ජනාධිපතිවරණ අස්සේ සිදුකළ ව්‍යවස්ථා සංශෝධන මගින් රටට සිදුවූ විනාශය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් හෙළිදරව්වක් (වීඩියෝ)
ජනාධිපති අපේක්ෂකයන් වන සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර දිසානායක මහතා යාපනයට ගොස් සුළු ජාතික ඡන්ද ලබාගැනීමේ අටියෙන් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට පොරොන්දු දී ඇති බවත්, එයින් රටට වන විනාශය පිලිබඳව ඔවුන් කිසිඳු තැකීමක් නොකරන බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ පසුගිය දා ජාතික විද්වද් භික්ෂු සංසදය ප්‍රමුඛ ජාතික සංවිධාන විසින් සම්පාදනය කළ 'අනාගත ආණ්ඩුවක ප්‍රමුඛතා න්‍යායපත්‍රය' 60 වැදෑරුම් සමාජ සම්මුතිය ජනගත කිරීම සහ සියලුම ජනාධිපති අපේක්ෂකයන්ට ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
1988 වසරේ මාස 6ක් ඇතුළත විනාශකාරී සංශෝධන 3ක් ගෙන ඒමට රණසිංහ ප්‍රේමදාස මහතා කටයුතු කළ බවද, එමගින් 14 වැනි සංශෝධන ක්‍රියාත්මක කරමින් එවකට පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රීවරුන් ප්‍රමාණය 196 සිට 225 දක්වා 29කින් ඉහළ දැමූ බවද, එය සිදුකරන ලද්දේ සුළු ජාතික ඡන්ද ගොඩ වැඩිකර ගැනීමට බවද තිරාණගම මහතා මෙහිදී පෙන්වා දෙන ලදී.
එසේම ජාතික ලැයිස්තුව ගෙන ආ බවත්, තිදෙනෙකුට ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාව ජනතාවට ලබාදී අවුල් සහගත තත්ත්වයක් නිර්මාණය කළ බවත් පවසන ඒ මහතා, 1988 ජනාධිපතිවරණයේ දී 15 වැනි සංශෝධනය හා 16 වැනි සංශෝධනය එකම දිනක් තුළ සිදුකර ආසනයක නියෝජනයක් ලබාගැනීම සඳහා වූ 12.5%ක ඡන්ද ප්‍රතිශතය 5% දක්වා අඩු කළ බවත්, 16 වැනි සංශෝධනය හරහා දෙමළ භාෂාව රාජ්‍ය භාෂාව බවට පත්කළ බවත් එමගින් සුළු ජාතික පක්ෂ වලට හොඳ ඉල්ලමක් පෑදුන බවත් පෙන්වාදෙන ලදී.
2019 දී දෙමළ ඡන්ද ලබාදීමට නම් ඉල්ලීම් 13ක් ඉටුකළ යුතු බවට පුවත්පත් දැන්වීමක් පවා දෙමළ පක්ෂ පළ කළ බවද, එයට එකඟවීම නිසා සජිත් ප්‍රේමදාස මහතාට උතුරු හා නැගෙනහිර 88%ක් දෙමළ ඡන්ද ලැබෙද්දී ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුනේ ඡන්ද 7%ක පමණ ප්‍රතිශතයක් පමණක් බවද පෙන්වාදුන් ඒ මහතා, මෙම ජනාධිපතිවරණයේ දී ද මෙවැනි ගිවිසුම් ක්‍රියාත්මක විය හැකි බවද අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..