News Category
From Date
To Date
Maximum Number of Result

හොරු අල්ලනවා කිව්වත් හොරු නැති කරන විධිය කියන්නේ දිලිත් විතරයි... සජිත් රනිල් දෙන්නාම යන්නේ එකම පාරේ - ගම්මන්පිල කියයි

Aug 22, 2024 at 07:05 AM
|

සජිත් ප්‍රේමදාස, අනුර දිසානායක මහත්වරුන් හෙරු අල්ලන බව මන්තරයක් මෙන් මැතිරුවද මෙවර ජනපතිවරණයේ දී හොරකම නැවැත්වීමට ප්‍රායෝගික යෝජනාවක් ගෙනැවිත් තිබෙන්නේ සර්වජන අපේක්ෂක දිලිත් ජයවීර මහතා පමණක් බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන්කර සිටියේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලදස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

හොරු අල්ලනවා කිව්වත් හොරු නැති කරන විධිය කියන්නේ දිලිත් විතරයි

සජිත් ප්‍රේමදාස මැතිතුමාත් අනුර දිසානායක මැතිතුමාත් මන්තරයක් වගේ මතුරන දෙයක් තමයි මම ජනාධිපති වුණාම හොරු අල්ලනවා කියනවා ඒක. ඒ මහත්වරු නොදන්නවා වුණත් 1977 දී ජේ ආර් කිව්වෙත් හොරු අල්ලනවා කියලා. 1994 දී චන්ද්‍රිකා කිව්වෙත් හොරු අල්ලනවා කියලා. 2015 දී සිරිසේන කිව්වෙත් හොරු අල්ලනවා කියලා. නමුත් අල්ලපු හොරෙක් නෑ. කෙහෙල් හොරු වගේ නොවේ සුදු කරපටි හොරු අහු වෙන්න හොරකම් කරන්නේ නෑ. ඒ නිසා හොරකම් කළාට පස්සේ හොරා පස්සෙන් දුවන එක වෙනුවට හොරකම් කිරීම නැවැත්වීමයි වැදගත් වෙන්නේ.

මෙවර ජනපතිවරණයේ දී හොරකම නැවැත්වීමට ප්‍රායෝගික යෝජනාවක් ගෙනැවිත් තිබෙන්නේ දිලිත් ජයවීර මැතිතුමා විතරයි. දිලිත් මැතිතුමා හොරු නැති කරන්නේ සල්ලි නැති කරලා. කාසි සහ නෝට්ටු භාවිතය සම්පූර්ණයෙන් තුරන් කරලා ක්‍යුආර් කේතයක් හරහා බැංකු ගිණුමෙන් බැංකු ගිණුමට මුදල් මාරු කරන ක්‍රමයක් එතුමා යෝජනා කරලා තිබෙනවා. එතකොට සෑම ගනුදෙනුවක්ම බැංකු වල සටහන් වෙනවා. ආණ්ඩුවට අධීක්ෂණය කරන්න පුළුවන්. එතකොට කාටවත් අල්ලසක් ඉල්ලන්න බෑ. ව්‍යාපාරිකයින්ට ආදායම අඩුවෙන් පෙන්වලා බදු ගෙවීම පැහැර හරින්න බෑ. ජනතාවට ඔප්පුවේ වටිනාකම අඩුවෙන් දාලා මුද්දර ගාස්තු පැහැර හරින්න බෑ. ලොකු පොඩි භේදයකින් තොරව රටේ කාටවත් හොරකම් කරන්න බෑ.

දැන් නම් අපේ වැඩ පිළිවෙල එකිනෙකා හොරකම් කරමින් ඉන්න බවනම් ඔවුන්ගේ ප්‍රකාශ දැක්කම පේනවා.

හැමෝම එපා කියූ චම්පිකව සජිත් භාර ගත්තේ සජබ දැන් බේරේ වැව වෙලා ද?

ජවිපෙ නලින්ද ජයතිස්ස මැතිතුමා කියනවා චම්පික අපේ පස්සෙන් ආවා. අපි එයාව භාර ගත්තේ නෑ කියලා. ආණ්ඩුව කියනවා රනිල්ව වර්ණනා කරමින් හිටියට අපි චම්පිකව ගත්තේ නෑ කියලා. එතකොට චම්පිකගේ තුන්වන තේරීම තමයි සජිත්. අනුර සහ රනිල් දෙන්නාම ප්‍රතික්ෂේප කළ නිසා තමයි චම්පික සජිත් ගාවට යන්නේ. අර රත්තරන් හොරෙන් ගෙනාව අලි සබ්‍රිවත් ගත්තු රනිල් චම්පිකව ගත්තේ නෑ කිව්වාම ගල්අඟුරු ගිල්ලාම කෙතරම් කළු වෙනවා ද කියන එක හිතා ගන්න පුළුවන්. කවුරුත් ගන්නේ නැති අයව සජබ ගන්නේ කාගෙත් කුණු එකතු වෙන බේරේ වැව බවට සජබ පත් වෙලා ද කියලා අපි අහන්න කැමැතියි.

සජිත් රනිල් දෙන්නාම යන්නේ එකම පාරේ

ආයෝජන මණ්ඩලය අහෝසි කරලා එහි බලතල ජනාධිපති අතට ගන්න ආර්ථික පරිවර්තන පනත ගෙනාවාම සජබ කෑගැහුව්වේ ජනාධිපති ඒකාධිපතියෙක් වෙන්න හදනවා කියලා. දැන් සජිත් මොකද කියන්නේ? ආයෝජන අනුමත කරන one stop shop බවට ජනාධිපති ලේකම් කාර්යාලය පත් කරනවාලු. එතකොට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයක් මොකටද ? ආයෝජන මණ්ඩලයක් මොකටද? ආයෝජන ප්‍රවර්ධන ඇමතිගේ බලතල ජනාධිපති යටතට ගන්නයි සජිත් හදන්නේ. ඊට පස්සේ ජනාධිපති කාර්යාලයේ ශාඛා සෑම දිස්ත්‍රික්කයකම දානවාලු. මොකක්ද මේ සජිත් කරන්න යන්නේ? රනිල්ට ඒකාධිපතියා කියමින් රනිල්ටත් වඩා ජනාධිපති බලය පතුරන එකයි කරන්න යන්නේ. අමතක කරන්න එපා. සජබ කියන්නේ එජාපයේ කුසේ වැඩුණු රනිල්ගේ එකම දරුවා. සජිත්ගේ ජීවවිද්‍යාත්මක තාත්තා ආර් ප්‍රේමදාස මැතිතුමා වුණත් දේශපාලන තාත්තා රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. ප්‍රේමදාස මැතිතුමා මොලේ පාවිච්චි කරලා සජිත්ව දේශපාලනයට ගෙන ඒම ප්‍රතික්ෂේප කළා. එහෙව් සජිත්ට 1994 දී නාමයෝජනා දුන්නේ රනිල්. ඒ නිසා රනිල් පරදන්න සජිත්ට ඡන්දේ දෙනවා කියන්නේ රාජ්‍ය බලය වම් අතින් දකුණු අතට මාරු කරනවා කියන එක විතරයි.

පිවිතුරු හෙළ උරුමය කොළඹ දිසා සංවිධායක ශිරන්ත ජයලත් මහතා ද මෙහිදී අදහස් දැක්වු අතර පිවිතුරු හෙළ උරුමය නැගෙනහිර කොළඹ ආසන සංවිධායක සරත් ඩයස් මහතාද මෙම මාධ්‍ය හමුවට එක්විය.

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

පසුගිය 11 වැනිදා මානව හිමිකම් කොමිසමට විරෝධතා පෙත්සමක් ඉදිරිපත් කරමින් එම කොමිසම විසින් දණ්ඩනීති සංග්‍රහයේ 365 සහ 365 (අ) වගන්ති සංශෝධනය කිරීම සඳහා ගනු ලබන උත්සාහයට විරෝධය පළ කිරීම සඳහා කාන්තා පරපුර සංවිධානය කටයුතු කරනු ලැබීය.
ඉරානයට එරෙහිව ඊශ්‍රායල රාජ්‍යය විසින් සිදු කරන ලද පූර්ව අනතුරු අඟවන ප්‍රහාරයෙන් පසුව, ඊශ්‍රායල රාජ්‍යයට සහ එහි සිවිල් ජනතාවට එරෙහිව මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ දී අපේක්ෂා කෙරන බව ඊශ්‍රායල ආරකෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පැවසීය.
දණ්ඩනීති සංග්‍රහයේ 356 සහ 365 (අ) වගන්ති සංශෝධනය කරීම මගින් මෙරට දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළීමට මානව හිමිකම් කොමිසම විසින් අධිකරණ ඇමැතිවරයාට නිර්දේශ කිරීම ඉතා සූක්ෂම අයුරින් සිදු කළ ක්‍රියාවක් බවත්, මෙම වගන්ති සංශෝධනය කිරීම හරහා මෙරට දරුන්ගේ අයිතිවාසිකම් සහ ආරක්ෂාව පිළිබඳව දැඩි තර්ජනයක් මතුවන බවත් ලක්මව දියණියෝ සංවිධානය පවසයි.
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ළඟ සිටි උපදේශකයෝ කිහිපදෙනෙක් මෙම ආණ්ඩුව තුළ ද සිටින බවත්, 2015 දී යහපාලන ආණ්ඩුව විසින් කැපූ සියදිවි හානිකර ගැනීමේ පාරදිගේ මේ ආණ්ඩුව ද රට ගෙන යමින් ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
මව්බිමේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සැමරුමෙන් පසු අපගේ කාර්යභාරය සහ උතුරුකරයේ පදිංචි සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි මස 01 දා සවස 2 ට කොළඹ පුස්ථකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී පැවැත් වේ.
දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීම සඳහා අධිකරණ ඇමැතිවරයාට බල කිරීම මගින් දරුවන් ලක්ෂ 60ක් ලිංගික අපචාර සහ සමලිංගික ක්‍රියාවලට ගොදුරු කිරීමට ගන්නා උත්සාහයට විරෝධය පළ කරමින් කාන්තා පරපුර සංවිධානය විසින් මානව හිමිකම් කොමිසමට තම විරෝධය පළකර තිබේ.
ලංකා ලීඩ් පුවත් වෙබ් අඩවිය විසින් පලකරනු ලැබූ ඉහත කරුණ සම්බන්ධයෙන් අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව "Mothers' Movement" හි කැඳවුම්කරු ක්‍රිෂාන්ත රත්නවීර මහතා අප වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ජාතික සංවිධාන එකමුතුව විසින් කැඳවනු ලැබූ එම ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වූ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සකුන්තලා මෙන්ඩිස් මහත්මිය "Mothers' Movement "හි සාමාජිකාවක් නොවන බවයි.
නීතිවිරෝධී ආගමන නැවැත්වීම අරමුණු කරගනිමින් කළ වැටලීම් වලට එරෙහිව ඇති වූ කැරලි ගැසීම් සහ කොල්ලකෑම් හේතුවෙන් ලොස් ඇන්ජලීස් නගරයේ ඇඳිරි නීතිය පනවා ඇතැයි වාර්තා වේ.
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 2025 වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තුව සමස්තයක් ලෙස 15%කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබේ.

ප්‍රධාන පුවත්

දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..

පසුගිය 11 වැනිදා මානව හිමිකම් කොමිසමට විරෝධතා පෙත්සමක් ඉදිරිපත් කරමින් එම කොමිසම විසින් දණ්ඩනීති සංග්‍රහයේ 365 සහ 365 (අ) වගන්ති සංශෝධනය කිරීම සඳහා ගනු ලබන උත්සාහයට විරෝධය පළ කිරීම සඳහා කාන්තා පරපුර සංවිධානය කටයුතු කරනු ලැබීය.

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයට "පූර්ව අනතුරු අඟවන" ප්‍රහාරයක් එල්ල කළා- ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්

ඉරානයට එරෙහිව ඊශ්‍රායල රාජ්‍යය විසින් සිදු කරන ලද පූර්ව අනතුරු අඟවන ප්‍රහාරයෙන් පසුව, ඊශ්‍රායල රාජ්‍යයට සහ එහි සිවිල් ජනතාවට එරෙහිව මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ දී අපේක්ෂා කෙරන බව ඊශ්‍රායල ආරකෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පැවසීය.

දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළා, සමරිසි අයිතීන් සුරකින නීති සංශෝධන එපා.. - ලක්මව දියණියෝ කියති..

දණ්ඩනීති සංග්‍රහයේ 356 සහ 365 (අ) වගන්ති සංශෝධනය කරීම මගින් මෙරට දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළීමට මානව හිමිකම් කොමිසම විසින් අධිකරණ ඇමැතිවරයාට නිර්දේශ කිරීම ඉතා සූක්ෂම අයුරින් සිදු කළ ක්‍රියාවක් බවත්, මෙම වගන්ති සංශෝධනය කිරීම හරහා මෙරට දරුන්ගේ අයිතිවාසිකම් සහ ආරක්ෂාව පිළිබඳව දැඩි තර්ජනයක් මතුවන බවත් ලක්මව දියණියෝ සංවිධානය පවසයි.

ගෝඨාභයගෙන් බදුසහන ගත්තු අයම තමයි, ඔහු එලවන්න ගාලුමුවදොර බුරියානි බෙදුවේ.. - මහාපරිමාණ ජාවාරම්කාරයන් සහ ඩයස්පෝරාවේ සූක්ෂම මෙහෙයුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ළඟ සිටි උපදේශකයෝ කිහිපදෙනෙක් මෙම ආණ්ඩුව තුළ ද සිටින බවත්, 2015 දී යහපාලන ආණ්ඩුව විසින් කැපූ සියදිවි හානිකර ගැනීමේ පාරදිගේ මේ ආණ්ඩුව ද රට ගෙන යමින් ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරේ සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි 01 දා සවස 2 ට කොළඹ පුස්තකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී..

මව්බිමේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සැමරුමෙන් පසු අපගේ කාර්යභාරය සහ උතුරුකරයේ පදිංචි සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි මස 01 දා සවස 2 ට කොළඹ පුස්ථකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී පැවැත් වේ.

60 ලක්ෂයක දරුවන් අනාරක්ෂිත කරමින්, අධිකරණ ඇමැතිවරයාට බලපෑම් කර දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීමට මානව හිමිකම් කොමිසම දරණ උත්සාහයට කාන්තා පරපුර සංවිධානයේ විරෝධය..

දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීම සඳහා අධිකරණ ඇමැතිවරයාට බල කිරීම මගින් දරුවන් ලක්ෂ 60ක් ලිංගික අපචාර සහ සමලිංගික ක්‍රියාවලට ගොදුරු කිරීමට ගන්නා උත්සාහයට විරෝධය පළ කරමින් කාන්තා පරපුර සංවිධානය විසින් මානව හිමිකම් කොමිසමට තම විරෝධය පළකර තිබේ.

දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් ළමා අපචාර සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම: ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව

ලංකා ලීඩ් පුවත් වෙබ් අඩවිය විසින් පලකරනු ලැබූ ඉහත කරුණ සම්බන්ධයෙන් අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව "Mothers' Movement" හි කැඳවුම්කරු ක්‍රිෂාන්ත රත්නවීර මහතා අප වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ජාතික සංවිධාන එකමුතුව විසින් කැඳවනු ලැබූ එම ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වූ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සකුන්තලා මෙන්ඩිස් මහත්මිය "Mothers' Movement "හි සාමාජිකාවක් නොවන බවයි.

දින කිහිපයක් තිස්සේ ගැටුම් හේතුවෙන් ලොස් ඇන්ජලීස් නගරයට ඇඳිරි නීතිය පනවයි

නීතිවිරෝධී ආගමන නැවැත්වීම අරමුණු කරගනිමින් කළ වැටලීම් වලට එරෙහිව ඇති වූ කැරලි ගැසීම් සහ කොල්ලකෑම් හේතුවෙන් ලොස් ඇන්ජලීස් නගරයේ ඇඳිරි නීතිය පනවා ඇතැයි වාර්තා වේ.

විදුලි ගාස්තුව සියයට 15කින් ඉහළට..

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 2025 වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තුව සමස්තයක් ලෙස 15%කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබේ.

ජනාධිපති සමාව යටතේ වැරදි පුද්ගලයන් නිදහස් කර ඇත්නම් ඒ සඳහා ජනාධිපති ලේකම්, අධිකරණ ලේකම් සැකකරුවන් ලෙස නම් කළ යුතුයි..

ජනාධිපති සමාව යටතේ වැරදි පුද්ගලයන් නිදහස් කර ඇත්තේ නම් ඒ සඳහා අධිකරණ අමාත්‍යංශය ලේකම්වරයා මෙන්ම ජනාධිපති ලේකම්වරයාද සැකකරුවන් ලෙස නම් කළ යුතු බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් උපුල් උපුල් තෝරදෙණිය වෙනුවෙන් අධිකරණයේ පිණිස සිටිමින් නීතිඥ දර්ශන කුරූප්පු මහතා ඊයේ පැවසුවේය.

තවත් සිරකරුවන් 68ක් නීති විරෝධී ලෙස නිදහස් කරලා.. - අධිකරණයේ දී හෙළිවෙයි..

අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැවසුවේ, ජනාධිපති සමාව මුවාවෙන් සිරකරුවන් නීති විරෝධී ලෙස නිදහස් කර ඇති බවට වැඩිදුර පරීක්ෂණවලින් හෙළි වී ඇති බවයි.

මුහුදු කොටි විනාශයට මහා භූමිකාවක් ඉටු කළ වයිස් අද්මිරාල් ඩී.පී.කේ. දසනායක මහතාට එරෙහිව එල්ල කෙරෙන අභූත චෝදනාවලට අභියෝගාත්මක පිළිතුරු

කීර්ති රත්නායක නමැති දූෂණ වංචා චෝදනා මත ගුවන් හමුදාවෙන් නෙරපා හරින ලද පුද්ගලයෙකු සහ විවිධ පුවත්පත් මාධ්‍යවේදීන් යොදා ගනිමින් යුද්ධයේදී නාවික හමුදා ක්‍රියාන්විතයේ මහා භූමිකාවක් ඉටු කළ වයිස් අද්මිරාල් ඩී.පී.කේ. දසනායක මහතාට එරෙහිව එල්ල කෙරෙන අභූත චෝදනාවලට එරෙහිව ඒ මහතා විසින් අභියෝගාත්මක සෘජු පිළිතුරු ලබා දී ඇත.

යහපාලන කාලේ හන්තානේ රජයේ වටිනා ඉඩම් කුණු කොල්ලෙට ලියාගත් පිරිසක් ගැන පරීක්ෂණ.. රටම දන්න මාධ්‍යවේදීනුත් ඉන්නවලු..

හන්තාන ප්‍රදේශයේ පිහිටි රජය සතුව තිබූ වටිනා ඉඩමක් මාධ්‍යවේදීන් හා අධිකරණ ක්ෂේත්‍රයේ නිලධාරීන් අතර බෙදා දීමක් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු මේ වන විට සිදුවීම් පවතින බව වාර්තා වෙයි.

රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙලා.. අපිම තමයි හරි කියන තීරණයේ ගියොත් වැඩිකල් යන්න බෑ - කොටපිටියේ හිමියෝ අගමැතිනිගේ මුහුණටම කියති..

‘විශාල බලාපොරොත්තු තබාගෙන පත්කරගත් රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙමින් පවතින බව කෝට්ටේ ශ්‍රී කල්‍යානි සාමග‍්‍රි ධර්ම මහා සංඝ සභාවේ අනු නායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ සඳහන් කරති.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.