ඊශ‍්‍රායලය ‘ගාසා තීරයේ හමාස් හැර අනෙක් සියල්ලම’ බෝම්බ හෙලා විනාශ කරනවා - දේශපාලන විශ්ලේෂක ජැක්සන් හින්කල්.
හමාස් තුරන් කිරීම සඳහා ගාසා තීරයට පමණක් බෝම්බ හෙලන බවට ඊශ්‍රායලයේ ප්‍රකාශයන් "විකාර රූපී" ප්‍රකාශයන් බව දේශපාලන විශ්ලේෂක ජැක්සන් හින්කල් පසුගිය 26 වනදා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය. ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ සිවිල් ජනතාව ඉලක්ක කර ගැනීම කෙරෙහි ඔවුන්ගේ අඛණ්ඩ යුද මෙහෙයුම් වල අවධානය යොමු කර ඇති බව ඔහු අවධාරණය කළේය.
"ඔවුන් ගාසා තීරයේ හමාස් හැර අන් සියල්ලටම මේවන විට බෝම්බ දමා තිබෙනවා," යනුවෙන් ඊශ්‍රායලයට චෝදනා කරන ඔහු රෝහල්, පාසල්, එක්සත් ජාතීන්ගේ සහ රතු ක්‍රෙසන්ට් පහසුකම්, මුස්ලිම් පල්ලි, ක්‍රිස්තියානි පල්ලි, නිවාස ඇතුළු විවිධ සිවිල් යටිතල පහසුකම් පමණක් නොව ප්‍රදේශයෙන් පලා යන ජනයා පවා ඉලක්ක කරන බව අවධරණය කළේය.
මෙයට හේතුව ලෙස ඊශ්‍රායලයට පලස්තීන රාජ්‍යයක් අවශ්‍ය නොවන බවත්, ගාසා තීරයේ ඔවුන්ගේ මෙහෙයුම් වල සැබෑ අරමුණ හමාස් පරාජය කිරීම නොව පලස්තීනුවන් පලවා හැර එම ප්‍රදේශය අත්පත් කර ගැනීම බවත් විශ්ලේෂකයා පෙන්වා දුන්නේය.
“ඔවුන් මේ සියල්ල කිරීමට හේතුව හමාස් පරාජය කළ නොහැකි බව ඔවුන් දන්නවා. ඔවුන් ගාසා තීරයට නොගියේ එනිසායි. ඊශ්‍රායලය එසේ කළහොත් , ඔවුන්ට බොහෝ අරාබි රාජ්‍යයන්ගෙන් සහ සමහර විට ඉරානයෙන් ද ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බවත් ඔවුන් දන්නවා. එවැනි විශාල පරිමානයේ යුද්ධයකදී ඔවුන් ජය නොගන්නා බවත් ඔවුන් දන්නවා.”හින්කල් ප්‍රකාශ කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..