේශපාලන කඳවුර  වන සර්වජන බලයෙහි "තරු ලකුණ"  අද රටම දිදුලමින් යන ගමන හමුවේ මෙතෙක් නිරාගමික ස්ථාවරයක සිට බුදු දහමට අපහාස කළ ජාතික ජන බලවේගයේ නායකයන්ට "ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය..." යනුවෙන් සඳහන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 9 වැනි වගන්තිය රකින හැටි කතා කිරීමට සිදුව ඇතැයි සර්වජන බලය විධායක සභික, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

මෙවර ජනාධිපතිවරණයට "තරුව" ලකුණෙන් තරග වදින, "සර්වජන බලය" දේශපාලන එකමුතුවෙහි අපේක්ෂක, මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක, නීතිඥ දිලිත් ජයවීර මහතාට සහයෝගය පළ කිරීම පිණිස ඊයේ(25) සවස අනුරාධපුර කඩ පනහ පරිශ්‍රයේදී පැවති මහජන රැලිය අමතමින් විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය. 

මෙම මහජන රැලිය අමතා, සර්වජන ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර  ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජී. වීරසිංහ, යුතුකම ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ජී. වී. ඩී. තිලකසිරි, ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ, මව්බිම ජනතා පක්ෂයේ නියෝජ්‍ය සභාපතිනි, නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, පිවිතුරු හෙළ උරුමයේ නීති ලේකම් නීතිඥ භූපති කහතුඩුව, මව්බිම ජනතා පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක අරුන් සිද්ධාර්ත් යන මහත්ම මහත්මීහු ද අදහස් දැක්වූහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

"සර්වජන බලයේ 'තරුව'  අනුරාධපුරයට පායන කොට අනිකුත් දේශපාලන පක්ෂවල  පිංගුත්තරයන්ට තරු පෙනෙන්න පටන් අරන් තිබෙනවා. මේ 'තරුව' අනුරාධපුරයට පෑව්වේ දිදුලන තරුවක් වීමට මිසක් මිලාන වන තරුවක් වීමට නොවේ.

අගුපිල්වල ලැගලා හරි යයිද?

ඔබ දන්නවා, අපි මේ රටේ 'එක ප්‍රතිපත්තියක -;එක අරමුණක' සිට දේශපාලනය කරපු මිනිස්සු බව. අපි කිසිවිටෙකත් එහෙට මෙහෙට පැන්නේ නැහැ. අපි, රාජපක්ෂලා රනිල් වික්‍රමසිංහලාගේ දංකුඩ ලෙවකන කොට ඒ දංකුඩ කන සමාගම අතඇරලා ආපු මිනිස්සු; ඇමතිකමින් දොට්ට දානකොට බය නැතුව විරුද්ධ පක්ෂයේ වාඩි වුණු මිනිස්සු. අපි කිසිවිටකත් 'ඩල්ල ඩලා' වගේ, 'දයාබර සිරි' වගේ, තව එවැනි බොහෝ අය වගේ එක එකාගේ අගුපිල්වල ලගින්න ගියේ නැහැ. මේ රටේ ආර්ථික - දේශපාලන අර්බුදයට උත්තර හොයන ඔබ, අපෙන් ඉල්ලන 'යුතුකම - වගකීම' එවැන්නක් ද? මේ රටේ අනුරාධපුර මහා විහාර සම්ප්‍රදාය ගොඩනඟපු 'ඓතිහාසික සභ්‍යත්වයට' දණ නමා වන්දනාමාන කරන ඔබ අපෙන් ඉල්ලන 'යුතුකම - වගකීම' එය නොවන බව අප දන්නවා. දේශපාලන පක්ෂ සහ ජාතික සංවිධාන 07ක් එකමුතු වෙලා සර්වජන බලය ගොඩනැඟුවේ ඔබ අපෙන් ඉල්ලා සිටින 'යුතුකම හා වගකීම'  ඉටුකරලන්නයි.

9 වන වගන්තිය මතක් වුණු මාලිමා නායකයෝ

දැන් 'ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය...' යනුවෙන් සඳහන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය ගැන මෙච්චර කාලයක් කතා නොකරපු ජාජබ උන්දැලාත් ඒ ගැන කතා කරන්න පටන් අරන් තිබෙනවා. මීට මාස හය - හතකට කලින් ජාජබ බිමල් රත්නායක උන්නැහේ 'ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක්!' කියල බීබීසී එකට කියනවා මම අහගෙනයි. ඒ වගේම ගාල්ලේ ජාජබ නලින් හේවගේ උන්නැහේ කියමින් ගියා, 'බුදු හාමුදුරුවෝ බෝ ගහකට පිටදුන්නු එක හොඳයි. කොස් ගහකට පිටදුන්නා නම් අපට කොස් ගෙඩියක්වත් කන්න වෙන්නේ නැහැ' කියා. එහෙම කියපු ජාජබ උන්දැලා දැන් එක පාරටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය රකින හැටි කතා කරන්නේ ඇයි? ඒ තමයි සර්වජන බලයේ බලපෑම.

පාවෙන 35%-40%ට...

දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා නම් 'අලි එලවන මන්තරයක්' ජප කරමින් ඉන්න බවයි පෙනෙන්නේ. අනෙක් අතට වික්‍රමසිංහ මහත්තයාගේ ආයු කාලය අවසන් වෙලයි තියෙන්නේ. උන්දැට 'පන්දම' අල්ලන්න ගිය පොහොට්ටුවො, 'අපේ අනාගතයට කුමක් වේවි ද? කියලා අන්දමන්ද වෙලා ඉන්නවා. මේ දවස්වල මේ රටේ ජනාධිපතිවරණය පිළිබඳව කෙරෙන කවර ජනමත විමසුමකදී වුවත් ලැබෙන ප්‍රතිඵලය තමයි, '35‰-40% අතර ඡන්දදායකයන් ප්‍රමාණයක් තම ඡන්දය ප්‍රකාශ කරන්නේ කාටදැයි මෙතෙක් තීරණය කර නැත' කියන එක. ජවිපෙ මොන 'බට්ටා' ගහගෙන ආවත් සජිත් ප්‍රේමදාස මොන ලකුණෙන් ආවත් රනිල් වික්‍රමසිංහ 'ගෑස් සිලින්ඩරය' කරේ තියාගෙන ආවත් 'තීන්දු කරන්න බැරිය' කියලයි ඒ අය කියන්නේ. සියයට තිස්පහක්- හතළිහක් තීන්දුවක් ගන්න 'වෙලාව' එනකන් තමයි බලා ඉන්නේ.

ඉතිහාසයේ මුල් වරට සර්වජන බලයෙන්...

විශේෂයෙන් ඒ පිරිසට සහ මේ රටේ සියලු ඡන්දදායකයින්ට අපි කියන්න කැමතියි. මෙතෙක් මේ රටේ දේශපාලන ඉතිහාසයෙහි නොවුණු දෙයක් සර්වජන බලය හැටියට මෙවර ජනාධිපතිවරණයේදී අපි සිදුකර තිබෙනවා. ඒ තමයි 'මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් වෙනුවට ජනතාවගේ, ආගමික නායකයන්ගේ, ව්‍යවසායකයන්ගේ, විද්වතුන්ගේ අදහස් ඇතුළත් උපායමාර්ගික සැලැස්මක් ඔබ හමුවේ තැබීම. ඒ උපායමාර්ගික සැලැස්මේ පළමු කෙටුම්පත අපි සර්වජන බලය විධායක සභාව ලෙස ඔබ හමුවේ තැබුවා. දෙවන කෙටුම්පත සකස් කළේ පළමු කෙටුම්පත සඳහා රට පුරා මහජනයාගෙන් ලැබුණු අදහස් යෝජනා ද ඇතුළත් කරලයි. දෙවන කෙටුම්පත අපි මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්ට, විද්වත් වෘත්තිකයන්ට, ව්‍යවසායකයන්ට ඉදිරිපත් කර තිබෙනවා. මෙවර ජනාධිපතිවරණය සඳහා මැතිවරණ ප්‍රකාශනයක් වෙනුවට සර්වජන අපේක්ෂක දිලිත් ජයවීර සහෝදරයා ඉදිරිපත් කරන රට ගොඩනඟන උපායමාර්ගික සැලැස්ම සකස් වන්නේ මේ දෙවන කෙටුම්පත සඳහා ලැබෙන අදහස් යෝජනා ඇතුළත් කරලයි. 

අපි මෙවර ජනාධිපතිවරණයේදී ඒ විදියට මහජනයාගේ අදහස් යෝජනා අරගෙන හදපු, 'මේ වැටුණු රට ගොඩනඟන්නේ කොහොමද?' කියන අපේ උපායමාර්ගික සැලැස්ම රට හමුවේ තබනවා. එය මේ රටේ දේශපාලන සංස්කෘතියට නවමු අත්දැකීමක්. ඔබ දන්නවා දැන් සමහරු ඉදිරිපත් කර ඇති මැතිවරණ ප්‍රකාශනවල තිබෙනවා, ' වැට් බදු අඩු කරනු ලැබේ!' කියලා. තවත් එකක තිබෙනවා, 'වැටුප් වැඩි කරනු ලැබේ!' කියලා. නමුත් බදු අඩු කළාම අහිමි වන ආදායම උපයාගන්නා ආකාරය, වැටුප් වැඩි කිරීමට ආදායම උපයාගන්නා ආකාරය මේවායේ නැහැ. නමුත් සර්වජන බලය උපායමාර්ගික සැලැස්මෙන් වැටුප් වැඩි කරන ආකාරයත් කියනවා; ඒ සඳහා ආදායම් හොයන ආකාරයත් කියනවා.

මේ ඓතිහාසික අනුරාධපුර නගරයේ සිට අපි සපථ කරනවා, 'මේ ජනාධිපතිවරණ සටන තරුව ලකුණෙන් දිලිත් ජයවීර ජයග්‍රහණය කළාම අනුරාධපුර ඔබගේ පමණක් නොවෙයි සකල ශ්‍රී ලාංකිකයන්ගේම සකල දුක් වේදනාවන්ට අපි විසඳුම් දෙනවා' කියා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගෙනාවෙත් අපි එහෙම බලාපොරොත්තු තියාගෙන. නමුත් ඔහු ලැබුණු ජනවරමට පිටුපස හරවලා පලා ගියා. නමුත් අපි කෙසේ හෝ තමුන්නාන්සේලාගේ දුක් වේදනාවන්ට විසඳුම් දෙනවා කියන අධිෂ්ඨානයෙන් තමා විපක්ෂයේ වාඩි වුණේ. සර්වජන බලයේ ඉන්නේ අතන මෙතන ලැගලා තමන්ගේ ප්‍රතිපත්තිය පාවලා දීපු මිනිස්සු නොවෙයි. නමුත් අනුර දිසානායකලා දිහා හොඳට බලන්නකෝ! එදා 2004 දී කෘෂිකර්ම, වාරිමාර්ග, පශුසම්පත් ඇමති විදිහට චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය ගාව ලැග්ගා. 2010 දී ජනාධිපතිවරණයට  සරත් ෆොන්සේකා පොදු අපේක්ෂකයා කරලා කර තියාගෙන ආවා. 2015 දී  සිරිසේන ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ගාව නොනිල විදියට ලැග්ගා. ඔවුන්ගේ දින 100 ආණ්ඩුවේ හිටියා. 'හොරු අල්ලන කමිටුවේ' ප්‍රධානියා වෙලා හිටියා.  එයාලා නොලැග්ග තැනක් නැහැ. නමුත් සර්වජන බලයේ ඉන්නේ තමන්ගේ ජාතිකවාදී ප්‍රතිපත්තිය අංක එකට රැකපු මිනිස්සු. ඒ විදිහට ප්‍රතිපත්ති රැකපු අපි තමුන්නාන්සේලාට කියනවා, 'ලක් මාතාව ඇද වැටී තිබෙන අගාධයෙන් ගොඩගන්න ඕනෑ නම් මෙතැන තමයි තැන' කියලා.

මෙහේ ඉන්න  බයිඩන්ලා වැනෙනවා!

අපි දුටුවා, ඇමරිකා එක්සත් ජනපදයේ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජෝ බයිඩන් යන ජනාධිපති අපේක්ෂකයන් තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පිළිබඳව විවාද කළ ආකාරය. විවාදයෙන් පැරදුනු බයිඩන්ට තමන්ගේ පක්ෂයේ අපේක්ෂකත්වයත් අහිමි වුණා. සර්වජන අපේක්ෂක අපේ දිලිත් ජයවීර සහෝදරයාත් මෙරට ප්‍රධාන අපේක්ෂකයන් සියලුදෙනාට තම ප්‍රතිපත්ති ප්‍රකාශනත් රැගෙන විවාදයට එන්න කියලා ඇරයුම් කළාට එයාලා දිගින් දිගටම ඒ විවාදය මඟ හරිනවා. අපට පෙනෙන්නෙ විවාදයට ආවොත් තමන්ගේ අපේක්ෂකත්වය අහිමි වෙයි කියලා බයේ මෙහේ ඉන්න බයිඩන්ලා වැනෙමින් සිටින බවයි.

ඒ නිසා අපි වෛරයෙන් නොවෙයි ඔළුවෙන් හිතලා නිවැරදි තීරණය ගත යුතුයි. නිවැරදි තීන්දුවක් ගෙන රට ගොඩනගන සැබෑ ගමනට එක්වෙමු! සර්වජන බලය තරු ලකුණ ඉහළින් ඔසවා තැබීමට ඔබ සැමට ධෛර්යය සහ ශක්තිය ලැබේවා! කියා පතනවා."

මාධ්‍ය අංශය,
සර්වජන බලය

සම්බන්ධිත පුවත් | Related News

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.
සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.
බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

ප්‍රධාන පුවත්

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.